හේත්තු වුනොත් බලාගෙනයි

ශ්‍රී ලංකාව කියලා කියන්නේ තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. හුග දෙනෙක්ට තවමත් තමන්ගේම කියලා වාහනයක් ගන්න එතරම් ආර්ථීක ශක්තියක් නැහැ. ඒ නිසා තවමත් අපි බහුතරයක් පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහන සේවා. ඒ කියන්නේ බස්රිය සහ දුම්රිය. හැබැයි කාන්තාවන්ට සියයට සියයක් බයක් සැකක් නැතිව මේවායේ යන්න පුලුවන්ද කියන එක ගැටලු සහගතයි. ඒකට හේතුව තමයි කාන්තාවන් පොදු ප්‍රවාහන සේවාවලදී විවිධාකාරයේ හිංසනවලට ලක්වීම. අධික තදබදයක් තියෙන අවස්ථාවල තමයි මේක වැඩි. ලෝක ජනගහණ අරමුදල මේ ගැන සමීක්ෂණයක් සිදුකලා. අද එෆ් බී පොලිටික්ස් අපි කථාබහ කලේ ඒ ගැනයි. 
 
ලිංගික හිංසනය යනු කුමක්ද ?
 
ඕනෑම අයෝග්‍ය ලිංගික බලපෑමක් හෝ ලිංගික සැලකීමක් සඳහා ඉල්ලීමක් හෝ ලිංගික ස්වරූපයේ වාචික නැතිනම් ශාරීරික ක්‍රියාවක් හෝ හැසිරීමක් හෝ වෙනත් අයෙකුට වරදක් හෝ අවමානයක් ඇති කරන බව සාධාරණ ලෙස පෙන්නුම් කරන වෙනත් ඕනෑම ආකාරයක ලිංගික ස්වභාවයේ චර්යාවක් ලිංගික හිංසනයක් ලෙස සැලකිය හැකියි. එය එක් සිද්ධියක් හෝ සිද්ධි මාලාවක් හෝ වීමටද පුලුවන. ලිංගික හිංසනය සිතාමතා කරන ක්‍රියාවක් ඉල්ලීමකින් තොරව කරන ක්‍රියාවක් හෝ බලහත්කාරයෙන් කරන ක්‍රියාවක් හෝ විය හැකියි. 
 
1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පණතේ 345 කොටස අනුවද ලිංගික හිංසනය යනු දඩුවම් ලැබිය හැකි සාපරාධී වරදක්. 
 
එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල සිදු කළ සමීක්ෂණයකදී ආනාවරණ වී ඇත්තේ මෙරට කාන්තාවන්ගෙන් සියයට 90ක්ම පොදු ප‍්‍රවාහනයේ දී හිංසනයට ලක්වන බවයි.එහෙත්  පොලිස් රැකවරණ පතන්නේ ඉන් සියයට 04ක් පමණයි. දෛනිකව පොදු ප‍්‍රවාහනයේ දී හිංසන අත්දැකීමකට ලක්වන කාන්තාවන් සියයට 12.1ක් සිටින බව ද එම සමීක්ෂණයේ දී අනාවරණ කර ගැණුනා. සියයට 60ක් ලිංගික හිංසන වරදට දඬුවමක් ඇති බව නොදැන සිටින බවයි එහි දී වැඩිදුරටත් අනාවරණ කර ගෙන ඇත්තේ.
 
පොදු ප‍්‍රවාහන බස් රථ සහ දුම්රියවල දී කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනය වැලැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාවට නැංවීමට තීරණය කර තිබෙනවා.
 
නවීන තාක්ෂණය ද ඒ සඳහා යොදා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ. ලිංගික හිංසනයට ලක්වන කාන්තාවන් ඒ පිළිබඳ කටයුතු කිරීමට දක්වන උනන්දුව අඩු මට්ටමක තිබීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පැවසුවේ.
 
මෙම තත්ත්වය වැලැක්වීමට ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජිත් කරුණු පැහැදිලි කළා. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සංවිධාන කළ සම්මන්ත‍්‍රණයකදීයි ඔහු පෙන්වා දුන්නේ “බස් රථ සඳහා කැමරා දෙකක් සවි කරන්න තීරණය කළා. ඒ වගේම කාන්තාවන්ගේ පැමිණිළි සඳහා කාන්තා නිලධාරීනියන් යොදවන්න පියවර ගන්නවා. මෙවැනි අවස්ථාවක මහජනතාව නීතිය අතට ගැනීම වැළැක්වීම අනෙක් ප්‍රධානම කරුණක්. පැමිණිල කිරීමෙන් පස්සේ දීර්ඝකාලීන නඩු කටයුතු නිසා අපහසුතාවයන්ට පත් වෙයි කියලා ඇතැම් කාන්තාවන් මෙහිදී පසුබැස්මක් දක්වනවා. අපි ඉදිරියේදී මෙම කාන්තා හිංසන සම්බන්ධයෙන් වැටලීම් කරන්නත් කටයුතු කරනවා. විශේෂයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දුන්නා නම් තමා සිටින ස්ථානයටම පොලිසියෙන් එනවා.” යනුවෙනි.
 
