කෝටි ගණන් වටින නෝටි කුඩු

මත්ද්‍රව්‍ය කියලා කියන්නේ අද වෙනකොට මුලු ලෝකේටම පිළිලයක් වෙලා තියෙන දෙයක්. එක පාරක් කන්ටේනරයක තිබිලා හෙරොයින් කිලෝ 250 ක් හම්බවුණා. ඔන්න ගිය සතියේ කන්ටේනරයක තිබිලා කොකේන් කිලෝ 218 ක් හොයාගත්තා. අද අපි එෆ් බී පොලිටික්ස් වෙන් කලේ මොනවාද මේ මත් කුඩු කියලා කථා කරන්න. 
 
මත්ද්‍රව්‍ය විවිධ ලක්‍ෂණවලට අනුව දැකිය හැකිය. කොල වශයෙන්, පෙති වශයෙන්, දියරමය වශයෙන්, එන්නත් වශයෙන්, කුඩු වශයෙන් යන ආකාරයට ප්‍රයෝජනයට ගත හැකිවේ. මෙම මත්ද්‍රව්‍ය කොටස් තුනට බෙදා වෙන් කල හැකිය.
 
1. අව පීඩක මත්ද්‍රව්‍ය
2. උත්තේජක මත්ද්‍රව්‍ය
3. මයාකාරී මත්ද්‍රව්‍ය
 
අව පීඩක මත්ද්‍රව්‍ය :-
මනස අවපීඩනයට ලක් කරන මත්ද්‍රව්‍ය මේ ගණයෙහි ලා සැලකේ. “සාංකාව, ආතතියෙන් පෙළීම හා අපහසුතාවයෙන් පෙළීම වැනි ලක්ෂණ සඳහා ශාන්තිකාරක (සහනශීලි) ඖෂධයක් ලෙස භාවිතා කරයි. මෙම ඖෂධ භාවිතා කිරීමෙන් පුද්ගලයන්ගේ මධ්‍යම ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය අවපීඩනයට පත් කරයි. බොහෝ අවස්ථා වලදී මේවා වෛද්‍ය කටයුතු වලදී භාවිතා කරන අතර දිවිනසා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය භාවිතා කළ අවස්ථාවන් වලදී සහනශීලි ද්‍රව්‍යයක් ලෙස මෙම ඖෂධය භාවිතා කෙරේ.” (ධර්ම ප්‍රියත 2001ත 36) ඇල්කොහොල්, කැනාබීන්, අබිං, බෙන්සොඩිෂපින්ස්, ග්ලුතිමයිඞ්, මෙතකි්‍යුලෝන්, රා, අරක්කු, විස්කි, බ්‍රැන්ඩි, වොඞ්කා ආදී සෑම දෙයක්ම මත්ද්‍රව්‍ය ලෙස මේ ගණයට අයත් වේ.
උත්තේජක මත්ද්‍රව්‍ය :-
 
මෙය උත්තේජකයක් නැතහොත් ප්‍රබෝධයක් ඇති කරන්නකි. කොකේන් මේ ගණයට අයත් මත්ද්‍රව්‍යයක් වේ. මෙම මත්ද්‍රව්‍ය ගත් විට මිනිසා තුළ උත්තේජනය ඇතිවේ. දුම්කොල, කෝපි, තේ සහ බෝතල් බීම ද මෙයට අයත් වේ. මෙය කොටස් 2කි.
 
1. ප්‍රාථමික මට්ටමේ ඇති මත්ද්‍රව්‍ය
2. ද්වතීයික මට්ටමේ මත්ද්‍රව්‍ය
 
මෙම මත්ද්‍රව්‍ය විශේෂයෙන් විශාල ලෙස හානිකාරී නොවේ.
 
මායාකාරී මත්ද්‍රව්‍ය :-
 
මායාකාරී ගණයේ මත්ද්‍රව්‍ය යනු මානව චර්යාව වෙනස් කිරීමට හැකි මත්ද්‍රව්‍ය වලටයි. ගටප්, හජීන්, මර්ජුවානා ආදී මත්ද්‍රව්‍ය මෙම වර්ගයට අයත් වේ.මෙම මත්ද්‍රව්‍ය ව්ශේෂයෙන් බටහිර රටවල සමාජ පිළිලයක් බවට පත් වී තිබේ. මෙහිදී මත්ද්‍රව්‍ය මෙම කුමන ආකාරයේ වර්ග වුවත් ඝණ, ද්‍රව වශයෙන් දෙකොටසට ප්‍රධාන වශයෙන් බෙදිය හැකි වේ. සත පනහේ බීඩියේ සිට මිල අධිකම මත්ද්‍රව්‍ය දක්වා ඇති සියළුම මත්ද්‍රව්‍ය සමාජයට ඛේදනීය ලෙස බලපා ඇත. 
 
