ක්‍රිකට් ගහන්න මරු කටට යනවාද? නැද්ද?

දිගින් දිගටම ලබපු පරාජයන්වලට තිත තියලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔන්න පකිස්ථානයට එරෙහි එක්දින තරගාවලියට පිවිසුණා. හැබැයි පළමු තරග දෙකම පරාජය වෙන්නයි අපිට සිදුවුණේ. මේ සටහන තියන බදාදා (ඔක්තෝබර් 18) තමයි 3 වෙනි එක්දින තරගයට අපි මුහුණ දෙන්නේ. ඒකත් පරදුණොත් නම් තරගාවලි ජයත් පකිස්ථානයටම හිමිවෙනවා. ඒක එහෙම නොවේවායි ප්‍රාර්ථනා කරගෙන අපි යමු එෆ් බී පොලිටික්ස් අද දවසේ කථාබහට. 
 
2009 කියලා කියන්නේ අපේ ක්‍රිකට් කණ්ඩයමට අමතක නොවන වසරක්. ඒකට හේතුව තමයි අපේ ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙන්නේ ඒ අවුරුද්දෙදි නිසා. වාසනාවට අපේ ක්‍රීඩකයන් කාටවත් මෙහිදී ජීවිත හානියක් නම් වුණේ නැහැ. ඒත් කිහිපදෙනෙකුට තුවාල නම් සිදුවුණා. මේ සිදුවීමත් එක්ක ක්‍රිකට් තරගවලට පකිස්ථානයේ දොර වැසුණේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු නිසා. 
 
මේ සිදුවීමෙන් වසර 6 කට පස්සේ තමයි පළමුවරට ජාත්‍යන්තර කණ්ඩායමක් පකිස්ථානයේ ක්‍රිකට් සංචාරයකට එකතුවෙන්නේ. 2015 දී සිම්බාබ්වේ කණ්ඩායම පකිස්ථාන තරග සංචාරයකට එකතුවුණත් තවමත් කිසිදු ඉහළ පෙලේ ජාත්‍යන්තර කණ්ඩායමක් පකිස්ථානයේ තරග සංචාරයකට ගිහින් නැහැ. හැබැයි පකිස්ථානයට ක්‍රිකට් වසන්තය කැඳවන්න එරට බළධාරීන් පියවර කිහිපයක්ම ගත්තා. පසුගිය දවසක පැවති ලෝක කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර තරගයත් ඉන් එකක්. ඔන්න ලංකාවයි පකිස්ථානයයි අතර 3 වන T20 තරගය ලාහෝර් නුවරදී පවත්වන්න තීරණය වෙලා තියෙන්නේ. හැබැයි අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ 40 ක් මේකට අකමැත්ත පලකරලා ක්‍රිකට් ආයතනයට ලිපි යොමු කිරීමත් එක්ක මේ කාරණය ටිකක් සංකීර්ණ වුණා. ඒත් ක්‍රිකට් පුහුණුකරුවන් මීට එකගවීමත් සමග සමහරු තමන්ගේ තීරණය වෙනස් කලා කියලයි අපිට ආරංචි උණේ. එත් කණ්ඩායමේ තවත් ප්‍රබලයන් තමන්ගේ තීරණය පොඩ්ඩක්වත් වෙනස් කරලා නම් නැහැ.
 
“මේක ක්‍රීඩකයන්ගේ කැමැත්ත අනුව ගන්න පුළුවන් තීරණයක් නෙමේ. මේක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණයක්” “අපි විස්සයි-20 සංචිතය වෙනමම තෝරා ගන්නවා. ඊට පස්සේ ක්‍රීඩකයන්ට තවත් අවස්ථාවක් දෙනවා තම තමන්ගේ ස්ථාවරය ගැන සිතා බලන්න. ඊට පස්සේ අපි අවසන් 15 දෙනා තෝරා ගන්නවා” යයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.
 
