ජනතා හදවතෙන් දියවෙන දියවන්නාවේ නෑදෑයෝ

අද සැප්තැම්බර් 6 වෙනිදා. 2017 අවුරුද්දෛ් 3 වන පාසල් වාරය ආරම්භ වෙන්නේ අද. ඉස්කෝලේ යන කාලයේ අපිට මතකයි නාම ලේඛනය ලකුණු කරද්දි ඉන්නවා ටීචර් නැහැ ටීචර් කියලා කියන අන්දම. සමහර දවස්වලට අපේ යාලුවෝ ඇවිල්ලා නැත්නම් ඔවුන්ගේ නම කියද්දි හොරට ඉන්නවා කියලා කියපු දවසුත් නැතුවාම නොවේ. ඔන්න දැන් පාර්ලිමේන්තුවෙත් නම් ලකුණු කරන්න පටන් අරන්. හැබැයි ඉස්කෝලේ වගේ නෙවෙයි. අපේ ගරු මැති ඇමතිවරුන්ගේ පැමිණීම මුලු ලෝකෙටම දැනගන්නත් හම්බවෙනවා. පසුගිය මැයි ඉඳන් ජූලි දක්වා වන මේ ලේඛනය පසුගියදා ප්‍රකාශයට පත්කෙරුණා. 
 
පසුගිය මැයි - ජුලි කාර්තුවේ පැවති පාර්ලිමේන්තු සැසිවාර 21 ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 18 දෙනෙකු සහභාගි වී තිබෙන්නේ සැසිවාර පහකට අඩු සංඛ්‍යාවකට බව අනාවරණය වී තිබේ. ඒ බව අනාවරණය කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කටයුතු කරන ආකාරය පිළිබඳව විශ්ලේෂණ ඉදිරිපත්කරන manthri.lk වෙබ් අඩවිය විසිනි. ජනතාවගේ දැනගැනීම පිණිස පාර්ලිමේන්තු සැසිවාරවලට මන්ත්‍රීවරුන්ගේ පැමිණීම පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කෙරේ. ඒ අනුව සිය ප්‍රදේශයේ මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවට පැමිණෙන්නේද සහ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවලට සහභාගි වන්නේද යන්න පාර්ලිමේන්තු වෙබ් අඩවිය මගින් දැන ගත හැකිය. මන්ත්‍රීවරුන් 14 දෙනෙකු මැයි - ජුලි කාර්තුවේ පාර්ලිමේන්තු සැසිවාර 21 ටම සහභාගි වී තිබේ.
 
අදාළ කාලවකවානුවේ පාර්ලිමේන්තුවට අඩුවෙන්ම පැමිණි මන්ත්‍රීවරයා ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන්ය. ඔහු සහභාගි වී තිබෙන්නේ පාර්ලිමේන්තු සැසිවාර 21න් එකකට පමණි. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන්ලාල් ග්‍රේරු සහභාගි වී තිබෙන්නේ සැසිවාර දෙකකට පමණය. රත්නපුර දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සහභාගි වී තිබෙන්නේ ද සැසිවාර දෙකකට පමණි.
 
වතුකරයේ නායකයකු සහ කැබිනට් ඇමතිවරයෙකු වන කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් සහභාගි වී තිබෙන්නේ සැසිවාර 4කට පමණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සැසිවාර හතරකට සහභාගි වී ඇති අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සහභාගි වී තිබෙන්නේ සැසිවාර 21න් හතරකට පමණි. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පැමිණීම දිරිමත් කිරීම සඳහා මේ වසර මුල එතෙක් රුපියල් 500ක්ව පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ දිමනාව රුපියල් 2500ක් දක්වා ඉහළ දැමිණි.
 
 
මැයි - ජුලි කාර්තුවේ පාර්ලිමේන්තු සැසිවාරවලින් 25%-50%ත් අතර සහභාගි වූ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 43ක් වන අතර, 51%-75%ක් අතර පැමිණීම සටහන් කරගත් මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 74කි. පැමිණීම 76%-90%ත් අතර සටහන් වූ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 90කි. සියලු සැසිවාර වලට සහභාගි වූ මන්ත්‍රීවරුන්ගේ ගණන 21ක් වන අතර ඊට කතානායක කරු ජයසූරිය ද ඇතුළත්වේ.
 
