ඔයා උත්තර දෙන්න ඕන වෙන අය කියන කතාවලට නෙවෙයි, ඔයාගෙම හෘද සාක්ෂියට

ජිවිතේ සමහර තැන්වලදී අපි නොකළ දේ වෙනුවෙන් උත්තර දෙන්න වෙනවා. අපි හිතන්නෙවත් නැති වෙලාවක සමහරු අපිට නොකළ වරදකට චෝදනා කරනකොට අපිට දැනෙන වේදනාව කොච්චරද කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ. එතකොට සමාජයේ අය තමන් දිහා බලන විදිය පවා අමුතුයි කියලා ඒ වගේ සිදුවීමකට මුහුණ දුන්න කෙනෙකුට හිතෙන්න පුළුවන්. අද අපි මේ වගේ සිදුවීමක් ගැන කතා කරන්න හිතුවා.
 
"මම පෞද්ගලික ආයතනයක සේවය කරන කෙනෙක්. පහුගිය දවසක අපේ ආයතනයේ වෙච්ච මුල්‍ය අක්‍රමිකතාවකට මාව සැක කරලා පරීක්ෂණයක් පවත්වලා මම නිවැරදිකාරය වුනා. මම එහෙම දෙයක් කලේ නෑ කියලා මම දන්නවා. මම පරීක්ෂණයෙන් වැරදි නෑ කියලා ඔප්පු වුනත් මම වැඩකරන තැන අය මගේ දිහා බලන්නේ වැරදි විදියට. මම මොකද්ද කරන්නේ" කියලා කෙනෙක් අද අපට කතා කළා.
 
ඇත්තටම උසාවියක වුනත් නඩුවේ තීන්දුව දීලා වැරදි කාරයෙක් කරනකන් ඔහු චුදිතයෙක් පමණයි. වැරදිකාරයකු නොකර රදවා ගෙන ඉන්න කෙනා රැදවියෙක් පමණයි, නැතුව ඔහු සිරකරුවෙක් නොවේ. ඉතින් මේ යාළුවට කියන්න තියෙන්නේ ඔබ දැන් පරීක්ෂණයකින් වැරදිකරුවකු නොවන බව ඔප්පු වෙලා තිබෙද්දිත් ඔබ කනස්සල්ලට ලක්වෙන එක තේරුමක් නෑ. පිට මිනිස්සු අපි ගැන තැන තැන කියන කතා කිසිදිනක නතරවෙන්නේ නෑ. අපි කලිනුත් කියලා තියනවා මේ කාරණය. ඔබ උත්තර දෙන්න ඕන වෙන අය කියන කතාවලට නෙවේ ඔබේ හෘද සාක්ෂියට. කවුරුන් ඔබ ගැන මොන තක්සේරුව දුන්නත් ඔබ නිවැරදි බව ඔබ දන්නවනම් ස්භාවදහම කිසිදිනක සත්‍ය යන්නට ඉඩ තබන්නේ නෑ. ඒ නිසා මේ විශ්වයේ නිතිය ගැන විශ්වාස කරන්න.
 
අනිත් කාරණය සමහර විට ඔබට හිතුනට ඔබේ ආයතනයේ පිරිස ඔබ ගැන වැරදි චිත්‍රයක් මවාගෙන ඇති කියලා, ඇත්ත කාරණය එසේ නොවන්නට පුළුවන්. ඒ නිසා කිසි දෙයක් ගණන් නොගෙන සුපුරුදු පරිදි ඔයාගේ වැඩ ටික යන්න. ඔබේ හැසිරීම අමුතුවනවිට, කෙනෙක් ඔබ ගැන වැරදි අදහසක සිටිනවානම්, ඔබේ හැසිරීම ඔහුගේ අදහස තහවුරු කරන්නක් වෙන්න පුළුවන්. ඒ නිසා තමන් නිවැරදි බව කාටත් වඩා ඔබේ හෘද සාක්ෂිය දනීනම් ඔබේ පෞර්ෂය පෙරදා වගේම තබාගෙන වැඩ කරන්න. ඔබට නොදැනීම බොහෝ දේ ඉක්මනටම යතා තත්වයට පත්වේවි.
 
අනෙක් අය වෙනස් වෙලා, අමුතුවෙලා යන චෝදනාව නගන්නට පෙර ඔබ වෙනස්වෙලාද අමුතුවෙලාද යන්න හොදින් සොයා බලන්න. විටෙක ඔවුන් ඔබට සාමාන්‍ය ලෙස සැලකුවද ඔබේ හැසිරීම අසාමාන්‍ය නම් ඔබට මේ වැනි හැගීමක් ඇතිවිය හැකියි. මදක් හිතන පතන විදිය වෙනස් කරන්න හැමදේම වෙනස් වෙයි. එහෙම හිතල වැඩ කරනවානම් අද වුනත් එයට කදිම දවසක්. මොකද අද හොදම දවස 
 
මම හැමදාම ඔයාගේ දුකට සැපට ඔයත් එක්ක ඉන්න මිහිත චතුරංග 
 


අමතක වෙනවට හොඳ පාඩමක්

අමතක වෙන ඒක අපි කාටත් වෙන්න පුළුවන් දෙයක්. අමතක වෙනවා කියන ඒක හැබැයි වැඩිපුර බලපාන්නේ අපේ ඉගෙන ගන්න අයට. එකේ..

අවවාදය නෙවේ ආදර්ශය තමයි වැදගත්

“අවවාදයට වඩා ආදර්ශය උතුම්” මේ ගොඩක් පැරණි කියමනක් කොච්චර පරණ වුනත් මේ කියමන අදටත් වලංගුයි. ගොඩක් දෙනෙක් උත්සාහ..

උදව් බලාගෙන තව කෙනෙක්ට උදව් කරන්න එපා

අපි එදිනෙදා ජිවත්වෙනකොට අපි ගොඩක් මිනිස්සු ආශ්‍රය කරනවා. ඉන්දියාවේ හිටපු ජනාධිපති වරයකු හා මහාචාර්‍ය වරයකු වෙච්ච අබ්දුල් කලාම්..

වෙනස් වෙන්න හිතුනද? දැන්ම පටන්ගන්න

ජිවිතේ කියන්නේ ප්‍රශ්ණ පත්‍රයක්. අපි ඉපදුන දවසේ ඉදලා කරන්නේ අපි ප්‍රශ්ණ වලට උත්තර හොයන ඒක..

ක්‍රිකට් වලින් පාඩමක්

මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩා පිටිය උනුසුම් වෙලා, ඒ උණුසුම තවත් එන්න එන්න වැඩි උනේ පහුගිය දවසේ ඒ කිවුවේ අගෝස්තු 24 ඉන්දියාවට එරෙහිව..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online