පාකිස්තාන විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා තේරීම් කමිටුව සඳහා ක්‍රීඩකයන් 22 ගෙන් සමන්විත සංචිතයක් නම් කිරීමට නියමිතය. ලබන 20 වැනිදා එම සංචිතය ක්‍රීඩකයන් 15 දෙනෙක් දක්වා අඩු කිරීමටද තේරීම් කමිටුව සූදානමින් සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායම සමග ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාද අවසන් විස්සයි20 තරගය සඳහා පාකිස්තානයට යෑමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයද පාකිස්තානයට යෑම සඳහා කැමැත්ත පළ කර සිටි අතර ඒ සමගම ඇතැම් ක්‍රීඩකයන්ද එහි නොයා සිටීමට ගත් තීරණය වෙනස් කිරීමට පියවර ගෙන තිබුණ බවද වාර්තා වේ.
 
හෂාන් තිලකරත්න (පිතිහරඹ පුහුණුකරු), රුමේෂ් රත්නායක (වේග පන්දු යැවීමේ පුහුණුකරු), අසංක ගුරුසිංහ (කළමනාකරු) සහ නික් පොතාස් (ප්‍රධාන පුහුණුකරු) යන හිටපු ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන්ගෙන් ශ්‍රී ලංකා පුහුණු කාර්යමණ්ඩලය සමන්විත වේ. ඔවුන් අවසන් විස්සයි20 තරගය සඳහා පාකිස්තානයට යෑමට කැමැත්ත පළ කර ඇත්තේ පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී අතර් මහතා ඒ පිළිබඳව ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුවය. පුහුණු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට තනි තනිවම ලිපි යොමුකරමින් සිය කැමැත්ත දැනුම්දී තිබේ.
 
අන්තර් ජාතික ක්‍රිකට් සභාව (ICC) මේ වන විටත් පාකිස්තානයේ ආරක්ෂක විධි විධාන සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කර තිබෙන අතර තව දුරටත් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා තරගය තීරකවරයකු සහ දූෂණ මර්ධන නිලධාරියෙක් පාකිස්තානයට පිටත්කර යවා තිබේ. මෙම විස්සයි-20 තරගය පාකිස්තානයේදී පැවැත්වීම සඳහා තරග නිලධාරීන් ලාහෝර් නුවර බලා එවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව සූදානමින් සිටී.
 
ශ්‍රී ලංකා ආණ්ඩුවේ, පාකිස්තාන ආණ්ඩුවේ, ආරක්ෂක කටයුතු පිළිබඳ ස්වාධීන විශේෂඥයන්ගේ සහ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහාය සහිතව පසුගිය මාස කිහිපය මුළුල්ලේ පාකිස්තානයේ ආරක්ෂාව පිළිබඳව පුළුල් විශ්ලේෂණයක් කළ අතර, එම වාර්තා සහ අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිර්දේශය ප්‍රකාර එම තීන්දුවට එළඹුණ බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
 
රාජ්‍ය අමුත්තෙකුට ලැබෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමට තමන් බලාපොරොත්තු වන බවට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඔවුන්ට සහතික වී තිබේ. වසර 8 කට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව පාකිස්තානයේදී අන්තර් ජාතික මට්ටමේ ක්‍රිකට් තරග නොපැවැත්විණ. මේ දක්වා ඔවුන් සිය තරග පැවැත්වීම සඳහා යොදාගනු ලැබුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණයි.
 
ලබන 29 වෙනි දින පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට නායක උපුල් තරංග හෝ හිටපු නායක ලසිත් මාලිංග සහභාගි නොවන බව අනාවරණය වේ.
 
