එයාලාට ඕනෑලු.. මෙයාලාට එපාලු..

රටක ප්‍රධාන නීතිය හැටියට ගණන් ගැනෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ වගේ දෙයක් වෙනස් කරනවා කියලා කියන්නේ සුලුපටු කාරණයක් නෙවෙයි. ලංකාවේ දැනට භාවිත වෙන්නේ 1978 ව්‍යවස්ථාව. ඒක අවස්ථා 19 කදී මේ වෙනකොට සංශෝධනය වෙලා ඉවරයි. 20 වන සංශෝධනය ගෙන ඒමේ සූදානමකුත් තියෙනවා. ඒ තමයි මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම. 
 
වත්මන් රජය බලයට ආපු 2015 මහ මැතිවරණය වගේම වත්මන් ජනාධිපතිවරයා බලයට ආපු 2015 ජනාධිපතිවරණයේදීත් ලබාදුන්නු ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවා කියන කාරණය. ඒ අනුව තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවක් පවා පත්කරලා මේ කාර්යය ආරම්භ කෙරුණේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයක්ම නියෝජනය වන පරිදි සකස් කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පවා පත් කෙරුණේ එක් අධියරක් හැටියට. මේ කථා බහ මෙහෙම යද්දි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රට පාවා දෙනවා බුදු දහමට ඇති ස්ථානය අහිමිවෙනවා වගේ කාරණා ගැන ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් ඇහෙන්න ගත්තා. හැබැයි ආණ්ඩුව පුන පුනා කිව්වේ තවමත් නව ව්‍යවස්ථාවක් තියා කෙටුම්පතක් වත් සකස් කරලා නැහැයි කියලයි. 
 
කරුණු කාරණා මෙහෙම තියෙද්දි පෙරේදා (4) දිනයේදී මහනුවර අස්ගිරි මහා විහාරයට රැස්වුණු ත්‍රෛනිකායික මහා සංඝරත්නය විශේෂ යෝජනාවක් සම්මත කරගත්තා. ඒ තමයි මේ අවස්ථාවේ නව ව්‍යවස්ථාවක්වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්වත් අවශ්‍ය නැහැයි කියලා. 
 
අලුත් ව්‍යවස්ථාවක් ඕනෑද? එපාද? අද එෆ් බී පොලිටික්ස්වලදී අපි මේ ගැන කථා කලේ මෙන්න මෙහෙමයි.
 
 


අතිශයෙන්ම බස්වලට විතරයි

රථවාහන තදබදය එහෙම නැත්නම් ට්‍රැෆික් කියලා කියන්නේ අපි හැමෝම අත්විඳලා තියෙන නීරස මාතෘකාවක් කිව්වොත් හරි. සමහර වෙලාවට..

වැහුවොත් මුහුණ - නොලැඛෙයි ප්‍රථීපල

ලංකාවේ අපි පුංචි කාලේ ඉඳන්ම පුරුදුවෙලා තියෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට. වසර 13 ක පාසල් අධ්‍යාපනය තුළ අපි මූලික වශයෙන්..

දඩි බිඩි වුණොත් ගෙවන්න වෙන දඩ වැඩි වෙන හැටි

අපි කවුරු හරි වැරුද්දක් කලොත් අපිට ඒකට දඩුවම් විඳින්න වෙනවා. ඒක ලෝක ස්වභාවය. රියදුරෙක් පාරේදි වැරැද්දක් කලොත් අපිට ගෙවන්න..

තවත් බාලගිරි දෝෂයක්?

1987 වසරේදී ඉන්දු ලංකා ගිවිසුම යටතේ ඇතිකර ගත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේ රටට හඳුන්වාදුන් ප්‍රධානතම සාධකය තමයි පළාත්..

ටියුෂන්ද? ආගමද?

අද තියෙන්නේ විභාග කේන්ද්‍ර කර ගත්ත අධ්‍යාපන රටාවක්. අවුරුදු 13 ක පාසල් කාලය පුරාවට අපි ප්‍රධාන විභාග 3 ක් මුල් කරගෙන තමයි මේ..

බදු දීමෙයි විකිණිමෙයි වෙනස

ආයෝජනයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමිවන වැඩිම මුදල පසුගිය සිකුරාදා අපිට ලැබුණා. ඒ හම්බන්තොට වරාය වසර 99 ක් සඳහා චීනයට බදු..

උතුරම හඩා වැටුණු දකුණේ පොලිස් සැරයන් ඝාතනය..

බෙදීම් තුලින් කිසි දිනෙක ඒකීයත්වය, මිත්‍රත්වය හෝ සාමුහිකත්වය ඉස්මතු වන්නේ නැත. ඒකීයත්වය අද ලංකාවේ ජීවත් වන ඔබට මට අත්‍යවශ්‍යය...

මොලේ නැතිව පෙන්වන තෙලේ බලේ

වත්මන් රජය බලයට පත්වී වසර 2 ක් සපිරෙන්නේ ලබන අගෝස්තු 17 වනදාටයි. බලයට පැමිණෙද්දි කරන බවට දුන් පොරොන්දු සියයට..

කෝටි ගණන් වටින නෝටි කුඩු

මත්ද්‍රව්‍ය කියලා කියන්නේ අද වෙනකොට මුලු ලෝකේටම පිළිලයක් වෙලා තියෙන දෙයක්. එක පාරක් කන්ටේනරයක තිබිලා හෙරොයින් කිලෝ..

කටට රස බුලත් විට ඇත්තටම ඇඟට විසයිද?

ඈත ඉතිහාසයේ පටන් මෑත වර්තමානය තෙක්ම අපේ දේශීයත්වය තුලින් ජනයා තුළ මුල් බැසගත් හුරු පුරුදු ගතිලක්ෂණ චර්යාවන් පැවැත් අතර..

අපේ ක්‍රිකට්වල මීලග පිම්ම ගැන තිලංග කල හෙලිදරව්ව

ක්‍රිකට් කියලා කියන්නේ අපේ රටේ ජාතික ක්‍රීඩාව නොවුනට ඊටත් වැඩිය අපි ආදරය කරන සහ ජනප්‍රියත්වයට පත්වෙච්ච ක්‍රීඩාවක්..

තෝරු මෝරු පැනලා ගිහින් ඉස්තාලයෙන්?

දූෂණය / වංචාව / හොරු / මෙගා ඩීල් 2015 ජනාධිපතිවරණයේදී මේ වචන වේදිකාවල රැව්දුන්නා. කොටින්ම කියනවා නම් මේ ආණ්ඩුව බලයට..

ඉතින් සමුගමු පොලිතින්

පරිසරය / කසළ / පොලිතින්. මේ වගේ දේවල් ගැන දැන් කෙරෙන කථාබහ ටිකක් වැඩිවෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි කසල හා බැඳුණු..

පමාවක් නැතිව කොමාවක් තැබිය යුතු, සමාවක් දිය නොහැකි උමා ඔය අර්බුදය

ජීවිතේ සමහර දේවල් තියෙනවා කොමාවක් තියා තිතක් තියලවත් ආපහු හරිගස්සන්න බැරි. ඒකයි පනින්න පෙර සිතා බලන්න කියලා කියන්නේ...



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online