හොඳින් නැතුව නරකින් ජාත්‍යන්තරය දිනන අපි

ඉස්සර අපිට ලාංකිකයෝ ගැන අහන්න ලැබුණේ රට ඇතුලේ හරි රටින් පිටතදී හරි සම්බන්ධවෙන පුද්ගල ඝාතන / කොල්ලකෑම් වගේ අපරාධ ගැන විතරයි. සයිබර් අපරාධ වැනි ජාත්‍යන්තර මහා පරිමාණ වංචා ගැන අහන්න ලැබුණත් ඒවාට ලාංකිකයෝ සම්බන්ධවීම් ගැන අහන්න ලැබුණේ හරිම අඩුවෙන්. ඒත් පසුගිය සතියේදී අහන්න ලැබුණේ රුපියල් කෝටි 32 ක මහා පරිමාණ ජාත්‍යන්තර වංචාවක්. මේ සිදුවීමත් එක්ක අපිට අද එෆ් බී පොලිටික්ස්වලදී කථා කරන්න හිතුණා ජාත්‍යන්තර අපරාධ සහ ඒවා වළක්වන්න ලංකාව තුළ තියෙන නීති ගැන.
 
අන්තර්ජාලය හා පරිගණකය අපගේ ජීවිත වලට අත්‍යවශ්‍යම දෙයක් බවට පත් වී ඇත. එහෙත් එමඟින් ලැබෙන සියළු ප්‍රයෝජන සඳහා ගෙවීමට මිලක් ද නියම වී ඇත. පසුගිය වසර 10 තුළ දී අපරාධ සිදුවීම, භෞතික භාණ්ඩ සොරකම් කිරීමේ සිට වැදගත් පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම දක්වා වර්ධනය වී තිබේ.  උදාහරණයක් ලෙස ණයපත් (credit card) තොරතුරු සොරා ගැනීම දැක්විය හැකිය. පෙර අප අසා නැති අන්තර්ජාල නීති විරෝධී ක්‍රියා ද, පෙර සිට සිදුවන අන්තර්ජාල නීති විරෝධී ක්‍රියා ද විශාල වශයෙන් වැඩිවෙමින් පවතී. එයට ප්‍රධානතම හේතුව වන්නේ සයිබර් අවකාශය භාවිතය වැඩිවීමයි. වංචනිකයන් විසින් සමාජයීය ජාල (Social networks) අන්තර්ජාල නීති විරෝධී ක්‍රියා සඳහා යොදා ගැනීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබේ.  
 
සමාජයීය ජාල භාවිතා කරන්නන් අතරින් 15%කගේ ආකෘති (profiles) වලට වංචනික පුද්ගලයන් රහසිතව ඇතුලු වී තිබේ. සමාජයීය ජාල භාවිතා කරන්නන් අතරින් 1/10 ක් යම් වංචා වලට හසුවී රැවටීමට ලක් ව ඇති බව ඔවුන් වාර්තා කර තිබේ. එහෙත් තවමත් සමාජයීය ජාල භාවිතා කරන්නන්ගෙන් 49%ක් පමණක් තමුන්ගේ පෞද්ගලික දත්ත කවුරුන් සමඟ හුවමාරු කරනවා ද යන්න පාලනය කිරීමට privacy settings භාවිතා කරයි.  Cloud පදනම් කරගත් සේවාවන් වංචනිකයන් ට වාසිදායක ගොදුරක් බවට පත් ව ඇත්තේ එම සේවාවන් තුළ ගබඩා කර ඇති මිලියන ගණනක් වූ ගිණුම් තොරතුරු නිසා ය. Cyber  අපරාධකරුවන් cloud සේවාවන් ගෙන් සොරකම් කරන ලද ගිණුම් භාවිතා කරමින් අනිෂ්ට මෘදුකාංග (malware) විසුරුවා හැරීම ද සිදු කරයි. තව ද cloud සේවාවන් නොමැති උපකරණ හරහා cloud පදනම් කරගත් සේවාවන් ප්‍රවේශ වේ. මෙම අනාරක්ෂිත උපකරණ වලට යම් අයෙක් අනවසරයෙන් ඇතුළු වුවහොත් ඔහුට කොතැනක දත්ත ගබඩා කර තිබුණ ද ඒවා ඉතා පහසුවෙන් ලබා ගත හැක.
 
