අලි ගැන වලි

අලියා කියලා කියන්නේ ලංකාවේ ජාතික සංකේතයක්. ශ්‍රී ලංකාව කියන නම ජාත්‍යන්තරයේ සටහන් කරද්දි හුග වෙලාවට අපි දකින්නේ අලියා ආශ්‍රිත විවිධ නිර්මාණ. ඒ තරමට අලියා සහ ලංකාව අතර තියෙන සම්බන්ධය බොහොම ශක්තිමත්. 
 
අලි ගැන කථාව මෑතකදී නැවත කරළියට ආවේ නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන කරපු අදහස් දැක්වීමකුත් එක්ක. ඒ තමයි වැඩි අලි පිටරටට අලෙවි කරන්න ඕනා කියලා. දැනට ලංකාවේ ඉන්න අලි ප්‍රමාණය 6000 කට ආසන්නයි. හැබැයි සාමාන්‍යයෙන් ඉන්න පුලුවන් 4000 කට විතරයි කියලයි ඇමතිතුමා කිව්වේ. මේ කථාව මාධ්‍ය ඔස්සේ පළවෙලා තියෙන්නේ ටිකක් වැරදි විධිහට කියලත් කරුණාරත්න පරණවිතාන මහත්මයා කියලා තිබුණා. 
 
ශ්‍රී ලංකාවේ අලි අතිරික්තයක් ඇති බවත් අතිරික්ත අලි විදෙස් රටවලට විකුණා දැමිය යුතුබවත් පසුගිය දා රත්නපුරේදී ඔබ කළ ප්‍රකාශය දෙබරයට ගල්ගැසීමක් වුණා නේද?
 
ඔය මම කරපු ලොකු කතාවක එක පුංචි කෑල්ලක් විතරයි. සමස්ත කතාවම ඇහුවානම් දැක්කානම් මම ඉතා බරපතළ ජාතික අර්බුදයක් ගැන කතා කරපු බව කාටත් පෙනෙයි. ඒක තමයි වන සතුන් ගම්වැදීම නිසා ඇතිවන සමාජ ප්‍රශ්නය. අද වන අලින් ගම්වැදීම නිසා මිනිස්සු මිය යනවා. බව ‍භෝග විනාශ වෙනවා. ඒ වගේම මිනිසුන්ගේ ප්‍රහාර නිසා වන අලි විනාශ වෙනවා. වල් ඌරන් ගම්වැදීම නිසා බව භෝග විනාශ වෙනවා. මිනිසුන් ගොවිතැන අතඇරලා දාල තියනවා. ජලාශවල කිඹුලන් බෝවීම නිසා මාරාන්තික තර්ජන මිනිස්සුන්ට ඇතිවෙලා තියනවා. මේක ජාතික පරිමාණයේ අර්බුදයක්. අපිට මේකෙන් මග හැරලා යන්න බෑ. ඒ නිසා අපගේ වන ජීවී ප්‍රතිපත්තිය දිහා ආපහු හැරිලා බලන්න වෙනවා. ඒකෙදී මිනිස්සුන්ට හානිකර සුලභව බෝවන සත්තුන්ගේ බෝවීම පාලනය කිරීමක් කළ යුතු යැයි මා හිතනවා. දුර්ලභ සතුන් සංරක්ෂණය කිරීමත් ඒ සමඟම කරන්න ඕනෑ. අලියා කියන්නේ දුර්ලභ ගනයේ සත්ත්වයෙක්. නමුත් අවාසනාවකට අපේ රටේ කැලෑ ප්‍රමාණයට ඔරොත්තු නොදෙන විදියට අලි ගහණය වැඩිවෙලා තියනවා. කැලෑ විනාශ කෙළේ මිනිහා තමයි. ඒ වුණත් ඒක පමණක් කිය කියා ඉඳලා වර්තමාන ගැටලුවට විසැඳුමක් එන්නේ නෑ. අපි වන වගා ආදිය වැඩිකරන අතරම, අලි වැට ආදී ආරක්ෂක පියවර ගන්නා අතරම, අලි බෝවීම වැළැක්වීමට පියවර ගත යුතු බව මා හිතනවා.
 