එමෙන්ම දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ද පාකිස්තාන සංචාරයට සහභාගි නොවීමට තීරණය කර ඇතැයි කණ්ඩායමේ ආරංචි මාර්ග අනාවරණය කළේය. 2009 මාර්තු මාසයේ දී ගඩාෆි ක්‍රීඩාංගණය ආසන්නයේ දී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක යෙදෙන ප්‍රථම වතාව මෙයය. ප්‍රහාරය එල්ල වූයේ සිය කණ්ඩායමට බැවින් එරට සංචාරය කරන පළමු කණ්ඩායම වීම පිළිබඳව කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ දැඩි විරෝධයක් දක්වති. වෙනත් ජාත්‍යන්තර කණ්ඩායම් සංචාරය කිරීමෙන් අනතුරුව ආරක්ෂක වාතාවරණය යහපත් නම් තමන්ට ද පාකිස්තානයේ සංචාරයක නිරත විය හැකි බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.
 
කණ්ඩායමේ කිසියම් ක්‍රීඩකයෙකු පාකිස්තාන සංචාරයට සහභාගි නොවීමට තීරණය කළ හොත් තමන් එම තීන්දුවට ගරු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවසීය.
 
"තාමත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මේ සංචිතවල ඉන්නවනේ එදා 2009 ඒ ප්‍රශ්නෙට මුහුණ පාපු අය. බොහොම සාධාරණයි ඒ අයට කිසියම් භීතියක් තියෙනව. අපිට ඒ ගැන අවබෝධයක් තියෙනව," ඔහු පැවසීය.
කෙසේ වුවත් පාකිස්තානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනටම ක්‍රීඩා කිරීමට කැමති ක්‍රීඩකයන් පමණක් සංචාරයට එක්කර ගැනීමට ද ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
 
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සියලු දෙනා අකැමැත්ත පළ කිරීම හේතුවෙන් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් සංචාරය සඳහා එක් කර ගැනීම පිළිබඳව ක්‍රීඩා බලධාරීන් සලකා බලමින් සිටින බව ද වාර්තා වේ.
 
අද එෆ් බී පොලිටික්ස් අපි මේ ගැන කථා කලේ මෙන්න මෙහෙමයි.
 
 
 
Source - BBC Sinhala


විවාහයක් කරන්න තරම් හැගීමක් ඒ අය එක්ක ඇති වෙලා නෑ.

තමන්,තමන් ගැන විශ්වාස කරන තරමට තමන්ට ඉදිරියට යන්න පුළුවන්.රසිකයන් තමන්ව පිළිගන්න කල් ඒ කලාකරුවා හෝ කලාකාරිණිය ක්ෂේත්‍රයේ රැඳේවී.ඒ වුනාට මේ කාලේ නම් නළු නිලියෝ වැහි වැහැල..

අරමුණක සැබෑ මිහිරියාව

ඔබ දැනට ගතකරන ජිවන රටාව ඇතැම් විට ඔබට බොහෝ පීඩාකාරී මෙන්ම වේදනාකාරී වන්නට පිළිවන්.එය වෙනස් කර ගැනීමට ඔබට වුවමනාවක් පවතින නමුත් අවස්තාවක් නොලැබෙන්නට ඇත...

ලොව මිලෙන් අධිකම ආහාර වර්ග

දැන් කොහොමද පොල් ගෙඩියක ගාණ ? කඩෙන් කන්න ගියොත් විකිණෙනවා නේද? හිත ටිකක් සනසා ගන්නත් එක්ක ලෝකේ වැඩිම මිලකට අලෙවි වෙන ආහාර මොනවද කියලා අපි පොඩ්ඩක් බලමු. ..

සැල්වටෝර් මුන්ඩි ලෝකයේ වාර්තාගත වටිනාම මිලකට

සුප්‍රකට චිත්‍රශිල්පී ලියනාඩෝ ඩාවින්චි ගේ අවසන් නිර්මාණ වලින් එකක් වන SALVATOR MUNDI පසුගියදා නිව්යෝර්ක් හි ක්‍රිස්ටිස් වෙන්දේසියේදී ඩොලර් මිලියන 450 මුදලට අලෙවි වී තිබෙනවා ..

ආසියාවේ සරාගී කිරුල නැවතත් ප්‍රියංකාට

ආසියාවේ සරාගිම කාන්තාව බවට නැවතත් පත් වන්නට ජනප්‍රිය රංගන ශිල්පිනි ප්‍රියංකා චොප්රා සමත් වී තිබෙනවා..

