ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ.

අපි ඔක්කොම ලොකු තරඟයක ඉන්නේ කියලා මම හැමදාම කියනවා. ඉතින් ඒ තරගේ ජයගන්න නම් අපි ලොකු කැපකිරීමක් කරන්න ඕන. ඒ කැප කිරීම කරන්න ඕන විදිය ගැන අපි කලින් කථාකරා. අද ටිකක් වෙනස් විදියේ දෙයක් කථාකරමු.
 
දැන් ගොඩක් දෙනෙක් අරමුණු හදලා ඒ ගැන කල්පනා කර කර ඉන්නවා විතරයි වැඩක් කරන්නේ නෑ වගේ තත්වයන්ට පත්වෙලා තියනවා. ඉතින් මම හිතුව මේ ගැන කතාකරන්න. ඇත්තටම ගොඩක් දෙනෙක් තමන්ගේ අරමුණු ඉලක්ක ගැන වැඩිපුර කයිවාරු ගහනවා විතරයි අපි දකින්නේ. බුදුන් වහන්සේ කියනවා යතාවාදී තථාකාරී, තථාකාරී යතාවාදී වෙන්න කියලා. ඒ කියන්නේ කියන දේ කරන කරන දේ කියන කෙනෙක් වෙන්න කියලා. අපි කොච්චර දේ කතාකරත් වැඩක් නෑ ඒවා ක්‍රියාවට ලක්වෙන්නේ නැත්තම්.
 
බොහෝ දෙනා කියනවා අපිට වැඩක් කරන්න වෙලාව මදි. හැමදේම වෙලාවට කරගන්න බෑ. ඔය වගේ කතා 1000ක් කියනවා. ඇත්තටම කට්ටිය කරන්නේ ඕනවට වඩා කල්පනා කරන එක. කිසිම වැඩක් කරන්නේ නැතුව සිහින මව මවා ඉන්නවා අන්තිමට කියනවා ඉලක්ක වලට ලගාවෙන්න බෑ. මම දක්ෂ නෑ කියල හිතෙනවා, හැමදේම එපා වෙනවා වගේ කතා කියනවා. ඒක නොවිය යුතු දෙයක්. ඕනවට වඩා හිතන්න එපා. අපි කතාවට කියනවා නේ "ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ"  ඒක සහතික ඇත්ත. අපි සියලු දේ කළමනාකරණය කර ගත යුතුයි. අරමුණු වල තියනවා සුවිශේෂී ලක්ෂණයක්. ඒ තමයි අරමුණු කාලය හා බැදිලා තියනවා. ඒ කියන්නේ අරමුණු  ඉෂ්ට කරගන්න නිශ්චිත කාලයක් තියනවා. දැන් කල්පනා කර කර ඉන්න  ඉන්න ඔයාට වෙන්නේ ඔයාට අරමුණට යන්න තියන කාලය අඩුවෙන එක. ඔයා ගැන අවිශ්වාසය කල්පනා කරන කොට වැඩි වෙනවා. අපි හැමදාම කියනව, අරමුණක් හදාගන්න, සැලසුමක් හදාගන්න, ඒ සැලසුම ක්‍රියාවේ නංවන්න, ඇගයීමට ලක්කරන්න, වැරදි අඩුපාඩු තියනවනම් නැවත ඒවා නිවැරදි කරගන්න. ඇත්තටම මේ හැමදේටම කාලයක් වෙන් කරන්න වෙනවා. දැන් සැලසුම් කරන්න එහෙම නැත්තම් කල්පනා කරන්න විතරක් ඔයාගේ කාලයෙන් වැඩි කාලයක් ගියොත් අනිත් දේ සදහා තියන කාලය අඩු වෙනවා. ඒ නිසා හැම දේටම කාලය ඉතුරු කරන්න ඕනවට වඩා කල්පනා කරන එක නතර කරලා වැඩ පටන් ගන්න. මුලින්ම ඔයා විශ්වාස කරන්න. නැත්තම් වෙන්නේ කල්පනා කරලා ඔයාගේ වටිනා කාලය නැතිවෙන එක. දැන් මනෝ ලෝකෙන් මිදිලා වැඩ පටන් ගන්න. මොකද අද හොඳම දවස 
 
මම ඔයාගේ දුකට සැපට ඔයත් එක්ක ඉන්න මිහිත චතුරංග     


විභාගයේදී කලබල වෙන්න එපා

මේ දවස්වල ප්‍රධාන පෙලේ විභාග 02 ක් තියෙනවා. කොටින්ම මේ විභාග සමයක් කිවුවොත් නිවැරදියි. මේ දවස්වල අ.පො.ස. උසස්පෙළ විභාගය..

විශ්වාසය කඩකරගන්න එපා

විශ්වාසා පරමා ඥාති බුදුන්වහන්සේ කියන්නේ එහෙමයි. විශ්වාසය තමයි හොදම නෑදෑය කියන ඒක තමයි ඒකෙ තේරුම..

පොඩි අයට උගන්වන්න මෙන්න මෙහෙම

පුංචි දරුවන්ට කවන පොවන එක වගේම එයාලට වුගන්වන්න පොතේ පතේ වැඩ කරන්න අම්මලා දගලන තරම ඉතින් අපි..

තරු පොඩියට පෙනුනට ඇත්තටම තරු පොඩි නෑ

ඉගෙන ගන්න එක ගොඩක් ආසාවෙන් කරන තරමට තමයි ඒක හරියට පත්තියන් වෙන්නේ. ඇත්තටම කෑමක් කෑවත් ඒක ඇගට අල්ලන්නේ එය..

වැරදි කිරීම මනුෂ්‍ය ගතියක්, සමාව දීම දේව ගතියක්.

මිනිසා කියන්නේ ගොඩක් සමාජ ශීලි සත්වයෙක්. ඒ නිසාම ආදරය කරුණාව, දයාව වගේ තැන මිනිසා කියන සත්වය නතර වෙන්න දක්වන්නේ..

දිවිය හැරගිය ඔයාගේ ජිවිතේ වටිනා කියන අයට නියම වටිනාකම දෙන්න

ජිවිතේ නිතරම සුව පහසු තැනක් නෙවේ. උස්පහත් වීම් හැලහැප්පීම් ජිවිතේ හැමතැනම වෙනවා. ඒ වගේම සතුටත් ජිවිතේ තියනවා..

ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ.

අපි ඔක්කොම ලොකු තරඟයක ඉන්නේ කියලා මම හැමදාම කියනවා. ඉතින් ඒ තරගේ ජයගන්න නම් අපි ලොකු කැපකිරීමක් කරන්න ඕන..

පමණට වඩා දගලන්නේ ඇයි?

ජිවිතේ අපි ලොකු race එකක්. ඒ race ඇතුලේ අපි රැයක් දවාලක් නොබලා හතිදාගෙන දුවනවා, සමහර වෙලාවට දුවලා දුවලා හති වැටිලා බිම..

අඹ කපනකොට අත කැපුනා කියලා කිසිම දවසක අඹ නොකප ඉන්න එපා.

අපි ඉපදුන දවසේ ඉදල දවසේ ඉදල හැමදාම ඉගන ගන්නවා. මැරෙනකන් කරන්නේ ඉගන ගන්න එක. පුංචි කාලේ ඉදල කරන්නේ ඉගෙන ගන්න..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online