මොලේ නැතිව පෙන්වන තෙලේ බලේ

වත්මන් රජය බලයට පත්වී වසර 2 ක් සපිරෙන්නේ ලබන අගෝස්තු 17 වනදාටයි. බලයට පැමිණෙද්දි කරන බවට දුන් පොරොන්දු සියයට සියයක් ඉටු කිරීමට අපොහොසත්ව ඇතත් පසුගිය රජයට කිරීමට හැකියාව තිබියදී නොකල ඇතැම් කරුණු මෙම රජය විසින් සම්පූර්ණ කර තිබීම සතුටට කරුණකි. පසුගිය රජය විසින් ගිනි පොළියට සල්ලි ගෙන ආරම්භ කර ණය ගෙවා ගත නොහැකිව ඉදිරියට ගෙන යාමට හෝ අත්හිටුවීමට නොහැකි සමහර ව්‍යාපෘතිවල පව් කරගැසීමට සිදුව ඇත්තේද මෙම රජයටය. හම්බන්තොට වරාය / උමා ඔය ව්‍යාපෘතිය / ශ්‍රී ලන්කන් ගුවන් සේවය මීට කදිම උදාහරණය. එමෙන්ම සයිටම් දරුවා බිහිවූයේද මහින්ද රාජපක්ෂ රජය සමයේමය. එම දරුවා බිහි කරන්න වින්නඹුකම් කල එදා ආණ්ඩුවේ ඇතැම්හු අද එම දරුවා මරන්න යැයි වත්මන් රජයට බල කරති. මේවාට විසදුම් සොයද්දී වර්ජන කරති. 
 
එදා මෙන් නොව අද වෘත්තීය සමිතිවලටද නිදහස වැඩිය. පසුගිය වසර 2 පුරාවටම විවිධ ඉල්ලීම් මුල්කර ගනිමින් වැඩ වර්ජන ක්‍රියාත්මක විය. අදටත් ක්‍රියාත්මක වේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මින් පෙරමුණ ගෙන සිටී. වරෙක දරුවන්ට කොළඹ සුපිරි පාසල් ඉල්ලමින් / තවත් වරෙක වාහන බලපත් ඉල්ලමින් ඔවුහු වැඩ වර්ජන කලහ. අලුත්ම බයිට් එක සයිටම් ය. පසුගිය රජය සමයේ සයිටම් අරඹද්දී කටක් නොඇරි වෛද්‍ය සංගමය අද රජයට එරෙහිව අවි අමෝරා ගෙන සිටිති. සතිපතා වර්ජන කරති. මේ නිසා අපහසුතාවට පත්වන්නේ සාමාන්‍ය අහිංසක ජනතාව බව ඔවුන් නොදන්නා ගානය. සල්ලි ඇති ධනවතුන් නම් පුද්ගලික රෝහල්වලට ගොස් ප්‍රතිකාර ගනිති. එහෙත් අහිංසක දුප්පත් ජනතාවට ඒ සදහා වැය කරන්න ලක්ෂ ගණන් මුදල් නැත. රෝගී ජීවිත බිල්ලට තබා තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් මස් රාත්තලම ඉල්ලීම කෙතරම් මානුෂීය දැයි ප්‍රශ්නයකි. වරෙන්තු ලැබ සිටින අයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පලකරමින් පවා වර්ජන වලට එළැඹීමට තරම් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අද පහත් මට්ටමට වැටී ඇත. 
 
මේ සතියේ රජයට තර්ජනය කල අනෙක් වෘත්තීය සමිතිය තෙල් සේවක සංගමයයි. ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට බදු දීමට විරෝධය පළ කිරීමත් හම්බන්තොට වරායේ මෙහෙයුම් නිශ්චිත කාලයකට චීනයට පැවරීමට එරෙහිවීමත් ඔවුන්ගේ ඉල්ලීම් වී තිබේ. වර්ජන කිරීම වෘත්තීය සමිති වල අයිතියකි. එහෙත් ඒවා සාධාරණ විය යුතුය. සාමාන්‍ය ජනතාව අපහසුතාවට පත් නොවිය යුතුය. අද එෆ් බී පොලිටික්ස් කථා බහ මේ ගැනයි.
 
 


අතිශයෙන්ම බස්වලට විතරයි

රථවාහන තදබදය එහෙම නැත්නම් ට්‍රැෆික් කියලා කියන්නේ අපි හැමෝම අත්විඳලා තියෙන නීරස මාතෘකාවක් කිව්වොත් හරි. සමහර වෙලාවට..

