නිරුවත නැතිව මියුසික් වීඩියෝ හදන්නම බැරිද?

කලාව කියලා කියන්නේ කවුරුත් කැමති දෙයක්. එයිනුත් සංගීතයට හිමිවෙන්නේ සුවිශේෂී තැනක්. කථාවට කියන්නේ සංගීතය කියලා කියන්නේ විශ්ව භාෂාවක් කියලයි. ජාතිය / ආගම / සමෙහි වර්ණය කියන සාධක සංගීතයට අදාළම නැහැ. නොහොඳ නෝක්කාඩුවෙන් හිටපු පාර්ශව යලි මිතුරු කරන්න පවා සංගීතය ඉවහල් උනු අවස්ථා ඉතිහාසයේ ඕනා තරම් තියෙනවා. සංගීත ක්ෂේත්‍රය කියන්නේ දවසින් දවස නව තාක්ෂණය නව හඳුන්වාදීම් එක්ක ඉදිරියට යන දෙයක්. 
 
ඉස්සර අපි අලුත් සිංදුවක් ආවම ඒක දැනගන්නේ මොකක් හරි රේඩියෝ චැනල් එකකින් ඒක අහන්න දුන්නාම. හැබැයි දැන් ඒ තත්වය සෑහෙන වෙනස් වෙලා. වර්තමානයේ අලුත්ම ප්‍රවණතාව තමයි මියුසික් වීඩියෝ. මියුසික් වීඩියෝ එකක් කරලා ඒක යූ ටියුබ් දාලා කොච්චර බලලා තියෙනවාද කියන එක තමයි සංගීත නිෂ්පාදකවරුන්ගේ / අධ්‍යක්ෂවරුන්ගේ සහ නිර්මාණ ශිල්පීන්ගේ ප්‍රධාන අරමුණක් වෙලා තියෙන්නේ. මෙන්න මේ අරමුණ ජයගන්න සංස්කෘතිය / පුද්ගලිකත්වය / සදාචාරය කියන දේවල් වචනවලට පමණක් සීමා කරලා ඕනෑම දෙයක් කරන්න අද වෙද්දි සමහරු පුරුදු වෙලා ඉන්නවා.
 
මේ තත්වය දරුණුවටම කථා වෙන්න ගත්තේ ඉතාම මෑතකදී ආපු මියුසික් වීඩියෝ එකක් නිසා. දැන් ටික කාලෙකට කලින් ඉමහත් ආන්දෝලනයකට ලක්වුණු අපේ රටේ ප්‍රවීනතම සංගීතඥයෙකුගේ පුද්ගලික ජීවිතය මේ මියුසික් විඩියෝවෙන් නිරූපණය කරලා තිබුණා. මේකට සමාජ මාධ්‍ය ඔස්සේ පළවුනේ නම් එතරම් හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි. සමහරු මේ මියුසික් විඩියෝව රිපෝර්ට් කිරීමෙන් නවතින්නේ නැතුව ඒක රිපෝර්ට් කරවන්න අනික් අයව පොළඹවන්න පවා දැඩි උත්සායහක නිරත වෙලා හිටියා. අපි එෆ් බී පොලිටික්ස් අද කථාබහට මාතෘකාව කරගත්තේ මේ මියුසික් විඩියෝ වලට නියාමනයක් ඕනේද කියන කාරණය. ඒ කියන්නේ අන්තර්ගතයේ මෙන්න මේ වගේ දේවල් ඇතුළත් වෙන්න බැහැ කියලා නිසි රීති පද්ධතියක් අවශ්‍යද කියන කාරණය. අපේ කථාබහට මුලින්ම එකතු උනේ ජනප්‍රිය සංගීතඥයෙකු වන ගිහෙන් නිශාන්.
 
 
මියුසික් ඩොට් එල් කේ කියලා කියන්නේ අපේ රටේ මියුසික් වීඩියෝස් නව මානයකට යොමු කරපු තැනක්. අපේ කථාබහට අපි මීලගට එකතු කරගත්තේ මියුසික් ඩොට් එල් කේ වෙනුවෙන් නඳුන් තමීර. නඳුන් කිව්වේ අනිවාර්යයෙන්ම නියාමනයක් අවශ්‍යයි කියලා. නැත්නම් ළමයි එක්ක දෙමව්පියන්ට එකට ඉඳලා බලන්න බැරිවෙන මට්ටමට මියුසික් වීඩියෝස් පත්වේවි කියලයි ඔහු කියන්නේ.

 
ආශාවරී ගීතයේ මියුසික් විඩියෝවෙන් තමයි මේ ආන්දෝලනය ඇති වෙන්න පටන් ගත්තේ. ඒකේ රගපාපු ඕෂධී හිමාෂාත් එෆ් බී පොලිටික්ස් අපේ කථාබහට එකතු උනා.
 


ක්‍රිකට් ගහන්න මරු කටට යනවාද? නැද්ද?

දිගින් දිගටම ලබපු පරාජයන්වලට තිත තියලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔන්න පකිස්ථානයට එරෙහි එක්දින තරගාවලියට පිවිසුණා..

