අවවාදය නෙවේ ආදර්ශය තමයි වැදගත්

“අවවාදයට වඩා ආදර්ශය උතුම්” මේ ගොඩක් පැරණි කියමනක් කොච්චර පරණ වුනත් මේ කියමන අදටත් වලංගුයි. ගොඩක් දෙනෙක් උත්සාහ කරන්නේ වෙන අයව හදන්න. මේ වගේ වෙලාවට ගොඩ දෙනෙකුට තමන්ගේ ඇහේ තියන පොල් පරාලේ පෙන්නේ නෑ. නමුත් අනුන්ගේ ඇහේ තියන පොල් කෙන්ද පේනවා. ඉතින් මටනම් කියන්න තියෙන්නේ මේකයි. අපි මේ පුරුදු ඒ කියන්නේ attitude අපි හදාගමු.

ඔබ අහල තියනවද දන්නේ නෑ මෙන්න මෙහෙම කියමනක් “හොදින් හොඳ බෝවේ” ඇත්තටම ඒක ඇත්ත කතාවක්. සහතික ඇත්ත කතාවක්. පොඩි දරුවෝ ගොඩක් දේ ඉගනගන්නේ වැඩිහිටි ඔබගෙන්. ඔබේ කතාව, ගමන බිමන, මේ ඔක්කොම පුංචි උන් අනුකරණය කරනවා. ඔබ ගෙදර කතාකරන්නේ බොහොම නරක විදියටනම්, කතා දෙකක් නෑ ඔබේ දරුවා කතාකරන්නෙත් ඔබ විදියටමයි. සමහර වෙලාවට මම අහල තියනවා සිගරට් කොටේ කටේ ගහගෙන තමන්ගේ දරුවට මෙහෙම කියනවා “උඹ එහෙම යාළුවො එක්ක සිකරට් කොට උරලා එහෙම අහුවුනොත් බලාගෙන ඉහේ ඉදලා හම ගහනවා” සමහර වෙලාවට ඔබත් එහෙම තාත්ත කෙනෙක්නම් ඔබ ලජ්ජා වෙන්න. කකුළුවා ඇදේට යනගමන් උන්ගේ පැටවුන්ට කෙලින් යන්න කියනවලු. අන්න ඒ වගේ වැඩක් ඔබ කරන්නේ.

ආදර්ශමත් පවුලක් තුලින් ආදර්ශමත් රටක් හදන්නපුළුවන් මුලින්ම කරන්න ඕන ඔබ වෙනස් වෙන එක. පස්සට එලිය වැටෙනකම් නිදාගන්න ඔබ ඔබේ දරුවට කියනවනම් උදේ පාන්දර නැගිටලා පාඩම් කරන්න කියලා ඒක කිසි තේරුමක් නෑ. ගේ මැද සාලේ පැලෙන්න සද්දෙට tv එක දාගෙන දරුවට පාඩම් කරන්න කියනවනම් ඒක කිසි තේරුමක් නැ. ගිරය යටින් කෑගහල අම්මට පුප්පන ගමන් ඔබ ඔබේ දරුවාගෙන් හොද සැලකිලි සත්කාර බලාපොරොත්තු වෙනවානම් මට කියන්න තියෙන්නේ මට කණගාටුයි ඔබ ගැන. මතක තියාගන්න ඔබට නෙලන්න වෙන්නේ ඔබ වපුරපු බීජ.

දන්නවද ඔබට පුළුවන් ඔබේ පවුල වෙනස් කරන්න. ඔබේ ගම වෙනස් කරන්න, මේ රට වෙනස් කරන්න ඒ විතරක් නෙවේ මේ ලෝකේ වෙනස් කරන්න. ඒ වෙනස දකින්න ඕනනම් මුලින් ඔබ වෙනස් වෙන්න. ආදර්ශමත් පුද්ගලයෙක් වෙන්න. ඔබේ හැමදේම වෙනස් වේවි ඒක ඔබට අද වුනත් පට්න්ගන්නන් පුළුවන්. මොකද අද හොඳම දවස     


අමතක වෙනවට හොඳ පාඩමක්

අමතක වෙන ඒක අපි කාටත් වෙන්න පුළුවන් දෙයක්. අමතක වෙනවා කියන ඒක හැබැයි වැඩිපුර බලපාන්නේ අපේ ඉගෙන ගන්න අයට. එකේ..

අවවාදය නෙවේ ආදර්ශය තමයි වැදගත්

“අවවාදයට වඩා ආදර්ශය උතුම්” මේ ගොඩක් පැරණි කියමනක් කොච්චර පරණ වුනත් මේ කියමන අදටත් වලංගුයි. ගොඩක් දෙනෙක් උත්සාහ..

උදව් බලාගෙන තව කෙනෙක්ට උදව් කරන්න එපා

අපි එදිනෙදා ජිවත්වෙනකොට අපි ගොඩක් මිනිස්සු ආශ්‍රය කරනවා. ඉන්දියාවේ හිටපු ජනාධිපති වරයකු හා මහාචාර්‍ය වරයකු වෙච්ච අබ්දුල් කලාම්..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online