අතිශයෙන්ම බස්වලට විතරයි

රථවාහන තදබදය එහෙම නැත්නම් ට්‍රැෆික් කියලා කියන්නේ අපි හැමෝම අත්විඳලා තියෙන නීරස මාතෘකාවක් කිව්වොත් හරි. සමහර වෙලාවට ට්‍රැෆික් නිසා අපිට ජීවිතේ නැවත නොලැඛෙන දේවල් අහිමිවෙලා තියෙනවා කිව්වත් වැරදි නෑ. සම්මුඛ පරීක්ෂණ වගේ දේවල් ඒකට හොඳම උදාහරණ. බලයට පත්වෙන සෑම රජයක්ම රථවාහන තදබදය අවම කරන්න එක එක විසඳුම් ගෙන ආවා. ගුවන් පාලම් / තනි අතට දිවෙන මංතීරු (වන්වේ) ඉන් කිහිපයක්. එහෙත් කොළඹ ට්‍රැෆික් නම් එහෙමමයි. 
 
උදේට සහ සවසට මේ තත්වය තවත් දරුණුයි. අපේ ශ්‍රමය / කාලය විතරක් නෙවෙයි ඉන්ධන වලට අපි රථවාහන තදබදය නිසා වියදම් කරන මුදල කොච්චරද කියලා අපිටවත් හිතාගන්න බෑ. දිනෙන් දින පාරට එකතුවෙන වාහන ගණන වැඩිවීම නිසා විතරක් රථවාහන තදබදය ඇතිවෙනවා කියන එක පිළිගන්න අමාරුයි. අපේ රියදුරු මහත්තුරු නිසි පරිදි නීති ආරක්ෂා කරනවා නම් පාරේ මෙච්චර රථවාහන තදබදයක් ඇතිවෙන්නේ නෑ. 
 
ඔන්න රථවාහන තදබදය අවම කරන්න ප්‍රමුඛතා මං තීරු ක්‍රමයක් අද (15) ඉඳන් ක්‍රියාත්මකයි. පොදු ප්‍රවාහන සේවා සඳහා වෙනම මංතීරුවක් වෙන් කිරීමයි මෙහිදී සිදුවන්නේ. ඒ අනුව අගෝස්තු 15 වනදා සිට මොරටුව කුරුස හන්දියේ සිට කටුබැද්ද දක්වාත් සැවෝයි සිනමා ශාලාව අසල සිට බම්බලපිටිය මංසන්ධිය දක්වාත් මෙම ක්‍රමය ක්‍රියාවට නැංවෙනු ඇති. 
 
කටුබැද්ද මංසන්ධියේ සිට මැලිබන් මංසන්ධිය දක්වාත් බම්බලපිටිය හන්දියේ සිට පිත්තල හන්දිය දක්වා ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක වීම ආරම්භ වන්නේ අගෝස්තු 22 වනදා සිටයි. අගෝස්තු 29 වනදා සිට බත්තරමුල්ලේ පොල්දූව මංසන්ධියේ සිට ආයුර්වේද හන්දිය දක්වාත් පුරහල මංසන්ධියේ සිට තුම්මුල්ල මංසන්ධිය දක්වාත් නව ක්‍රමය ආරම්භ කෙරෙනවා. සැප්තැම්බර් 5 වනදා සිට මරදාන ටෙක්නිකල් හන්දියේ සිට පිටකොටුව / කොටුව / කොම්පඤ්ඤවීදිය දක්වාත් සැප්තැම්බර් 12 වනදා සිට කොම්පඤ්ඤවිදියේ සිට පිටකොටුව දක්වාත් නොවැම්බර් 30 වනදා සිට බොරැල්ලේ සිට මරදාන දක්වාත් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාවට නැංවෙනු ඇති. 
 
අදාළ මාර්ගවල නියමිත දිනයන්හිදී පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වා සතියේ දිනවල කොළඹ දෙසට ඇති වෙන්කල මංතීරු තුළ පමණක් පොදු ප්‍රවාහන සේවා බස් රථ ධාවනය කල යුතුයි. එම වේලාවන්හිදී එම මංතීරුව තුළ අනෙක් වාහන ධාවනය කිරීම අත්හිටුවා ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කලා. 
 
 
 


වමනය ගිය පමණින් ගැබිණියක් වනවාද?

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවගෙන් විටින් විට වැරදි සිදු වන්නේය. ගුරු වරන් ඔවුනට දඩුවම් ලබා දෙන්නේ ඔවුන් ගේ වැරදි නිවැරදි කර ගැනීමටය..

ක්‍රිකට් ගහන්න මරු කටට යනවාද? නැද්ද?

දිගින් දිගටම ලබපු පරාජයන්වලට තිත තියලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔන්න පකිස්ථානයට එරෙහි එක්දින තරගාවලියට පිවිසුණා..

බදු නොගෙවන වෛද්‍යයවරු

රජයකට, රටකට අවශ්‍යය කටයුතු කාරණා නිසි ආකාරව ඉෂ්ට සිද්ධ කිරීමටනම් අති විශාල මුදලක් අවශ්‍ය වන බව නොරහසකි. එම නිසා සෑම..

හොඳින් නැතුව නරකින් ජාත්‍යන්තරය දිනන අපි

ඉස්සර අපිට ලාංකිකයෝ ගැන අහන්න ලැබුණේ රට ඇතුලේ හරි රටින් පිටතදී හරි සම්බන්ධවෙන පුද්ගල ඝාතන / කොල්ලකෑම් වගේ අපරාධ ගැන..

නිරුවත නැතිව මියුසික් වීඩියෝ හදන්නම බැරිද?

කලාව කියලා කියන්නේ කවුරුත් කැමති දෙයක්. එයිනුත් සංගීතයට හිමිවෙන්නේ සුවිශේෂී තැනක්. කථාවට කියන්නේ සංගීතය කියලා කියන්නේ..

මාසෙට වියදම ලක්ෂයයි / සුපිරි වැඩිහිටි නිවාසයේ විස්තර මෙන්න

ඔක්තෝබර් කියලා කියන්නේ ජත්‍යන්තර දින විශාල වශයෙන් සැමරෙන මාසයක්. මේ මාසයේ පළමු දිනයම වෙන් කරලා තියෙන්නේ ළමුන්...

පනින්න පෙර කියවා බලනු

ප්‍රශ්න හමුවේ සියදිවි හානි කර ගන්නේ නම් ලෝකයම මේ වන විට සුසාන භූමියක් වනු නොඅනුමානය. මන්ද ප්‍රශ්නක් නැති මිනිසුන් ලොව..

අත පෑවොත් පන්දාහයි බස්රථ වල සිගාකෑමට එරෙහිව දඩ

අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ පොදු ප්‍රවහාන සේවාව ලෙස හදුන්වන්නේ බොහෝ දුරට බස්රථයයි.එදිනෙදා තම දෙෙනික අවශ්‍යතාවයන් සම්පුර්ණ...

ඔයත් BMICH එකේ BOOK FARE ගියාද?

කියවීම මිනිසා සම්පුර්ණ කිරීම බොහෝ කාලයක සිට අප අසා ඇති කියමනක් වුවත් වර්තමාන සමාජ ආර්ථික ක්‍රමය මගින් කියවීමට තරම් ඉඩකඩක්..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online