යම් හිංසනයක් සිදු වූ විට කාන්තාවන් ක්ෂණිකව ක‍්‍රියාත්මක විය යුතු බව ද මෙහි දී පැහැදිලි කෙරුණා. කාන්තා හිංසන පිටුදැකීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ඉදිරියේ දී විශේෂ ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමටයි තීරණය කර ඇත්තේ.
 
ලංකාවේ තත්වය මෙහෙම තියෙද්දි ඉන්දියාවෙන් අපිට මෙන්න මෙහෙම කථාවක් අහන්න ලැබුණා. 
 
ඉන්දියාවේ පාලන බලය යටතේ පවතින කාශ්මීර කලාපයේ කාන්තාවන්ට පමණක් වෙන් වූ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ. මෙම බස් රථ සේවාව ආරම්භ වෙන්නේ ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ පළමු කාන්තා මහා ඇමතිවරිය වන මෙහෙබුබා මුෆ්තීගේ පත් වීමත් සමගයි. මේ වසරේ අප්‍රේල් මාසයේ දහ නම වෙනි දින ආරම්භ කෙරුණ කාන්තාවන්ට විශේෂ ගමනාගමන සේවාව වෙනුවෙන් බස් රථ පහක් යොදවා තිබෙන අතර මේ වන විට සේවය දිනකට දෙවරක් ක්‍රියාත්මක වෙයි. ශ්‍රී නගර් වෙතින් ගමන් අරඹන කාන්තා බස් රථ සේවාව කාශ්මීර විශ්වවිද්‍යාලය තෙක් ගමන් කරන්නේ සෑම නැවතුමකම සිටින කාන්තාවන්ට ආරක්ෂාකාරී හිංසනයෙන් තොර ගමනාගමන පහසුකම් ලබා දීමේ අරමුණ පෙරදැරි කරගෙනයි.
 
කාශ්මීර කාන්තාවක් සිය අත්දැකීම් විස්තර කරමින් කියා සිටියේ බොහෝ අවස්ථා වල බස් රථයක් තුළදී ලිංගික අඩන්තේට්ටම් වලට ලක් වන කාන්තාවක් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ විට පිරිමින් වරදට පොළඹවා ගැනීම කාන්තාවගේ වරදක් යයි පවසන මිනිසුන් ඇය වෙත දෝෂාරෝපණ එල්ල කිරීමේ ප්‍රවනතාවක් පවතින බවයි කියා සිටියේ. මේ අත්දැකීම ඉන්දීය කාන්තාවන් පමණක් මුහුණ දෙන තත්වයක් නොවන බවට ලෝකයේ බොහෝ රටවල් සාක්ෂි සපයයි. බොහෝ විට පුරුෂාධිපත්‍ය ඉතා බලවත් ලෙස ක්‍රියාත්මක වන සෑම විටම පමණට වඩා මගීන් පුරවාගෙන ගමන් කරන පොදු බස් රථ සේවා ක්‍රියාත්මක වන ආසියාතික රටවල කාන්තාවන් මුහුණ දෙන්නේ ඉතාමත් අසභ්‍ය ලිංගික අඩන්තේට්ටම් වලටයි.
 


අත පෑවොත් පන්දාහයි බස්රථ වල සිගාකෑමට එරෙහිව දඩ

අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ පොදු ප්‍රවහාන සේවාව ලෙස හදුන්වන්නේ බොහෝ දුරට බස්රථයයි.එදිනෙදා තම දෙෙනික අවශ්‍යතාවයන් සම්පුර්ණ...

ඔයත් BMICH එකේ BOOK FARE ගියාද?

කියවීම මිනිසා සම්පුර්ණ කිරීම බොහෝ කාලයක සිට අප අසා ඇති කියමනක් වුවත් වර්තමාන සමාජ ආර්ථික ක්‍රමය මගින් කියවීමට තරම් ඉඩකඩක්..

මීටර් නැත්නම් රෝද තුනේ යන්න එපා

එෆ් බී පොලිටික්ස් අපි වාහන සහ වාහනවලට අදාළ නීති රීති ගැන නිරතුරුව කථාකරනවා. ඒකෙනුත් ත්‍රී රෝද රථ ගැන තමයි අපි වැඩි වශයෙන්ම..

අලි ගැන වලි

අලියා කියලා කියන්නේ ලංකාවේ ජාතික සංකේතයක්. ශ්‍රී ලංකාව කියන නම ජාත්‍යන්තරයේ සටහන් කරද්දි හුග වෙලාවට අපි දකින්නේ අලියා ආශ්‍රිත..

ජනතා හදවතෙන් දියවෙන දියවන්නාවේ නෑදෑයෝ

අද සැප්තැම්බර් 6 වෙනිදා. 2017 අවුරුද්දෛ් 3 වන පාසල් වාරය ආරම්භ වෙන්නේ අද. ඉස්කෝලේ යන කාලයේ අපිට මතකයි නාම ලේඛනය..