මෑතක දී ශ්‍රී ලංකාවේ ද සමාජ ජාල වලට සම්බන්ධ වන ප්‍රමාණය වර්ධනය වෙමින් පවතී. මේ අතර සමාජ ජාල මගින් පොදු ජනයාට බලපෑම් කිරීමේ හැකියාවක් ද තිබේ. එය මෑතක දී මතු වූ නැඹුරුතාවයකි. මහජනයා අතර සමාජ ජාල වල මෑතක දී සිදුවන කටකතා යම් අවධානම් තත්ත්වයක් ඇති කරන බව කිව හැකිය. අනවසරයෙන් දත්ත ලබාගන්නන් නිසා වෙබ් අඩවි මුහුණ දෙන තර්ජන පිළිබඳව ද සැලකිලිමත් වීම වැදගත් ය. ප්‍රසිද්ධ වෙබ් අඩවිවල වැදගත් තොරතුරු ඒවා වල දත්ත ගබඩා වලින් අනවසරයෙන් ලබාගෙන ඒවා Cyber අවකාශයේ ප්‍රචාරය කිරීම අනවසරයෙන් දත්ත ලබාගන්නන්ගේ අරමුණ වේ. මෙම තත්ත්වය මෑතක දී ශ්‍රී ලංකාවේ ද දක්නට ලැබුණි. එම අනවසරයෙන් දත්ත ලබාගන්නන්ගේ තවත් ගොදුරක් නම් අන්තර්ජාල බැංකු (online banking) පහසුකම් ය.  මෙම බැංකුවල වෙබ් අඩවි Distributed Denial of Service (DDOS) තර්ජන මගින් පහර කනු (attack) ලබන අතර එම නිසා වෙබ් අඩවි වල තත්ත්වය පහළ බැසීම සහ එමගින් ලබාදෙන සේවාවන් කඩාකප්පල් වීම සිදුවේ. බැංකු ගිණුම් වලින් තොරතුරු සොරකම් කිරීම පමණක් නොව අයිතිකරු නොදැනුවත්ව ම ඔහුගේ බැංකු ගිණුමේ ඇති මුල්‍යමය තොරතුරු සොරකම් කිරීම හා එමගින් මුදල් වංචාව අද වනවිට Automatic Transfer System (ATS) යොදා ගනිමින් කරනු ලැබේ.
 
ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත
 
රාජ්‍ය  පාලනයේදී තො.ස.තා. භාවිතය සඳහා සහ ඉ-රාජ්‍ය සේවා ස්ථාපිත කිරීම පිණිස  වඩාත්ම අදාල වන්නා වූ නීතිකරණය වන්නේ 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතයි. අග්‍රාමාත්‍යතුමා, වෙළඳ මහ වාණිජ අමාත්‍යතුමා සහ විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යතුමා විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරනු ලැබූ අමාත්‍ය මණ්ඩල සංදේශයක් තුලින් ඉලෙක්ට්‍රොනික ගනුදෙනු නීති කෙටුම්පත් කිරීම  සදහා ප්‍රවේශය ලබා දෙන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තව, තො.ස.තා.නි. හා එක්ව ඉලෙක්ටොනික ගනුදෙනු පිළිබඳ නීති සම්පාදනය කළ යුතු බව 2004 සැප්තැම්බර් 22 වන දින අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලදී. ඒ අනුව තො.ස.තා. නි‍යෝජිතායතනයේ නෛතික සහ ප්‍රතිපත්ති ආදාන සහිතව නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව අදාළ නීති පිළියෙල කර 2006 මාර්තු 7 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත 2007 ඔක්තෝබර් 1 වනදා සිට බලාත්මක විය. 
 
පනතේ අරමුණු පහත දැක්වෙන පරිදි වේ.
 