මා යෝජනා කරන්නේ අලි හීලෑකරල ඇතිදැඩි කර ගැනීමට විහාරස්ථානවලට හෝ සුදුසු පුද්ගලයන්ට රජයේ අධීක්ෂණය යටතේ ලබාදීම සුදුසුයි කියලයි. ඒ අතර අපට තියන ජාත්‍යන්තර නීතිරීතිවලට අනුව පිටරටට පරිත්‍යාග කරන්න පුළුවන්නම් හොඳයි කියලයි මා කිව්වේ. ජනමාධ්‍ය සුපුරුදු පරිදි අල්ලගත්තේ අර අලි විකුණන්න කියපු කතාව විතරයි. ඒ අතර වල් ඌරන් බෝවීම පාලනය කිරීම සහ වල් ඌරන් සංරක්ෂිත ලැයිස්තුවෙන් ඉවත් කරලා දඩයම් කරන්න ඉඩ දෙන ලෙසත් ඒ දඩමස් විකුණගැනීමට අවසර දිය යුතු බවත් මා පැවසුවා.
 
දැන් ගොඩක් අය අවිහිංසාවාදී පැත්තෙන්, පරිසරවාදි පැත්තෙන්, ආගමික සාරධර්ම පැත්තෙන් මට විරුද්ධව අදහස් ඉදිරිපත් කරනවා. සමහර බංකොලොත් උදවිය මා පෙන්නපු ප්‍රශ්නය දිහා බලන්නේ නැතිව අපිට අවලාද නගනවා. අපිට බැණලා ප්‍රශ්න විස‍ඳෙනවා නම් බැන්නට කමක් නෑ. මේක ජාතික ප්‍රශ්නයක්. මට අවශ්‍ය වුණේ මේ ජාතික ප්‍රශ්නය දෙස සමාජයේ සෙසු අයගේ ඇස යොමු කිරීමටයි. මට බැණලා හරි දැන් ඒ වැඩේ වෙලා තියෙනවා. දැන් කවුරුත් මිනිසා, ගහකොළ සතා සීපාව රැක ගන්න පුළුවන් අන්තවාදී නොවන වැඩසටහනක් පිළිබඳ සාකච්ඡා කරනවා නම් හොඳයි.
 
රිළව්, මොනරු, දඬු ලේනා වැනි සතුන්ගෙනුත් ගොවිතැන් කරන ප්‍රදේශවල ජනතාවට විශාල හානියක් සිදුවෙනවා නේද? සමහර සාරවත් පොල් ඉඩම්වල ඇට්ටියක්වත් නැති තරමට දඬු ලේනුන් කාලා. මේ වගේ ගැටලුවලට පිළියමක් නැතිද?
 
ඇත්තටම දඬුලේනෝ, රිළව්, වඳුරෝ, මොනරු, ඌරෝ ගංඟාවල කිඹුලෝ අසීමිත ලෙස බෝ වෙනවා. ඒ නිසා තමයි මං කියන්නේ මේ අසීමිත ලෙස බෝවන සතුන්ගේ බෝවීම පාලනය කරන්න ඕනෑ කියලා. ඒ බෝවීම පාලනය කරන ක්‍රමය පිළිබඳ මා දන්නේ නෑ. ඒ ක්‍රමවේද දන්නේ සත්ත්ව විද්‍යාඥයන්. ඌරාගේ බෝවීම පාලනය නොවීමට නම් එක හේතුවක් වන්නේ කැලෑවේ නරි හිඟවීම. නරි කරන්නේ පුංචි ඌරු පැටව් මරලා කන එක. නමුත් අපිට නරි හදන්න බෑ. වනයේ ස්වභාවික තුලනය බිඳ වැටිලා ඒක දැන් මිනිසාට බලපාලා. වල් ඌරෝ පාලනය නො‍කළොත් මිනිස්සු ගොවිතැන අතඇරලා දමාවි.
 
වගාවලට හානිවන අනෙක් සත්තු පාලනය කරන අන්දමත් සත්ත්ව වි‍ශේෂඥයන් කියන්න ඕනෑ. මේ සත්ත්ව මිනිස් ගැටුම යහපත් ආකාරයට විසඳගන්න ඕනෑ. අපි ප්‍රායෝගික මිනිස්සු වෙන්න ඕනෑ. සමහරු මෙතනදි ගන්නේ සත්තුන්ගේ පැත්ත විතරයි. තවත් සමහරු ගන්නේ මිනිස්සුන්ගේ පැත්ත විතරයි. සමහරු මේකට බලපාපු හේතු ගැන කියනවා විනා විකල්ප විසඳුම් ඉදිරිපත් කරන්නේ නෑ. මම පරිසරයට, ගහ කොළට, සතාසීපාවාට ආදරය කරන කෙනෙක්. වනාන්තර වැවීම සඳහා මහජන ව්‍යාපාර මෙහෙය වූ කෙනෙක්. හැබැයි ඒ වගේම කෙලින් කතා කරන කෙනෙක්. ගොඩක් අය මම වගේ කෙලින් කතා නොකළට මේ සත්ත්ව මිනිස් ගැටුමේදී දරන්නේ මා දරන අදහසම තමයි.
 
