මල නොතලා රොන් ගැනීම හෙවත් බදු

ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටක රජයක ප්‍රධාන ආදායම් මාර්ගයක් තමයි බදු කියලා කියන්නේ. විවිධ භාණ්ඩ හා සේවාවලට අදාළව විවිධ ප්‍රතිශතයන්ගෙන් බදු අයකිරීම පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි. රජ කාලයේ සිට විදේශිකයන් ලංකාව පාලනය කරපු කාලේ පටන් විවිධ බදු ක්‍රම ලංකාවේ ක්‍රියාත්මක වුණා. 
 
බදු කියන සංකල්පය අපේ ඉතිහාස පුරාවටම දකින්නට හැකියාව තිබෙනවා. මෙහි පැරණිතම සාක්ෂිය හමුවන්නේ ක්‍රි.ව. 03 තරම් ඈත කාලයෙනුයි. එහිදී ගොවිතැන් කිරීම සඳහා ලබා ගන්නා ජලය වෙනුවෙන් “දකපති”නමින් හඳුන්වන බද්දක් අයකර තිබෙනවා. ජලයට මෙහෙම බදු අයකරනවා වගේම ධාන්‍ය වලටත් අතීත ලංකාවේ බදු අය කරලා තිබෙනවා. “භෝකජපති/බොජියපති/බෙජිපෙත” නමින් හඳුන්වා තිබෙනවා. මෙහි සරල තේරුම වන්නේ භෝජකයාගේ කොටස යන අදහසයි.  මෙයට අමතරව අනුරාධපුර යුගයේ දේශීය විදේශීය ආනයන අපනයන වෙළඳාමේ ස්වර්ණමය යුගයක් ලෙස හඳුන්වන කාලයකත්  මන්නාරම (මහාතිත්ථ), හම්බන්තොට (ගොඩවාය) වරායන් වල “මහාපටුලද්ද” නමින් හැඳින්වෙන ආනයන අපනයන බදු අයකරන නිලධාරින් සිටි බව සඳහන් වෙනවා.
 
රජකාලයේ පටන් මෙරට ජනතාවගෙන් අයකරගත් විවිධ බදු ගැන රොබට් නොක්ස් විසින් රචිත එදා හෙළදිව ග්‍රන්ථයේද සඳහන් වනවා. වසරකට තුන් වතාවක් සාමාන්‍ය ජනතාව විසින් භූමියේ අයිතිකරු වූ රජුට බදු ගෙවා ඇති අතර ඒවා බොහෝ විට මීපැණි, තෙල්, ධාන්‍ය වැනි ද්‍රව්‍ය වලින් ගෙවන ලද බද්දක් වී තිබෙනවා. පසු කාලීනව මෙරට පාලනය කල ඉංග්‍රීසි, ලන්දේසින් යටතේද පනවන ලද ඉතාම විහිලු  සහ කෘර සහගත බදු තිබී තිබෙනවා.
 
වර්තමානයේත් ජනතාව බදු ගැන අවධියෙන් සිටින වෙලාවේ අපි කල්පනා කළා ලංකාවේ යටත්විජිත පාලන සමයේ පනවපු බදු මොනවද කියන එක ගැන පොඩි සොයා බැලීමක් කරන්නට.
 
1. මහ බද්ද
 
සලාගම කුලයේ ජනතාව පැතිරී තිබු කුරුඳු වෙළඳාම, පෘතුගීසීන් ලංකාවට පැමිණි පසු ඔවුන් අතට පත් වුනා, එහිදී ජනතාව අතර තිබු කුරුඳු වඩ වඩාත් රජය වෙතට ලබාගැනීමේ උපක්‍රමයක් ලෙස කුරුඳු සඳහා බද්දක් පැනෙව්වා. මෙය හඳුන්වනු ලැබුවේ මහ බද්ද නමින්. මුදල් වලින් හෝ කුරුඳු වලින් ගෙවිය හැකිව තිබු මේ බද්ද ගෙවන්නට එකල සලාගම ජනතාවට සිදු වුනා. මෙය භාරව මුදලි, විදානේ වගේ නිලධාරීන් එහෙමත් ඉදලා තියෙනවා. එතකොට ඒකට අයත්වන සලාගම මිනිස්සු ආණ්ඩුව වෙනුවෙන් නිශ්චිත කුරුඳු ප්‍රමාණයක් තලලා දෙන්න ඕනේ.
 
