කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය ඉන්දියාවට..

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම  21 වැනිදා සමත් විය. පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් වාර්තා කරමින් ඉන්දියාව එම ශූරතාවට හිමිකම් කීවේය. ජයග්‍රහණය සඳහා ලකුණු 245 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 9 ක් දැවී තරගයේ අවසන් පන්දුවේදී එම ඉලක්කය සපුරාගත්හ. ඉන්දීය කණ්ඩයමේ හර්මන්ප්‍රීත් කෞර් පන්දු 41 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 41 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියාය.

මුලු ලකුණු සංඛ්‍යාව 20 ක් වන විට ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල බිඳවැටුණ අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 150 කදී ලකුණු 124 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ආරම්භක පිතිකාරිණි මෝනා මේෂ්රාම් (59) සහ දීප්ති ෂර්මා (71) ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයට මනා අඩිතාලමක් දැමූහ. පන්දු 82 කදී වාර්තා වූ මේෂ්රාම්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 89 කදී වාරත් වූ ෂර්මාගේ අර්ධ ශතකයට හතරේ පහර 8 ක් අන්තර්ගත විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට ආරම්භක පිතිකාරිණියන් යුගළය වූ ලීසෙල් ලී (37) සහ ලෝරා වූල්වාරඞ්ට් (21) සමත් වූහ. ඔවුන් දෙදෙනා එක්ව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 51 කි. දකුණු අප්‍රිකානු ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ සුනී ලූස් පන්දු 29 කදී ලකුණු 35 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක්ද සමගිනි.

දක්ෂ පන්දුයැවීමක නිතර වූ රාජේෂ්වරී ගයක්වාද් ලකුණු 51 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූ අතර  ෂිඛා පාණ්ඬේ ලකුණු 41 කට කඩුලු 2 ක් දවාගත්තාය.

දකුණු අප්‍රිකාව - ඕවර 50 කදී සියලු දෙනා දැවී 244 (ලීසෙල් ලී 37, ලෝරා වූල්වාරඞ්ට් 21, මිග්නන් ඩු’ප්‍රීස් 40, ටී්‍රෂා චෙට්ටි 22, ච්ලෝයි ට්‍රයොන් 23, ඬේන් වැන් නිකර්ක් 37, සුනී ලූස් 35, රාජේෂ්වරී ගයක්වාද් 51/3, ෂිඛා පාණ්ඬේ 41/2)

ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 245 (මෝනා මේෂ්රාම් 59, දීප්ති ෂර්මා 71, වේදා ක්‍රිෂ්ණමූර්ති 31, හර්මන්ප්‍රීත් කෞර් නොදැවී 41, මැරිසන් කේප් 36/2, අයබොන්ගා කාකා 55/2)

- ලහිරු මයුරජිත්


මොකද්ද මේ - බ්ලූ වේල්

අන්තර්ජාලය හරහා ලබා දෙන අභියෝග මාලාවක් අනුගමනය කරමින් අවසානයේදී සිය දිවි හානිකර ගැනීම දක්වා පෙළඹවීමක් සිදුකරන අන්තර්ජාල..

ධනවතුන්ගේ ලැයිස්තුවේ අංක 1 දැන් ඔහුයි. - Jeff Bezos

ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ කවුද කියලා කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔබ එක සැනින් ලබා දෙන උත්තරය බිල් ගේට්ස්..

රජයේ කන්තෝරුවල රතු ඉර අහෝසියි?

මේ දින වල මාධ්‍ය හරහා නිරන්තරයෙන් ප්‍රචාරය වන කරුණක් පිළිබඳව අවදානය යොමු කල යුතුය. එනම් රාජ්‍ය ආයතන වල කාර්යයාල..

ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය

පාකිස්තානය තුළ වසර 8ක කාලයක් පැවති ජාත්‍යන්තර ක්‍රිකට් පිපාසයට තිත තබමින් ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය..

හොල්මන් ගැන කතා මවන දික්කන්ද වලව්වේ ඇත්ත කතාව..