හේත්තු වුනොත් බලාගෙනයි

ශ්‍රී ලංකාව කියලා කියන්නේ තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. හුග දෙනෙක්ට තවමත් තමන්ගේම කියලා වාහනයක් ගන්න..

දිනනදාට මල් - පරදිද්දි ගල්

ක්‍රිකට් ගැන තරම් එෆ් බී පොලිටික්ස් අපි කථා කරපු වෙන මාතෘකාවක් නැති තරම්. ඒ තරමට ක්‍රිකට් අපේ මූලික අවශ්‍යතාවක් බවට පත්වෙලා ඉවරයි..

මැතිසබයේ රැව්දුන් ටොමියයි හිගන්නයි - අනුමත කරන්නට බැරි මහජන නියෝජිතයින්ගේ කතා

මෙම සිදුවීම පමණක් නොව ගෙවී ගිය කාල පරිච්චේදය තුළ බොහෝ මන්ත්‍රීවරුන් මෙන්ම ඇමතිවරුන් පවා පාර්ලිමේන්තුව තුළ ඇතැම් ප්‍රකාශ..

රත්වෙනකම් නටන කකුලුවන් ගැන නලින් මන්ත්‍රීතුමා කියපු කථාව

විශ්වාස භංග / ඉල්ලා අස්වීම් සහ ඉවත්කිරීම් නිසා ලංකාවේ දේශපාලනය මේ දවස්වල හොඳටම උණුසුම් වෙලා. ඊලගට මොනවා වේවිද?

කඩ කළ පොරොන්දුවට එ.ජා.පයෙන් දුන් දඬුවම

ලෝක දේශපාලනය තුළ කැබිනට් මණ්ඩලය සාමූහික වගකීමට බැදී සිටීම පාර්ලිමේන්තු සම්ප්‍රදායේ අත්‍යවශ්‍ය අංගයක් වී ඇත..

වැඩියෙන් නෙට් යන්න අඩු වුණු බදු

රජයක් උනාම මහජනතාවට හැකිතාක් සහන දුන්නොත් තමයි දිගින් දිගටම මහජන ප්‍රසාදය දිනාගන්න පුලුවන් වෙන්නේ..

5 ශිෂ්‍යත්වය ළමා මනසට පීඩාවක් ද?

විභාගයක් ජීවිතය තීරණාත්මක ලෙස තීරණය කරන බවට ඔබට සදහන් කලොත් ඔබ එය විශ්වාස හෝ අවිශ්වාස කරනුයේ ඔබේ ජිවිතයේ මුහුණ දීමට..

අතිශයෙන්ම බස්වලට විතරයි

රථවාහන තදබදය එහෙම නැත්නම් ට්‍රැෆික් කියලා කියන්නේ අපි හැමෝම අත්විඳලා තියෙන නීරස මාතෘකාවක් කිව්වොත් හරි. සමහර වෙලාවට..

වැහුවොත් මුහුණ - නොලැඛෙයි ප්‍රථීපල

ලංකාවේ අපි පුංචි කාලේ ඉඳන්ම පුරුදුවෙලා තියෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට. වසර 13 ක පාසල් අධ්‍යාපනය තුළ අපි මූලික වශයෙන්..

දඩි බිඩි වුණොත් ගෙවන්න වෙන දඩ වැඩි වෙන හැටි

අපි කවුරු හරි වැරුද්දක් කලොත් අපිට ඒකට දඩුවම් විඳින්න වෙනවා. ඒක ලෝක ස්වභාවය. රියදුරෙක් පාරේදි වැරැද්දක් කලොත් අපිට ගෙවන්න..

තවත් බාලගිරි දෝෂයක්?

1987 වසරේදී ඉන්දු ලංකා ගිවිසුම යටතේ ඇතිකර ගත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේ රටට හඳුන්වාදුන් ප්‍රධානතම සාධකය තමයි පළාත්..

ටියුෂන්ද? ආගමද?

අද තියෙන්නේ විභාග කේන්ද්‍ර කර ගත්ත අධ්‍යාපන රටාවක්. අවුරුදු 13 ක පාසල් කාලය පුරාවට අපි ප්‍රධාන විභාග 3 ක් මුල් කරගෙන තමයි මේ..

බදු දීමෙයි විකිණිමෙයි වෙනස

ආයෝජනයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමිවන වැඩිම මුදල පසුගිය සිකුරාදා අපිට ලැබුණා. ඒ හම්බන්තොට වරාය වසර 99 ක් සඳහා චීනයට බදු..

උතුරම හඩා වැටුණු දකුණේ පොලිස් සැරයන් ඝාතනය..

බෙදීම් තුලින් කිසි දිනෙක ඒකීයත්වය, මිත්‍රත්වය හෝ සාමුහිකත්වය ඉස්මතු වන්නේ නැත. ඒකීයත්වය අද ලංකාවේ ජීවත් වන ඔබට මට අත්‍යවශ්‍යය...



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online