2. ඇඟ බද්ද
 
ඉංග්‍රීසි ජාතිකයින් මෙරට යටත් කරගත් පසුව ජනතාවට ගෙවන්නට වූ බද්දකි. පිරිමි දරුවෙකු වැඩිහිටි පුරුෂයෙකු බවට පත්වූ පසු මේ බද්ද ගෙවන්නට නියම වි., බද්ද ගෙවන්නට වත්කමක් නැති අය හට සුදු ජාතිකයින් තනනා පාරවල් වල වැඩවලට දින හයක් තම දායකත්වය දීමෙන් ගෙවන්නට හැකි වුනා. 1848 දී සිදුවූ මාතලේ කැරැල්ල පැණ නැගීමටද මේ පීඩාකාරී ඇඟ බද්ද ප්‍රබල හේතුවක් වුනා.
 
3. මරාල බද්ද
 
මිනිසෙකු මියගිය පසු ඔහු ජිවත්ව සිටි කාලයේ භාවිතා කල දේපල සහ ඉතුරුම් වල ප්‍රතිශතයක් බද්දක් ලෙස ගෙවන ක්‍රමයක් ඉංග්‍රීසි යටත් විජිත පාලන සමයේ සිදුවුනා. මෙය මැරුණු පසු ගෙවන ලද බද්ද හෙවත් මරාල බද්ද ලෙසින් හැඳින්වුනා. මේ බදු එකතුකිරීම සම්බන්ධව පත්කරන ලද මරාල විදානේ නම් නිලතලයක්ද එකල පැවතුනා. මේ මරාල බද්ද උඩරට රාජධානි කාලයේදීත් පනවා තිබුන බව රොබර්ට් නොක්ස් තම ලියවිලි හරහා පවසනවා.
 
ඊට අමතරව තවත් මතයක් තිබෙනවා මේ මරාල බද්ද ගැන. ඒ තමයි යම් හෙයකින් තමන්ගේ අසල්වැසියා කුමන හෝ ආකාරයකින් ජිවිත හානි කරගෙන තිබේනම්, ඒ මියගිය පුද්ගලයා ජිවත් වෙන නිවාස අසලම ජිවත් වෙන පුද්ගලයාට මියගිය පුද්ගලයා ගැන හරිහැටි සොයා නොබැලීම නිසා මියගිය බවට නිගමනය කර දඩ මුදලක් රජයට ගෙවිය යුතු වීම හඳුන්වන්නේ මරාල බද්ද නමින් බවයි.
 
අපි ජිවත් වන වර්තමාන සමාජයෙන් තමන්ට සම්බන්ධයක් නොමැති දෙයකට අනිවාරතේ සම්බන්ධ වීම “මාර මරාලයක්නේ මට කඩාගෙන වැටුනේ” කියා හඳුන් වන්නට තවමත් අපේ ජනතාව හුරු පුරුදු වී සිටින්නේ මේ නිසා විය හැකියි.
 
 
4. ධීවර (මාළු) බද්ද
 
ධිවර රැකියාවේ යෙදෙන ජනතාව තමන් ධිවර කර්මාන්තයෙන් උපයන ආදායමෙන් කොටසක් බද්දක් ලෙස ගෙවිය යුතු වුනා. එය කොතරම්ද කියා පැහැදිලි නැතත් මෙවැනි අසාධාරණ ලෙස පනවපු බදු වලින් ලන්දේසි, ඉංග්‍රීසි යුගවල ජනතාව බොහොම පිඩාවට පත් වුනු බව නම් නොරහසක්.
 
 
5. පොල් බද්ද
 
තමන් ජිවත් වෙන නිවාස පිහිටා ඇති ඉඩමේ පොල් ගසක් හෝ වැඩි ගණනක් වැවී ඇත්නම් එයට බද්දක් ගෙවන්නට ඉංග්‍රීසි පාලන කාලය තුල නියමව තිබුනා.‍මේ  බද්දෙහි විශේෂත්වය වූයේ බද්ද මුදල් වලින්ම ගෙවීමට සිදු වීමයි. එක් ගසකට එකල රිදී හයක මුදලක් බදු පනවනු ලැබ තිබෙනවා. මින්පෙර එවැනි මුදල් බදු ගෙවීම් නුහුරු අපේ වැසියන්ට මෙය ඉතාම පීඩාකාරී වූ බව පැවසෙනවා. ඊට හේතුව නම් ඵලදාව නොලබන ගස් වලට පවා බදු ගෙවීමට සිදුවීමයි.
 