දැනට සිදු වී ඇති පර්යේෂණයන්ට අනුව අඩුආදායම් ලබන පවුල් වලින් 1/3 ක් පුරුෂයන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බව වාර්තාවේ. මෙයින් සිදු වන්නේ දරුවන් මන්ද පෝෂණයෙන් පෙලීම, ආරක්‍ෂණයක් නොවීම, නූගත් ප්‍රතිශතය ඉහලයෑම, සමාජ රෝග, ඒඞ්ස් වැනි රෝග පැතිරීම හා සමාජ අපවාදයන්ට මුහුණදීමට සිදුවීම යන තත්වයන්ට දරුවන්ව නතුවීමයි.
 
මෙලෙස බිඳුණු පවුල් පරිසරයක් තුළ සමාජානුයෝජන ක්‍රියාවලිය නිසි පරිදි සිදු වනු ඇතැයි අපේක්‍ෂා කළ නොහැක. එම නිසා බිහි වන්නේ බිඳුණු පෞරුෂ සහිත දරුවන්වේ. එය ඔවුන්ගේ මුළු ජීවිත කාලයටම බලපානු ඇත. සැඟවීම, බියගුළුකම, ඉදිරිපත්වීමේ හැකියාව අඩුවීම ආදිය හේතුවෙන් ඔවුන් අනාගත ජීවිතයේදී පවා පීඩා විඳිනු ඇත. මෙවැනි පරිසරයක් තුළ හැදෙන වැඩෙන ගැහැණු දරුවන් පවා අතිශය ප්‍රඩණ්ඩකාරී හැසිරීම් පෙන්නුම් කරන අතර ඔවුන් ද බොහෝ විට මත්ද්‍රව්‍ය වෙළඳාමට යොමු වනු දක්නට ඇත. මාපිය දරුවන් අතර සබඳතාවය බිඳ වැටුණු පවුල් තුළ සමාජ අපගාමී ක්‍රියාවල නියුතු වන දරුවන් දක්නට ඇත. මෙහිදී දෛනිකව පළවන පුවත්පත්, සඟරා, වලට අනුව උක්ත කටයුතු වල යෙදෙන ළමුන්ගේ පවුල් පරිසරය හා ළමුන් පුනරුත්තාපන කටයුතු වල යෙදවීම් පිළිබඳව තොරතුරු විශාල ප්‍රමාණයක් වාර්තා වේ. 40% – 50% අතර අපරාධ වලට හේතුව මත්පැන් බව පර්යේෂණ වාර්තා අපට පෙන්වා දෙයි.
 