මේක ගෝනි බිල්ලන් ගැන කතාවක්

රෑ වුනාම එන ගෝනි බිල්ලන් ගැන මගේ මතකයේ හැටියට මම පළමුවෙන්ම අසා ඇත්තේ මගේ සීයාගෙනි.ඔහු මා හා සබැදි මතකයන් ඉතා අඩු වුවත්,ඔහුගේ ඇතැම් ගති සිරිත් මට තවමත් හොදට මතකය...

මැඩම්,මිස් කියල කියන්න එපා කියල තියෙන්නේ දේශපාලනය කියන්නෙත් රස්සාවක්.

රාජකාරියේ තරම දන්නේ ඒ රාජකාරිය කරන මිනිහ ඇරෙන්න බලන් ඉන්න අය නෙවෙයි නේ.දේශපාලනය කියපු සැණින් සමහරුන්ගේ ඇගේ මාළු නටනවා..

නත්තලට Shopping යන්නද ලැස්ති?

මේ කාලෙට ඒ කියන්නේ නොවැම්බර් පඩි දවසෙන් පස්සෙ වැඩිපුරම සෙනග ගැවසෙන්නේ ඇඳුම් කඩවල් වල කියන එක මම අලුතින් කියන්න ඕනි දෙයක් නෙවෙයිනේ. .

දුක විතරද ජීවිතේට සතුටක් ඇත්තෙම නැද්ද?

අපි ඉතින් ඕන තරම් දැකලා තියෙනවා කොයි වෙලෙත් අඬා ගත්ත ගමන් ඉන්න අයව. හැබැයි මොනතරම් ප්‍රශ්න තිබුණත් ...

කෝලි අනුෂ්කා විවාහයට ක්‍රීඩකයන්ට ආරාධනා නෑ

12 වෙනිදා ඒ කියන්නේ හෙට මේවන විට ජනප්‍රියම ආදරවන්තයන් යුවලක් වන වීරත් කෝලි සහ අනුෂ්කා ශර්මා විවාහ දිවියට ...

එළබෙන වසන්තයේ රජ පවුලට එක්වන අලුත්ම කුමරිය මේගන් මාකල්

එක්සත් රාජධානියේ කිරුල හිමි කර ගැනීමේ පෙරහැරෙහි කොනක සිටින හැරි කුමරු සහ මෙගන් මාකල් අතර විවාහ ගිවිස ගැනීම පසුගියදා සිදු වුනා ..

තරබාරුකම මට්ටු කරමුද?

බාල,මහළුසියළු දෙනාට තියෙන ලොකුම ප්‍රශ්ණයක් තමයි තරබාරු කම. ඔයා කෙට්ටු වෙන්න මොනතරන් දේවල් කරනව ඇද්ද...

රටක් වෙනුවෙන් තනිවම ලොවට අභියෝග කරන ආසියාවේ කළු සිංහයා

ඇමරිකාවේ දැවැන්තම කායවර්ධන තරගවලිය නියෝජනය කරන පළමු ශ්‍රී ලංකිකයා වන්නට ලංකේය කායවර්ධන ශුර ලුෂන් පුෂ්පරාජ් සමත් වෙලා ..

ගලපගන්න try කරමු ද?

අද චරියගේ රස්තියාදුවෙන් රස්තියාදු ගහන්න යන්න හදන්නේ ගැලපීම් නොගැලපීම් හොයාගෙන ...

ලෝකෙටම ආදරය කරන ක්‍රිස්ටිනා

පසුගියදා ඇමෙරිකාවේ ලාස් වෙගාස් හිදී අවසන් වුන මිස් යුනිවර්ස් 2017 තරගාවලිය පසුගියදා අවසන් උනේ අවරුදු 65 කට පස්සේ අපේ පුංචි දිවයිනට ..

