ගල්කිස්ස මහා හෝටලයේ සැඟව ගිය ආදර කතාව..

ගල්කිස්ස මහා හෝටලය එහෙම නැත්තම් මවුන්ට් ලැවිනියා හෝටලය ලංකාවේ තියෙන ජනප්‍රියම හෝටල් වලින් එකක්. එකිනෙකාට ආදරේ කරන ආදරවන්තයින්ගේ අවසන් බලාපොරොත්තුව වෙන්නේ තමන්ගේ විවාහය. ගල්කිස්ස මහා හෝටලයේදී කොයිතරම් ආදර කතා එක්වෙන්න ඇතිද? එත් ඔබ දන්නවද මේ හෝටලය පිහිටා තිබෙන ගොඩනැගිල්ල තවත් ආදර කතාවක දුක්ඛිත මතකයක් දරාගෙන ඉන්න බව.
මම අද ඔබට ලියන්නේ ඒ දුක්බර ආදර කතාවේ සුන්දර මතකය ගැන.
 
 
අද හෝටලයක් වුනත් ඉංග්‍රීසි යටත් විජිත කාලේ මේක පාවිච්චි වෙලා තියෙන්නේ තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ නිල නිවස විදියට. මේට්ලන්ඩ් බංගලාව කියලා තමයි මේ ගොඩනැගිල්ලට ඒ කාලේ කියලා තියෙන්නේ. හැබැයි මේට්ලන්ඩ් ආණ්ඩුකාර වරයා අපේ රටින් නැව් නැගලා පිටත්ව යනවාත් එක්කම මේ ගොඩනැගිල්ලේ නම වෙනස් වෙනවා. ඒ “මවුන්ට් ලැවිනියා” විදියට. ඒ ගොඩනැගිල්ලට විතරක් නෙමෙයි අද වෙද්දී ඒ ප්‍රදේශයටත් කියන්නේ මවුන්ට් ලවීනියා කියලා. ඒ අවට තියෙන වෙරළතිරයත් හඳුන්වන්නේ ඒ නමින්. ඇයි ඒ? එයට හේතුවුනේ එකතු වෙන්න බැරි වුන දෙන්නෙක්ගේ නොනිමි ආදර කතාවක්.
 
මේ ආදර කතාවේ ආදරවන්තයා ඉංග්‍රීසි ආණ්ඩුකාර තෝමස් මේට්ලන්ඩ්. එතකොට එයාගේ ආදරවන්තිය කවුද? තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ කාලේ මේ බංගලාවේ නිතර නිතර උත්සව පවත්වලා තියෙනවා. එක දවසක් මේ වගේ උත්සවයකට රොඩී නර්තන කණ්ඩායමක් ඇවිත් ලස්සන නර්තනයක් ඉදිරිපත් කරලා තිබුණා. මේ කණ්ඩායමේ හිටිය එක්තරා කාන්තාවක් තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ හිත ගත්තා. මේ නිසාම ඇය ගැන හොයලා බලන්න ඔහු පෙළඹිලා තියෙනවා.
 
 
ඇය නමින් ලොවීනා. ලන්දේසි පුද්ගලයෙකුට දාව රොඩී කාන්තාවකට ඉපදුන ඇය ඒ වෙද්දී යම්තමින් අවුරුදු 17 වුනු ළමිස්සියක්. කඩවසම් පෙනුමක් තිබුණු මේට්ලන්ඩ් සමග ලොවීනා ආදරයෙන් බැඳුනා. ඇය නමින් ලොවීනා වුනත් ඒ නම භාවිතයේ අපහසුවක් මේට්ලන්ඩ් හට තිබුණා. ඒ නිසාම ඔහු ඇයව අමතා තියෙන්නේ ලැවීනියා නමින්. වසර 5 ක් තිස්සේ මේ ආදර කතාව සුන්දරව ගලාගෙන ගියත් මේ ආදරයටත් පිටස්තරයින්ගෙන් බාධා එන්න පටන් ගත්තා. ගෞරවනීය අග්‍රාණ්ඩුකාරවරයා තමන්ට කිසි ලෙසකින්වත් නොගැලපෙන සම්බන්ධතාවයක් රොඩී ගැහැණියක සමඟින් පවත්වන බව දන්වා තුන්වැනි ජෝර්ජ් රජ්ජුරුවන්ට පෙත්සම් සමුහයක් ලැබී තිබෙනවා. ඉතින් මේ අනුව කටයුතු කරපු ජෝර්ජ් රජතුමා සිය නිලමුද්‍රාව සහිතව එවූ ලියුම නිසා මේට්ලන්ඩ් ආණ්ඩුකාර වරයා සහ ලොවීනා අතර ආදරය වෙනස් වෙනවා.  කොයිතරම් බාධක ආවත් වෙන්කරන්න බැරි වුන මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ ආදරය නිසා . ඔහු ඔහුගේ මන්දිරයේ ඉඳලා ලොවීනාගේ රොඩී ගුබ්බෑයම වෙනකන් උමං මඟක් පවා ඉදිකරනවා. 
 