බදු නොගෙවන වෛද්‍යයවරු

රජයකට, රටකට අවශ්‍යය කටයුතු කාරණා නිසි ආකාරව ඉෂ්ට සිද්ධ කිරීමටනම් අති විශාල මුදලක් අවශ්‍ය වන බව නොරහසකි. එම නිසා සෑම..

හොඳින් නැතුව නරකින් ජාත්‍යන්තරය දිනන අපි

ඉස්සර අපිට ලාංකිකයෝ ගැන අහන්න ලැබුණේ රට ඇතුලේ හරි රටින් පිටතදී හරි සම්බන්ධවෙන පුද්ගල ඝාතන / කොල්ලකෑම් වගේ අපරාධ ගැන..

නිරුවත නැතිව මියුසික් වීඩියෝ හදන්නම බැරිද?

කලාව කියලා කියන්නේ කවුරුත් කැමති දෙයක්. එයිනුත් සංගීතයට හිමිවෙන්නේ සුවිශේෂී තැනක්. කථාවට කියන්නේ සංගීතය කියලා කියන්නේ..

මාසෙට වියදම ලක්ෂයයි / සුපිරි වැඩිහිටි නිවාසයේ විස්තර මෙන්න

ඔක්තෝබර් කියලා කියන්නේ ජත්‍යන්තර දින විශාල වශයෙන් සැමරෙන මාසයක්. මේ මාසයේ පළමු දිනයම වෙන් කරලා තියෙන්නේ ළමුන්...

පනින්න පෙර කියවා බලනු

ප්‍රශ්න හමුවේ සියදිවි හානි කර ගන්නේ නම් ලෝකයම මේ වන විට සුසාන භූමියක් වනු නොඅනුමානය. මන්ද ප්‍රශ්නක් නැති මිනිසුන් ලොව..

අත පෑවොත් පන්දාහයි බස්රථ වල සිගාකෑමට එරෙහිව දඩ

අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ පොදු ප්‍රවහාන සේවාව ලෙස හදුන්වන්නේ බොහෝ දුරට බස්රථයයි.එදිනෙදා තම දෙෙනික අවශ්‍යතාවයන් සම්පුර්ණ...

ඔයත් BMICH එකේ BOOK FARE ගියාද?

කියවීම මිනිසා සම්පුර්ණ කිරීම බොහෝ කාලයක සිට අප අසා ඇති කියමනක් වුවත් වර්තමාන සමාජ ආර්ථික ක්‍රමය මගින් කියවීමට තරම් ඉඩකඩක්..

මීටර් නැත්නම් රෝද තුනේ යන්න එපා

එෆ් බී පොලිටික්ස් අපි වාහන සහ වාහනවලට අදාළ නීති රීති ගැන නිරතුරුව කථාකරනවා. ඒකෙනුත් ත්‍රී රෝද රථ ගැන තමයි අපි වැඩි වශයෙන්ම..

අලි ගැන වලි

අලියා කියලා කියන්නේ ලංකාවේ ජාතික සංකේතයක්. ශ්‍රී ලංකාව කියන නම ජාත්‍යන්තරයේ සටහන් කරද්දි හුග වෙලාවට අපි දකින්නේ අලියා ආශ්‍රිත..

ජනතා හදවතෙන් දියවෙන දියවන්නාවේ නෑදෑයෝ

අද සැප්තැම්බර් 6 වෙනිදා. 2017 අවුරුද්දෛ් 3 වන පාසල් වාරය ආරම්භ වෙන්නේ අද. ඉස්කෝලේ යන කාලයේ අපිට මතකයි නාම ලේඛනය..

හේත්තු වුනොත් බලාගෙනයි

ශ්‍රී ලංකාව කියලා කියන්නේ තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. හුග දෙනෙක්ට තවමත් තමන්ගේම කියලා වාහනයක් ගන්න..

දිනනදාට මල් - පරදිද්දි ගල්

ක්‍රිකට් ගැන තරම් එෆ් බී පොලිටික්ස් අපි කථා කරපු වෙන මාතෘකාවක් නැති තරම්. ඒ තරමට ක්‍රිකට් අපේ මූලික අවශ්‍යතාවක් බවට පත්වෙලා ඉවරයි..

මැතිසබයේ රැව්දුන් ටොමියයි හිගන්නයි - අනුමත කරන්නට බැරි මහජන නියෝජිතයින්ගේ කතා

මෙම සිදුවීම පමණක් නොව ගෙවී ගිය කාල පරිච්චේදය තුළ බොහෝ මන්ත්‍රීවරුන් මෙන්ම ඇමතිවරුන් පවා පාර්ලිමේන්තුව තුළ ඇතැම් ප්‍රකාශ..

රත්වෙනකම් නටන කකුලුවන් ගැන නලින් මන්ත්‍රීතුමා කියපු කථාව

විශ්වාස භංග / ඉල්ලා අස්වීම් සහ ඉවත්කිරීම් නිසා ලංකාවේ දේශපාලනය මේ දවස්වල හොඳටම උණුසුම් වෙලා. ඊලගට මොනවා වේවිද?



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online