පවුල තුළ මත්ද්‍ර්‍ය භාවිතය හේතුවෙන් පැනනඟින සියළුම ගැටළු එම පවුලේ වැඩිහිටියන් වන වියපත් ජනගහනයට සෘජුවම බලපා ඇත. ඔවුහු ද අනාත මඩම් බලා යාම, වැඩිහිටි නිවාස කරා යොමු වීම, විහාරස්ථාන වල ඇබිත්තයන් ලෙස කටයුතු කිරීමට යෑම, සිඟා කෑමට යාම වැනි විකල්ප ක්‍රම වේදයන් අනුගමනය කරති. කුමන ආකාරයෙන් ගත්ත ද මෙම ගැටළුව පවුලට නිශේදනීය බලපෑම් එල්ල කරන බව පෙනේ. එමෙන්ම මෙම නිවෙස්වල ජීවත්වන කාන්තාවන් සිය ස්වාමියා එයින් මුදවා ගැනීම සඳහා විවිධ අත් බෙහෙත්, වශී ගුරුකම් ආදී ක්‍රියා මාර්ග වලට යොමුවෙති. මේ හේතුවෙන් ඒ සඳහා වෙළඳ පළක් සමාජය තුළ නිර්මාණය වනු පෙනේ. දරුවන්ට ඉතා පහසු මිලට මත්ද්‍රව්‍ය ලබාගැනීමට තිබීම නිසා ඔවුන් ඒ සඳහා පොළඹවාලන උපක්‍රමයකි. පසුගිය වසර කිහිපය තුළ රුපියල් 2, 3 ට හා සත 50 බීඩි වලට යොමුවීමෙන් මුලින් පොළඹවා ගැනීමෙන් පසුව ක්‍ෂණිකව එම මත්ද්‍රව්‍ය වෙළඳපළෙන් ඉවත් කරයි. එයින් පසුව සිදු වන්නේ මිල අධික මත්ද්‍රව්‍ය වලට ඔවුන් පෙළඹීමයි. එය උපක්‍රමිකව බහුජාතික සමාගම් කරුවන් විසින් සිදු කරනු දක්නට ඇත. පවුල තුළදී දරුවන් මෙම පහසු මිළට ලබාගත හැකි මත්ද්‍රව්‍ය පිළිබඳ දැනුම ලබාගනී. එමඟින් මත්ද්‍රව්‍ය සඳහා ඔවුන් පෙළඹෙන බව දක්නට ඇත.
කෙසේ වුවත් සමාජ දේහයේ පිළිලයක් ලෙස විකසනය වී පැමිණෙන මෙම ගැටළුව අවම කර ගැනීමට කළ හැකි සමාජ විද්‍යානු කූල යෝජනා කිහිපයකි. එය ප්‍රධාන වශයෙන් කොටස් 02ට පෙන්වා දිය හැකිය.
1. චර්යාත්මක වෙනසක් ඇති කිරීම
2. ආකල්පමය (Attitude) වෙනසක් ඇති කිරීම
 
චර්යාත්මක වෙනසක් ඇතිකිරීම සඳහා
 අළුයම පිබිදීම
 මත්ද්‍රව්‍ය භාවිතයට සිතනවිට ලිවීම වැනි කාර්යයක නියැලීම
 එවැනි අවස්ථාවල ව්‍යායාම කිරීම
 කුමන හෝ විනෝදාස්වාද ජනක කට යුත්තක නියැලීම
වැනි කරුණු ගෙනහැර දැක්විය හැකිය. 
 
ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා පවුල තුළදී කුඩාකළදීම මත්ද්‍රව්‍ය හා එහි ආදීනව පිළිබඳව දරුවන් දැනුවත් කරමින් ධනාත්මක ආකල්පය ඇතුළත් කළ යුතු වේ. මත්ද්‍රව්‍ය තුළින් පවුලට හා සමාජයට සිදුවන අයහපත් බලපෑම අවම කර ගැනීමට පහත යෝජනා ඉදිරිපත් කළ හැකිය.
නුසුදුසු අක්‍රමවත් සමාජානුයෝජනය නැතිකිරීම
ආගමික ජීවිතයකට හුරුකරමින් ආධ්‍යාත්මික ගුණ සංවර්ධනය උදෙසා දහම්පාසල් අධ්‍යාපනය ලබාදීම
අධ්‍යාපනය තුළදී මත්ද්‍රව්‍ය පිළිබඳව හා එහි ආදීනව පිළිබඳව දැනුවත් කිරීම
නීතිමය ක්‍රියාවලිය ශක්තිමත් කිරීම හා දැඩි දඬුවම් ලබාදීම
මත්ද්‍රව්‍ය පිළිබඳ තරුණ තරුණියන්ට දැනුම ලබාදීම.
තරුණ හුවමාරු වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම
උපදේශන සේවාවන් ක්‍රියාත්මක කිරීම
මත්ද්‍රව්‍ය විශාල මිලක් දක්වා මිල ඉහළ දැමීම
මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සීමා සහිත කිරීම
නීති විරෝධි මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන්ට විකල්ප ආර්ථික ප්‍රවේශයන් පෙන්වා දී ඔවුන්ව ඒ සඳහා යොමු කිරීම
පුනරුත්තාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
මත්ද්‍රව්‍ය පානයෙන් වැළදෙන රෝග සඳහා ලබා දෙන සුභසාධන සෞඛ්‍ය සේවාවන් සීමා කිරීම
මත්ද්‍රව්‍ය ආශ්‍රීත නිෂ්පාදන සීමා කිරීම
ප්‍රජාමූල සංවිධාන මඟින් මේ පිළිබඳ දැනුම සමාජගත කිරීම
 