කම්මැලියන්ගේ ජාති ජාති වාදය

මේ රටේ ජාතිවාදයක් තියෙනවද?මේ රටේ ආගම් වාදයක් තියෙනවද?වර්ගවාදයක්....

පාර කියන බලාපොරොත්තු

අතිශය රසවත් කතා පුවත් ඇතැම් විට ලියැවී ඇත්තේ සිරගෙවල් වල අදුරු බිත්ති අතර සිරගත වී සිටින අවස්ථා වල බව...

ජීවිතේට වරදින්නම ඕනේ ගොඩක් දේවල් ඉගෙන ගන්න.

"ඉගෙන ගත්තේ නැත්තන් තේරෙයි කවදහරි." ඔහොම තමයි අපේ අම්මලා තාත්තලා හුඟක් වෙලාවට අපිට කියන්නේ..

පෙම්වතියගේ චරිතය රඟපාන්න මම තාමත් ආසයි.

කලාව වෘත්තියක් ලෙස නොසිතා එය තමන්ගේ ජීවිතය කරගෙන කටයුතු කරන කළාකරුවෝ හරි අඩුයි...

එයාට වඩා සුදුසු මමයි

මිනිසා මෙලොවට බිහිවීමට පෙර මවු කුසතුල මාස දහයක අසන්න කාලයක් ගතකරයි. මෙලොව එලිය දුටුදා සිට අපි අදහස් සිතුම් පැතුම් හා..

අඟ හිඟකම් මතුවෙද්දී ආදරේ දැන් පැනලා යන්නේ පෑල දොරින් නෙමෙයි ඉස්සරහ දොරින්..

අපි හරි කැමතියි අපේ හැඟීම් අනිත් අයත් එක්ක බෙදා ගන්න. අර කතාවක් තියෙන්නේ දුක හැමෝමත් එක්ක බෙදා ගනිද්දි ඒ දුක අඩු වෙනවා සතුට..

ජීවිතය...

ජීවිතය යනු සැබවින්ම කුමක්ද යන්න මානව ඉතිහාසය පුරාවටම මිනිසා ඉදිරියේ ගොඩනැගුනු ගඹුරුතම මෙන්ම තීරනාත්මකම පැනයයි..

නිදන කාමරය පවුල් ජිවිතයට බලපානවද?

ගෙදර, කුස්සිය, කාර්යයාල කාමරය පිලිවලට ලස්සනට තියාගන්න විදිහ අපි “ලස්සන වෙන ජීවිතය” ලිපි පෙලෙන් කතා කරා. ඉතින් අද මට හිතුනා..

මගේ සින්දු බිස්කට් කුඩු සංගීතෙට ගහන්න අමාරුයි.

දොස් කියන්න බනින්න ගහ මරා ගන්න, පොඩි දේ දිහාත් වපර ඇහින් බලන මිනිස්සු ඉන්න ලෝකයක් ලු මේක. මේ මොන දේත් අපි ජීවත් වෙලා..

නිහඬ සිනමාව

කාලයේ වැලි තලාවන් අතර බොහෝ දෑ සැගවී, ගැවසී ඇත. ඇතැම් දෑ හිස් හුදු සංඝටකයන් වෙද්දි, තවත් දේ. මේ මොහොතේ හුස්මගන්න ඔබටත්..

Michell ගේ Beauty Tips..

ඔයාලගේ ලස්සන මුනට තවත් ලස්සන වෙන්න රහස් ටිකක් අරගෙන ඔන්න මං ආවා. අද කියන්න යන්නේ ඔයාට ස්භාවිකව cleanup එකක්..

ජීවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි..

ලෝකේ ජීවත් වෙන හුඟක් හදවත් ආසයි දියුණු වෙන්න. අද ඉන්න තැනට වඩා එක අඩියක් හරි ඉස්සරහට එන්න. ඒත් අපි අතරේ ඉන්න සමහර අයට..

