බදු දීමෙයි විකිණිමෙයි වෙනස

ආයෝජනයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමිවන වැඩිම මුදල පසුගිය සිකුරාදා අපිට ලැබුණා. ඒ හම්බන්තොට වරාය වසර 99 ක් සඳහා චීනයට බදු දීම වෙනුවෙන්. මෙහිදී අපිට ලැඛෙන මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1 යි දසම 1 යි 2 ක්. සමහර අය මේ බදු දීම විකිනීමක් හැටියට අර්ථ දක්වලා තිබුණා. ඒ නිසා අද එෆ් බී පොලිටික්ස් අපි හිතුවා මේ ගිවිසුම ඒ ආකාරයෙන්ම පැහැදිලි කරන්න.   
 
මෙහිදී යෝජිත නව අනුග්‍රාහක ගිවිසුම අනුව ශ්‍රී ලංකා රජය (ශ්‍රී ලංකා වරාය අධිකාරිය) රාජ්‍ය හවුල්කරු වශයෙන්ද අදාළ ආයෝජක සමාගම පෞද්ගලික හවුල්කරු වශයෙන්ද සම්බන්ධ වූ සමාගම් 02ක් පිහිටුවීමට නියමිතය.
 
* Hambantota International Port Services Co.(Pvt) Ltd. – (HIPS) :
 
හම්බන්තොට වරායේ සේවාවන් හා පොදු පහසුකම් කළමනාකරණය සඳහා පිහිටුවනු ලබන අතර, එහි ප්‍රාග්ධනය ඇමරිකානු ඩොලර් මිලියන 606ක් වනු ඇත. මෙම සමාගමේ කොටස්වල 50.7%ක අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරියටද ඉතිරි 49.3%ක අයිතිය CMPort සමාගමටද හිමිවනු ඇත.
 
* Hambantota International Port Group (Pvt) Ltd – (HIPG):
 
වරායේ මෙහෙයුම් වත්කම් කළමනාකරණය, වැඩිදුර සංවර්ධන කටයුතු, එහි යටිතල පහසුකම් හා බහාලුම් මෙහෙයවීම අනෙකුත් මෙහෙයුම් වාණිජකරණය පිණිස පිහිටුවනු ලබන, ප්‍රාග්ධනය ඇමරිකානු ඩොලර් මිලියන 794ක් වන මෙම සමාගමේ කොටස් ප්‍රාග්ධනය දැනට කොළඹ වරායේ SAGT පර්යන්තයේ හා CICT පර්යන්තයේ මෙහෙයුම්වල කොටස් හිමිකම බෙදී ගොස් ඇති ආකාරය අනුවම ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15%ක්ද, CMPort සමාගමට 85%ක් ද වශයෙන් හිමි වනු ඇත.
 
ඒ අනුව, මුල් ගිවිසුමේ යෝජනා වූ සියයට 80:20 කොටස් බෙදී යාමේ පදනම වෙනුවට CMPort සමාගමට සියයට 69.55 ක් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 30.45 වශයෙන් සමස්ත ආයෝජනයෙහි කොටස් අයිතිය සංශෝධනය වනු ඇත.
 
යෝජිත ගිවිසුම යටතේ හම්බන්තොට වරාය සහ ඒ යටතේ වන ඉඩම්වල සින්නක්කර අයිතිය කිසිදු විටක ආයෝජක සමාගම වෙත පවරනු නොලබන අතර ශ්‍රී ලංකා රජය සමඟ හවුල්කාරිත්වයෙන් පිහිටුවනු ලබන ඉහත සමාගම් 02 වෙත බදු පදනම මත ලබා දෙනු ලැබේ. එකී සමාගම් දෙකේ කොටස් මිල දී ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට පහත පරිදි ඉඩ සැලසෙනු ඇත.
 
*ගිවිසුම බලාත්මක වන දිනයේ සිට වසර 70කට පසු:
 
CMPort සමාගම, එහි අනුබද්ධ පාර්ශ්ව හෝ හවුල්කරුවන් විසින් HIPS හා HIPG යන සමාගම්වල දරනු ලබන කොටස්, රජයේ තක්සේරුකරු සහ නිදහස් තක්සේරුකරුවකු විසින් තීරණය කරනු ලබන සාධාරණ වටිනාකමකට මිල දී ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිතිය ඇත.
 
*ගිවිසුම බලාත්මක වන දිනයේ සිට වසර 80කට පසු:
 
HIPS සමාගමෙහි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කොටස් අයිතිය සියයට 60ක් සහ HIPS සමාගමෙහි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කොටස් අයිතිය සියයට 76.8ක් වන පරිදි, CMPort සමාගම, එහි අනුබද්ධ පාර්ශ්ව හෝ හවුල්කරුවන් විසින් එකී සමාගම්වල දරනු ලබන කොටස්, ඇමරිකානු ඩොලර් 01ක මුදලකට මිල දී ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිතිය ඇත.
 
*ගිවිසුම බලාත්මක වන දිනයේ සිට වසර 99කට පසු:
 
CMPort සමාගම, එහි අනුබද්ධ පාර්ශ්ව හා හවුල්කරුවන් විසින් HIPS හා HIPG යන සමාගම්වල දරනු ලබන සියලුම කොටස් අයිතිය, CMඵොර්ට් ආයතනය විසින් ඇමරිකානු ඩොලර් 01ක මුදලකට ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පවරා දිය යුතුය.
 