6. ඉස්‌තෝප්පු බද්ද
 
තමන් ජිවත් වන නිවාස උළු සෙවිලි කරන්නට මෙන්ම සුදු හුණු පිරියම් කරන්නට ගම ප්‍රධානියාගෙන් අවසර ගත යුතු කාලයක, ගෙහිමියා නිවසට ඉස්තෝප්පුවක් එකතු කලේ නම් එය සඳහා රජයට බදු මුදලක් ගෙවිය යුතු වුවා. බදු නොගෙවා අනවසරයෙන් ඉදිකරන ලද ඉස්තෝප්පු කඩා දැමීමටද කටයුතු කරනු ලැබුවා.
 
මෙයට හේතුව එකල මේ අකාරයෙන් සුඛෝපභෝගී ලෙස ජිවත් වුයේ ඉහල කුල වල ජනතාව නිසා, ඔවුන්ගෙන් බද්දක් අයකරන්නට රජය සිතු නිසා වන්නට පුළුවන්.
 
 
7. තුවක්කු බද්ද
 
1848 වර්ෂය වනවිට තුවක්කු සඳහාද බදු අය කිරීමට එකල ඉංග්‍රීසීන් විසින් පියවර ගෙන තිබුණා. මේ බදු පැනවීමට එක් හේතුවක්ව තිබෙන්නේ ඒ වකවානුව වන විට කෝපි වගාවෙන් ඔවුන් ලැබූ පාඩු පියවා ගැනීමටයි. මීට අමතරව රට තුළ කැරළි ඇතිවී ඔවුන්ට තර්ජනයක් වෙන එක වළක්වාගන්නටත් මේ බද්ද පැනවුවා විය හැකියි.
 
 
8. සෙරෙප්පු බද්ද
 
තමන්ගේ ධනවත්කම පෙන්වන එක අංගයක් ලෙස පාවහන් ප්‍රචලිත වූ යටත්විජිත පාලන සමයේ සුදු ජාතිකයින්ට පමණක් සීමා වූ  සුඛෝපභෝගී ආයිත්තමක් ලෙස සෙරෙප්පු ගණන් ගැනුණා. යම් හෙයකින් ජනතාව අතරේ සෙරෙප්පු පළඳින යම් පුරවැසියෙක් සිටියහොත් ඔවුන්ගෙන් ඒ සඳහා බද්දක් අය කරගන්නට එකල බලධාරීන් ක්‍රියා කළා.
 
* සෙරෙප්පු වලට මෙහෙම බදු වදිනකොට අතීතයේ සිංහල ජනතාව, තම හේන් වලට යන විට භාවිතා කරන්නට පහසුවන ලෙස ගෝන හමින් සාදන ලද සෙරෙප්පු වලට සමාන ආයිත්තමක් භාවිතා කළා එය හැඳින්වුයේ “වාම්පතුල්” යන නමින්.
 
9. පාර බද්ද
 
ජිවත් වන නිවස සඳහා වෙනම පාරක් භාවිත වෙනවා නම් ඒ සඳහාත් වාර්ෂිකව බද්දක් අයකරනු ලැබුවා. ඒ නිවසකට වෙනම පාරක් පැවතීම සුඛෝපභෝගී ජිවන රටාවක ලක්ෂණයක් ලෙස එකල සැලකූ නිසා.
 
10. බලු බද්ද
 
නිවසේ සුරතලයට සුනඛයෙකු ඇති කරනවා නම් ඌ වෙනුවෙන් බද්දක් අය කරන්නට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් කටයුතු කළා. බදු නොගෙවන බල්ලන් දියේ ගිල්වා මරා දැමීමටද සිත් පිත් නැති නීතියක් පණවා තිබුණා. නිවසේ ආරක්ෂාවට සහ සත්ව පාලනයට උපකාරී වනු පිණිස බල්ලන් ඇති කිරීම අපේ ගැමියන් අතර සාමාන්‍ය දෙයක් වී තිබුණු එකල මෙය ජනතාව තරයේ හෙලා දැක තිබෙනවා.
 
11. තන බද්ද (?)
 
විරපුරන් අප්පු චිත්‍රපටයේ එක තැනෙක මෙන්න මෙහෙම විරිඳුවක් ගැයෙනවා
 
“ගමේ ගෙදරට සෙනෙහේ පපා සිටි
බලු කුක්කාට මොන බදුද අනේ
තනේ තියෙන කිරි ටිකටත් බද්දක්
ගෙවන්න වේවිද නුදුරු දිනේ”
 
ඒ කාලයේ ඉතාම අසාධාරණ ලෙස බදු වර්ග වලින් ජනතාවගෙන් මුදල් රජය අය කළා. බලු බද්ද පැනවීමෙන් අනතුරුව ජනතාව අතර “මව්කිරි වලටත් බද්දක් අය කරාවිද කියා” ජනතාව අතරේ මතයක් පැන නැගුනා. එහෙත් ඇත්තටම තන බද්ද කියා එකක් පැනවුයේ නැහැ. එහෙත් ඒ සංකල්පයට හේතු පාදක වුනේ ඉහත සිදුවීම තමා.
 
