දිවිය හැරගිය ඔයාගේ ජිවිතේ වටිනා කියන අයට නියම වටිනාකම දෙන්න

ජිවිතේ නිතරම සුව පහසු තැනක් නෙවේ. උස්පහත් වීම් හැලහැප්පීම් ජිවිතේ හැමතැනම වෙනවා. ඒ වගේම සතුටත් ජිවිතේ තියනවා. කොටින්ම කිවුවොත් උස් පත්වීම් ජිවිතේ තියනවා. අද හොදම දවසින් අපි උත්සාහ කරන්නේ ඒ උස්පහත් වීම් එක්ක ජිවිතේ ජය ගන්න විදිය ඔයාට කියලා දෙන එක. 
 
බුදු දහමේ සදහන් වෙනවා "ප්‍රිය විප්පයෝගෝ දුක්කෝ" කියලා ඒ කියන්නේ ප්‍රියයන්ගෙන් වෙන්ව යන්න සිද්ධවෙන එක දුකක් කියන එක. ඒ වගේම අපි දන්නා තවත් කාරණයක් තියනවා, ඒ තමයි අපි අප්ප්‍රිය අප්‍රසන්න අයත් එක්ක ජිවත් වෙන එකත් දුකක්. සමහර වෙලාවට අපේ ලගම ඉන්න කෙනෙක්, ඒ කියන්නේ අම්ම තාත්ත සහෝදර සහෝදරියෝ බිරිද හෝ සැමියා වගේ කෙනෙක් හදිසියේ මියගියොත්, ඒක අපිට අදහා නොහැකි දෙයක් වෙනවා. සමහරු දැඩි කම්පනයට ලක් වෙනවා. ඇත්තටම ඒ වගේ තත්වයක් දරා ගන්න පුළුවන් හිත ගොඩක් ශක්තිමත් කෙනෙක්ට. නමුත් මතක තියාගන්න ඔයාගේ ලගම කෙනා ජිවිතෙන් ගියත් ඔයා ජිවත් විය යුතුයි. ඒ වේදනාව යටපත් කරගෙන ඒ කදුළු නැගිටිය යුතුයි. කිසිම වෙලාවක ඒ ජිවිතෙන් සමුගත්ත කෙනා ඔයා මේ වෙලාවේ දුකින් ඉන්න එක කිසිසේත්ම බලාපොරොත්තු නොවෙන්න පුළුවන්. මම පොඩි කතාවක් කියන්නම්.
 
දවසක් පාපන්දු ක්‍රීඩා කරන දරුවෙක් තමන්ගේ පුහුණු කරුවට දිගටම කරදර කරන්න පටන් ගන්නවා ඊලග තරගයට තමන්ට අනිවාර්යයෙන් සහභාගී විය යුතුබව දන්වමින්. ඔහු ඒ වනවිට තරගයට ඉදිරිපත් වීමට තරම් දක්ෂතාවක ඔහු හිටියේ නෑ. නමුත් සිදු කල වැඩ කිරීම එක්ක පුහුණු කරුවා මේ දරුවට කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්තාවක් දුන්නා. හැමෝම පුදුම කරමින් මේ දරුවා කවදාවත් නැති විදියට ක්‍රීඩා කරා. ඔහු ගෝල කීපයක් ලබා ගත්තා. අවසානයේ තරගය ඉවර වුනාට පස්සේ පුහුණු කරු අර දරුවා එක්ක කතා කළා. "ඇයි පුතා ඔයා අද සුවිශේෂී විදියට ක්‍රීඩා කළේ" දරුවා කතා කරන්න පටන් ගත්තා. සර් දැක්කද මම ක්‍රීඩා කරන කොට මගේ තාත්තා ඇවිත් හැමදාම බලා උන්නා. ඒත් අද එයා ඉන්නවා ඔයා දැක්කේ නෑ නේද? "ඔව් එක තමයි මම ඒ ගැන ඔයාගෙන් අහන්න හිටියේ" පුහුණු කරු කිවුවා. සර් මගේ තාත්තා ඇවිත් වාඩිවෙලා හිටියට තාත්තට තරගය බලන්න පෙන්නේ නෑ. මොකද මගේ තාත්ත අන්දයි. නමුත් මගේ තාත්තා පහුගිය දවසේ අනතුරකින් මියගියා දැන් එයා ඉන්න තැනක ඉදලා මම ක්‍රීඩා කරනවා බලාගෙන ඇති. ඒ නිසයි මම අද මගේ උපරිමයෙන් ක්‍රීඩා කලේ.
 