නෛතික අවහිරතා තුරන් කිරීම සහ නෛතික නිශ්චිතතාව තහවුරු කිරීම මගින්  දේශීය හා ජාත්‍යන්තර ඉලෙක්ට්‍රොනික වාණිජ කටයුතු සඳහා පහසුකම් සැලසීම / විශ්වසනීය ඉලෙක්ට්‍රොනික වාණිජ ක්‍රියාමාර්ග භාවිතයට ගැනීම දිරිමත් කිරීම / ආණ්ඩුව වෙත ලේඛන ඉලෙක්ට්‍රොනිකව ගොනු කිරීම සඳහා පහසුකම් සැලසීම සහ විශ්වසනීය ඉලෙක්ට්‍රොනික සන්නිවේදන ක්‍රම මගින් ආණ්ඩුවේ සේවා කාර්යක්ෂමව සැපයීම ප්‍රවර්ධනය කිරීම සහ දත්ත පණිවුඩ, ඉලෙක්ට්‍රොනික ලේඛන, ඉලෙක්ට්‍රොනික වාර්තාව හා වෙනත් සන්නිවේදනවල සත්‍යවත්භාවය, අවංකභාවය හා විශ්වාසනීයත්වය කෙරෙහි මහජන විශ්වාසය ප්‍රවර්ධනය කිරීම
ඉලෙක්ට්‍රොනික සන්නිවේදනය නිල වශයෙන් සහ නෛතිකව පිළිගත් නිසි සන්නිවේදන ක්‍රමවේදයක් බව මෙමගින් සහතික කර තිබේ. මෙම පනත මත පදනම්ව ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් සේවා සැපයීමට මෙන්ම ඉලෙක්ට්‍රොනික ස්වරූපයෙන් දත්ත සහ තොරතුරු රඳවා ගැනීම සඳහා රජයේ ආයතනයන්ට දැන් පියවර ගත හැක.
 
ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත ක්‍රියාවට නැංවීමට පසු ක්‍රියාමාර්ගයක් ලෙස, ජාත්‍යන්තර ගිවිසුම්වලදී (ඉ-ගිවිසුම්කරණ ප්‍රඥප්තිය ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන) ඉලෙක්ට්‍රොනික සන්නිවේදනය භාවිතය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් තැබූ ආසියානු කලාපයේ පළමු රටවල් තුන අතුරින් එකක් බවට (දකුණු ආසියාවේ පළමු රට) ශ්‍රී ලංකාව  පත් විය.‍ මෙය විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය විසින් මුලපුරන ලද කැබිනට් අමාත්‍ය මණ්ඩල තීරණයක ප්‍රතිඵලයකි.
 
ජාත්‍යන්තර ගිවිසුම්වලට අදාලව ඉලෙක්ට්‍රොනික සන්නිවේදනය භාවිතයේදී නෛතික නිශ්චිතතාව සහ වාණිජ භාවීකථනීය කළ හැකි බව ඉහළ නැංවීමට සම්මුතිය අරමුණු කරයි. ඉලෙක්ට්‍රොනික පරිසරයක පාර්ශවයක නිවේශනය නිර්ණය කිරීම, ඉලෙක්ට්‍රොනික සන්නිවේදන යැවීමේ සහ ලැබීමේ වේලාව සහ ස්ථානය, ගිවිසුම් සැකසීම සඳහා ස්වයංක්‍රීය කරන ලද පණිවුඩ පද්ධති භාවිතය සහ ‘මුල්’ මුද්‍රිත ලේඛන මෙන්ම ඉලෙක්ට්‍රොනික සත්‍යාපනය කිරීමේ ක්‍රමය සහ අතින් තබන ලද අත්සන් අතර ඇතුළුව ඉලෙක්ට්‍රොනික සන්නිවේදන සහ මුද්‍රිත ලේඛන අතර කාර්ය බද්ධ සමතාව ස්ථාපිත කිරීම සඳහා යොදා ගනු ලැබීමට නියමිත නිර්ණායක පිළිබඳව එය කටයුතු කරයි.
 
පරිගණක අපරාධ
 
2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත පරිගණක අපරාධ හඳුනාගැනීම පිණිස සහ එවැනි අපරාධ විමර්ශනය කිරීම සහ වැලැක්වීම සඳහා නෛතික ක්‍රියාමාර්ගයන් සැලසීම පිණිස විධිවිධාන සපයයි. 2005 අගෝස්තු 23 වන දින පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාද කරනු ලැබූ අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ ‘බී’ ස්ථාවර කාරක සභාවේදී පුළුල් ලෙස ප්‍රතිශෝධනය කරන ලදී. 2007 මැයි මාසයේදී එය නීතියක් ලෙස පැනවූ අතර 2007 ජුලි 9 දින කථානායකතුමා විසින් සහතික කරන ලදී.
 