අපිට බදු ගැන එෆ් බී පොලිටික්ස්වලදී කථා කරන්න හේතුවුණේ සිකුරාදා (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නව දේශීය ආදායම් පණත නිසා. නව දේශීය ආදායම් පනත ඉදිරිපත් කර ඇත්තේ බදු පදනම පුළුල් කර ගැනීමේ අරමුණ ඇතිව යෑයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.
 
එසේ කිරීම තුළින් සාමාන්‍ය ජනයා මත පැටවී ඇති බදු බර අඩු කිරීම වරදක්‌දැයි තමා ප්‍රශ්න කරන බවද ඇමැතිවරයා කීවේය.
 
"මගේ මූලික ඉලක්‌කය වන්නේ ඊළඟ වසර තුන ඇතුළතදී වක්‍ර බදු ආදායම සියයට 60 දක්‌වා අඩුකර සෘජු බදු ආදායම සියයට 40 දක්‌වා වැඩි කරන්නයි. ඒ අනුව මගේ මූලික පරමාර්ථය වක්‍ර බදු සහ වක්‍ර බදු අතර පවතින 80-20 අනුපාතය 60-40 දක්‌වා වෙනස්‌ කිරීමයි. එසේ කිරීමෙන් අපට සාමාන්‍ය ජනතාවට විශාල සහනයක්‌ ලබා දෙන්න පුළුවන්. අපි හැමදාම අයවැයෙන් යෝජනා ගේන්නේ ගෙවන මිනිහ මත තවත් බදු බර පටවන්නත්, වක්‍ර බදු ගෙවන බහුතර බදු ගෙවන්නන් මත වැඩි බරක්‌ පටවන්නත්. ඒනිසා අපි හැමදාම තලන බදු ගෙවන සියයට 20 ක්‌ දෙනාට වැඩි බරක්‌ පටවන්නේ නැතුව. අනිත් පැත්තෙන් වක්‍ර බදු ගෙවන සියයට 80 ක්‌ දෙනාට සහනයක්‌ සලසා දීමේ අරමුණින් මේ බදු දැල (බදු ගෙවන ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව) පුළුල් කරන්න. එසේ කරල සෘජු බදු ගෙවන්නන් පිරිස සියයට 40 දක්‌වා වැඩිකර ගන්නවා. මේක වරදක්‌ද කියල මම අහන්න කැමතියි. ඉහළ ආදායම් ලබන පුද්ගලයන් සහ ආයතන සෘජු බදු ක්‍රමයට ඇතුළත් කර ගැනීම වරදක්‌ද කියල මම අහන්නේ. ඒ අනුව බදු පදනම පුළුල් කර ගැනීමේ අරමුණින් තමයි නව දේශීය ආදායම් පනත ඉදිරිපත් කර තියෙන්නේ. මේ පනත ගෙනෙන්නේ කාගෙවත් වුවමනාවට නොව රටේ අවශ්‍යතාවට බවද මුදල් ඇමැතිවරයා කීවේය.
 
Source - Aniwa.lk
 


මොකද්ද මේ - බ්ලූ වේල්

අන්තර්ජාලය හරහා ලබා දෙන අභියෝග මාලාවක් අනුගමනය කරමින් අවසානයේදී සිය දිවි හානිකර ගැනීම දක්වා පෙළඹවීමක් සිදුකරන අන්තර්ජාල..

ධනවතුන්ගේ ලැයිස්තුවේ අංක 1 දැන් ඔහුයි. - Jeff Bezos

ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ කවුද කියලා කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔබ එක සැනින් ලබා දෙන උත්තරය බිල් ගේට්ස්..

රජයේ කන්තෝරුවල රතු ඉර අහෝසියි?

මේ දින වල මාධ්‍ය හරහා නිරන්තරයෙන් ප්‍රචාරය වන කරුණක් පිළිබඳව අවදානය යොමු කල යුතුය. එනම් රාජ්‍ය ආයතන වල කාර්යයාල..

ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය

පාකිස්තානය තුළ වසර 8ක කාලයක් පැවති ජාත්‍යන්තර ක්‍රිකට් පිපාසයට තිත තබමින් ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය..