එමෙන්ම, යුදමය ක්‍රියාවන් සඳහා හම්බන්තොට වරාය භාවිත කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය විධිවිධානද යෝජිත ගිවිසුමේ ඇතුළත්ව ඇති අතර, වරායේ ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පූ‍ර්ණ වගකීම හා අධිකාරිය ශ්‍රී ලංකා රජය සතු වේ.
 
මෙම යෝජනාව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින්, යෝජිත අනුග්‍රාහක ගිවිසුම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ අදහස් තවදුරටත් ලබාගැනීමටත්, එය පාර්ලිමේන්තුවේ සභාගත කර එහිදී ඉදිරිපත් වන යෝජනා ඇතොත් ඒ අනුව අවශ්‍ය පරිදි සංශෝධන සිදු කිරීමටත්, ඉන් අනතුරුව එය පිළිගැනීමට හා එයට අත්සන් තැබීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.
 
Source - www.thecolombopost.net
 


අතිශයෙන්ම බස්වලට විතරයි

රථවාහන තදබදය එහෙම නැත්නම් ට්‍රැෆික් කියලා කියන්නේ අපි හැමෝම අත්විඳලා තියෙන නීරස මාතෘකාවක් කිව්වොත් හරි. සමහර වෙලාවට..

වැහුවොත් මුහුණ - නොලැඛෙයි ප්‍රථීපල

ලංකාවේ අපි පුංචි කාලේ ඉඳන්ම පුරුදුවෙලා තියෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට. වසර 13 ක පාසල් අධ්‍යාපනය තුළ අපි මූලික වශයෙන්..

දඩි බිඩි වුණොත් ගෙවන්න වෙන දඩ වැඩි වෙන හැටි

අපි කවුරු හරි වැරුද්දක් කලොත් අපිට ඒකට දඩුවම් විඳින්න වෙනවා. ඒක ලෝක ස්වභාවය. රියදුරෙක් පාරේදි වැරැද්දක් කලොත් අපිට ගෙවන්න..

තවත් බාලගිරි දෝෂයක්?

1987 වසරේදී ඉන්දු ලංකා ගිවිසුම යටතේ ඇතිකර ගත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේ රටට හඳුන්වාදුන් ප්‍රධානතම සාධකය තමයි පළාත්..

ටියුෂන්ද? ආගමද?

අද තියෙන්නේ විභාග කේන්ද්‍ර කර ගත්ත අධ්‍යාපන රටාවක්. අවුරුදු 13 ක පාසල් කාලය පුරාවට අපි ප්‍රධාන විභාග 3 ක් මුල් කරගෙන තමයි මේ..

බදු දීමෙයි විකිණිමෙයි වෙනස

ආයෝජනයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමිවන වැඩිම මුදල පසුගිය සිකුරාදා අපිට ලැබුණා. ඒ හම්බන්තොට වරාය වසර 99 ක් සඳහා චීනයට බදු..

උතුරම හඩා වැටුණු දකුණේ පොලිස් සැරයන් ඝාතනය..

බෙදීම් තුලින් කිසි දිනෙක ඒකීයත්වය, මිත්‍රත්වය හෝ සාමුහිකත්වය ඉස්මතු වන්නේ නැත. ඒකීයත්වය අද ලංකාවේ ජීවත් වන ඔබට මට අත්‍යවශ්‍යය...

මොලේ නැතිව පෙන්වන තෙලේ බලේ

වත්මන් රජය බලයට පත්වී වසර 2 ක් සපිරෙන්නේ ලබන අගෝස්තු 17 වනදාටයි. බලයට පැමිණෙද්දි කරන බවට දුන් පොරොන්දු සියයට..

කෝටි ගණන් වටින නෝටි කුඩු

මත්ද්‍රව්‍ය කියලා කියන්නේ අද වෙනකොට මුලු ලෝකේටම පිළිලයක් වෙලා තියෙන දෙයක්. එක පාරක් කන්ටේනරයක තිබිලා හෙරොයින් කිලෝ..

කටට රස බුලත් විට ඇත්තටම ඇඟට විසයිද?

ඈත ඉතිහාසයේ පටන් මෑත වර්තමානය තෙක්ම අපේ දේශීයත්වය තුලින් ජනයා තුළ මුල් බැසගත් හුරු පුරුදු ගතිලක්ෂණ චර්යාවන් පැවැත් අතර..

අපේ ක්‍රිකට්වල මීලග පිම්ම ගැන තිලංග කල හෙලිදරව්ව

ක්‍රිකට් කියලා කියන්නේ අපේ රටේ ජාතික ක්‍රීඩාව නොවුනට ඊටත් වැඩිය අපි ආදරය කරන සහ ජනප්‍රියත්වයට පත්වෙච්ච ක්‍රීඩාවක්..

තෝරු මෝරු පැනලා ගිහින් ඉස්තාලයෙන්?

දූෂණය / වංචාව / හොරු / මෙගා ඩීල් 2015 ජනාධිපතිවරණයේදී මේ වචන වේදිකාවල රැව්දුන්නා. කොටින්ම කියනවා නම් මේ ආණ්ඩුව බලයට..

ඉතින් සමුගමු පොලිතින්

පරිසරය / කසළ / පොලිතින්. මේ වගේ දේවල් ගැන දැන් කෙරෙන කථාබහ ටිකක් වැඩිවෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි කසල හා බැඳුණු..

පමාවක් නැතිව කොමාවක් තැබිය යුතු, සමාවක් දිය නොහැකි උමා ඔය අර්බුදය

ජීවිතේ සමහර දේවල් තියෙනවා කොමාවක් තියා තිතක් තියලවත් ආපහු හරිගස්සන්න බැරි. ඒකයි පනින්න පෙර සිතා බලන්න කියලා කියන්නේ...



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online