ඉතින් සමුගමු පොලිතින්

පරිසරය / කසළ / පොලිතින්. මේ වගේ දේවල් ගැන දැන් කෙරෙන කථාබහ ටිකක් වැඩිවෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි කසල හා බැඳුණු සිදුවීම් මාලාවක් මේ ටික කාලයේදී අපිට අත්විඳින්න ලැබීම. විශේෂයෙන් දිරාපත් නොවන ද්‍රව්‍ය නිසා මේ අර්බුදය උඩුදුවලා කියලයි අපිට හොයාගන්න පුලුවන් උනේ. පොලිතීන් වලට අදාළව දැනටමත් නීති කිහිපයක් රටේ තිබුණත් ඒවා හරියට ක්‍රියාත්මක වෙනවාද කියන කාරණය ගැටලු සහගතයි. මේවා මෙහෙම තියෙද්දි ලබන සැප්තැම්බර් පළමුවෙනදා ඉඳන් තවත් නීති කිහිපයක් ගේන්න ඔන්න කැබිනට් මණ්ඩලය තීරණය කරලා. ඒ ගැන කැබිනට් තීරණවල දැක්වුණේ මෙන්න මෙහෙමයි. 
 
 
 
මේ ගැන පරිසරවේදීන් දක්වන්නේ ලොකු ප්‍රසාදයක්. විශේෂයෙන් නොදිරන ද්‍රව්‍ය පරිසරයට එකතුවීම නිසා තමයි කැලිකසල ගැටලුව උග්‍ර වෙලා තියෙන්නේ කියලයි ඔවුන් සඳහන් කරන්නේ. ඉස්සර වගේ කෙසෙල් කොලයක බත් එක ඔතාගෙන එනවානම් මේ වගේ ප්‍රශ්න හුගක් අඩුකර ගන්න පුලුවන් කියලා පරිසරවේදීන් පෙන්වා දෙනවා. ඒත් සීඝ්‍රයෙන් නාගරීකරණය වෙන අපේ රටේ හැමදාම හැමෝටම කෙසෙල් කොල හොයාගන්න පුලුවන්ද කියන කාරණයත් අවධානයට යොමුකරන්න ඕනා. 
 
මේ සිද්ධිය ගැන සමස්ථ ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ සංගමය කියන්නේ වෙන කථාවක්.
 
"මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා විසින් ඉකුත්දා රූපවාහිනි සාකච්ඡාවකදී කියා සිටියා කෑම එතීම සඳහා ගනු ලබන ලන්ච් ෂීට්‌ස්‌ සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට හා ග්‍රොසරි බෑග් ඇතුළු ආහාර දවටන යනාදිය සඳහා භාවිතයට ගන්නා පොලිතින්වල ගණකම දැන් පවතින මයික්‍රෝන 20 සිට 40 දක්‌වා වැඩි කරන බවට. මෙය කිසිසේත් ප්‍රායෝගික නොවන, ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් පාඩුදායක, වැඩි වැඩියෙන් රටේ මුදල් පිටරටට ඇදී යන, පරිසර දූෂණ දැන් තියෙනවා වගේ දෙගුණයකින් වැඩි කරන තීන්දුවක්‌. මේ වගේ තීන්දු ගන්නකොට අපි වගේ රටේ පොලිතීන්, ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන හා ප්‍රතිචක්‍රීයකරණ සමාගම්වලත් අදහස ලබාගන්න ඕන"
 
කොහොම වුණත් පොලිතින් ප්ලාස්‌ටික්‌ සම්බන්ධව මෙහෙම තීන්දු තීරණ ගන්නකොට කර්මාන්තකරුවන් හැටියට සහ ප්‍රතිචක්‍රීයකරණය කරන්නන් හැටියට ක්‍රියාත්මක වන අපගෙන් විමසීමක්‌ කරන්න තිබුණා. එය සිදුව නැහැ. අනෙක්‌ කාරණය තමයි මධ්‍යම පරිසර අධිකාරිය කියනවා පොලිතින් ප්ලාස්‌ටික්‌වලට ගෙන ඇති මේ තීන්දු තීරණ සඳහා වෙනස්‌ වෙන්න කර්මාන්තකරුවන්ට සාධාරණ කාලයක්‌ දීල කියනවා කියන එක. අපි ඉතා වගකීමෙන් කියනවා අපි කර්මාන්තකරුවන් හැටියට මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි වී සිටින, නීත්‍යානුකූල, නීතිගරුක කර්මාන්තකරුවන්. නමුත් අද තව වනතුරු අපට ලිතව දැනුම්දීමක්‌ කරල නැහැ මේ සම්බන්ධයෙන්.
 
දිනකට ලන්ච් ෂීට්‌ මිලියන 15 ක්‌ රටේ භාවිත වන බව ජෛව විවිධත්ව අධ්‍යාපන ආයතනය කරන ලද සමීක්‍ෂණයක දැක්‌වෙනවා. එහෙනම් තේරෙනවා මේක අත්‍යාවශ්‍ය දෙයක්‌ බවට පත්වෙලා තිබෙන බව. මේ සඳහා විකල්පයකුත් නැතිව එක රැයකින් තහනම් වෙනකොට රටේ මිනිස්‌සුන්ට මොන තරම් අපහසුතාවයක්‌ වේවිද? 
 
