මේ තමයි අපේ රටේ ධනාත්මක චින්තනය

වෙනස් වෙන බොහෝ දෑ වල වගකිවයුත්තා කාලයම කියා ඇතැමෙකු තම ජිවිතයේ ඉරණම කාලයට භාර කරයි. තවකෙකු බලා සිටිනුයේ තම ප්‍රශ්නයට නිශ්චිතම, නිවැරදිම පිළිතුර කාලය විසින් ලබාදෙන තුරුය. අනාගතය, වර්තමානය සහ අතීතය තුළ ජීවිතය සොයා සරණ අපට සැබැවින්ම නිශ්චිත, නියම කල ජීවිතයක් නැත. අප මේ සොයා යනුයේ, හඹා යනුයේ, අවිනිශ්චිත අනාගතයකි. එය මොහොතකට අකීකරු සිහිනයකි. තව විටෙක අසම්මත චාරිකාවකි. මාතෘකාවක් ගැලපිය නොහැකි කතාවකි. අවසානයක් නොමැති නවකතාවකි.
 
ඔබත් මාත් මේ මොහොත වනවිට එකට හිද හුස්ම ගනුයේ, විසි එක්වන සියවසේ ධනේශ්වරයේ තුන්වන කාර්තුවේ දියුණු වෙමින් පවතින එසේත් නැත්නම් දියුණුවෙන්න අර අදින යුටෝපියානු ෆැන්ටසි මානසිකත්වයේන් පිරුණු කුඩා දූපතකය. එය වූ කලී ශ්‍රී ලංකාවයි.
 
ඉතා දිගු සංස්කෘතික උරුමයක්, ශිෂ්ටාචාරයකින් පොහොසත් මෙකී දූපත එකී මෙකි නොකී බොහෝ දෑ ලෝකයට කියාදුන් එනම් පුර්වාදර්ශය සකසා සපයා දුන් රට ලෙස අප අසා ඇත.මහා සාගරය පරයා යන වැව් සෑදූ ඉතිහාසයක්, අන් කිසිදු රටකට නොදැවිණි වාරි තාක්ෂණයක් අප සතුය. ලොව ප්‍රථම වරට අහසින් යන යානයක් ගැන අප අසා ඇත්තේ රාවණා යුගය තුළයි. ඒ රාවණා ගේ දඩු මොණරය යි.ලොව ඉපැරණිතම බිතුසිතුවම් සීගිරි බිතුසිතුවම් වෙද්දී, අපේ රටේ දේශීය සටන් ක්‍රම වලට බයේ,රට ආක්‍රමණයට පැමිණි බොහෝ විදේශිකයන් පලා ගිය ඉතිහාස පුවත් ගැනත් අප කොතෙකුත් අසා ඇත.
 
ඉතිහාසය එසේ වෙද්දී වර්තමානය ඊට හාත්පසින්ම වෙනස් වනුයේ ඇතැම් විට ලාංකිකයා කලෙක සියල්ල විසදීමටත් පවත්වාගෙන යෑමටත් උචිතම තේමාව කාලය බවට නිල කල නිසා, නියම කල නිසා වන්නට ඇත.අවිනිශ්චිත අනාගතයට නිශ්චිත පිළිතුරක් ඔවුන් අතීත කාමය තුලින්ම නිර්මාණය කරන්නට ඇත. කාලය යනු හුදෙක් මුලක්,මැදක්, අගක් සනිටුහන් කළ නොහැකි අවකාශීය ප්‍රපංචයක් වුවත් ඔවුන් එයට නිශ්චිත අර්ථයක් සපයන ලදී. සැබවින්ම එය වූ කලී මිත්‍යාවකි. ඉතාම රහට ව්‍යාප්ත වූ කටකතාවකි. ඒ සියල්ල පෝෂණය වුයේ මිත්‍යාව, ආගම්වාදය, ජාති බේද, මෙන්ම පෘඩත්වය, වීරත්වය මෙන්ම ශ්‍රේෂ්ටත්වය යන හුදු පද භාවිතයන් හරහාය. මේ සියල්ල කැටිකොට ශුද්ධා බුද්ධි සම්පන්න ලාංකිකයාගේ හැගීම් විකෘති කිරීමට කාලය ගතවන දෙස ඔහේ බලා සිටි කාලකන්නියා කටයුතු කළේය. එහි විපාක කාලය නමැති අවකාශීය ප්‍රපංචය තුළම අදටත් නිසොල්මනේ සැරිසරමින් අපේ මහ පොළොව ගැන නැවත නැවතත් මෙනෙහි කිරීමට අවස්තාව සලසා දෙයි. 
 