හුස්ම ගන්නවා කියලා හිතාගන්නවත් බැරිතරමටම අපේ මිනිස්සුන්ගේ ජිවිත වැඩ වලින් සංකීර්ණ වෙලා. කාර්යාලවල, මංමාවත් වල, තමන්ගේ නිවෙස් වල..

හාවි ට පස්සේ ඉර්මා ඇවිත් කරන හරියක්..

ඉර්මා කියන්නේ පහුගිය දශකයක කාලය ඇතුළත අත්ලාන්තික් කලාපයේ වාර්තා වුන ප්‍රබලතම සුළි කුණාටුවයි. මෙයින් වැඩිම බලපෑමක් කැරිබියානු..

ඇලවෙලා ලස්සන වුණ ලොව එකම කුළුණ

පිසා කියන්නේ අපි කවුරුත් කැමති කෑමක් නේ. හැබැයි ඉතින් මේ කියන්න හදන්නේ. පිසා කුලුන ගැන ඉතාලියේ පීසා නගරයේ ඇති ප්‍රධාන..

මුදල් භාවිතයේ පරිණාමය

ආණ්ඩු පෙරලන දේශපාලකයින් ගෙදර යවන එකිනෙකාට මඩගහගන්න ප්‍රදාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන්නේ මුල්‍ය වංචායි..

මං මාව ගොඩනැගුවේ හුඟක් මහන්සිවෙලා - සනුක වික්‍රමසිංහ

මං හිතුවට වඩා බලාපොරොත්තු වෙනවට වඩා ප්‍රතිචාර හම්බවෙනවා. මොකද වේග රිද්ම ගීතයක්වත් අලුත් ආරට ගහපු ගීතයක්වත් නෙමෙයි..

මල නොතලා රොන් ගැනීම හෙවත් බදු

ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටක රජයක ප්‍රධාන ආදායම් මාර්ගයක් තමයි බදු කියලා කියන්නේ. විවිධ භාණ්ඩ හා සේවාවලට..

ගල්කිස්ස මහා හෝටලයේ සැඟව ගිය ආදර කතාව..

ගල්කිස්ස මහා හෝටලය එහෙම නැත්තම් මවුන්ට් ලැවිනියා හෝටලය ලංකාවේ තියෙන ජනප්‍රියම හෝටල් වලින් එකක්. එකිනෙකාට ආදරේ කරන..

19න් පහල ලෝක කුසලානය - 2018

2018 වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කාළසටහන එලිදැක්වුනා. තරගාවලිය ලබන වසරේ ජනවාරි 13 වනදා..

ආයෙත් 4 පහරවල් 6 පහරවල් නැති වෙයිද?

ක්‍රිකට්.. ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවුණත් ඊටත් වැඩිය ජනප්‍රියත්වයක් හිමිකරගත් ක්‍රිඩායව කිව්වොත් හරි. ක්‍රිකට්වලට ආදරය නොකරන..

තම රැලේ නිදහස වෙනුවන් පණදුන් පනාමුරේ ඇත්රජු

මඩුවන්වල මහා දිසාවට අයත්ව තිබු මෙම ප්‍රදේශයේ ඇති දිය බුබුල වෙත ඇදී එන අලි ඇතුන් අල්ලා ගැනීම සදහා මෙම ඇත් ගාල ඉදි කොට ඇත..

ලෝක සන්නිවේදන පරිණාමයේ පැටිකිරිය..

මනුස්‍ය වර්ගයාගේ ආරම්භය පිලිබදව විවිද මතවාදී අදහස් පලවේ. එයින් බහුතරයක් දන්නා බහුතරයක් පිළිගන්නා චාල්ස් ඩාවින් මහතාගේ පරිණාම..

නාට්‍ය කලාවේ උපත

නාට්‍ය කලාව වර්තමානයේ ප්‍රධාන වින්දනීය මාධ්‍යක්. මෙම නාට්‍ය කලාවේ ඉතිහාසය ප්‍රාග් එතිහාසික යුගය දක්වාම පැතිර යන්නක්..

මොකද්ද මේ තුන පහ

මොකද්ද මේ තුන පහ කෑම කනකොට කවුරුත් රහට කන්න තමයි ආස. ඉතින් ඔය රහ වැඩි කරන්න උදවු වෙන්නේ කෑම හදන්න දාන්න..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online