2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ පදනම වනුයේ පරිගණකයක්, පරිගණක වැඩසටහනක්, දත්ත හෝ තොරතුරු වෙත නිත්‍යානුකූල නොවන අන්දමින් ප්‍රවේශ වීම අපරාධයක් ලෙස හඳුනා ගැනීමයි. එසේම පරිගණයක් වෙත ප්‍රවේශ වීමට වරදරකරුට අධිකාරි බලයක් තිබුණේද යන්න නොතකමින් නිත්‍යානුකූල නොවන අයුරින් පරිගණක භාවිතය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වූ විධිවිධානයක්ද එහි ඇතුලත් වේ.
 
අධිකාරි බලයක් (Admin Access) නොමැතිව අනවසරයෙන් දත්ත වෙනස් කිරීම, වෙනස් කිරීම හෝ මකා දැමීම මෙම පනත අනුව වරදක් වන අතර අධිකාරි බලයක් සහිත පුද්ගලයෙකුට ප්‍රවේශය අත්කර ගැනීම වැළැක්වීම පිණිස පරිගණකයේ වඩ සටහන් සකස් කිරී‍මද වරදකි. පරිගණක වෛරස් වැඩසටහන්වල නිශ්චිත කාර්ය වෙනස් කිරීම සඳහා කේත ඇතුලත් කිරීම මගින් පරිගණකයට හානි හෝ අලාභ කිරීම, තොරතුරු අනවසරයෙන් පිටපත් කිරීම, පරිගණක සේවා අධිකාරී බලයක් නොමැතිව භාවිතා කිරීම සහ එක් පරිගණකයක සිට පරිගණකයකට පරිගණක වැඩ සටහන්, දත්ත හෝ තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේදී ඒවා අත් කර ගැනීමද මෙම පනත යටතේ අපරාධ වේ.
 
වැරදි වි‍මර්ශනය සඳහා පනත නව ක්‍රමවේදයක් හඳුන්වා දෙයි. පරිගණක අපරාධ වැරදි විමර්ශනය කිරීමේදී පොලිසියට සහාය වීමට විශේෂඥ මණ්ඩලය පත් කිරීමට පනතේ විධිවිධාන සලස්වා ඇත.
 
බුද්ධිමය දේපල අයිතිවාසිකම්
 
බුද්ධිමය දේපල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ගත් කළ, 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත මගින් 1979 අංක 52 දරන බුද්ධිමය දේපල සංග්‍රහ පනත ප්‍රතිස්ථාපනය කරන ලදි. 2003 බු.දේ. පනතෙහි මෘදුකාංග, වෙළඳ රහස් සහ අනුකලිත පරිපථ ආරක්ෂාවට අදාල නව වගන්ත කිහිපයක් ඇතුළත් වේ.
 
පහත පනත් ශ්‍රී ලංකා රජයේ ඉලෙක්ට්‍රොනික නීතිවලට අදාල වේ.
 
2003 අංක 27 දරන තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පනත.
 
2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත (ප්‍රකාශන හිමිකම්වලට අදාළ කොටස්).
 
2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික  ගනුදෙනු පනත.
 
2007 අංක 24 දරන පරිගණක අපරාධ  පනත.
 
2005 අංක 28 දරණ ගෙවීම් සහ පියවීම් පද්ධති පනත.
 
2006 අංක 30 දරණ ගෙවීම් උපක්‍රම වංචා පනත.
 


විවාහයක් කරන්න තරම් හැගීමක් ඒ අය එක්ක ඇති වෙලා නෑ.

තමන්,තමන් ගැන විශ්වාස කරන තරමට තමන්ට ඉදිරියට යන්න පුළුවන්.රසිකයන් තමන්ව පිළිගන්න කල් ඒ කලාකරුවා හෝ කලාකාරිණිය ක්ෂේත්‍රයේ රැඳේවී.ඒ වුනාට මේ කාලේ නම් නළු නිලියෝ වැහි වැහැල..

අරමුණක සැබෑ මිහිරියාව

ඔබ දැනට ගතකරන ජිවන රටාව ඇතැම් විට ඔබට බොහෝ පීඩාකාරී මෙන්ම වේදනාකාරී වන්නට පිළිවන්.එය වෙනස් කර ගැනීමට ඔබට වුවමනාවක් පවතින නමුත් අවස්තාවක් නොලැබෙන්නට ඇත...