 
මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා ලොවීනාට කොයිතරම් ආදරේ කළාද කියනවා නම් ඇය වෙනුවෙන් ඉංග්‍රීසි ජාතිකයින්ව පවා මරා දමන්න කටයුතු කරලා තියෙනවා. දවසක් ලවීනියා ගේ ආදරය පතාගෙන ආපු ඉංග්‍රීසි සොල්දාදුවෙක් ආණ්ඩුකාරවරයා අතින්ම මරා දමනවා. තවත් දවසක් එක් සොල්දාදුවෙක් ලවිනාගේ නිරුවත් පියයුරු දෙස බලා සිටිනවා දැක ඔහුවත් මරා දමනවා.  ඒ සිද්ධියෙන් පස්සේ ආණ්ඩුකාරවයා විසින් රොඩී කාන්තාවන්ට උඩුකයට ඇඳුම් අඳින්න අවසර ලබා දීම සිදුකරනවා.  තනි පලේට හදපු රොඩී නිවාස වෙනුවට අනිත් සාමාන්‍ය ජනතාවට තියෙන පළ දෙකේ නිවාස ඉදිකරන්න වගේම හිඟමනේ යනවා වෙනුවට ගොවිතැනක් රස්සාවක් කිරීමට රොඩී ජනතාවට අවස්ථාව ලැබෙන්නේ මේ ආදර අන්දරය නිසාමයි.  මේ ආදරය මේ තරම් සුන්දරව ගලා යද්දී 1811 වර්ෂයේ පෙබරවාරි මාසේ දවසක එංගලන්තයේ තුන්වැනි ජෝර්ජ් රජ්ජුරුවන්ගෙන් දින මුද්‍රාව සහිත ලිපියක් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාට ලැබෙනවා.  වහාම ක්‍රියාත්මකවන පරිදි මෙතෙක් දරපු ලංකාවේ ආණ්ඩුකාර ධුරය අත්හිටුවන බවත් හමුදා සේවය සලකා බලා මොල්ටාවේ ආණ්ඩුකාර දුරය ලබා දෙන බවත් එහි සඳහන් ව තිබී තියෙනවා.
 
 
මේ තීරණයට බලපෑ තිබුන ප්‍රදානම හේතුව වෙලා තියෙන්නේ මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා විසින් හදපු උමං මාර්ගය ගැන ලැබුන දරුණු පෙත්සමයි. එම ලිපියේ සඳහන් වෙලා තිබුන විදියට මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා සති දෙකක් තුල සිය රට බලා නැව් නැගිය යුතුව තිබුනා.  ඔහු යන්නට පෙර ලියු සටහනක මෙසේ ලියා තිබී තියෙනවා. “ මගෙන් පස්සේ එන ආණ්ඩුකාරවයා මේ බංගලාව එයාගේ නිල නිවෙස විදියට පාවිච්චි කරයිද කියලා මං දන්නේ නෑ. එත් මේ බංගලාවට මවුන්ට් ලවිනියා ලෙස නම තියන්න යෝජනා කල බව එතුමාට කියන්න. ඊට පසුදින ලොවිනාත් , බිම්ගෙයි උමගත් , මේට්ලන්ඩ් බංගලාවත් අතහැර දැමු මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම අහක නොදමා එම බංගලාව මවුන්ට් ලැවිනියා නමින් නම් කළා.
කොහොම වුනත් හැරගිය ආදරය ගැන දුක් වුන ලොවීනා මුහුදට පැන සියදිවි නසාගත් බවත් මේට්ලන්ඩ් ආණ්ඩුකාර වරයා මොල්ටාවේ පදිංචි වී තනිකඩයෙකු ලෙස ජිවත් වී ඇති බවත් කියවෙනවා. එදා ලොවීනා ජිවත් වුන රොඩී පැල්පත වෙනුවට අද තියෙන්නේ ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයයි. අද මෙම ස්ථානයත් බංගලාවත් යා කරමින් තැනූ උමං මාර්ගය වසා දමා තිබෙනවා. ඒ 1920 වගේ කාලයේදීයි. පසුකලෙකදී රොඩී ගම්මානය නවීන නගරයක් බවට වර්ධනය වුනත් අදටත් මේ පෙදෙස මවුන්ට් ලැවීනියා නමින් හඳුන්වනවා.
මේට්ලන්ඩ් ආණ්ඩුකාරවයාත් ලොවීනාත් අතර පැවති ආදර අන්දරය නිසා රටට තිළිණ වූ මවුන්ට් ලැවීනියා හෝටලය මතුවටත් සදා ආදරණිය සිහිවටනයක් වේවි.

