5 ශිෂ්‍යත්වය ළමා මනසට පීඩාවක් ද?

විභාගයක් ජීවිතය තීරණාත්මක ලෙස තීරණය කරන බවට ඔබට සදහන් කලොත් ඔබ එය විශ්වාස හෝ අවිශ්වාස කරනුයේ ඔබේ ජිවිතයේ මුහුණ දීමට සිදු වූ අත්දැකීම් පාදක කරගෙනයි. විභාගයක් බොහෝ විට ජිවිතේ තීරණාත්මක කඩයිමක් බවට පත්වන අවස්ථා ඕනෑ තරම් ඇත. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අ.පො.ස උසස්පෙළ විභාගයත් බොහෝවිට ලාංකීය පාසල් පද්ධතිය තුල ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යයාවකට  මුහුණ දීමට සිදුවන තීරණාත්මක කඩයිම් විභාග බවට පත්වෙද්දී 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයත් තීරණාත්මක කඩයිම් විභාගයක් ලෙසට හදුන්වා දිය හැක.
 
වයස අවුරුදු 9ත්10 අතර ආසන්න වයස් කාණ්ඩයේ දුවා දරුවන් මුහුණදෙන ශිෂ්‍යත්ව විභාගය වර්තමාන අධ්‍යාපන ක්‍රමය මගින් අතිශය තරගකාරී තරග විභාගයක් බවට පත්කොට ඇත. දරුවන්ට වඩා ශිෂ්‍යත්ව විභාගය පිලිබදව උනන්දුව දෙමාපියන්ට, විශේෂයෙන්ම දරුවාගේ මවට ඇත්තේ බොහෝවිට තමා ගත කල සහ ගතකරමින් සිටින ජීවීතයට වඩා සැපවත් සුව පහසු ජිවිතයක් ඔවුන් තම සිගිත්තන්ගෙන් අපේක්ෂා කරන බැවිනි. කෙසේ වෙතත් එම අපේක්ෂාව සපල කරගැනීමේ අරමුනින් බොහෝ දෙමාපියන් වර්තමානයේදී ශිෂ්‍යත්ව විභාගය ප්‍රමුඛ කරගනිමින් අසීමිත බරක් කුඩා දරුවන්ගේ හිස මත පතිත කරයි.
 
අද FB politics අවකාශය වෙන්වෙන්නේ මෙම මස ඉරිදා දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය පිළිබඳවය. c.w.w කන්නන්ගර යුගයේදී ආරම්භවන ශිෂ්‍යත්ව විභාගය විවිධ වෙනස් කම්වලට ලක්වෙමින් වර්තමානය දක්වාම ලාංකීය අධ්‍යාපන ක්‍රමය තුළ ප්‍රධාන විභාගයක් බවට පත්ව ඇත. කෙසේ වෙතත් පළමු වසරේදී  තම දරුවා ප්‍රසිද්ධ පාසලකට ඇතුලත් කිරීමට නොහැකි වීම හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගය හරහා ඉහල ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ප්‍රසිද්ධ පාසලකට දරුවා ඇතුලත් කරවීම ශිෂ්‍යත්ව විභාගය හරහා බොහෝ දෙමව්පියන් අපේක්ෂා කරයි. කෙසේ වෙතත් මනෝ විද්‍යා සායනයට ශිෂ්‍යත්ව විභාගය ආසන්නතම මාස දෙක තුන තුළ විශාල සිසුන් සංඛ්‍යාවක් ප්‍රතිකාර සදහා පැමිණෙන්නේ මෙම විභාගය හේතුවෙන් ඇතිවන ආතතිය නිසා ඇය වැඩිදුරටත් සදහන් කරයි.
 
අධික ලෙස මේ ආකාරයට විභාගයට දරුවන් යොමු කිරීමට උත්සහ කිරීමේදී ඔවුනට ඉගැන්වීමේ උනන්දුව අඩුවීම, නිතර නිතර නිදිමත ඇතිවීම ආහාර අරුචිය මෙන්ම හිසරදය වමනය වැනි රෝගතත්වයන් පවා ඇතිවිය හැක. එමෙන්ම පසුකාලීනව විශාදය (dipresision), නමැති මානසික රෝගී තත්ව ඇතිවීමට ද මෙය සාධකයක් වේ. කෙසේවෙතත් විභාග දෙපාර්තුමේන්තුව විසින් මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට බලාපොරොත්තුවෙන් සිටින දරුවන් හා ඔවුන්ගේ දෙමව්පියන් හට සදහන් කරනුයේ පෙ.ව 9 වනවිට විභාග ශාලාවේ සිසුන් අසුන්ගත යුතු අතර කල්වේලා ඇතිව දරුවන් පාසල වෙත රැගෙන ඒමට දෙමව්පියන් වගබලා ගතයුතු බවයි. එමෙන්ම දෙමව්පියන් විභාග මධ්‍යස්ථාන තුලට ඇතුල්වීමෙන් වලකින ලෙසද සදහන් කර සිටි. එමෙන්ම විභාගය සම්බන්ධව විමසීමට මෙන්ම පැමිණිලි කිරීමට
 