මහා සාගර පරයා යන තරමටම විශාල වැව් නිර්මාණය කළ අපට සුද්දන් ලවාවත් හරි හැටි වාරි ව්‍යාපෘතියක් කරගන්නට නොහැකි වීමේ යතාර්ථය උමා ඔය ව්‍යාපෘතිය හරහා අපට අද මනාවට පසක් කොට දෙයි. රාවණා ගේ දඩු මොණරය ලෝකයේ ප්‍රථම අහසින් ගිය යානය බවට පත් වූ රටක, අද ලාභ ලබන ගුවන් සේවයක් හෝ අංග සම්පුර්ණ පහසුකම් සහිත ගුවන්තොටුපලක් වත් පවත්වාගෙන යෑමට නොහැක. බැලස්ටික් මිසයිල න්‍යෂ්ටික අවි පවා අත්හදා බලන නූතන ලෝකයේ රටවල් අතර අද අප සිටිනුයේ කොතැනද යන්න අමුතුවෙන් සොයා බැලිය යුතු හෝ සිතා බැලිය යුතු කරුණක් නොවේ. මේ සියල්ල එසේ සිදුවුවත් කණගාටුවට කරුණ නම් ලීක්වාන්යු සිංගප්පුරුව නිර්මාණය කළේ කොළඹ නගරය දෙස බලා යැයි අදටත් අපේ රටේ ඇතැමෙකු සිහිපත් කරන්නේ හද පත්ලෙන්ම නැගෙන සියුම් අභිමානයක්ද සමගින්ය.  
 
කේෂර විජේසුන්දර 


මාලේ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ

අද චරියාගේ රස්තියාදුවෙන් රස්තියාදුවක් යන්න හැදුවේ වෙනස්, එත් කතා කරන්න ඕන මාතෘකාවක් ගැන කතා කරන්න. ඇත්තටම් එක මට වෙච්ච..

නව රාජ්‍යක් ලෙස නුතන ශ්‍රී ලංකාව

කාලය බොහෝ දෑ වල තීරකයා වනුයේ සැබවින්ම තමන්ට හිමි එතැනමය යන්න නැවත නැවත ලෝකයාට ප්‍රත්‍යක්ෂ්‍ය කරන රාමුවක් තුළය..

තරඟ පරදින එක රැල්ලක් වුණා - T.M. දිල්ෂාන්

ලංකාවේ ජාතික ක්‍රීඩාව ක්‍රිකට් නොවුනත් ක්‍රිකට් කියූ සැනින් අපේ හිතේ අභිමානයක් ඇති වෙනවා. ඒ 1996 ලෝක කුසලානය ජයග්‍රහණයත් සමඟ..

කනට ගහයි කියලා හිතුවට කන අතගාලා ගියොත් එකේ උපරිමේට විඳින්න දෙයක් තියෙනවා

ආදරේට වැස්සෙන් ලැබෙන්නේ මාරම වටිනාකමක්. එක වචන වලින් විස්තර කරන්න අමාරුයි. හින්දි ෆිල්ම් එකක වුනත් හොදම කෑල්ල රහ වැඩි..

කුස්සිය ලස්සන කරගමුද?

ගෙදර සාලේ ලස්සනට තියාගන්න මහන්සි වෙන තරමට කුස්සිය ගැන හිතන්නේ නෑ කියන එක අලුත් දෙයක් නෙවෙයි. ඔයා මම මේ කියන..

ඔබත් සාර්ථක කාන්තාවක් වෙන්න හීන මවනවද?

සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම කාන්තාවක් ඉන්නවා කියලා කතාවක් තියෙනවා නේද? එතකොට කාන්තාව හැමදාම පිරිමියාගේ පිටිපස්සෙන් ඉන්න..

මේ තමයි අපේ රටේ ධනාත්මක චින්තනය

වෙනස් වෙන බොහෝ දෑ වල වගකිවයුත්තා කාලයම කියා ඇතැමෙකු තම ජිවිතයේ ඉරණම කාලයට භාර කරයි. තවකෙකු බලා සිටිනුයේ තම..

වැඩකරන තැන ලස්සනට තියෙනවට කැමතියි නේද? උත්තරය ඔව් නේද?

ජීවත් වෙන්න, කන්න, බොන්න, අඳින්න, පළදින්න මේ හැම දේකටම සල්ලි ඕනි. සල්ලි හොයන්න අපි මොනතරම් මහන්සි වෙනවද?

අද ගයියගේ කයිය - රැකියාව ඔබේ ජීවිතයද?

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්. වාසනාව අවාසනාව ගැන විශ්වාස නොකළත් අපි කැපකිරීම් කරන තරමට හුඟක් දේවල් වල ප්‍රථිඵල නොලැබී යන..

Business කාරයොයි ජාවාරම් කාරයෝයි දේශපාලනට ඇවිල්ලා දේශපාලනයේ හැඩය වෙනස් කරලයි තියෙන්නේ.