සෑම ආගමික නායකයෙක්ම මත්ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරයි. බෞද්ධාගමට අනුව පංච ශීලය නිසි පරිදි සුරක්‍ෂිත කීරීම මඟින් සමාජ ප්‍රශ්නය විශාල ප්‍රමාණයක් අවම කළ හැකි වේ. රජය මගින් ගෙනයනු ලබන “මතට තිත” වැඩ පිළිවෙළ එයට වඩා සක්‍රීය කළ යුතු අතර ඒ සඳහා සාමාන්‍ය ජනතාව ද නියෝජනය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරන කමිටු ගම්මට්ටමින් ස්ථාපිත කරමින් එම ප්‍රදේශයේ පොලිස් මූලස්ථානය සමඟ සබඳතා පවත්වමින් අඛණ්ඩ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුවේ. එහිදී තරුණ තරුණියන්ගේ දායකත්වය ඉහළින් සක්‍රියව ලබාගත යුතුවේ.
 
මත්ද්‍රව්‍ය ගැටළුව පවතින්නේ සමාජයේ බැවින් එය නිවාරණය කිරීමට සකස් කරනු ලබන සැලසුම්, ව්‍යාපෘතිවල සෑම අදියරක් සඳහාම සමාජයේ පහළ සිට ඉහළට සිටින සැම මිනිසෙකුම සම්බන්ධ කරගත යුතුවේ. එවිට සමාජයෙන් මත්ද්‍රව්‍යට විශාල ප්‍රතිරෝධයක් නිර්මාණය වනු ඇත. මෙම සහභාගීත්ව වැඩපිළිවෙලක් මඟින් මෙම ප්‍රශ්නය අවම කරගත හැකිවේ. එමෙන්ම දේශපාලන මැදිහත් වීම් අවම කළ යුතු අතර ජාත්‍යන්තර මට්ටමේ මහාපරිමාන මත්ද්‍රව්‍ය වෙළදාම් කරන්නන් සෘජු ලෙස දේශපාලන සබඳතා තුළින් ආරක්‍ෂාවේ. එමඟින් 50% පමණ මෙම තත්වය අවම කරගත හැකි වනු ඇත.
එපමණක් නොව මේ පිළිබඳ වැඩමුළු පවත්වමින් දැනුම ළමුන් හා තරුණයන් අතර ප්‍රචලිත කළ යුතුය. ඒ සඳහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය යොදා ගනිමින් ප්‍රායෝගික වැඩසටහන් ප්‍රාදේශීය මට්ටමේ සිට සංවිධානය විය යුතු වේ. මෙම සියළු වැඩ සටහන් පහළ සිට ඉහළට සංවිධානය විය යුතුවේ. එසේම ආගමික ජීවිතයකට හුරුකරමින් කුඩා කල සිට “ආගම” නැමැති සමාජ ආයතනය වටා ප්‍රජාව එක් රැස් කරමින් මනා සමාජ පාලනයක් සිදුවිය යුතුවේ. එවිට මත්ද්‍රව්‍ය සමඟ අභියෝගාත්මක බැඳීමක් ඇති අනෙකුත් සමාජ ගැටළු ද අවම කරගත හැකි වනු ඇත. බුදු දහමට අනුව මිනිසෙකු පිරිහීමට ලක්වන කරුණු ගෙනහැර දක්වන පරාභව සූත්‍රයේ වැදගත් ගාථා කාණ්ඩයකින් මෙම ලිපිය නිමා කරමි. හෙට දින දී මතින් තොර සාදු සම්මත සමාජයක් නිර්මාණය වනු දැකීම සමාජයේ කාගෙත් සිහිනය වු දිනට මෙම ගැටළුව අවම කරගත හැකි බව මා හැඟීමයි.
 
“ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ
අක්ඛ දුත්තෝච යෝ නරෝ
ලද්දං ලද්දං විනාසෙතී
තම් පරා භව තෝ මුඛං”
 
 
Source - wedasarablog.wordpress.com


අතිශයෙන්ම බස්වලට විතරයි

රථවාහන තදබදය එහෙම නැත්නම් ට්‍රැෆික් කියලා කියන්නේ අපි හැමෝම අත්විඳලා තියෙන නීරස මාතෘකාවක් කිව්වොත් හරි. සමහර වෙලාවට..