හොල්මන් ගැන කතා මවන දික්කන්ද වලව්වේ ඇත්ත කතාව..

හුස්ම ගන්නවා කියලා හිතාගන්නවත් බැරිතරමටම අපේ මිනිස්සුන්ගේ ජිවිත වැඩ වලින් සංකීර්ණ වෙලා. කාර්යාලවල, මංමාවත් වල, තමන්ගේ නිවෙස් වල..

හාවි ට පස්සේ ඉර්මා ඇවිත් කරන හරියක්..

ඉර්මා කියන්නේ පහුගිය දශකයක කාලය ඇතුළත අත්ලාන්තික් කලාපයේ වාර්තා වුන ප්‍රබලතම සුළි කුණාටුවයි. මෙයින් වැඩිම බලපෑමක් කැරිබියානු..

ඇලවෙලා ලස්සන වුණ ලොව එකම කුළුණ

පිසා කියන්නේ අපි කවුරුත් කැමති කෑමක් නේ. හැබැයි ඉතින් මේ කියන්න හදන්නේ. පිසා කුලුන ගැන ඉතාලියේ පීසා නගරයේ ඇති ප්‍රධාන..

මුදල් භාවිතයේ පරිණාමය

ආණ්ඩු පෙරලන දේශපාලකයින් ගෙදර යවන එකිනෙකාට මඩගහගන්න ප්‍රදාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන්නේ මුල්‍ය වංචායි..

මං මාව ගොඩනැගුවේ හුඟක් මහන්සිවෙලා - සනුක වික්‍රමසිංහ

මං හිතුවට වඩා බලාපොරොත්තු වෙනවට වඩා ප්‍රතිචාර හම්බවෙනවා. මොකද වේග රිද්ම ගීතයක්වත් අලුත් ආරට ගහපු ගීතයක්වත් නෙමෙයි..

මල නොතලා රොන් ගැනීම හෙවත් බදු

ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටක රජයක ප්‍රධාන ආදායම් මාර්ගයක් තමයි බදු කියලා කියන්නේ. විවිධ භාණ්ඩ හා සේවාවලට..

ගල්කිස්ස මහා හෝටලයේ සැඟව ගිය ආදර කතාව..

ගල්කිස්ස මහා හෝටලය එහෙම නැත්තම් මවුන්ට් ලැවිනියා හෝටලය ලංකාවේ තියෙන ජනප්‍රියම හෝටල් වලින් එකක්. එකිනෙකාට ආදරේ කරන..

19න් පහල ලෝක කුසලානය - 2018

2018 වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කාළසටහන එලිදැක්වුනා. තරගාවලිය ලබන වසරේ ජනවාරි 13 වනදා..

ආයෙත් 4 පහරවල් 6 පහරවල් නැති වෙයිද?

ක්‍රිකට්.. ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවුණත් ඊටත් වැඩිය ජනප්‍රියත්වයක් හිමිකරගත් ක්‍රිඩායව කිව්වොත් හරි. ක්‍රිකට්වලට ආදරය නොකරන..

තම රැලේ නිදහස වෙනුවන් පණදුන් පනාමුරේ ඇත්රජු

මඩුවන්වල මහා දිසාවට අයත්ව තිබු මෙම ප්‍රදේශයේ ඇති දිය බුබුල වෙත ඇදී එන අලි ඇතුන් අල්ලා ගැනීම සදහා මෙම ඇත් ගාල ඉදි කොට ඇත..

ලෝක සන්නිවේදන පරිණාමයේ පැටිකිරිය..

මනුස්‍ය වර්ගයාගේ ආරම්භය පිලිබදව විවිද මතවාදී අදහස් පලවේ. එයින් බහුතරයක් දන්නා බහුතරයක් පිළිගන්නා චාල්ස් ඩාවින් මහතාගේ පරිණාම..

නාට්‍ය කලාවේ උපත

නාට්‍ය කලාව වර්තමානයේ ප්‍රධාන වින්දනීය මාධ්‍යක්. මෙම නාට්‍ය කලාවේ ඉතිහාසය ප්‍රාග් එතිහාසික යුගය දක්වාම පැතිර යන්නක්..

මොකද්ද මේ තුන පහ

මොකද්ද මේ තුන පහ කෑම කනකොට කවුරුත් රහට කන්න තමයි ආස. ඉතින් ඔය රහ වැඩි කරන්න උදවු වෙන්නේ කෑම හදන්න දාන්න..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online