තේ එකක් හදන්න වතුර, සීනි, පිටි, තේ කොළ ඕනේ වගේම අපේ ජීවිතෙත් සමහර දේවල් පවත්වාගෙන යන්න දක්ෂතාවය, උනන්දුව, කැපවීම..

ගෙදර ලේසියෙන් ලස්සනට තියාගමු

ගෘහ අලංකරණය කියන්නේ තේරුම් ගන්න අමාරු වචනයක්, ගොඩක් වියදම් යන දෙයක් විදිහටද හිතාගෙන ඉන්නේ? උත්තරේ ඔව් නම් අද මම ඔයාට..

විසේකාර රංගන පෞරෂ්‍යය ආදරණීය කලං

කලාව තුළ ජීවත්වීම යනු ජීවිතය පවත්වාගෙන යෑමට සුදුසුම මාධ්‍යක් නම් එකී මාධ්‍යයේ පත් ඉවුරු සිමා මායිම් අවබෝධ කරගෙන ජිවත් වූ සොදුරු..

අත බලා සාස්තර කීමේ ඉතිහාසය සොයා ගියෙමි.

“සාස්තර” මේ කියන වචනේ අහපු ගමන්ම හුඟ දෙනෙක්ගේ හිතට එන්නේ “ඕවා බොරු කතා” කියන අදහස. ඔය පාරවල් ගානේ හන්දි ගානේ පන්සල්..

නුගේගොඩ මතකයන්...

අද චරියාගේ රස්තියාදුවෙන් රවූමක් ගහන්න යන්න හිතුවේ හැම දෙනෙක්ගෙම හිත්වල සදාකාලික මතකයක් ඉතුරු කරන නගරයකට..

ලස්සන වීමේ රහස්

හැමෝම කතාවෙන්නේ ඉන්දියාවේ නිලියෝ කොයිතරන් ලසනද, හැඩද කියලා. ඉන්දියාවේ නිලියෝ දැක්කහම ඇහිපිය නොහෙලා බලන් ඉන්න..

මනුස්සකමේ දිළිඳුකම

කොට්ටාවේ accident එකක් වෙලා. කවුරුත් තුවාල කරුවන්ට උදව් කරලා නෑ. අන්තිමට බෙන්ස් එකකින් තමයි ලෙඩ්ඩු අරං ගිහින් තියෙන්නේ..

මීළඟ මීවිතේන් මත් වෙමුද?

ඔයා ඉන්නවා. මං ඉන්නවා. අපි දෙන්නගේ මැද්දෙන් ෂොට් එකක් තියෙනවා. කනේ ෂොට් එකක්, කැමරා ෂොට්, කණා ෂොට් එකක් නෑ නෑ පොඩි..

ඔබත් සැබෑ ක්‍රීඩා ලෝලියෙක්ද? ලෝභයෙක්ද?

පරාජයෙන් හෙම්බත්ව සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලින්ටද යලි ජයග්‍රාහී බලාපොරොත්තු ඉහළට ඔසවමින් පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලිය...

හිතන්නැති හිතක් ගැන

තවමත් බොහෝ දෙනෙක් අවිනිශ්චිත හෙට දවසක ජිවත් වෙන්නේ, සමහරු කියනවා ඒකට අනාගත බලාපොරොත්තු කියලා තවත් කට්ටිය කියනවා..

මිෂෙල්ගෙන් දැනගන්න

ලස්සන වෙන්න අපේ අය නොකරන දෙයක් නෑ, ඒවිතරක් නෙමෙයි ඕනම ගානක් වියදම් කරයි. මෙහෙම කරන්නේ ගැහැණු ළමයි විතරක් නෙමෙයි..

අද ගයියගේ කයිය - පිරිමින්ගේ ඉරිසියාව

පිරිමි මිනිස්සු හරි ආසයි ගෑණු ඉස්සරහ පොර වෙන්න. හා නැද්ද? ගෑණු ඉරිසියාකාරයි පිරිමි සිරියාවයි කියලා හිතන් හිටියට වැඩිපුරම පිරිමි තමයි ඉරිසියාකාර..

චරිත්ගේ රස්තියාදුව - නිදහස හොයාගෙන

අද චරියාගේ රස්තියාදුවෙන් යන්න හිතුවේ නිදහස හොයාගෙන කොන්ක්‍රීට් ලෝකයක නිදහස හොයාගෙන යනවා කියන එක හිනා වෙන්න පුළුවන්..

පුම්බපු බැලුම වගේ තමයි ටික කාලයක් උඩ ඉඳල නිකන්ම බිමට වැටෙනවා - තිසුරි

කරන දේ හරියට කරොත් එකේ වැරද්දක් නෑ. ජයග්‍රහණය කරන්න, ජීවිතේ ඉදිරියට යන්න වයසෙන් බාධාවක් නෑ. මේ හැමදේටම මුල අපේ හිත..