තෙල වැඩි උන බල තන්හාව

ප්‍රභාකරන් ගොයියා කිව්වා වගේ අපේ රටේ මිනිසුන්ට දෙයක් අමතක වෙන්න දවස් 15ක් යන්නෙත් නෑ වගේ. මං එහෙම කිව්වේ පහු ගිය ටිකේ..

මාලේ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ

අද චරියාගේ රස්තියාදුවෙන් රස්තියාදුවක් යන්න හැදුවේ වෙනස්, එත් කතා කරන්න ඕන මාතෘකාවක් ගැන කතා කරන්න. ඇත්තටම් එක මට වෙච්ච..

නව රාජ්‍යක් ලෙස නුතන ශ්‍රී ලංකාව

කාලය බොහෝ දෑ වල තීරකයා වනුයේ සැබවින්ම තමන්ට හිමි එතැනමය යන්න නැවත නැවත ලෝකයාට ප්‍රත්‍යක්ෂ්‍ය කරන රාමුවක් තුළය..

තරඟ පරදින එක රැල්ලක් වුණා - T.M. දිල්ෂාන්

ලංකාවේ ජාතික ක්‍රීඩාව ක්‍රිකට් නොවුනත් ක්‍රිකට් කියූ සැනින් අපේ හිතේ අභිමානයක් ඇති වෙනවා. ඒ 1996 ලෝක කුසලානය ජයග්‍රහණයත් සමඟ..

කනට ගහයි කියලා හිතුවට කන අතගාලා ගියොත් එකේ උපරිමේට විඳින්න දෙයක් තියෙනවා

ආදරේට වැස්සෙන් ලැබෙන්නේ මාරම වටිනාකමක්. එක වචන වලින් විස්තර කරන්න අමාරුයි. හින්දි ෆිල්ම් එකක වුනත් හොදම කෑල්ල රහ වැඩි..

කුස්සිය ලස්සන කරගමුද?

ගෙදර සාලේ ලස්සනට තියාගන්න මහන්සි වෙන තරමට කුස්සිය ගැන හිතන්නේ නෑ කියන එක අලුත් දෙයක් නෙවෙයි. ඔයා මම මේ කියන..

ඔබත් සාර්ථක කාන්තාවක් වෙන්න හීන මවනවද?

සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම කාන්තාවක් ඉන්නවා කියලා කතාවක් තියෙනවා නේද? එතකොට කාන්තාව හැමදාම පිරිමියාගේ පිටිපස්සෙන් ඉන්න..

මේ තමයි අපේ රටේ ධනාත්මක චින්තනය

වෙනස් වෙන බොහෝ දෑ වල වගකිවයුත්තා කාලයම කියා ඇතැමෙකු තම ජිවිතයේ ඉරණම කාලයට භාර කරයි. තවකෙකු බලා සිටිනුයේ තම..

වැඩකරන තැන ලස්සනට තියෙනවට කැමතියි නේද? උත්තරය ඔව් නේද?

ජීවත් වෙන්න, කන්න, බොන්න, අඳින්න, පළදින්න මේ හැම දේකටම සල්ලි ඕනි. සල්ලි හොයන්න අපි මොනතරම් මහන්සි වෙනවද?

අද ගයියගේ කයිය - රැකියාව ඔබේ ජීවිතයද?

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්. වාසනාව අවාසනාව ගැන විශ්වාස නොකළත් අපි කැපකිරීම් කරන තරමට හුඟක් දේවල් වල ප්‍රථිඵල නොලැබී යන..

Business කාරයොයි ජාවාරම් කාරයෝයි දේශපාලනට ඇවිල්ලා දේශපාලනයේ හැඩය වෙනස් කරලයි තියෙන්නේ.

තේ එකක් හදන්න වතුර, සීනි, පිටි, තේ කොළ ඕනේ වගේම අපේ ජීවිතෙත් සමහර දේවල් පවත්වාගෙන යන්න දක්ෂතාවය, උනන්දුව, කැපවීම..

වමනය ගිය පමණින් ගැබිණියක් වනවාද?

