හීන දැක්කට මදි, හීන පස්සේ එලවන්න ඕන

හීන සමහරු විශ්වාස කරනවා. තවත් සමහරු එච්චර හීන විශ්වාස කරන්නේ නෑ. කොහිමින් කොහොම හරි මම හිතන්නේ අපි හිනා ඕන. හීන තමයි අපේ ජිවිතේ කොතැනකට යනවද කියන එක තීරණය කරන්නේ. අද අපි සිහින ගැන කථාකරමු.
 
රෑ නින්දේ අපිට සිහින දකින්න පුළුවන්. නමුත් හිනා යතාර්ථයක් කරගන්නනම් අනිවාර්‍යයෙන් අවදි වෙන්න වෙනවා. ඇත්තටම සුභ හීන දකින්න නම් සුව නින්දක් අවශ්‍ය වෙනවා. සුව නින්දේදී අපිට ලස්සන සිහින පෙනෙනවා. අද මම කතා කරන්නේ නම් එහෙම සිහින ගැන නෙවේ. අද මම කතා කරන්නේ ඔයා දකින ජීවිතය ගැන සිහින. ජිවිතේ කොතැනකට යන්න ඕනෙද කියන කාරණය ගැන අපි කාලගත් තියනවා. සමහර විට මේ සිහිනය තියෙන්නේ ඔයාගේ හිතේ විතරක් වෙන්න පුළුවන්. නමුත් මේ සිහින මහපොළවට ගෙනාවොත් විතරයි ඇත්තටම අපිට දිනන්න පුළුවන් වෙන්නේ. 
 
කොහොමද සිහින මහපොළොවේ පැල කරන්න ඕන කියලා අපි ටිකක් හොයලා බලමු. සිහින තියන මිනිස්සු මුලින්ම සිහිනය තමන්ගේ යටි හිතට දාගන්න ඕන. යටි හිතට සිහිනය දාගන්න ටිකක් අපහසු කාරණයක්. මොකද හිත එක තැනක නැති නිසා. හිතට සිහිනය දාගන්න මෙන්න මේ වගේ වැඩ ටිකක් කරන්න පුළුවන්. ඔයාගේ හීනය නිතරම ඔයාට පෙනෙන්න සලස්වන්න. උදාහරණයක් විදියට ඔයාට ගායකයකු වෙන්න ලොකු උවමනාවක් තියනවනම් ඔයාගේ සුපිරි ගායකයකයන්ගේ පින්තුර බිත්තිය පුරා අලව ගන්න. ඒ වගේම හැමදාම පොතක සටහනක් විදියට ඔයාගේ හීනය ගැන සටහනක් තියන්න. රෑට නින්දට යනකොට ඔයාගේ සිහිනය සැබෑ උනාම ඔයා ජිවත්වෙන්නේ කොහොමද ගතකරන්නේ කියලා හිතින් මවාගෙන ටිකක් ඒ ලෝකේ ජීවත්වෙන්න. ඒ වගේම ගායකයෝ ඒ තැනට එන්න කල කැපකිරීම් හොයලා බලන්න. නිතර නිතර ඔයාගේ සිහිනය, හැකියාව පුහුණුවේ යොදවන්න. පහුණුව ඔයාව දවසක මහා නිර්මාණයක් බවට පත් කරයි. 
 
ඔයාගේ සිහිනය යතාර්ථයක් කරගන්න කාල රාමුවක් දාගන්න. මොකද සැලසුමක් හදන්න අනිවාර්යයෙන් කාලය කියන සාදකය අනිවාර්ය සාදකයක් නිසා. ඊට පස්සේ සැලසුම සකස් කරන්න. සමහර වේලාවකට ඔබේ සැලසුම අසාර්ථක වෙන්න පුළුවන් ඒ නිසා ගොඩයන්න අනිවාර්යයෙන් විකල්ප සැලසුමක් හදාගන්න. සිහින දැක්කට මදි කෙසේ හෝ ඒවා මේ භුමිය තුල රෝපණය කල යුතුයි. එය අද උනත් කරන්න පුළුවන්. මොකද අද හොඳම දවස 
 
මම හැමදාම ඔයාගේ දුකට සැපට ඔයත් එක්ක ඉන්න මිහිත චතුරංග   
 


අමතක වෙනවට හොඳ පාඩමක්

අමතක වෙන ඒක අපි කාටත් වෙන්න පුළුවන් දෙයක්. අමතක වෙනවා කියන ඒක හැබැයි වැඩිපුර බලපාන්නේ අපේ ඉගෙන ගන්න අයට. එකේ..

අවවාදය නෙවේ ආදර්ශය තමයි වැදගත්

“අවවාදයට වඩා ආදර්ශය උතුම්” මේ ගොඩක් පැරණි කියමනක් කොච්චර පරණ වුනත් මේ කියමන අදටත් වලංගුයි. ගොඩක් දෙනෙක් උත්සාහ..

උදව් බලාගෙන තව කෙනෙක්ට උදව් කරන්න එපා

අපි එදිනෙදා ජිවත්වෙනකොට අපි ගොඩක් මිනිස්සු ආශ්‍රය කරනවා. ඉන්දියාවේ හිටපු ජනාධිපති වරයකු හා මහාචාර්‍ය වරයකු වෙච්ච අබ්දුල් කලාම්..

වෙනස් වෙන්න හිතුනද? දැන්ම පටන්ගන්න

ජිවිතේ කියන්නේ ප්‍රශ්ණ පත්‍රයක්. අපි ඉපදුන දවසේ ඉදලා කරන්නේ අපි ප්‍රශ්ණ වලට උත්තර හොයන ඒක..

ක්‍රිකට් වලින් පාඩමක්

මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩා පිටිය උනුසුම් වෙලා, ඒ උණුසුම තවත් එන්න එන්න වැඩි උනේ පහුගිය දවසේ ඒ කිවුවේ අගෝස්තු 24 ඉන්දියාවට එරෙහිව..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online