ඖෂංගි ගායනා සේනානායක


මාලේ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ

අද චරියාගේ රස්තියාදුවෙන් රස්තියාදුවක් යන්න හැදුවේ වෙනස්, එත් කතා කරන්න ඕන මාතෘකාවක් ගැන කතා කරන්න. ඇත්තටම් එක මට වෙච්ච..

නව රාජ්‍යක් ලෙස නුතන ශ්‍රී ලංකාව

කාලය බොහෝ දෑ වල තීරකයා වනුයේ සැබවින්ම තමන්ට හිමි එතැනමය යන්න නැවත නැවත ලෝකයාට ප්‍රත්‍යක්ෂ්‍ය කරන රාමුවක් තුළය..

තරඟ පරදින එක රැල්ලක් වුණා - T.M. දිල්ෂාන්

ලංකාවේ ජාතික ක්‍රීඩාව ක්‍රිකට් නොවුනත් ක්‍රිකට් කියූ සැනින් අපේ හිතේ අභිමානයක් ඇති වෙනවා. ඒ 1996 ලෝක කුසලානය ජයග්‍රහණයත් සමඟ..

කනට ගහයි කියලා හිතුවට කන අතගාලා ගියොත් එකේ උපරිමේට විඳින්න දෙයක් තියෙනවා

ආදරේට වැස්සෙන් ලැබෙන්නේ මාරම වටිනාකමක්. එක වචන වලින් විස්තර කරන්න අමාරුයි. හින්දි ෆිල්ම් එකක වුනත් හොදම කෑල්ල රහ වැඩි..

කුස්සිය ලස්සන කරගමුද?

ගෙදර සාලේ ලස්සනට තියාගන්න මහන්සි වෙන තරමට කුස්සිය ගැන හිතන්නේ නෑ කියන එක අලුත් දෙයක් නෙවෙයි. ඔයා මම මේ කියන..

ඔබත් සාර්ථක කාන්තාවක් වෙන්න හීන මවනවද?

සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම කාන්තාවක් ඉන්නවා කියලා කතාවක් තියෙනවා නේද? එතකොට කාන්තාව හැමදාම පිරිමියාගේ පිටිපස්සෙන් ඉන්න..

මේ තමයි අපේ රටේ ධනාත්මක චින්තනය

වෙනස් වෙන බොහෝ දෑ වල වගකිවයුත්තා කාලයම කියා ඇතැමෙකු තම ජිවිතයේ ඉරණම කාලයට භාර කරයි. තවකෙකු බලා සිටිනුයේ තම..

වැඩකරන තැන ලස්සනට තියෙනවට කැමතියි නේද? උත්තරය ඔව් නේද?

ජීවත් වෙන්න, කන්න, බොන්න, අඳින්න, පළදින්න මේ හැම දේකටම සල්ලි ඕනි. සල්ලි හොයන්න අපි මොනතරම් මහන්සි වෙනවද?

අද ගයියගේ කයිය - රැකියාව ඔබේ ජීවිතයද?

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්. වාසනාව අවාසනාව ගැන විශ්වාස නොකළත් අපි කැපකිරීම් කරන තරමට හුඟක් දේවල් වල ප්‍රථිඵල නොලැබී යන..

Business කාරයොයි ජාවාරම් කාරයෝයි දේශපාලනට ඇවිල්ලා දේශපාලනයේ හැඩය වෙනස් කරලයි තියෙන්නේ.

තේ එකක් හදන්න වතුර, සීනි, පිටි, තේ කොළ ඕනේ වගේම අපේ ජීවිතෙත් සමහර දේවල් පවත්වාගෙන යන්න දක්ෂතාවය, උනන්දුව, කැපවීම..

ගෙදර ලේසියෙන් ලස්සනට තියාගමු

ගෘහ අලංකරණය කියන්නේ තේරුම් ගන්න අමාරු වචනයක්, ගොඩක් වියදම් යන දෙයක් විදිහටද හිතාගෙන ඉන්නේ? උත්තරේ ඔව් නම් අද මම ඔයාට..

