මොකද්ද මේ තුන පහ

මොකද්ද මේ තුන පහ කෑම කනකොට කවුරුත් රහට කන්න තමයි ආස. ඉතින් ඔය රහ වැඩි කරන්න උදවු වෙන්නේ කෑම හදන්න දාන්න යොදාගන්න දේ තමයි. ඒ කිවුවේ කෑම හදන්න දාන අඩුම කුඩුම. ඔය අඩුම කුඩුම අතර රම්පෙ කරපුන්චා වගේම තුන පහත් තියනවා. තුන පහ කියලා කවුරුත් කියනවා, ඇත්තටම තුන පහ කියන්නේ මොනවද කියලා හරියටම කවුරුත් නෑ. අද අපි හොයලා බලන්නේ මොකද්ද මේ තුනපහ කියලා? 
 
අද අපි වෙළද පොලෙන් ගන්න ඔය තුනපහ වලනම් අපි හොයන ස්තරම් රහ නැහැ. ඇත්තටම ස්භාවික තුනපහ කියන්නේ මොනවගේ දෙයක්ද කියලා දැන් ඔයා කල්පනා කරනවා ඇති. දැන් අපි ආහාර වෙලාවල් වලට ගන්න තුනපහ හදුනවලා දුන්නේ පෘතුගීසි. නමුත් සිංහල ක්‍රමයට ආහාර රස කරන්න ගන්නේ වෙනත් දේවල් ටිකක්. 
 
දැන් තුන කියලා අදහස් වෙන්නේ මොකද්ද? නැත්තම් මොනවද? 
තුනට අයිති වන්නේ.
 
1.සුදුලූනු
2.අමු ඉගුරු
3.ගම්මිරිස්
 
සුදු ලූනු
 
උද්භිද විද්‍යාත්මක කුලය - රසෝන කුලයට අයත්ය. Alliaceae
 
උද්භිද විද්‍යාත්මක නාමය - Allium sativum Lin.
 
වෙනත් නම්-
1. රසෝන - රස ඌන හෙයින් රසෝන කියල හදුන්වනවා . එනම් අම්ල රසය හැර අනෙක් ලවන, කටු, තික්ත, ක්ෂාය, මධුර යන රසයන් පහ යුක්තය. 
2. ලශුන - රෝගයන් සිඳ බිඳ ලන හෙයින් ලශුන කියල හදුන්වනවා.
3. උග්‍ර ගන්ධා - සුදුලූනුවල සංයුතියෙන් වැඩි ප්‍රමාණයක් 40% පමණ ගන්ධක අඩංගු නිසා කියල හදුන්වනවා.
4. මිලේච්ඡකන්ධ - සුදුලූනු යනු බටහිර රටවලින් අප වැනි රටවලට සංක්‍රමනය වූ ශාකයකි. අතීතයේ අපේ පැරැන්නන් බටහිර රටවල ජනතාව සැලකුයේ ඉතා මිලේච්ඡ අය ලෙසයි. එම නිසා මිලෙච්ඡයන්ගේ රට වලින් රැගෙන ආ ස්කන්ධයන් යන තෙරුමින් මෙසේ හැදින් වූහ.
 
අමු ඉගුරු
අමු ඉගුරු ඉගුරු බොහෝ දුරට පාවිච්චි කරන්නේ විෂ භක්ෂණය කරන්න. ඉගුරු දේශීය වේද කමට අනුව බොහෝ වටිනා බෙහෙතක්ද වෙනවා. 
 
ගම්මිරිස්
ගම්මිරිස් අහාර වලට පුංච් සැරක් ඇතිකරන්න යොදාගන්නවා. ඒ වගේම සෙම් ගතිය නැති කරන්න ගම්මිරිස් පාවිච්චි කරනවා කියලා අපේ පැරැන්නන් කියනවා. 
 
දැන් අපි තුනපහ වල තුන කියන ඒවාට අයිති වෙන්නේ මොනවද කියලා කතාකරා ඊට පස්සේ අපි බලමු පහට අයිති වෙන්නේ මොනවද කියලා 
පහට අයිතිවන්නේ
1.සියඹලා
2.ගොරකා
3.කරපිංචා
4.කහකුඩු
5.කොත්තමල්ලි
 
මෙන්න මෙහෙමයි නියම පදමට කෑම රහ කරගන්න මේ කුළු බඩු එකතුව හදාගන්න ඕන 
 
මේවායින් ගොරකා සහ කහකුඩු ග්‍රෑම්20 බැගින්ද, අනිත් ද්‍රව්‍ය ග්‍රෑම්100 බැගින්ද ගෙන තලපයක් වෙනකම්ම ගලේ අඹරා ගන්න(කිසිවිටකත් බ්‍රෙන්ඩරයට දමා නොකරන්න ) මෙය තුනපහ දමන ආහාර වලට එක්කරගන්න. කෑම රුචිය වඩයි,අර්ශස්,මුත්‍රා,ග්‍රෑස්ට්‍රයිට්,හිස කැක්කුම්,ඇගපත අමාරුකම්,හන්දිපත් වේදනා,කැස්ස,උණ,සෙම්ප්‍රතිශ්‍යාව,දියවැඩියාව, යන සියලු ලෙඩ සමගින් ලෙඩ රෝග 70 කට පමණ දිව ඔසුවකි. මා හැගි කාරණාවනම් අපේ මුතුන් මිත්තන් ආහාරය ගත්තේ රස හෝ කුස පිරවීමට පමණක්ම නොව ඖෂධයක් වශයෙනුත් ආහාර ගෙන තිබෙනවා.අපේ තිබූ දේ ඒ හෙළ ආහාර ක්‍රමය පවා අපෙන් දුරස් කර තිබෙනවා.
 