වැහුවොත් මුහුණ - නොලැඛෙයි ප්‍රථීපල

ලංකාවේ අපි පුංචි කාලේ ඉඳන්ම පුරුදුවෙලා තියෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට. වසර 13 ක පාසල් අධ්‍යාපනය තුළ අපි මූලික වශයෙන්..

දඩි බිඩි වුණොත් ගෙවන්න වෙන දඩ වැඩි වෙන හැටි

අපි කවුරු හරි වැරුද්දක් කලොත් අපිට ඒකට දඩුවම් විඳින්න වෙනවා. ඒක ලෝක ස්වභාවය. රියදුරෙක් පාරේදි වැරැද්දක් කලොත් අපිට ගෙවන්න..

තවත් බාලගිරි දෝෂයක්?

1987 වසරේදී ඉන්දු ලංකා ගිවිසුම යටතේ ඇතිකර ගත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේ රටට හඳුන්වාදුන් ප්‍රධානතම සාධකය තමයි පළාත්..

ටියුෂන්ද? ආගමද?

අද තියෙන්නේ විභාග කේන්ද්‍ර කර ගත්ත අධ්‍යාපන රටාවක්. අවුරුදු 13 ක පාසල් කාලය පුරාවට අපි ප්‍රධාන විභාග 3 ක් මුල් කරගෙන තමයි මේ..

බදු දීමෙයි විකිණිමෙයි වෙනස

ආයෝජනයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමිවන වැඩිම මුදල පසුගිය සිකුරාදා අපිට ලැබුණා. ඒ හම්බන්තොට වරාය වසර 99 ක් සඳහා චීනයට බදු..

උතුරම හඩා වැටුණු දකුණේ පොලිස් සැරයන් ඝාතනය..

බෙදීම් තුලින් කිසි දිනෙක ඒකීයත්වය, මිත්‍රත්වය හෝ සාමුහිකත්වය ඉස්මතු වන්නේ නැත. ඒකීයත්වය අද ලංකාවේ ජීවත් වන ඔබට මට අත්‍යවශ්‍යය...

මොලේ නැතිව පෙන්වන තෙලේ බලේ

වත්මන් රජය බලයට පත්වී වසර 2 ක් සපිරෙන්නේ ලබන අගෝස්තු 17 වනදාටයි. බලයට පැමිණෙද්දි කරන බවට දුන් පොරොන්දු සියයට..

කෝටි ගණන් වටින නෝටි කුඩු

මත්ද්‍රව්‍ය කියලා කියන්නේ අද වෙනකොට මුලු ලෝකේටම පිළිලයක් වෙලා තියෙන දෙයක්. එක පාරක් කන්ටේනරයක තිබිලා හෙරොයින් කිලෝ..

කටට රස බුලත් විට ඇත්තටම ඇඟට විසයිද?

ඈත ඉතිහාසයේ පටන් මෑත වර්තමානය තෙක්ම අපේ දේශීයත්වය තුලින් ජනයා තුළ මුල් බැසගත් හුරු පුරුදු ගතිලක්ෂණ චර්යාවන් පැවැත් අතර..

අපේ ක්‍රිකට්වල මීලග පිම්ම ගැන තිලංග කල හෙලිදරව්ව

ක්‍රිකට් කියලා කියන්නේ අපේ රටේ ජාතික ක්‍රීඩාව නොවුනට ඊටත් වැඩිය අපි ආදරය කරන සහ ජනප්‍රියත්වයට පත්වෙච්ච ක්‍රීඩාවක්..

තෝරු මෝරු පැනලා ගිහින් ඉස්තාලයෙන්?

දූෂණය / වංචාව / හොරු / මෙගා ඩීල් 2015 ජනාධිපතිවරණයේදී මේ වචන වේදිකාවල රැව්දුන්නා. කොටින්ම කියනවා නම් මේ ආණ්ඩුව බලයට..

ඉතින් සමුගමු පොලිතින්

පරිසරය / කසළ / පොලිතින්. මේ වගේ දේවල් ගැන දැන් කෙරෙන කථාබහ ටිකක් වැඩිවෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි කසල හා බැඳුණු..

පමාවක් නැතිව කොමාවක් තැබිය යුතු, සමාවක් දිය නොහැකි උමා ඔය අර්බුදය

ජීවිතේ සමහර දේවල් තියෙනවා කොමාවක් තියා තිතක් තියලවත් ආපහු හරිගස්සන්න බැරි. ඒකයි පනින්න පෙර සිතා බලන්න කියලා කියන්නේ...



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online