දිනනදාට මල් - පරදිද්දි ගල්

ක්‍රිකට් ගැන තරම් එෆ් බී පොලිටික්ස් අපි කථා කරපු වෙන මාතෘකාවක් නැති තරම්. ඒ තරමට ක්‍රිකට් අපේ මූලික අවශ්‍යතාවක් බවට පත්වෙලා ඉවරයි. හැබැයි වර්තමානයේ ලංකාවේ ක්‍රිකට් ගැන කථා කරද්දි ඇසට කඳුලු ආවේ නැත්නම් තමයි පුදුමේ. ඒකට හේතුව තමයි දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ ක්‍රිකට් ක්‍රීඩකයන් විතරක් නෙවෙයි ක්‍රීඩා ලෝලීන් පවා දැඩි කළකිරීමකට ලක්ව තිබීම. මේ කළකිරීම කෝපයක් බවට පත්වෙලා පුපුරා යාම අපි දඹුල්ලේදී දැක්කා. ඊට දින කිහිපයකට පස්සේ පල්ලේකැලේදී ඒක තවත් උච්චවුණා. ඒ කියන්නේ ක්‍රීඩාංගණයට වතුර බෝතල්වලින් පහර දෙන්නත් හූ කියන්නත් ක්‍රීඩා ලෝලීන් කටයුතු කලා. මෙතෙක් කල් ලංකාවේ ක්‍රිකට් ලෝලීන් සැලකුණේ ජය පරාජය සමව දරා ගන්න මොනදේ උනත් ක්‍රීඩකයෝ උතුම් කියලා සලකපු පිරිසක් හැටියට. හැබැයි තවමත් අපි එතන ඉන්නවාද කියන එක ගැටලු සහගතයි. මොකද එදා ඔවුන් හැසිරුණු ආකාරය කොහෙත්ම අනුමත කරන්න බැරි නිසා. අද අපි එෆ් බී පොලිටික්ස් මේ ගැන කථා කලාම අති බහුතරයක් මේ සිදුවී දැඩි පිළිකුළෙන් හෙලා දුටුවා. ප්‍රථීපලය කුමක් උනත් ජය පරාජය සමව දරාගැනීම තමයි ක්‍රීඩාවේ පළවෙනි සිද්ධාන්තය. ඒක පිළිගන්න බැරිනම් මැච් නොබලා ඉන්න හරි ක්‍රීඩාංගණවලට ඒමෙන් වැළකිලා ඉන්න ඕනෑ කියලයි අපිට ප්‍රතිචාර දක්වපු හුග දෙනෙක් කිව්වේ. අහලා බලන්න අද එෆ් බී පොලිටික්ස්.
 
 
තත්වය මෙහෙම තියේදිදි හිටපු ටෙස්ට් නායකයෙකු වගේම ලෝක කුසලානය රටට ගෙනාපු කණ්ඩායමේ නායක වත්මන් ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග ජනාධිපතිවරයාට මෙන්න මෙහෙම ලිපියක් යොමුකරලා තිබුණා. ඔහු කියන්නේ වත්මන් ක්‍රිකට් පරිපාලනය වහා ඉවත් කල යුතුයි කියලයි. 
 
 
මේ ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා බී බී සී සංදේශයට කියපු කථාව. 
 
"ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය මුහුණ දී සිටින වත්මන් අර්බුදයෙන් ගොඩගැනීමට සිය පරිපාලනයට හැකියාව තිබෙන බව පවසන නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති පදවියෙන් ඉල්ලා අස්වීමේ කිසිදු සූදානමක් නොමැති බව අවධාරණය කරයි. නියෝජ්‍ය කතානායකවරයා ඒ බව කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා වත්මන් පරිපාලනය වෙනස් කළ යුතු යයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග කරන යෝජනාව පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි. කෙසේ නමුත් වත්මන් ක්‍රිකට් පරිපාලනය විසුරුවා හැර අතුරු පාලක මණ්ඩලයක් පත් කළ යුතු බවට 1996 දී ලෝක ක්‍රිකට් කුසලානය දිනාගත් කණ්ඩායමේ නායකයා කරන යෝජනාව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මීට ඉහතදී කිහිප වතාවක්ම ප්‍රතික්ෂේප කර තිබේ.
 