මේ කතාව ඔයාටත් ලොකු ආදර්ශයක්. ඔයාගේ ජිවිතේ ලගම කෙනෙක් නැතිවුනානම් අඩන එක නතර කරලා එයා වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. 
 
එයාගේ හීනෙ කොහොම හරි ඉෂ්ට කරන්න. ඒක අද වුනත් කරන්න පටන් ගන්න පුළුවන්. මොකද අද හොඳම දවස 
 
මම හැමදාම ඔයාගේ දුකට සැපට ඔයත් එක්ක ඉන්න මිහිත චතුරංග 


විභාගයේදී කලබල වෙන්න එපා

මේ දවස්වල ප්‍රධාන පෙලේ විභාග 02 ක් තියෙනවා. කොටින්ම මේ විභාග සමයක් කිවුවොත් නිවැරදියි. මේ දවස්වල අ.පො.ස. උසස්පෙළ විභාගය..

විශ්වාසය කඩකරගන්න එපා

විශ්වාසා පරමා ඥාති බුදුන්වහන්සේ කියන්නේ එහෙමයි. විශ්වාසය තමයි හොදම නෑදෑය කියන ඒක තමයි ඒකෙ තේරුම..

පොඩි අයට උගන්වන්න මෙන්න මෙහෙම

පුංචි දරුවන්ට කවන පොවන එක වගේම එයාලට වුගන්වන්න පොතේ පතේ වැඩ කරන්න අම්මලා දගලන තරම ඉතින් අපි..

තරු පොඩියට පෙනුනට ඇත්තටම තරු පොඩි නෑ

ඉගෙන ගන්න එක ගොඩක් ආසාවෙන් කරන තරමට තමයි ඒක හරියට පත්තියන් වෙන්නේ. ඇත්තටම කෑමක් කෑවත් ඒක ඇගට අල්ලන්නේ එය..

වැරදි කිරීම මනුෂ්‍ය ගතියක්, සමාව දීම දේව ගතියක්.

මිනිසා කියන්නේ ගොඩක් සමාජ ශීලි සත්වයෙක්. ඒ නිසාම ආදරය කරුණාව, දයාව වගේ තැන මිනිසා කියන සත්වය නතර වෙන්න දක්වන්නේ..

දිවිය හැරගිය ඔයාගේ ජිවිතේ වටිනා කියන අයට නියම වටිනාකම දෙන්න

ජිවිතේ නිතරම සුව පහසු තැනක් නෙවේ. උස්පහත් වීම් හැලහැප්පීම් ජිවිතේ හැමතැනම වෙනවා. ඒ වගේම සතුටත් ජිවිතේ තියනවා..

ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ.

අපි ඔක්කොම ලොකු තරඟයක ඉන්නේ කියලා මම හැමදාම කියනවා. ඉතින් ඒ තරගේ ජයගන්න නම් අපි ලොකු කැපකිරීමක් කරන්න ඕන..

පමණට වඩා දගලන්නේ ඇයි?

ජිවිතේ අපි ලොකු race එකක්. ඒ race ඇතුලේ අපි රැයක් දවාලක් නොබලා හතිදාගෙන දුවනවා, සමහර වෙලාවට දුවලා දුවලා හති වැටිලා බිම..

අඹ කපනකොට අත කැපුනා කියලා කිසිම දවසක අඹ නොකප ඉන්න එපා.

අපි ඉපදුන දවසේ ඉදල දවසේ ඉදල හැමදාම ඉගන ගන්නවා. මැරෙනකන් කරන්නේ ඉගන ගන්න එක. පුංචි කාලේ ඉදල කරන්නේ ඉගෙන ගන්න..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online