ඉතින් තුනපහ නියම විදියට හදාගෙන නියම රහ අත්විදින්න 
 
මම හැමදාම ඔයාගේ දුකට සැපට ඉන්න මිහිත චතුරංග 


19න් පහල ලෝක කුසලානය - 2018

2018 වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කාළසටහන එලිදැක්වුනා. තරගාවලිය ලබන වසරේ ජනවාරි 13 වනදා..

ආයෙත් 4 පහරවල් 6 පහරවල් නැති වෙයිද?

ක්‍රිකට්.. ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවුණත් ඊටත් වැඩිය ජනප්‍රියත්වයක් හිමිකරගත් ක්‍රිඩායව කිව්වොත් හරි. ක්‍රිකට්වලට ආදරය නොකරන..

තම රැලේ නිදහස වෙනුවන් පණදුන් පනාමුරේ ඇත්රජු

මඩුවන්වල මහා දිසාවට අයත්ව තිබු මෙම ප්‍රදේශයේ ඇති දිය බුබුල වෙත ඇදී එන අලි ඇතුන් අල්ලා ගැනීම සදහා මෙම ඇත් ගාල ඉදි කොට ඇත..

ලෝක සන්නිවේදන පරිණාමයේ පැටිකිරිය..

මනුස්‍ය වර්ගයාගේ ආරම්භය පිලිබදව විවිද මතවාදී අදහස් පලවේ. එයින් බහුතරයක් දන්නා බහුතරයක් පිළිගන්නා චාල්ස් ඩාවින් මහතාගේ පරිණාම..

නාට්‍ය කලාවේ උපත

නාට්‍ය කලාව වර්තමානයේ ප්‍රධාන වින්දනීය මාධ්‍යක්. මෙම නාට්‍ය කලාවේ ඉතිහාසය ප්‍රාග් එතිහාසික යුගය දක්වාම පැතිර යන්නක්..

මොකද්ද මේ තුන පහ

මොකද්ද මේ තුන පහ කෑම කනකොට කවුරුත් රහට කන්න තමයි ආස. ඉතින් ඔය රහ වැඩි කරන්න උදවු වෙන්නේ කෑම හදන්න දාන්න..

ශ්‍රී විෂ්ණු දෙවියන් ගැන යමක්..

විෂ්ණු දෙවියො කියන්නේ අපේ රටට විශේෂයෙන්ම වැදගත් වෙන දෙවි කෙනෙක්. මොකද අපේ රටේ අය මේ දෙවියන්ව පිළිගන්නේ ලංකාවත්..

ශ්‍රී විෂ්ණු දෙවිඳුන් පීදිමට ඇති ස්ත්‍රොත්‍ර මන්ත්‍ර සහ ගාථා

යහපත් ලෙස ජීවත් වෙමින් මෙම ගයත්‍රී මන්ත්‍රය දිනපතා ගයනා කිරීමෙන් වැඩ කටයුතු සාර්ථක කර ගත හැකිය. විෂ්ණු ලක්ෂ්මී..

ශ්‍රී විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වීම

යහපත් ජීවිතයක් ගතකරමින් ශ්‍රී විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වීමෙන් විෂ්ණු දෙවියන්ගේ අශිර්වාදය ලැබී සතුට සැපත සෞභාග්‍ය උදාවෙනවා...

දෙවුන්දර දේවාලයේ ඉතිහාසය

එදා ඉඳන් අද වෙනකන් දෙවුන්දර යන නාමය රටරටවල ප්‍රසිද්ධ වීමට හේතුවුනේ දිව්‍ය රාජභවනක් වුන උත්පලවර්ණ දේවාලය බව හැමෝම..

රාම රාවණ යුගයෙන් ඇරඹුන දෙවිනුවර ඉතිහාසය..

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාල පෙරහැර දිවයිනේ පැරණිතම පෙරහැර ලෙස සළකද්දි දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ලාංකීය ඉතිහාසයට එකතු වෙන්නේ..

මඟුල් පෝරුවේ රසවත් කතාව

චාරිත්‍ර වාරිත්‍ර ගැන ඔයා දන්නවද? චාරිත්‍ර කියලා කියන්නේ සිද්ධ කළ යුතු දේවල් වාරිත්‍ර කියන්නේ නොකළ යුතු දේවල්. ඉතින් මේ චාරිත්‍ර වාරිත්‍ර ගැන..

ඇඹුලයි ඇඹුලයි කියපු දෙහිවල පැණිරස කතාව..

අපේ ගෙදරක නැතුවම බැරි දෙයක් තමයි දෙහි කියලා කියන්නේ. මේ දෙහි එක්ක අපේ රටේ ජන ජීවිතය මේ තරමට බැඳුනේ කොහොමද කියලා..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online