මම ලස්සනයි කියලා මට දැනෙන්නේ නෑ - සංගීතා වීරරත්න

සංගීතා වීරරත්න සිංහල සිනමාවේ සුන්දර සිනහවකට උරුමකම් කියන ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිණියක්. 1991 වසරේදි ආරම්භ වුන ඇයගේ සිනමා දිවිය විවාහයෙන් පස්සේ යම්තාක් දුරට මන්දගාමී වුනත් , මේ සුරුපිණිය ඇයගේ රසිකයින්ට  අමතක වෙන්නේ නෑ.

සංගීතා විරරත්නට රංගනයට අවස්ථාව ලැබෙන්නේ කොහොමද? මොකද්ද මුලින්ම රඟපාපු නිර්මාණය?

මුලින්ම රඟපෑවේ ටෙලිනාට්‍යයක. ඒ ගොළු හදවත ටෙලිනාට්‍යයේ. Audition ගිහින් තේරිලා ලෙස්ටර් ජේම්ස් පිරිස් හා සුමිත්‍රා පීරිස් මහත්මියගේ ටෙලිනාට්‍යයේ තමයි මම ඉස්සෙල්ලම රඟපෑවේ. ඊට පස්සේ චිත්‍රපට ක්ෂේත්‍රයේ මට මුල්ම අවස්ථාව ලැබෙන්නේ රෝයි ද සිල්වා මහත්මයාගේ it’s a matter of time චිත්‍රපටයේ.

තිමති වීරරත්න ඒ ඔබේ පියා. රංගනයෙන් දිග ගමනක් යන්න ඔහුගෙන් මොන වගේ සහයක් ද ලැබුනේ?

තාත්තාගෙන් ලැබුනේ.. මං හිතන්නේ මුලිකම දේ තමයි  අවවාදය. කොහොමද මේ චිත්‍රපටි කර්මාන්තය තුල රැඳී ඉන්නේ, කොහොමද තිර රචනයක් තෝරාගන්නේ , අධ්‍යක්ෂකවරු  නිෂ්පාදකවරු එක්ක ගනුදෙනු කරන විදිහ කියන හැමදේම හොඳ අධ්‍යනයක් කරන්න ලැබුනා තාත්තාගෙන්.

සමකාලීනව රඟපෑ රංගන ශිල්පීන් ශිල්පිනියන් ගැන තියෙන්නේ මොන වගේ මතකයක්ද?

සමකාලීනව කියන්නේ මං හිතන්නේ මට ටික කාලෙකට කලින් තමයි යශෝධා ආවේ. දිල්හානි, ඩිලානි මේ ඔක්කොම මට වඩා senior . මාත් එක්ක සිනමාවට ආවේ චන්න පෙරේරා, රොෂාන් පිලපිටිය , රුවන්ති මංගලා ඒ වගේ කාණ්ඩයක්. මං හිතන්නේ මං ඒ අය අතරේ හොඳ තැනක් හදාගෙන තියෙනවා. අදටත් එයාලා මගේ හොඳම මිතුරෝ.

ඔබට ලැබුණු සම්මාන අතරින් ඔබ වඩාත් බලාපොරොත්තුවෙන් හිටිය සම්මානය මොකද්ද?

මං බලාපොරොත්තුවෙන් කියන්නේ මෙහෙමයි අපි චිත්‍රපටියක රඟපානකොට අපි ඒ වෙනුවෙන් කරන කැපවීම අපි කැප කරන කාලය ගැන සලකලා ජූරියේ ඇගයීමක් ලැබෙන එක හොඳයි.  වාණිජ චිත්‍රපටි වලදී වුනත් ජනතා සම්මානය ලැබෙනවා වගේම රඟපෑම අගයලා සම්මානයක් ලැබෙන එක වටිනවා. ජනාධිපති සම්මාන, තුසිත් award එක මං හිතන්නේ හුඟක් වටිනවා.

සංගීතා වීරරත්න ඇයි විවාහයත් එක්ක  ඇයි සිනමාවෙන් ටිකක් ඈත්වුනේ?

සිනමාවෙන් ඈත්වුනේ නෑ . මගේ මුලිකම හේතුව වුනේ දුව. ඒවගේම තව හේතු කීපයක් හින්දා මම සිනමා නිර්මාණ වලට දායක වුනේ නෑ.  නමුත් මේ අවුරුද්දේ ඉඳන් මම වැඩ පටන් ගන්නවා.

සිනමාව තුල ඔබ රංගනයෙන් සාර්ථකයි ඔබ නිෂ්පාදනයෙන් සාර්ථකද? අසාර්ථකද?

එක නිර්මාණයයි මම කලේ. වසන්ත ඔබේසේකරයන්ගේ නිර්මාණයකට දායක වුනේ. නිෂ්පාදනය කරලා සල්ලි හොයන බලාපොරෝත්තුවටත් වඩා මට තිබුනේ වසන්ත ඔබේසේකරයන්ගේ නිර්මාණයක් මා සතු කරගැනීමේ උවමනාවක්.

සංගීතා වීරරත්නගේ රඟපෑමට වඩා රුවට සිනහවට මිනිස්සු ආදරේ කරනවා. ලස්සනට ඉන්න මොනවද කරන්නේ?

එහෙම එකක් නම් මට දැනිලා නෑ. විශේෂයෙන් කියලා මම ලස්සනයි කියලා මම දකින්නේ නෑ. රසිකයෝ එහෙම දකින්නේ මට තියෙන සමිපත්වයත් එක්ක.


මිනිස්සුන්ට මං හිතන්නේ මගේ ප්‍රසිද්ධිය දරාගෙන ඉන්න බැරුව ද දන්නේ නෑ.

මිනිස්සු කියන්නේ හරි අමුතු ජාතියක් කියලා කියන්නේත් මිනිස්සුම තමයි. එහෙවු අපි තවත් පුද්ගලයෙක්ට චරිත සහතික ලියන්නත් හරි දක්ෂයිනේ..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online