ලොව මිලෙන් අධිකම ආහාර වර්ග

දැන් කොහොමද පොල් ගෙඩියක ගාණ ? කඩෙන් කන්න ගියොත් විකිණෙනවා නේද? හිත ටිකක් සනසා ගන්නත් එක්ක ලෝකේ වැඩිම මිලකට අලෙවි වෙන ආහාර මොනවද කියලා අපි පොඩ්ඩක් බලමු. ..

සැල්වටෝර් මුන්ඩි ලෝකයේ වාර්තාගත වටිනාම මිලකට

සුප්‍රකට චිත්‍රශිල්පී ලියනාඩෝ ඩාවින්චි ගේ අවසන් නිර්මාණ වලින් එකක් වන SALVATOR MUNDI පසුගියදා නිව්යෝර්ක් හි ක්‍රිස්ටිස් වෙන්දේසියේදී ඩොලර් මිලියන 450 මුදලට අලෙවි වී තිබෙනවා ..

ආසියාවේ සරාගී කිරුල නැවතත් ප්‍රියංකාට

ආසියාවේ සරාගිම කාන්තාව බවට නැවතත් පත් වන්නට ජනප්‍රිය රංගන ශිල්පිනි ප්‍රියංකා චොප්රා සමත් වී තිබෙනවා..

මේක ගෝනි බිල්ලන් ගැන කතාවක්

රෑ වුනාම එන ගෝනි බිල්ලන් ගැන මගේ මතකයේ හැටියට මම පළමුවෙන්ම අසා ඇත්තේ මගේ සීයාගෙනි.ඔහු මා හා සබැදි මතකයන් ඉතා අඩු වුවත්,ඔහුගේ ඇතැම් ගති සිරිත් මට තවමත් හොදට මතකය...

මැඩම්,මිස් කියල කියන්න එපා කියල තියෙන්නේ දේශපාලනය කියන්නෙත් රස්සාවක්.

රාජකාරියේ තරම දන්නේ ඒ රාජකාරිය කරන මිනිහ ඇරෙන්න බලන් ඉන්න අය නෙවෙයි නේ.දේශපාලනය කියපු සැණින් සමහරුන්ගේ ඇගේ මාළු නටනවා..

නත්තලට Shopping යන්නද ලැස්ති?

මේ කාලෙට ඒ කියන්නේ නොවැම්බර් පඩි දවසෙන් පස්සෙ වැඩිපුරම සෙනග ගැවසෙන්නේ ඇඳුම් කඩවල් වල කියන එක මම අලුතින් කියන්න ඕනි දෙයක් නෙවෙයිනේ. .

දුක විතරද ජීවිතේට සතුටක් ඇත්තෙම නැද්ද?

අපි ඉතින් ඕන තරම් දැකලා තියෙනවා කොයි වෙලෙත් අඬා ගත්ත ගමන් ඉන්න අයව. හැබැයි මොනතරම් ප්‍රශ්න තිබුණත් ...

කෝලි අනුෂ්කා විවාහයට ක්‍රීඩකයන්ට ආරාධනා නෑ

12 වෙනිදා ඒ කියන්නේ හෙට මේවන විට ජනප්‍රියම ආදරවන්තයන් යුවලක් වන වීරත් කෝලි සහ අනුෂ්කා ශර්මා විවාහ දිවියට ...

එළබෙන වසන්තයේ රජ පවුලට එක්වන අලුත්ම කුමරිය මේගන් මාකල්

එක්සත් රාජධානියේ කිරුල හිමි කර ගැනීමේ පෙරහැරෙහි කොනක සිටින හැරි කුමරු සහ මෙගන් මාකල් අතර විවාහ ගිවිස ගැනීම පසුගියදා සිදු වුනා ..

තරබාරුකම මට්ටු කරමුද?

බාල,මහළුසියළු දෙනාට තියෙන ලොකුම ප්‍රශ්ණයක් තමයි තරබාරු කම. ඔයා කෙට්ටු වෙන්න මොනතරන් දේවල් කරනව ඇද්ද...