විසේකාර රංගන පෞරෂ්‍යය ආදරණීය කලං

කලාව තුළ ජීවත්වීම යනු ජීවිතය පවත්වාගෙන යෑමට සුදුසුම මාධ්‍යක් නම් එකී මාධ්‍යයේ පත් ඉවුරු සිමා මායිම් අවබෝධ කරගෙන ජිවත් වූ සොදුරු..

අත බලා සාස්තර කීමේ ඉතිහාසය සොයා ගියෙමි.

“සාස්තර” මේ කියන වචනේ අහපු ගමන්ම හුඟ දෙනෙක්ගේ හිතට එන්නේ “ඕවා බොරු කතා” කියන අදහස. ඔය පාරවල් ගානේ හන්දි ගානේ පන්සල්..

නුගේගොඩ මතකයන්...

අද චරියාගේ රස්තියාදුවෙන් රවූමක් ගහන්න යන්න හිතුවේ හැම දෙනෙක්ගෙම හිත්වල සදාකාලික මතකයක් ඉතුරු කරන නගරයකට..

ලස්සන වීමේ රහස්

හැමෝම කතාවෙන්නේ ඉන්දියාවේ නිලියෝ කොයිතරන් ලසනද, හැඩද කියලා. ඉන්දියාවේ නිලියෝ දැක්කහම ඇහිපිය නොහෙලා බලන් ඉන්න..

මනුස්සකමේ දිළිඳුකම

කොට්ටාවේ accident එකක් වෙලා. කවුරුත් තුවාල කරුවන්ට උදව් කරලා නෑ. අන්තිමට බෙන්ස් එකකින් තමයි ලෙඩ්ඩු අරං ගිහින් තියෙන්නේ..

මීළඟ මීවිතේන් මත් වෙමුද?

ඔයා ඉන්නවා. මං ඉන්නවා. අපි දෙන්නගේ මැද්දෙන් ෂොට් එකක් තියෙනවා. කනේ ෂොට් එකක්, කැමරා ෂොට්, කණා ෂොට් එකක් නෑ නෑ පොඩි..

ඔබත් සැබෑ ක්‍රීඩා ලෝලියෙක්ද? ලෝභයෙක්ද?

පරාජයෙන් හෙම්බත්ව සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලින්ටද යලි ජයග්‍රාහී බලාපොරොත්තු ඉහළට ඔසවමින් පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලිය...

හිතන්නැති හිතක් ගැන

තවමත් බොහෝ දෙනෙක් අවිනිශ්චිත හෙට දවසක ජිවත් වෙන්නේ, සමහරු කියනවා ඒකට අනාගත බලාපොරොත්තු කියලා තවත් කට්ටිය කියනවා..

මිෂෙල්ගෙන් දැනගන්න

ලස්සන වෙන්න අපේ අය නොකරන දෙයක් නෑ, ඒවිතරක් නෙමෙයි ඕනම ගානක් වියදම් කරයි. මෙහෙම කරන්නේ ගැහැණු ළමයි විතරක් නෙමෙයි..

අද ගයියගේ කයිය - පිරිමින්ගේ ඉරිසියාව

පිරිමි මිනිස්සු හරි ආසයි ගෑණු ඉස්සරහ පොර වෙන්න. හා නැද්ද? ගෑණු ඉරිසියාකාරයි පිරිමි සිරියාවයි කියලා හිතන් හිටියට වැඩිපුරම පිරිමි තමයි ඉරිසියාකාර..

චරිත්ගේ රස්තියාදුව - නිදහස හොයාගෙන

අද චරියාගේ රස්තියාදුවෙන් යන්න හිතුවේ නිදහස හොයාගෙන කොන්ක්‍රීට් ලෝකයක නිදහස හොයාගෙන යනවා කියන එක හිනා වෙන්න පුළුවන්..

පුම්බපු බැලුම වගේ තමයි ටික කාලයක් උඩ ඉඳල නිකන්ම බිමට වැටෙනවා - තිසුරි

කරන දේ හරියට කරොත් එකේ වැරද්දක් නෑ. ජයග්‍රහණය කරන්න, ජීවිතේ ඉදිරියට යන්න වයසෙන් බාධාවක් නෑ. මේ හැමදේටම මුල අපේ හිත..