වසරකදී ශ්‍රී ලාංකිකයකු පොලිතින් කිලෝග්‍රෑම් 7-8 ක්‌ භාවිත කරන බව ද, එම පොලිතින් අවසන් බැහැර කරලීම සඳහා නීතිරීති සහ ප්‍රතිචක්‍රීයකරණ පුරුදු තිබිය යුතු බව ද කියා සිටි සංගමය වැඩිදුරටත් පැවසුවේ පොලිතින් ප්‍රශ්නයට විසඳුම ප්‍රතිචක්‍රීයකරණය මිස, භාවිතය අවම කිරීමට යෑයි කියා ඒවායේ මිල වැඩි කිරීම හා තහනම් කිරීම නොවන බවද, එසේ වන්නේ නම් පාරිසරික හා මුදල් හානිය දෙගුණ වන බව ද ඔවුන් පවසති. 
 
අද එෆ් බී පොලිටික්ස් කථා බහ මේ ගැනයි.
 
 


අතිශයෙන්ම බස්වලට විතරයි

රථවාහන තදබදය එහෙම නැත්නම් ට්‍රැෆික් කියලා කියන්නේ අපි හැමෝම අත්විඳලා තියෙන නීරස මාතෘකාවක් කිව්වොත් හරි. සමහර වෙලාවට..

වැහුවොත් මුහුණ - නොලැඛෙයි ප්‍රථීපල

ලංකාවේ අපි පුංචි කාලේ ඉඳන්ම පුරුදුවෙලා තියෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට. වසර 13 ක පාසල් අධ්‍යාපනය තුළ අපි මූලික වශයෙන්..

දඩි බිඩි වුණොත් ගෙවන්න වෙන දඩ වැඩි වෙන හැටි

අපි කවුරු හරි වැරුද්දක් කලොත් අපිට ඒකට දඩුවම් විඳින්න වෙනවා. ඒක ලෝක ස්වභාවය. රියදුරෙක් පාරේදි වැරැද්දක් කලොත් අපිට ගෙවන්න..

තවත් බාලගිරි දෝෂයක්?

1987 වසරේදී ඉන්දු ලංකා ගිවිසුම යටතේ ඇතිකර ගත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේ රටට හඳුන්වාදුන් ප්‍රධානතම සාධකය තමයි පළාත්..

ටියුෂන්ද? ආගමද?

අද තියෙන්නේ විභාග කේන්ද්‍ර කර ගත්ත අධ්‍යාපන රටාවක්. අවුරුදු 13 ක පාසල් කාලය පුරාවට අපි ප්‍රධාන විභාග 3 ක් මුල් කරගෙන තමයි මේ..

බදු දීමෙයි විකිණිමෙයි වෙනස

ආයෝජනයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමිවන වැඩිම මුදල පසුගිය සිකුරාදා අපිට ලැබුණා. ඒ හම්බන්තොට වරාය වසර 99 ක් සඳහා චීනයට බදු..

උතුරම හඩා වැටුණු දකුණේ පොලිස් සැරයන් ඝාතනය..

බෙදීම් තුලින් කිසි දිනෙක ඒකීයත්වය, මිත්‍රත්වය හෝ සාමුහිකත්වය ඉස්මතු වන්නේ නැත. ඒකීයත්වය අද ලංකාවේ ජීවත් වන ඔබට මට අත්‍යවශ්‍යය...

මොලේ නැතිව පෙන්වන තෙලේ බලේ

වත්මන් රජය බලයට පත්වී වසර 2 ක් සපිරෙන්නේ ලබන අගෝස්තු 17 වනදාටයි. බලයට පැමිණෙද්දි කරන බවට දුන් පොරොන්දු සියයට..

කෝටි ගණන් වටින නෝටි කුඩු

මත්ද්‍රව්‍ය කියලා කියන්නේ අද වෙනකොට මුලු ලෝකේටම පිළිලයක් වෙලා තියෙන දෙයක්. එක පාරක් කන්ටේනරයක තිබිලා හෙරොයින් කිලෝ..

කටට රස බුලත් විට ඇත්තටම ඇඟට විසයිද?

ඈත ඉතිහාසයේ පටන් මෑත වර්තමානය තෙක්ම අපේ දේශීයත්වය තුලින් ජනයා තුළ මුල් බැසගත් හුරු පුරුදු ගතිලක්ෂණ චර්යාවන් පැවැත් අතර..

අපේ ක්‍රිකට්වල මීලග පිම්ම ගැන තිලංග කල හෙලිදරව්ව

ක්‍රිකට් කියලා කියන්නේ අපේ රටේ ජාතික ක්‍රීඩාව නොවුනට ඊටත් වැඩිය අපි ආදරය කරන සහ ජනප්‍රියත්වයට පත්වෙච්ච ක්‍රීඩාවක්..

තෝරු මෝරු පැනලා ගිහින් ඉස්තාලයෙන්?

දූෂණය / වංචාව / හොරු / මෙගා ඩීල් 2015 ජනාධිපතිවරණයේදී මේ වචන වේදිකාවල රැව්දුන්නා. කොටින්ම කියනවා නම් මේ ආණ්ඩුව බලයට..

ඉතින් සමුගමු පොලිතින්

පරිසරය / කසළ / පොලිතින්. මේ වගේ දේවල් ගැන දැන් කෙරෙන කථාබහ ටිකක් වැඩිවෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි කසල හා බැඳුණු..

පමාවක් නැතිව කොමාවක් තැබිය යුතු, සමාවක් දිය නොහැකි උමා ඔය අර්බුදය

ජීවිතේ සමහර දේවල් තියෙනවා කොමාවක් තියා තිතක් තියලවත් ආපහු හරිගස්සන්න බැරි. ඒකයි පනින්න පෙර සිතා බලන්න කියලා කියන්නේ...



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online