මීටර් නැත්නම් රෝද තුනේ යන්න එපා

එෆ් බී පොලිටික්ස් අපි වාහන සහ වාහනවලට අදාළ නීති රීති ගැන නිරතුරුව කථාකරනවා. ඒකෙනුත් ත්‍රී රෝද රථ ගැන තමයි අපි වැඩි වශයෙන්ම අවධානය යොමු කරලා තියෙන්නේ. ඔන්න ලබන ඔක්තෝබර් පළමුවෙනිදා ඉඳලා ත්‍රී රෝද රථවලට බලපාන නීති රීති මාලාවක් ගේන්න ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. 
 
මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ සඳහා බල පැවැත්වෙන පරිදි නව රෙගුලාසි කිහිපයක් පණවා තිඛෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අත්සනින් යුතුවයි. ඊට අනුව යම් මගියෙකුට ඇතුලුවීමට හෝ පිටවීමට නොහැකිවන පරිදි ත්‍රී රෝද රථයේ දකුණු පස දොරටුව අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් වසා තැබිය යුතුයි. රියදුරු හැර වෙනත් කිසිදු අයෙකු රියදුරු ආසනයේ රැගෙන යාමට ද ලබන පළමුවනදා සිට අවසර හිමිවන්නේ නැහැ.
 
ත්‍රී රෝද රථය මාර්ගයේ ගමන් කිරීමේදී එතුළ සිට වෙළඳ දැන්වීම් / පත්‍රිකා හෝ අත්පත්‍රිකා ඛෙදා හැරීමට රියදුරු විසින් අවසර නොදිය යුතුයි. එමෙන්ම වෙනත් පුද්ගලයන්ට පීඩාවක් ඇතිවන අයුරින් ශබ්ද ඇති කරවන කිසියම් උපකරණයක් භාවිත කිරීමද තහනම් වනවා. ශබ්දය ත්‍රී රෝද රථය තුළට පමණක් සීමාවිය යුතු අතර එතුළ සිටින්නන්ට පමණක් ඇසිය යුතු පරිදි එය පාලනය කල යුතුයි. රියදුරු විසින් ත්‍රී රෝද රථය පදවන වේගය පැහැදිලිව දැකගැනීම සඳහා වේගමානය යථා පරිදි සවිකර තිබිය යුතුවීමද ගැසට් නිවේදනයට අන්තර්ගතයි.
 
එමෙන්ම මගීන්ට පැහැදිලිව පෙනෙන පරිදි රියදුරු අසුන පිටුපස පහත තොරතුරු ප්‍රදර්ශනය කල යුතු වනවා. ලියාපදිංචි අංකය / රියදුරුගේ නම හා රියදුරු බලපත්‍ර අංකය / රියදුරුගේ ඡායාරූපයක් සහ වාහනය ලියාපදිංචි කර ඇති පොලිස් ස්ථානවල දුරකථන අංකය. සේවයේ යෙදී සිටින අවස්ථාවලදී දුම්පානය නොකල යුතු අතර අඩුම කාලයක් තුල යා හැකි කෙටිම මාර්ගය ඔස්සේ මගීන් ගමනාන්තය කරා රැගෙන යා යුතුයි. මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනය කරන සෑම අවස්ථාවකදීම ක්‍රියාත්මකව පවතින ටැක්සි මීටරයක් තිබිය යුතු අතර ගාස්තු ගෙවීමෙන් පසු මගියාගේ ඉල්ලීම මත රිසිට්පතක් නිකුත් කිරීමද ලබන පළමුවනදා සිට අනිවාර්ය කර තිඛෙනවා. එම රිසිට් පතෙහි ගමන් කල දුර / වාහන ලියාපදිංචි අංකය / අය කල ගාස්තුව සහ ලබාගත් දිනය ඇතුළත් විය යුතු බවයි රජය නිවේදනය කලේ.
 
 
 
 


හොඳින් නැතුව නරකින් ජාත්‍යන්තරය දිනන අපි

ඉස්සර අපිට ලාංකිකයෝ ගැන අහන්න ලැබුණේ රට ඇතුලේ හරි රටින් පිටතදී හරි සම්බන්ධවෙන පුද්ගල ඝාතන / කොල්ලකෑම් වගේ අපරාධ ගැන..

නිරුවත නැතිව මියුසික් වීඩියෝ හදන්නම බැරිද?

කලාව කියලා කියන්නේ කවුරුත් කැමති දෙයක්. එයිනුත් සංගීතයට හිමිවෙන්නේ සුවිශේෂී තැනක්. කථාවට කියන්නේ සංගීතය කියලා කියන්නේ..

