නාවික හමුදාවේ හිටිය දිමංක වෙල්ලාලගේ කියපු කතාව

නව පරපුරේ ජනප්‍රිය ගායක තරු අතර ඉහලින්ම වැජබෙන යෞවනයා ඔහුයි නිදුකින් ඉන්නට පැතුම් පැතූ ඔහු පාරකියන තාරුකාවි ගෙන් පාර අහගෙන ගායන ක්ෂේත්‍රය තුල තමන්ගේ ගමන යන සුන්දර තරුණයෙක් විදිහට දිමංක වෙල්ලාලගේ අපිට හදුන්වන්න පුළුවන්. එක හින්දාම අපි attitude check වැඩසටහනට දිමංක වෙල්ලාලගේව සම්බන්ද කර ගත්තා. ඉතින් ගොසිප් වලට වඩා යමක් දැන ගන්න සතියේ දවස් පහම හවස 4 ඉදන් 6 වෙනකන් 95.6  95.8 rhythm world එකෙන් අහන්න පුළුවන්.

දිමංක වෙල්ලාලගේ නාවික හමුදාවේ හිටියලු නේදඇයි එතනින් අයින් උනේ?

ඇත්තටම මම එතනින් අයින් උනේ මගේ ගමන නිසාම තමයි. මට ඕන උනේ නිදහසේ මගේ වැඩක් කරගෙන නිදහසේ මගේ ගමන යන්න. අනිත් එක මට ගායකයෙක් වෙන ආසාව හීනය ආවහම මට අවශ්‍ය උනේ කොහොම හරි ඒ හීනෙට යන්න. ඉතින් මට එතන ඉදන් ඒ හීනෙට යන්න බෑ එක නිසා මම එතනින් අයින් උනා.

දිමංක ඔයාව ජනතාව අදුන ගන්නේ මොන ගීතය හරහාද? මොන අවුරුද්දේද? 

මම මුලින්ම රසිකයන් අතරට යන්නේ නිදුකින් ඉනු මැන ගීතය හරහා ඉතින් ඒ ගීතය හුගාක් ජනප්‍රිය උනා එක අදටත් හැමෝම අහන ගීතයක් 2013 තමයි ගිතය release කරේ. අවුරුදු 4 ගත වුනත් ගීතය අදටත් ඒ ගීතයට තාම හොද ප්‍රතිචාර තියනවා එක තමයි මගේ පලවෙනි ජනප්‍රිය ගීතය.

දැනට ලංකාවේ ඉන්න ජනප්‍රියම ගායකයෙක් විදිහට අද ඉන්න තත්වෙට එන්න මොන වගේ කැප කිරීමද කලේ?

ගොඩාක් කැප කිරීම් කරන්න උනා මොකද මම රජයේ රකියාවක් කලේ ඉතින් ඒ වගේ තැනකින් මෙතන්න්ට එනවා කියන එක ලේසි  නෑ. කැප කිරීම් කළා රැකියාවෙන් අයින් උනා පස්සේ රැකියාවක් නැතුව හිටියා. කොහොම හරි වෙන වෙන රැකියාවල් කළා ඒ සල්ලි වලින් ගිත හත අටක් කලා ඒවා රසිකයෝ අතරට ගියේ නෑ. ඉතින් ගමන දිහා බැලුවම කැපකිරීම් සෑහෙන කරලා තියනවා. 

බැරි වෙලාවත් දිමංක ඔයා ජනප්‍රිය උනේ නැතම් මොනවා කරන්නද හිතන් හිටියේ?

සමහර විට නාවික හමුදාවෙම වැඩ කරයි මොකද මම නාවික හමුදා තුර්ය වාදන කණ්ඩායමේ තමයි වැඩ කලේ නැතම් සමහර විට විදේශ ගත වෙන්න තිබුනා. 

නිදුකින් ඉනු මැන ගීතය ගයනා කරන්න කලින් තිබ්බේ මොන වාහනයද? දැන් තියෙන්නේ මොන වාහනයද?

(මදක් සිනා  වෙමින්) වාහන නම් තිබුනේ නෑ. බස් රථය තමයි තිබ්බ එකම වාහනය මුලින්ම මගේ වාහනයක් කියලා ගත්හේ ටොයෝටා ඇක්වා රථයක් දැන් තියෙන්නේ හොන්ඩා ශකිල් රථයක්.

 




Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online