රටක් වෙනුවෙන් තනිවම ලොවට අභියෝග කරන ආසියාවේ කළු සිංහයා

ඇමරිකාවේ දැවැන්තම කායවර්ධන තරගවලිය නියෝජනය කරන පළමු ශ්‍රී ලංකිකයා වන්නට ලංකේය කායවර්ධන ශුර ලුෂන් පුෂ්පරාජ් සමත් වෙලා ..

ගලපගන්න try කරමු ද?

අද චරියගේ රස්තියාදුවෙන් රස්තියාදු ගහන්න යන්න හදන්නේ ගැලපීම් නොගැලපීම් හොයාගෙන ...

ලෝකෙටම ආදරය කරන ක්‍රිස්ටිනා

පසුගියදා ඇමෙරිකාවේ ලාස් වෙගාස් හිදී අවසන් වුන මිස් යුනිවර්ස් 2017 තරගාවලිය පසුගියදා අවසන් උනේ අවරුදු 65 කට පස්සේ අපේ පුංචි දිවයිනට ..

කම්මැලියන්ගේ ජාති ජාති වාදය

මේ රටේ ජාතිවාදයක් තියෙනවද?මේ රටේ ආගම් වාදයක් තියෙනවද?වර්ගවාදයක්....

පාර කියන බලාපොරොත්තු

අතිශය රසවත් කතා පුවත් ඇතැම් විට ලියැවී ඇත්තේ සිරගෙවල් වල අදුරු බිත්ති අතර සිරගත වී සිටින අවස්ථා වල බව...

ජීවිතේට වරදින්නම ඕනේ ගොඩක් දේවල් ඉගෙන ගන්න.

"ඉගෙන ගත්තේ නැත්තන් තේරෙයි කවදහරි." ඔහොම තමයි අපේ අම්මලා තාත්තලා හුඟක් වෙලාවට අපිට කියන්නේ..

පෙම්වතියගේ චරිතය රඟපාන්න මම තාමත් ආසයි.

කලාව වෘත්තියක් ලෙස නොසිතා එය තමන්ගේ ජීවිතය කරගෙන කටයුතු කරන කළාකරුවෝ හරි අඩුයි...

එයාට වඩා සුදුසු මමයි

මිනිසා මෙලොවට බිහිවීමට පෙර මවු කුසතුල මාස දහයක අසන්න කාලයක් ගතකරයි. මෙලොව එලිය දුටුදා සිට අපි අදහස් සිතුම් පැතුම් හා..

අඟ හිඟකම් මතුවෙද්දී ආදරේ දැන් පැනලා යන්නේ පෑල දොරින් නෙමෙයි ඉස්සරහ දොරින්..

අපි හරි කැමතියි අපේ හැඟීම් අනිත් අයත් එක්ක බෙදා ගන්න. අර කතාවක් තියෙන්නේ දුක හැමෝමත් එක්ක බෙදා ගනිද්දි ඒ දුක අඩු වෙනවා සතුට..

ජීවිතය...

ජීවිතය යනු සැබවින්ම කුමක්ද යන්න මානව ඉතිහාසය පුරාවටම මිනිසා ඉදිරියේ ගොඩනැගුනු ගඹුරුතම මෙන්ම තීරනාත්මකම පැනයයි..

නිදන කාමරය පවුල් ජිවිතයට බලපානවද?

ගෙදර, කුස්සිය, කාර්යයාල කාමරය පිලිවලට ලස්සනට තියාගන්න විදිහ අපි “ලස්සන වෙන ජීවිතය” ලිපි පෙලෙන් කතා කරා. ඉතින් අද මට හිතුනා..

මගේ සින්දු බිස්කට් කුඩු සංගීතෙට ගහන්න අමාරුයි.

දොස් කියන්න බනින්න ගහ මරා ගන්න, පොඩි දේ දිහාත් වපර ඇහින් බලන මිනිස්සු ඉන්න ලෝකයක් ලු මේක. මේ මොන දේත් අපි ජීවත් වෙලා..

නිහඬ සිනමාව

කාලයේ වැලි තලාවන් අතර බොහෝ දෑ සැගවී, ගැවසී ඇත. ඇතැම් දෑ හිස් හුදු සංඝටකයන් වෙද්දි, තවත් දේ. මේ මොහොතේ හුස්මගන්න ඔබටත්..

Michell ගේ Beauty Tips..