හැබැයි වන ජීවී ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහත්මයා නම් කියන්නේ කොයිම විධියකින්වත් මෙහේ අලි පිටරට යවන්න දෙන්නේ නැහැයි කියලයි. ලංකාවේ අලි ඇතුන් වැඩි බවත් එම සතුන් අල්ලා රට යැවිය යුතු බවටත් අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සිදුකර ඇති ප්‍රකාශයට පිළිතුරු ලබාදුන් වනජීවී අමාත්‍යවරයා වන අලි අල්ලා රට යැවීම ලෝක වනජීවී නීතිය උල්ලංඝනය කිරීමක් බව සඳහන් කරයි. ලංකාවේ වනජීවී ප්‍රතිපත්තිය පිළිබඳව තමා සමඟ විවාදයකට පැමිණෙන ලෙස නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න මහතාට තමන් අභියෝග කරන බවද වනජීවී අමාත්‍යවරයා පැවැසීය. ලබන වසරේදී ලංකාවේ සිටින සියලුම වන අලි ඇතුන් සංඛ්‍යාව නිවැරැදිව දැන ගැනීම සඳහා වන අලි සංගණනයක් සිදු කරන බව හෙතෙම කියා සිටියි. ඉවක් බවක් නොමැතිව කැලෑ එළිපෙහෙළි කිරීම අලි - මිනිස් ගැටුමට ප්‍රධාන හේතුව බව අමාත්‍ය ජයවික්‍රම පෙරේරා පවසයි. රජයේ වගකිව යුතු ඇමැතිවරයෙක් වන අලි අල්ලා රට යැවිය යුතු බවට වගකීමකින් තොරව සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳ තමන් අතිශයින් කනගාටු වන බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වැඩිදුරටත් පැවැසීය.


අත පෑවොත් පන්දාහයි බස්රථ වල සිගාකෑමට එරෙහිව දඩ

අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ පොදු ප්‍රවහාන සේවාව ලෙස හදුන්වන්නේ බොහෝ දුරට බස්රථයයි.එදිනෙදා තම දෙෙනික අවශ්‍යතාවයන් සම්පුර්ණ...

ඔයත් BMICH එකේ BOOK FARE ගියාද?

කියවීම මිනිසා සම්පුර්ණ කිරීම බොහෝ කාලයක සිට අප අසා ඇති කියමනක් වුවත් වර්තමාන සමාජ ආර්ථික ක්‍රමය මගින් කියවීමට තරම් ඉඩකඩක්..

මීටර් නැත්නම් රෝද තුනේ යන්න එපා

එෆ් බී පොලිටික්ස් අපි වාහන සහ වාහනවලට අදාළ නීති රීති ගැන නිරතුරුව කථාකරනවා. ඒකෙනුත් ත්‍රී රෝද රථ ගැන තමයි අපි වැඩි වශයෙන්ම..

අලි ගැන වලි

අලියා කියලා කියන්නේ ලංකාවේ ජාතික සංකේතයක්. ශ්‍රී ලංකාව කියන නම ජාත්‍යන්තරයේ සටහන් කරද්දි හුග වෙලාවට අපි දකින්නේ අලියා ආශ්‍රිත..

ජනතා හදවතෙන් දියවෙන දියවන්නාවේ නෑදෑයෝ

අද සැප්තැම්බර් 6 වෙනිදා. 2017 අවුරුද්දෛ් 3 වන පාසල් වාරය ආරම්භ වෙන්නේ අද. ඉස්කෝලේ යන කාලයේ අපිට මතකයි නාම ලේඛනය..

හේත්තු වුනොත් බලාගෙනයි

ශ්‍රී ලංකාව කියලා කියන්නේ තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. හුග දෙනෙක්ට තවමත් තමන්ගේම කියලා වාහනයක් ගන්න..

දිනනදාට මල් - පරදිද්දි ගල්

ක්‍රිකට් ගැන තරම් එෆ් බී පොලිටික්ස් අපි කථා කරපු වෙන මාතෘකාවක් නැති තරම්. ඒ තරමට ක්‍රිකට් අපේ මූලික අවශ්‍යතාවක් බවට පත්වෙලා ඉවරයි..