ඉක්මනින් අර්බුදයට විසඳුම් දිය නොහැකි නම් ක්‍රිකට් ආයතනයේ සභාපති පදවියෙන් ඉල්ලා අස්වන්නේ දැයි විමසූ අවස්ථාවේ, "එතකොට මේක කරන්න යන්නේ කවුද?" යනුවෙන් තිලංග සුමතිපාල බීබීසී සිංහල සේවය වෙත ප්‍රති ප්‍රශ්නයක් යොමු කළේය. "මම හිතන්නේ ඔය කතාවට උත්තර දෙන එක මට අදාළ නෑ. අපිට මේක හදන්න පුළුවන්කම තියෙනව. අපි ඒක හදාගෙන යන්නම්. මගේ වෙලාව නාස්ති කරන්න එපා කියල මම එයාට පැහැදිලිව කියනව." ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම පිණිස දිගු කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බව පවසන සභාපතිවරයා, එහි සම්පූර්ණ ප්‍රතිඵල ලැබීම පිණිස වසර හතරක පමණ කාලයක් ගතවනු ඇති බව ද බීබීසී සිංහල සේවයට පැවසීය. කෙසේ නමුත් සිය පරිපාලනය සමයේ ගනු ලැබූ ඇතැම් තීන්දු පිළිබඳව යළිත් වරක් සාකච්ඡා කරමින් සිටින බව ද සභාපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ඇතැම් ක්‍රීඩාලෝලීන් එවැනි හැසිරීම් පිළිබඳව කණගාටුවන අතර, එවැන්නක් ශ්‍රී ලංකාවේ සිදු නොවිය යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ද අවධාරණය කරති."
 


වමනය ගිය පමණින් ගැබිණියක් වනවාද?

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවගෙන් විටින් විට වැරදි සිදු වන්නේය. ගුරු වරන් ඔවුනට දඩුවම් ලබා දෙන්නේ ඔවුන් ගේ වැරදි නිවැරදි කර ගැනීමටය..

ක්‍රිකට් ගහන්න මරු කටට යනවාද? නැද්ද?

දිගින් දිගටම ලබපු පරාජයන්වලට තිත තියලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔන්න පකිස්ථානයට එරෙහි එක්දින තරගාවලියට පිවිසුණා..

බදු නොගෙවන වෛද්‍යයවරු

රජයකට, රටකට අවශ්‍යය කටයුතු කාරණා නිසි ආකාරව ඉෂ්ට සිද්ධ කිරීමටනම් අති විශාල මුදලක් අවශ්‍ය වන බව නොරහසකි. එම නිසා සෑම..

හොඳින් නැතුව නරකින් ජාත්‍යන්තරය දිනන අපි

ඉස්සර අපිට ලාංකිකයෝ ගැන අහන්න ලැබුණේ රට ඇතුලේ හරි රටින් පිටතදී හරි සම්බන්ධවෙන පුද්ගල ඝාතන / කොල්ලකෑම් වගේ අපරාධ ගැන..

නිරුවත නැතිව මියුසික් වීඩියෝ හදන්නම බැරිද?

කලාව කියලා කියන්නේ කවුරුත් කැමති දෙයක්. එයිනුත් සංගීතයට හිමිවෙන්නේ සුවිශේෂී තැනක්. කථාවට කියන්නේ සංගීතය කියලා කියන්නේ..

මාසෙට වියදම ලක්ෂයයි / සුපිරි වැඩිහිටි නිවාසයේ විස්තර මෙන්න

ඔක්තෝබර් කියලා කියන්නේ ජත්‍යන්තර දින විශාල වශයෙන් සැමරෙන මාසයක්. මේ මාසයේ පළමු දිනයම වෙන් කරලා තියෙන්නේ ළමුන්...

පනින්න පෙර කියවා බලනු

ප්‍රශ්න හමුවේ සියදිවි හානි කර ගන්නේ නම් ලෝකයම මේ වන විට සුසාන භූමියක් වනු නොඅනුමානය. මන්ද ප්‍රශ්නක් නැති මිනිසුන් ලොව..

අත පෑවොත් පන්දාහයි බස්රථ වල සිගාකෑමට එරෙහිව දඩ

අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ පොදු ප්‍රවහාන සේවාව ලෙස හදුන්වන්නේ බොහෝ දුරට බස්රථයයි.එදිනෙදා තම දෙෙනික අවශ්‍යතාවයන් සම්පුර්ණ...

ඔයත් BMICH එකේ BOOK FARE ගියාද?

කියවීම මිනිසා සම්පුර්ණ කිරීම බොහෝ කාලයක සිට අප අසා ඇති කියමනක් වුවත් වර්තමාන සමාජ ආර්ථික ක්‍රමය මගින් කියවීමට තරම් ඉඩකඩක්..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online