ඔයාලගේ ලස්සන මුනට තවත් ලස්සන වෙන්න රහස් ටිකක් අරගෙන ඔන්න මං ආවා. අද කියන්න යන්නේ ඔයාට ස්භාවිකව cleanup එකක්..

ජීවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි..

ලෝකේ ජීවත් වෙන හුඟක් හදවත් ආසයි දියුණු වෙන්න. අද ඉන්න තැනට වඩා එක අඩියක් හරි ඉස්සරහට එන්න. ඒත් අපි අතරේ ඉන්න සමහර අයට..

තෙල වැඩි උන බල තන්හාව

ප්‍රභාකරන් ගොයියා කිව්වා වගේ අපේ රටේ මිනිසුන්ට දෙයක් අමතක වෙන්න දවස් 15ක් යන්නෙත් නෑ වගේ. මං එහෙම කිව්වේ පහු ගිය ටිකේ..

මාලේ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ

අද චරියාගේ රස්තියාදුවෙන් රස්තියාදුවක් යන්න හැදුවේ වෙනස්, එත් කතා කරන්න ඕන මාතෘකාවක් ගැන කතා කරන්න. ඇත්තටම් එක මට වෙච්ච..

නව රාජ්‍යක් ලෙස නුතන ශ්‍රී ලංකාව

කාලය බොහෝ දෑ වල තීරකයා වනුයේ සැබවින්ම තමන්ට හිමි එතැනමය යන්න නැවත නැවත ලෝකයාට ප්‍රත්‍යක්ෂ්‍ය කරන රාමුවක් තුළය..

තරඟ පරදින එක රැල්ලක් වුණා - T.M. දිල්ෂාන්

ලංකාවේ ජාතික ක්‍රීඩාව ක්‍රිකට් නොවුනත් ක්‍රිකට් කියූ සැනින් අපේ හිතේ අභිමානයක් ඇති වෙනවා. ඒ 1996 ලෝක කුසලානය ජයග්‍රහණයත් සමඟ..

කනට ගහයි කියලා හිතුවට කන අතගාලා ගියොත් එකේ උපරිමේට විඳින්න දෙයක් තියෙනවා

ආදරේට වැස්සෙන් ලැබෙන්නේ මාරම වටිනාකමක්. එක වචන වලින් විස්තර කරන්න අමාරුයි. හින්දි ෆිල්ම් එකක වුනත් හොදම කෑල්ල රහ වැඩි..

කුස්සිය ලස්සන කරගමුද?

ගෙදර සාලේ ලස්සනට තියාගන්න මහන්සි වෙන තරමට කුස්සිය ගැන හිතන්නේ නෑ කියන එක අලුත් දෙයක් නෙවෙයි. ඔයා මම මේ කියන..

ඔබත් සාර්ථක කාන්තාවක් වෙන්න හීන මවනවද?

සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම කාන්තාවක් ඉන්නවා කියලා කතාවක් තියෙනවා නේද? එතකොට කාන්තාව හැමදාම පිරිමියාගේ පිටිපස්සෙන් ඉන්න..

මේ තමයි අපේ රටේ ධනාත්මක චින්තනය

වෙනස් වෙන බොහෝ දෑ වල වගකිවයුත්තා කාලයම කියා ඇතැමෙකු තම ජිවිතයේ ඉරණම කාලයට භාර කරයි. තවකෙකු බලා සිටිනුයේ තම..

වැඩකරන තැන ලස්සනට තියෙනවට කැමතියි නේද? උත්තරය ඔව් නේද?

ජීවත් වෙන්න, කන්න, බොන්න, අඳින්න, පළදින්න මේ හැම දේකටම සල්ලි ඕනි. සල්ලි හොයන්න අපි මොනතරම් මහන්සි වෙනවද?

අද ගයියගේ කයිය - රැකියාව ඔබේ ජීවිතයද?

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්. වාසනාව අවාසනාව ගැන විශ්වාස නොකළත් අපි කැපකිරීම් කරන තරමට හුඟක් දේවල් වල ප්‍රථිඵල නොලැබී යන..

Business කාරයොයි ජාවාරම් කාරයෝයි දේශපාලනට ඇවිල්ලා දේශපාලනයේ හැඩය වෙනස් කරලයි තියෙන්නේ.