විභාග දෙපාර්තුමේන්තුව මගින් මෙම දුරකථන අංක මහජනතාව වෙත ලබා දී ඇත. 1911 හෝ 011 2 784 208 දුරකථන මාර්ගය හරහා වැඩි දුරවිස්තර දැනගත හැක. අවසාන වශයෙන් ශිෂ්‍යත්ව විභාගය යනු තවත් එක් කඩයිම් විභාගයක් පමණක් වන අතර තම සිගිත්තා දක්වන හැකියාව අගය කිරීම හරහා හෙට දවසේදී ඔවුන් මේ ලෝකයට නිර්මාණශීලි විවිධ හැකියාවන්ගෙන් පරිපුර්ණ වැඩදායි, ඵලදායි පුරවැසියෙකු බවට පත්කිරීමට හැකිවනු ඇත.
 


වමනය ගිය පමණින් ගැබිණියක් වනවාද?

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවගෙන් විටින් විට වැරදි සිදු වන්නේය. ගුරු වරන් ඔවුනට දඩුවම් ලබා දෙන්නේ ඔවුන් ගේ වැරදි නිවැරදි කර ගැනීමටය..

ක්‍රිකට් ගහන්න මරු කටට යනවාද? නැද්ද?

දිගින් දිගටම ලබපු පරාජයන්වලට තිත තියලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔන්න පකිස්ථානයට එරෙහි එක්දින තරගාවලියට පිවිසුණා..

බදු නොගෙවන වෛද්‍යයවරු

රජයකට, රටකට අවශ්‍යය කටයුතු කාරණා නිසි ආකාරව ඉෂ්ට සිද්ධ කිරීමටනම් අති විශාල මුදලක් අවශ්‍ය වන බව නොරහසකි. එම නිසා සෑම..

හොඳින් නැතුව නරකින් ජාත්‍යන්තරය දිනන අපි

ඉස්සර අපිට ලාංකිකයෝ ගැන අහන්න ලැබුණේ රට ඇතුලේ හරි රටින් පිටතදී හරි සම්බන්ධවෙන පුද්ගල ඝාතන / කොල්ලකෑම් වගේ අපරාධ ගැන..

නිරුවත නැතිව මියුසික් වීඩියෝ හදන්නම බැරිද?

කලාව කියලා කියන්නේ කවුරුත් කැමති දෙයක්. එයිනුත් සංගීතයට හිමිවෙන්නේ සුවිශේෂී තැනක්. කථාවට කියන්නේ සංගීතය කියලා කියන්නේ..

මාසෙට වියදම ලක්ෂයයි / සුපිරි වැඩිහිටි නිවාසයේ විස්තර මෙන්න

ඔක්තෝබර් කියලා කියන්නේ ජත්‍යන්තර දින විශාල වශයෙන් සැමරෙන මාසයක්. මේ මාසයේ පළමු දිනයම වෙන් කරලා තියෙන්නේ ළමුන්...

පනින්න පෙර කියවා බලනු

ප්‍රශ්න හමුවේ සියදිවි හානි කර ගන්නේ නම් ලෝකයම මේ වන විට සුසාන භූමියක් වනු නොඅනුමානය. මන්ද ප්‍රශ්නක් නැති මිනිසුන් ලොව..

අත පෑවොත් පන්දාහයි බස්රථ වල සිගාකෑමට එරෙහිව දඩ

අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ පොදු ප්‍රවහාන සේවාව ලෙස හදුන්වන්නේ බොහෝ දුරට බස්රථයයි.එදිනෙදා තම දෙෙනික අවශ්‍යතාවයන් සම්පුර්ණ...

ඔයත් BMICH එකේ BOOK FARE ගියාද?

කියවීම මිනිසා සම්පුර්ණ කිරීම බොහෝ කාලයක සිට අප අසා ඇති කියමනක් වුවත් වර්තමාන සමාජ ආර්ථික ක්‍රමය මගින් කියවීමට තරම් ඉඩකඩක්..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online