 
මෙලෙස පාර්ලිමේන්තුවට සහභාගිවන මන්ත්‍රීවරුන් පවා බොහෝදුරට පාර්ලිමේන්තුවේ රැඳී සිටින්නේ පළමු පැය ඇතුළත පමණක් බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. "මළගෙවල් සහ මගුල් ගෙවල්වලට යාමට" ප්‍රමුඛත්වය ලබා දෙන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවිය යුතු බව වරක් පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරු අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය. කෝප් ඇතුළු පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්‌වීම් රැසක්‌ මේ වන විට පවත්වා ඇතත් ඒ එකදු රැස්‌වීමකට හෝ සහභාගි නොවූ සාමාජික මන්ත්‍රීවරුන් සිටින බව කනගාටුවෙන් හෝ කිව යුතුව ඇතැයි කථානායක කරු ජයසූරිය පසුගියදා උත්සවයකට එක්වෙමින් කියා සිටියේය.
 
මේ රටේ ඉන්න කෝටි 2 ක් වූ ජනතාව අපි හැමෝටම පාර්ලිමේන්තු යන්න බැහැ. ඒ නිසා තමයි 225 දෙනෙක් මහජන නියෝජිතයන් හැටියට පත් කරලා පාර්ලිමේන්තු යවලා තියෙන්නේ. ඔවුන්ට පැවරෙන ප්‍රධාන වගකීම තමයි මහජන ප්‍රශ්න පාර්ලිමේන්තුවේ කථා කරන එක. හැබැයි ඒ වගකීම ඔවුන් කඩ කරනවා නම් ඡන්ද දායකයෝ හැටියට අපේ වගකීම අපි මීලග පාර්ලිමේන්තු ඡන්දෙදි ඉටු කරමු. ඒ Attitude එක හදාගන්නේ කොහොමද කියලා එෆ් බී පොලිටික්ස් අද අපි කථා කලේ මෙහෙමයි.
 
 
 
Source - manthri.lk / BBC Sinhala


අත පෑවොත් පන්දාහයි බස්රථ වල සිගාකෑමට එරෙහිව දඩ

අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ පොදු ප්‍රවහාන සේවාව ලෙස හදුන්වන්නේ බොහෝ දුරට බස්රථයයි.එදිනෙදා තම දෙෙනික අවශ්‍යතාවයන් සම්පුර්ණ...

ඔයත් BMICH එකේ BOOK FARE ගියාද?

කියවීම මිනිසා සම්පුර්ණ කිරීම බොහෝ කාලයක සිට අප අසා ඇති කියමනක් වුවත් වර්තමාන සමාජ ආර්ථික ක්‍රමය මගින් කියවීමට තරම් ඉඩකඩක්..

මීටර් නැත්නම් රෝද තුනේ යන්න එපා

එෆ් බී පොලිටික්ස් අපි වාහන සහ වාහනවලට අදාළ නීති රීති ගැන නිරතුරුව කථාකරනවා. ඒකෙනුත් ත්‍රී රෝද රථ ගැන තමයි අපි වැඩි වශයෙන්ම..

අලි ගැන වලි

අලියා කියලා කියන්නේ ලංකාවේ ජාතික සංකේතයක්. ශ්‍රී ලංකාව කියන නම ජාත්‍යන්තරයේ සටහන් කරද්දි හුග වෙලාවට අපි දකින්නේ අලියා ආශ්‍රිත..

ජනතා හදවතෙන් දියවෙන දියවන්නාවේ නෑදෑයෝ

අද සැප්තැම්බර් 6 වෙනිදා. 2017 අවුරුද්දෛ් 3 වන පාසල් වාරය ආරම්භ වෙන්නේ අද. ඉස්කෝලේ යන කාලයේ අපිට මතකයි නාම ලේඛනය..

හේත්තු වුනොත් බලාගෙනයි

ශ්‍රී ලංකාව කියලා කියන්නේ තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. හුග දෙනෙක්ට තවමත් තමන්ගේම කියලා වාහනයක් ගන්න..

දිනනදාට මල් - පරදිද්දි ගල්

ක්‍රිකට් ගැන තරම් එෆ් බී පොලිටික්ස් අපි කථා කරපු වෙන මාතෘකාවක් නැති තරම්. ඒ තරමට ක්‍රිකට් අපේ මූලික අවශ්‍යතාවක් බවට පත්වෙලා ඉවරයි..