තේ එකක් හදන්න වතුර, සීනි, පිටි, තේ කොළ ඕනේ වගේම අපේ ජීවිතෙත් සමහර දේවල් පවත්වාගෙන යන්න දක්ෂතාවය, උනන්දුව, කැපවීම..

වමනය ගිය පමණින් ගැබිණියක් වනවාද?

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවගෙන් විටින් විට වැරදි සිදු වන්නේය. ගුරු වරන් ඔවුනට දඩුවම් ලබා දෙන්නේ ඔවුන් ගේ වැරදි නිවැරදි කර ගැනීමටය..

ගෙදර ලේසියෙන් ලස්සනට තියාගමු

ගෘහ අලංකරණය කියන්නේ තේරුම් ගන්න අමාරු වචනයක්, ගොඩක් වියදම් යන දෙයක් විදිහටද හිතාගෙන ඉන්නේ? උත්තරේ ඔව් නම් අද මම ඔයාට..

විසේකාර රංගන පෞරෂ්‍යය ආදරණීය කලං

කලාව තුළ ජීවත්වීම යනු ජීවිතය පවත්වාගෙන යෑමට සුදුසුම මාධ්‍යක් නම් එකී මාධ්‍යයේ පත් ඉවුරු සිමා මායිම් අවබෝධ කරගෙන ජිවත් වූ සොදුරු..

අත බලා සාස්තර කීමේ ඉතිහාසය සොයා ගියෙමි.

“සාස්තර” මේ කියන වචනේ අහපු ගමන්ම හුඟ දෙනෙක්ගේ හිතට එන්නේ “ඕවා බොරු කතා” කියන අදහස. ඔය පාරවල් ගානේ හන්දි ගානේ පන්සල්..

නුගේගොඩ මතකයන්...

අද චරියාගේ රස්තියාදුවෙන් රවූමක් ගහන්න යන්න හිතුවේ හැම දෙනෙක්ගෙම හිත්වල සදාකාලික මතකයක් ඉතුරු කරන නගරයකට..

මිනිස්සුන්ට මං හිතන්නේ මගේ ප්‍රසිද්ධිය දරාගෙන ඉන්න බැරුව ද දන්නේ නෑ.

මිනිස්සු කියන්නේ හරි අමුතු ජාතියක් කියලා කියන්නේත් මිනිස්සුම තමයි. එහෙවු අපි තවත් පුද්ගලයෙක්ට චරිත සහතික ලියන්නත් හරි දක්ෂයිනේ..

ලස්සන වීමේ රහස්

හැමෝම කතාවෙන්නේ ඉන්දියාවේ නිලියෝ කොයිතරන් ලසනද, හැඩද කියලා. ඉන්දියාවේ නිලියෝ දැක්කහම ඇහිපිය නොහෙලා බලන් ඉන්න..

මනුස්සකමේ දිළිඳුකම

කොට්ටාවේ accident එකක් වෙලා. කවුරුත් තුවාල කරුවන්ට උදව් කරලා නෑ. අන්තිමට බෙන්ස් එකකින් තමයි ලෙඩ්ඩු අරං ගිහින් තියෙන්නේ..

මීළඟ මීවිතේන් මත් වෙමුද?

ඔයා ඉන්නවා. මං ඉන්නවා. අපි දෙන්නගේ මැද්දෙන් ෂොට් එකක් තියෙනවා. කනේ ෂොට් එකක්, කැමරා ෂොට්, කණා ෂොට් එකක් නෑ නෑ පොඩි..

ක්‍රිකට් ගහන්න මරු කටට යනවාද? නැද්ද?

දිගින් දිගටම ලබපු පරාජයන්වලට තිත තියලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔන්න පකිස්ථානයට එරෙහි එක්දින තරගාවලියට පිවිසුණා..

ඔබත් සැබෑ ක්‍රීඩා ලෝලියෙක්ද? ලෝභයෙක්ද?

පරාජයෙන් හෙම්බත්ව සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලින්ටද යලි ජයග්‍රාහී බලාපොරොත්තු ඉහළට ඔසවමින් පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලිය...

බදු නොගෙවන වෛද්‍යයවරු

රජයකට, රටකට අවශ්‍යය කටයුතු කාරණා නිසි ආකාරව ඉෂ්ට සිද්ධ කිරීමටනම් අති විශාල මුදලක් අවශ්‍ය වන බව නොරහසකි. එම නිසා සෑම..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online