මැතිසබයේ රැව්දුන් ටොමියයි හිගන්නයි - අනුමත කරන්නට බැරි මහජන නියෝජිතයින්ගේ කතා

මෙම සිදුවීම පමණක් නොව ගෙවී ගිය කාල පරිච්චේදය තුළ බොහෝ මන්ත්‍රීවරුන් මෙන්ම ඇමතිවරුන් පවා පාර්ලිමේන්තුව තුළ ඇතැම් ප්‍රකාශ..

රත්වෙනකම් නටන කකුලුවන් ගැන නලින් මන්ත්‍රීතුමා කියපු කථාව

විශ්වාස භංග / ඉල්ලා අස්වීම් සහ ඉවත්කිරීම් නිසා ලංකාවේ දේශපාලනය මේ දවස්වල හොඳටම උණුසුම් වෙලා. ඊලගට මොනවා වේවිද?

කඩ කළ පොරොන්දුවට එ.ජා.පයෙන් දුන් දඬුවම

ලෝක දේශපාලනය තුළ කැබිනට් මණ්ඩලය සාමූහික වගකීමට බැදී සිටීම පාර්ලිමේන්තු සම්ප්‍රදායේ අත්‍යවශ්‍ය අංගයක් වී ඇත..

වැඩියෙන් නෙට් යන්න අඩු වුණු බදු

රජයක් උනාම මහජනතාවට හැකිතාක් සහන දුන්නොත් තමයි දිගින් දිගටම මහජන ප්‍රසාදය දිනාගන්න පුලුවන් වෙන්නේ..

5 ශිෂ්‍යත්වය ළමා මනසට පීඩාවක් ද?

විභාගයක් ජීවිතය තීරණාත්මක ලෙස තීරණය කරන බවට ඔබට සදහන් කලොත් ඔබ එය විශ්වාස හෝ අවිශ්වාස කරනුයේ ඔබේ ජිවිතයේ මුහුණ දීමට..

අතිශයෙන්ම බස්වලට විතරයි

රථවාහන තදබදය එහෙම නැත්නම් ට්‍රැෆික් කියලා කියන්නේ අපි හැමෝම අත්විඳලා තියෙන නීරස මාතෘකාවක් කිව්වොත් හරි. සමහර වෙලාවට..

වැහුවොත් මුහුණ - නොලැඛෙයි ප්‍රථීපල

ලංකාවේ අපි පුංචි කාලේ ඉඳන්ම පුරුදුවෙලා තියෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට. වසර 13 ක පාසල් අධ්‍යාපනය තුළ අපි මූලික වශයෙන්..

දඩි බිඩි වුණොත් ගෙවන්න වෙන දඩ වැඩි වෙන හැටි

අපි කවුරු හරි වැරුද්දක් කලොත් අපිට ඒකට දඩුවම් විඳින්න වෙනවා. ඒක ලෝක ස්වභාවය. රියදුරෙක් පාරේදි වැරැද්දක් කලොත් අපිට ගෙවන්න..

තවත් බාලගිරි දෝෂයක්?

1987 වසරේදී ඉන්දු ලංකා ගිවිසුම යටතේ ඇතිකර ගත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේ රටට හඳුන්වාදුන් ප්‍රධානතම සාධකය තමයි පළාත්..

ටියුෂන්ද? ආගමද?

අද තියෙන්නේ විභාග කේන්ද්‍ර කර ගත්ත අධ්‍යාපන රටාවක්. අවුරුදු 13 ක පාසල් කාලය පුරාවට අපි ප්‍රධාන විභාග 3 ක් මුල් කරගෙන තමයි මේ..

බදු දීමෙයි විකිණිමෙයි වෙනස

ආයෝජනයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමිවන වැඩිම මුදල පසුගිය සිකුරාදා අපිට ලැබුණා. ඒ හම්බන්තොට වරාය වසර 99 ක් සඳහා චීනයට බදු..

උතුරම හඩා වැටුණු දකුණේ පොලිස් සැරයන් ඝාතනය..

බෙදීම් තුලින් කිසි දිනෙක ඒකීයත්වය, මිත්‍රත්වය හෝ සාමුහිකත්වය ඉස්මතු වන්නේ නැත. ඒකීයත්වය අද ලංකාවේ ජීවත් වන ඔබට මට අත්‍යවශ්‍යය...



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online