ලස්සන වෙන ජීවිතේ - Stretch Marks වලට විසඳුම

ලස්සන ජීවිතයකට ලස්සන වෙන විදිහ කතා කරන්න අපි අද ඉඳන් හැම සිකුරාදා දවසකම පටන් ගමු. මම අද කතා කරන්න හිතුවේ..

කණේ පහර

'දළුවත්ත' පහුගිය ටිකේ බොහෝ දෙනෙක් දළුවත්ත නම් වූ සහකාර පොලිස් අධිකාරී වරයෙක් ගේ තරු පටි ගජ රාමෙට ගලවනවා දුටුවෙමි..

ලබන වසරේ සිට වාහනවලින් හොර ගමන් බෑ / හේතුව මෙන්න

රථ වාහන හඳුනා ගැනීම සඳහා විද්‍යුත් චිප් තාක්ෂණය යොදා ගනිමින්, ස්ටිකරයක් හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන..

පෙරලෙන පොත

මියගිය හදවතක අතීතය පිළිසිඳ ගැනීම අවාසනාවකි. එහි අභාග්‍ය සම්පන්න කාලය රෝහලේ ඇඳ මත ගෙවී යමින් පවතී. පසු කාලයේ සොහොන්

චේ තාම එහෙමමයි..

ගතවෙන කාලය ජිවිතයේ බොහෝ දෑ වෙනස් කරනවා. හමුවීම් වෙන්වීම් බවට පත්කරනවා,වෙන්වීම් තවත් හමුවීමකට පසුබිම සකස් කරනවා..

අද ගයියගේ කයිය - ඕප්ස් දූප්ස් (ගොසිප්)

මට හිතෙන හැටියට ගම්ගොඩේ ගෑණුන්ගේ ගති ස්වභාව තාමත් අපේ අයගෙන් ඈත්වෙලා නෑ. අල්ලපු ගෙදර මිනිස්සු එන්නේ යන්නේ කීයටද?

විමුක්තිගේ සිනමාව පිළිබදව යමක්

විමුක්තිගේ සිනමාව පිලිබදව යමක් ලියා තබන්නට සිතුවේ, පශ්චාත් නුතනවාදී සිනමා ප්‍රවාහය තුළ ඔහුගේ කැමරා කාචය ග්‍රහණය කරගත් පරාසය..

මොකක්ද මේ Rap? කොහෙන්ද මේ Rap?

අපි මිනිහෙක් දැක්කම ඒ මිනිහගේ භාහිර පෙනුමෙන් අපි ඔහුට වටිනා කමක් දෙනවා.ඒ අපේ හැටි. රැප් සංගීතය තුලත් අපි මේ කලාවට..

ඉතාම සෙමින් වර්ධනය වූ මොළයක් නියෙන්ඩතාල් මානවයාටත් තිබිලා..

එක්සත් ජනපදයේ සයන්ස් (science) සඟරාවේ පළ කෙරුණ ලිපියකට අනුව ප්‍රාග් ඓතිහාසික යුගයේ නියැන්ඩතාල් මානවයාගේ මොළය..

ජර්මනිය වැඩිපුර කැමති කාන්තාවක් යටතේ ඉන්නලු..

පෙරේදා පැවති මැතිවරණයේ ජය නැවතත් ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් දිනාගෙන තිබෙනවා. ප්‍රතිඵල වලට අනුව ඇයගේ පක්ෂය...

සාරි පොටක් ගිය දුරක්

ශ්‍රී ලංකාව කියලා කියන්නේ හරි වෙනස් ජාතියක් ජීවත් වෙන රටක් කියලා අපිට හැමතිස්සේම අහන්න ලැඛෙනවා. ඒ ලෝකේ අනෙක් රටවල..

රියදුරන්ට තවත් අලුත් පරීක්ෂණයක්..

සාමාන්‍ය ජිවිතයේදී බොහෝ දෙනා අපේක්ෂා කරනුයේ තම අවශ්‍යතාවයන් වුවමනාවන් තමා විසින්ම තෘප්ත කරගැනීම යි. එය බොහෝ විට සිදුවනුයේ..

මොකද්ද මේ - බ්ලූ වේල්

අන්තර්ජාලය හරහා ලබා දෙන අභියෝග මාලාවක් අනුගමනය කරමින් අවසානයේදී සිය දිවි හානිකර ගැනීම දක්වා පෙළඹවීමක් සිදුකරන අන්තර්ජාල..

ධනවතුන්ගේ ලැයිස්තුවේ අංක 1 දැන් ඔහුයි. - Jeff Bezos

ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ කවුද කියලා කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔබ එක සැනින් ලබා දෙන උත්තරය බිල් ගේට්ස්..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online