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවගෙන් විටින් විට වැරදි සිදු වන්නේය. ගුරු වරන් ඔවුනට දඩුවම් ලබා දෙන්නේ ඔවුන් ගේ වැරදි නිවැරදි කර ගැනීමටය..

ගෙදර ලේසියෙන් ලස්සනට තියාගමු

ගෘහ අලංකරණය කියන්නේ තේරුම් ගන්න අමාරු වචනයක්, ගොඩක් වියදම් යන දෙයක් විදිහටද හිතාගෙන ඉන්නේ? උත්තරේ ඔව් නම් අද මම ඔයාට..

විසේකාර රංගන පෞරෂ්‍යය ආදරණීය කලං

කලාව තුළ ජීවත්වීම යනු ජීවිතය පවත්වාගෙන යෑමට සුදුසුම මාධ්‍යක් නම් එකී මාධ්‍යයේ පත් ඉවුරු සිමා මායිම් අවබෝධ කරගෙන ජිවත් වූ සොදුරු..

අත බලා සාස්තර කීමේ ඉතිහාසය සොයා ගියෙමි.

“සාස්තර” මේ කියන වචනේ අහපු ගමන්ම හුඟ දෙනෙක්ගේ හිතට එන්නේ “ඕවා බොරු කතා” කියන අදහස. ඔය පාරවල් ගානේ හන්දි ගානේ පන්සල්..

නුගේගොඩ මතකයන්...

අද චරියාගේ රස්තියාදුවෙන් රවූමක් ගහන්න යන්න හිතුවේ හැම දෙනෙක්ගෙම හිත්වල සදාකාලික මතකයක් ඉතුරු කරන නගරයකට..

මිනිස්සුන්ට මං හිතන්නේ මගේ ප්‍රසිද්ධිය දරාගෙන ඉන්න බැරුව ද දන්නේ නෑ.

මිනිස්සු කියන්නේ හරි අමුතු ජාතියක් කියලා කියන්නේත් මිනිස්සුම තමයි. එහෙවු අපි තවත් පුද්ගලයෙක්ට චරිත සහතික ලියන්නත් හරි දක්ෂයිනේ..

ලස්සන වීමේ රහස්

හැමෝම කතාවෙන්නේ ඉන්දියාවේ නිලියෝ කොයිතරන් ලසනද, හැඩද කියලා. ඉන්දියාවේ නිලියෝ දැක්කහම ඇහිපිය නොහෙලා බලන් ඉන්න..

මනුස්සකමේ දිළිඳුකම

කොට්ටාවේ accident එකක් වෙලා. කවුරුත් තුවාල කරුවන්ට උදව් කරලා නෑ. අන්තිමට බෙන්ස් එකකින් තමයි ලෙඩ්ඩු අරං ගිහින් තියෙන්නේ..

මීළඟ මීවිතේන් මත් වෙමුද?

ඔයා ඉන්නවා. මං ඉන්නවා. අපි දෙන්නගේ මැද්දෙන් ෂොට් එකක් තියෙනවා. කනේ ෂොට් එකක්, කැමරා ෂොට්, කණා ෂොට් එකක් නෑ නෑ පොඩි..

ක්‍රිකට් ගහන්න මරු කටට යනවාද? නැද්ද?

දිගින් දිගටම ලබපු පරාජයන්වලට තිත තියලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔන්න පකිස්ථානයට එරෙහි එක්දින තරගාවලියට පිවිසුණා..

ඔබත් සැබෑ ක්‍රීඩා ලෝලියෙක්ද? ලෝභයෙක්ද?

පරාජයෙන් හෙම්බත්ව සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලින්ටද යලි ජයග්‍රාහී බලාපොරොත්තු ඉහළට ඔසවමින් පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලිය...

බදු නොගෙවන වෛද්‍යයවරු

රජයකට, රටකට අවශ්‍යය කටයුතු කාරණා නිසි ආකාරව ඉෂ්ට සිද්ධ කිරීමටනම් අති විශාල මුදලක් අවශ්‍ය වන බව නොරහසකි. එම නිසා සෑම..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online