මාසෙට වියදම ලක්ෂයයි / සුපිරි වැඩිහිටි නිවාසයේ විස්තර මෙන්න

ඔක්තෝබර් කියලා කියන්නේ ජත්‍යන්තර දින විශාල වශයෙන් සැමරෙන මාසයක්. මේ මාසයේ පළමු දිනයම වෙන් කරලා තියෙන්නේ ළමුන්...

පනින්න පෙර කියවා බලනු

ප්‍රශ්න හමුවේ සියදිවි හානි කර ගන්නේ නම් ලෝකයම මේ වන විට සුසාන භූමියක් වනු නොඅනුමානය. මන්ද ප්‍රශ්නක් නැති මිනිසුන් ලොව..

අත පෑවොත් පන්දාහයි බස්රථ වල සිගාකෑමට එරෙහිව දඩ

අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ පොදු ප්‍රවහාන සේවාව ලෙස හදුන්වන්නේ බොහෝ දුරට බස්රථයයි.එදිනෙදා තම දෙෙනික අවශ්‍යතාවයන් සම්පුර්ණ...

ඔයත් BMICH එකේ BOOK FARE ගියාද?

කියවීම මිනිසා සම්පුර්ණ කිරීම බොහෝ කාලයක සිට අප අසා ඇති කියමනක් වුවත් වර්තමාන සමාජ ආර්ථික ක්‍රමය මගින් කියවීමට තරම් ඉඩකඩක්..

මීටර් නැත්නම් රෝද තුනේ යන්න එපා

එෆ් බී පොලිටික්ස් අපි වාහන සහ වාහනවලට අදාළ නීති රීති ගැන නිරතුරුව කථාකරනවා. ඒකෙනුත් ත්‍රී රෝද රථ ගැන තමයි අපි වැඩි වශයෙන්ම..

අලි ගැන වලි

අලියා කියලා කියන්නේ ලංකාවේ ජාතික සංකේතයක්. ශ්‍රී ලංකාව කියන නම ජාත්‍යන්තරයේ සටහන් කරද්දි හුග වෙලාවට අපි දකින්නේ අලියා ආශ්‍රිත..

ජනතා හදවතෙන් දියවෙන දියවන්නාවේ නෑදෑයෝ

අද සැප්තැම්බර් 6 වෙනිදා. 2017 අවුරුද්දෛ් 3 වන පාසල් වාරය ආරම්භ වෙන්නේ අද. ඉස්කෝලේ යන කාලයේ අපිට මතකයි නාම ලේඛනය..

හේත්තු වුනොත් බලාගෙනයි

ශ්‍රී ලංකාව කියලා කියන්නේ තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. හුග දෙනෙක්ට තවමත් තමන්ගේම කියලා වාහනයක් ගන්න..

දිනනදාට මල් - පරදිද්දි ගල්

ක්‍රිකට් ගැන තරම් එෆ් බී පොලිටික්ස් අපි කථා කරපු වෙන මාතෘකාවක් නැති තරම්. ඒ තරමට ක්‍රිකට් අපේ මූලික අවශ්‍යතාවක් බවට පත්වෙලා ඉවරයි..

මැතිසබයේ රැව්දුන් ටොමියයි හිගන්නයි - අනුමත කරන්නට බැරි මහජන නියෝජිතයින්ගේ කතා

මෙම සිදුවීම පමණක් නොව ගෙවී ගිය කාල පරිච්චේදය තුළ බොහෝ මන්ත්‍රීවරුන් මෙන්ම ඇමතිවරුන් පවා පාර්ලිමේන්තුව තුළ ඇතැම් ප්‍රකාශ..

රත්වෙනකම් නටන කකුලුවන් ගැන නලින් මන්ත්‍රීතුමා කියපු කථාව

විශ්වාස භංග / ඉල්ලා අස්වීම් සහ ඉවත්කිරීම් නිසා ලංකාවේ දේශපාලනය මේ දවස්වල හොඳටම උණුසුම් වෙලා. ඊලගට මොනවා වේවිද?

කඩ කළ පොරොන්දුවට එ.ජා.පයෙන් දුන් දඬුවම

ලෝක දේශපාලනය තුළ කැබිනට් මණ්ඩලය සාමූහික වගකීමට බැදී සිටීම පාර්ලිමේන්තු සම්ප්‍රදායේ අත්‍යවශ්‍ය අංගයක් වී ඇත..

වැඩියෙන් නෙට් යන්න අඩු වුණු බදු

රජයක් උනාම මහජනතාවට හැකිතාක් සහන දුන්නොත් තමයි දිගින් දිගටම මහජන ප්‍රසාදය දිනාගන්න පුලුවන් වෙන්නේ..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online