මැතිසබයේ රැව්දුන් ටොමියයි හිගන්නයි - අනුමත කරන්නට බැරි මහජන නියෝජිතයින්ගේ කතා

මෙම සිදුවීම පමණක් නොව ගෙවී ගිය කාල පරිච්චේදය තුළ බොහෝ මන්ත්‍රීවරුන් මෙන්ම ඇමතිවරුන් පවා පාර්ලිමේන්තුව තුළ ඇතැම් ප්‍රකාශ..

රත්වෙනකම් නටන කකුලුවන් ගැන නලින් මන්ත්‍රීතුමා කියපු කථාව

විශ්වාස භංග / ඉල්ලා අස්වීම් සහ ඉවත්කිරීම් නිසා ලංකාවේ දේශපාලනය මේ දවස්වල හොඳටම උණුසුම් වෙලා. ඊලගට මොනවා වේවිද?

කඩ කළ පොරොන්දුවට එ.ජා.පයෙන් දුන් දඬුවම

ලෝක දේශපාලනය තුළ කැබිනට් මණ්ඩලය සාමූහික වගකීමට බැදී සිටීම පාර්ලිමේන්තු සම්ප්‍රදායේ අත්‍යවශ්‍ය අංගයක් වී ඇත..

වැඩියෙන් නෙට් යන්න අඩු වුණු බදු

රජයක් උනාම මහජනතාවට හැකිතාක් සහන දුන්නොත් තමයි දිගින් දිගටම මහජන ප්‍රසාදය දිනාගන්න පුලුවන් වෙන්නේ..

5 ශිෂ්‍යත්වය ළමා මනසට පීඩාවක් ද?

විභාගයක් ජීවිතය තීරණාත්මක ලෙස තීරණය කරන බවට ඔබට සදහන් කලොත් ඔබ එය විශ්වාස හෝ අවිශ්වාස කරනුයේ ඔබේ ජිවිතයේ මුහුණ දීමට..

අතිශයෙන්ම බස්වලට විතරයි

රථවාහන තදබදය එහෙම නැත්නම් ට්‍රැෆික් කියලා කියන්නේ අපි හැමෝම අත්විඳලා තියෙන නීරස මාතෘකාවක් කිව්වොත් හරි. සමහර වෙලාවට..

වැහුවොත් මුහුණ - නොලැඛෙයි ප්‍රථීපල

ලංකාවේ අපි පුංචි කාලේ ඉඳන්ම පුරුදුවෙලා තියෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට. වසර 13 ක පාසල් අධ්‍යාපනය තුළ අපි මූලික වශයෙන්..

දඩි බිඩි වුණොත් ගෙවන්න වෙන දඩ වැඩි වෙන හැටි

අපි කවුරු හරි වැරුද්දක් කලොත් අපිට ඒකට දඩුවම් විඳින්න වෙනවා. ඒක ලෝක ස්වභාවය. රියදුරෙක් පාරේදි වැරැද්දක් කලොත් අපිට ගෙවන්න..

තවත් බාලගිරි දෝෂයක්?

1987 වසරේදී ඉන්දු ලංකා ගිවිසුම යටතේ ඇතිකර ගත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේ රටට හඳුන්වාදුන් ප්‍රධානතම සාධකය තමයි පළාත්..

ටියුෂන්ද? ආගමද?

අද තියෙන්නේ විභාග කේන්ද්‍ර කර ගත්ත අධ්‍යාපන රටාවක්. අවුරුදු 13 ක පාසල් කාලය පුරාවට අපි ප්‍රධාන විභාග 3 ක් මුල් කරගෙන තමයි මේ..

බදු දීමෙයි විකිණිමෙයි වෙනස

ආයෝජනයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමිවන වැඩිම මුදල පසුගිය සිකුරාදා අපිට ලැබුණා. ඒ හම්බන්තොට වරාය වසර 99 ක් සඳහා චීනයට බදු..

උතුරම හඩා වැටුණු දකුණේ පොලිස් සැරයන් ඝාතනය..

බෙදීම් තුලින් කිසි දිනෙක ඒකීයත්වය, මිත්‍රත්වය හෝ සාමුහිකත්වය ඉස්මතු වන්නේ නැත. ඒකීයත්වය අද ලංකාවේ ජීවත් වන ඔබට මට අත්‍යවශ්‍යය...



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online