ලස්සන වෙන ජීවිතේ - Stretch Marks වලට විසඳුම

ලස්සන ජීවිතයකට ලස්සන වෙන විදිහ කතා කරන්න අපි අද ඉඳන් හැම සිකුරාදා දවසකම පටන් ගමු. මම අද කතා කරන්න හිතුවේ..

කණේ පහර

'දළුවත්ත' පහුගිය ටිකේ බොහෝ දෙනෙක් දළුවත්ත නම් වූ සහකාර පොලිස් අධිකාරී වරයෙක් ගේ තරු පටි ගජ රාමෙට ගලවනවා දුටුවෙමි..

ලබන වසරේ සිට වාහනවලින් හොර ගමන් බෑ / හේතුව මෙන්න

රථ වාහන හඳුනා ගැනීම සඳහා විද්‍යුත් චිප් තාක්ෂණය යොදා ගනිමින්, ස්ටිකරයක් හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන..

පෙරලෙන පොත

මියගිය හදවතක අතීතය පිළිසිඳ ගැනීම අවාසනාවකි. එහි අභාග්‍ය සම්පන්න කාලය රෝහලේ ඇඳ මත ගෙවී යමින් පවතී. පසු කාලයේ සොහොන්

චේ තාම එහෙමමයි..

ගතවෙන කාලය ජිවිතයේ බොහෝ දෑ වෙනස් කරනවා. හමුවීම් වෙන්වීම් බවට පත්කරනවා,වෙන්වීම් තවත් හමුවීමකට පසුබිම සකස් කරනවා..

අද ගයියගේ කයිය - ඕප්ස් දූප්ස් (ගොසිප්)

මට හිතෙන හැටියට ගම්ගොඩේ ගෑණුන්ගේ ගති ස්වභාව තාමත් අපේ අයගෙන් ඈත්වෙලා නෑ. අල්ලපු ගෙදර මිනිස්සු එන්නේ යන්නේ කීයටද?

විමුක්තිගේ සිනමාව පිළිබදව යමක්

විමුක්තිගේ සිනමාව පිලිබදව යමක් ලියා තබන්නට සිතුවේ, පශ්චාත් නුතනවාදී සිනමා ප්‍රවාහය තුළ ඔහුගේ කැමරා කාචය ග්‍රහණය කරගත් පරාසය..

මොකක්ද මේ Rap? කොහෙන්ද මේ Rap?

අපි මිනිහෙක් දැක්කම ඒ මිනිහගේ භාහිර පෙනුමෙන් අපි ඔහුට වටිනා කමක් දෙනවා.ඒ අපේ හැටි. රැප් සංගීතය තුලත් අපි මේ කලාවට..

ඉතාම සෙමින් වර්ධනය වූ මොළයක් නියෙන්ඩතාල් මානවයාටත් තිබිලා..

එක්සත් ජනපදයේ සයන්ස් (science) සඟරාවේ පළ කෙරුණ ලිපියකට අනුව ප්‍රාග් ඓතිහාසික යුගයේ නියැන්ඩතාල් මානවයාගේ මොළය..

ජර්මනිය වැඩිපුර කැමති කාන්තාවක් යටතේ ඉන්නලු..

පෙරේදා පැවති මැතිවරණයේ ජය නැවතත් ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් දිනාගෙන තිබෙනවා. ප්‍රතිඵල වලට අනුව ඇයගේ පක්ෂය...

සාරි පොටක් ගිය දුරක්

ශ්‍රී ලංකාව කියලා කියන්නේ හරි වෙනස් ජාතියක් ජීවත් වෙන රටක් කියලා අපිට හැමතිස්සේම අහන්න ලැඛෙනවා. ඒ ලෝකේ අනෙක් රටවල..

රියදුරන්ට තවත් අලුත් පරීක්ෂණයක්..

සාමාන්‍ය ජිවිතයේදී බොහෝ දෙනා අපේක්ෂා කරනුයේ තම අවශ්‍යතාවයන් වුවමනාවන් තමා විසින්ම තෘප්ත කරගැනීම යි. එය බොහෝ විට සිදුවනුයේ..

මොකද්ද මේ - බ්ලූ වේල්

අන්තර්ජාලය හරහා ලබා දෙන අභියෝග මාලාවක් අනුගමනය කරමින් අවසානයේදී සිය දිවි හානිකර ගැනීම දක්වා පෙළඹවීමක් සිදුකරන අන්තර්ජාල..

ධනවතුන්ගේ ලැයිස්තුවේ අංක 1 දැන් ඔහුයි. - Jeff Bezos

ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ කවුද කියලා කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔබ එක සැනින් ලබා දෙන උත්තරය බිල් ගේට්ස්..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online