වැහුවොත් මුහුණ - නොලැඛෙයි ප්‍රථීපල

ලංකාවේ අපි පුංචි කාලේ ඉඳන්ම පුරුදුවෙලා තියෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට. වසර 13 ක පාසල් අධ්‍යාපනය තුළ අපි මූලික වශයෙන්..

දඩි බිඩි වුණොත් ගෙවන්න වෙන දඩ වැඩි වෙන හැටි

අපි කවුරු හරි වැරුද්දක් කලොත් අපිට ඒකට දඩුවම් විඳින්න වෙනවා. ඒක ලෝක ස්වභාවය. රියදුරෙක් පාරේදි වැරැද්දක් කලොත් අපිට ගෙවන්න..

තවත් බාලගිරි දෝෂයක්?

1987 වසරේදී ඉන්දු ලංකා ගිවිසුම යටතේ ඇතිකර ගත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේ රටට හඳුන්වාදුන් ප්‍රධානතම සාධකය තමයි පළාත්..

ටියුෂන්ද? ආගමද?

අද තියෙන්නේ විභාග කේන්ද්‍ර කර ගත්ත අධ්‍යාපන රටාවක්. අවුරුදු 13 ක පාසල් කාලය පුරාවට අපි ප්‍රධාන විභාග 3 ක් මුල් කරගෙන තමයි මේ..

බදු දීමෙයි විකිණිමෙයි වෙනස

ආයෝජනයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමිවන වැඩිම මුදල පසුගිය සිකුරාදා අපිට ලැබුණා. ඒ හම්බන්තොට වරාය වසර 99 ක් සඳහා චීනයට බදු..

උතුරම හඩා වැටුණු දකුණේ පොලිස් සැරයන් ඝාතනය..

බෙදීම් තුලින් කිසි දිනෙක ඒකීයත්වය, මිත්‍රත්වය හෝ සාමුහිකත්වය ඉස්මතු වන්නේ නැත. ඒකීයත්වය අද ලංකාවේ ජීවත් වන ඔබට මට අත්‍යවශ්‍යය...

මොලේ නැතිව පෙන්වන තෙලේ බලේ

වත්මන් රජය බලයට පත්වී වසර 2 ක් සපිරෙන්නේ ලබන අගෝස්තු 17 වනදාටයි. බලයට පැමිණෙද්දි කරන බවට දුන් පොරොන්දු සියයට..

කෝටි ගණන් වටින නෝටි කුඩු

මත්ද්‍රව්‍ය කියලා කියන්නේ අද වෙනකොට මුලු ලෝකේටම පිළිලයක් වෙලා තියෙන දෙයක්. එක පාරක් කන්ටේනරයක තිබිලා හෙරොයින් කිලෝ..

කටට රස බුලත් විට ඇත්තටම ඇඟට විසයිද?

ඈත ඉතිහාසයේ පටන් මෑත වර්තමානය තෙක්ම අපේ දේශීයත්වය තුලින් ජනයා තුළ මුල් බැසගත් හුරු පුරුදු ගතිලක්ෂණ චර්යාවන් පැවැත් අතර..

අපේ ක්‍රිකට්වල මීලග පිම්ම ගැන තිලංග කල හෙලිදරව්ව

ක්‍රිකට් කියලා කියන්නේ අපේ රටේ ජාතික ක්‍රීඩාව නොවුනට ඊටත් වැඩිය අපි ආදරය කරන සහ ජනප්‍රියත්වයට පත්වෙච්ච ක්‍රීඩාවක්..

තෝරු මෝරු පැනලා ගිහින් ඉස්තාලයෙන්?

දූෂණය / වංචාව / හොරු / මෙගා ඩීල් 2015 ජනාධිපතිවරණයේදී මේ වචන වේදිකාවල රැව්දුන්නා. කොටින්ම කියනවා නම් මේ ආණ්ඩුව බලයට..

ඉතින් සමුගමු පොලිතින්

පරිසරය / කසළ / පොලිතින්. මේ වගේ දේවල් ගැන දැන් කෙරෙන කථාබහ ටිකක් වැඩිවෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි කසල හා බැඳුණු..

පමාවක් නැතිව කොමාවක් තැබිය යුතු, සමාවක් දිය නොහැකි උමා ඔය අර්බුදය

ජීවිතේ සමහර දේවල් තියෙනවා කොමාවක් තියා තිතක් තියලවත් ආපහු හරිගස්සන්න බැරි. ඒකයි පනින්න පෙර සිතා බලන්න කියලා කියන්නේ...



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online