පුර හඳ ඇති පොහොය දිනයේ ඉතිහාසය

මේ අවුරුද්දේ වෙසක් පොහොය යෙදුනේ අප්‍රේල් මාසේ. අපිට, අපේ අම්මලට , ආච්චිලට මතක ඇති කාලෙක මේ විදියට වෙසක් පෝය මැයි මාසේ ඇරෙන්න වෙනත් මාසෙක යෙදිලා නෑ. ඒ හින්දමද මන්දා හුඟ දෙනෙක් මේ පෝය යෙදීම ගැන හුඟක් කතා බහ කළා. 

මිනිසා මේ පෝය දිනය නියම කරගන්නේ බුදු රජාණන් වහන්සේ මෙලොව පහළ වෙන්නත් කලින් ඉඳලමයිලු. ඒ කාලේ දින වකවානු බලා කියා ගන්න දින දර්ශන තිබුනේ නෑනේ. ඉතින් ඒ හින්දම හඳ දිහා බලාගෙන තමන්ගේ ගොවිතැන් බත් කරගන්න , ආගමික වතාවත් වල යෙදෙන්න මිනිසා පුරුදු වෙලා තියෙනවා.

බුදු රජාණන් වහන්සේ මෙලොව පහල වෙද්දීත් අන්‍ය තාපසවරු මේ පෝය දිනයන් තුල තමන්ගේ ආගමික වතාවත් සිදුකරමින් සිටියා. සතර පෝය බෞද්ධයින්ට වැදගත් ආගමික දිනයන් බවට පත් කරනමෙන් බුදුරජානන් වහන්සේට යෝජනා කරන්නේ බිම්බිසාර රජතුමා. ඉතින් එතුමන්ගේ යහපත් යෝජනාව අගය කරමින් බුදුරජාණන් වහන්සේ අමාවක ,අටවක, අව අටවක සහ පසළොස්වක දිනයන් බෞද්ධයින්ගේ ආගමික දිනයන් බවට පත්කළා.

මේ කාල වකවානුව වෙද්දී පසළොස්වක පෝය දිනය තුලදී සිල් සමාදන් වීම, පන්සලට ගිහින් මල පහන් පුජා කිරීම වගේ දේවල් බෞද්ධයින් සිදුකරනවා. ඒ වගේම තාමත් හතර පෝයටම පෙහෙවස් සමාදන් වෙන ගිහියන් අපි අතර නැතුවාමත් නෙමෙයි. පොහොය දිනය වැදගත් සුවිශේෂී දිනයක් බවට හේතු සාධක බුදුහාමුදුරුවෝම දේශනා කරලා තියෙනවා. ශක‍්‍ර ආදී දෙවියන් පවා පොහොය දිනයන් හි මිනිස් ලොවට පැමිණ මිනිසුන් පින් කරන හැටි බලා පී‍්‍රති වී මිනිසුන්ට ආශීර්වාදය කරන බවත් සඳහන් වෙනවා. ඒ නිසා පොහෝ දිනවල පින්කම් සිදුකිරීමෙන් පින් රැස් කරගන්නවා මෙන්ම දෙවියන්ගේ ආශීීර්වාදයත් ලබාගන්නා ක‍්‍රමයක් බවත් සැලකෙනවා.

අපේ රටේ අද වෙද්දී මාසයක් හඳුන්වන්න ඉංග්‍රීසි ක්‍රමය භාවිතා කලත් පොහොය හැඳින්වීමේදී අපි භාවිතා කරන්නේ සිංහල මාස ක්‍රමයයි. සිංහල මාස ක්‍රමය අනුව මාස 12 හඳුන්වන්නේ දුරුතු , නවම් , මැදින් , බක් , වෙසක්, පොසොන්, ඇසල, නිකිණි , බිනර, වප් , ඉල්, උඳුවප් ලෙසයි. දුරුතු මාසයේ යෙදෙන පොහොය දුරුතු පොහොය ලෙසත් වෙසක් මාසයේ යෙදෙන පොහොය වෙසක් පොහොය ලෙසත් ආදී විදිහට පුරහඳ උදාවෙන දිනය පොහොය ලෙස නම් කෙරෙනවා.

කියවන්න කැමති අයට පොහොය වර්ණනාව පහලින්

දුරුතු පොහොයජනවාරි මස යනුවෙනුත් දුරුතු මස හඳුන්වනවා. බුදුහාමුදුරුවෝ ප‍්‍රථම වතාවට ලංකාවට වැඩම කළේ මහියංගනයටය. ඒ බුද්ධත්වයෙන් නවවෙනි මාසයේ දුරුතු පුර පසළොස්වක් පෝදා බුදුන්වහන්සේගේ පැමිණීම ගැන කිපුණු ලංකාවේ සිටි යක්‍ෂ හා නාග ගෝති‍්‍රක අය පැමිණ උන්වහන්සේ සමග සටනට සූදානම් වුණා. බුදුහාමුදුරුවෝ ඔවුන්ට මිහිරි හඩින් ධර්මය දේශනා කළා. හැමෝම දමනය වුණා. ඒ ධර්මය අසා සිටිය සුමන සමන් දෙවියන් ද සෝවාන් බවට පත්වුණා. සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීම පරිදි බුදුරදුන් හිස පිරිමැද කේශධාතු මිටක් ප‍්‍රදානය කළහ. සුමන සමන් දෙවියන් ඒ කේශධාතු තැන්පත් කොට ඉඳුනිල්වන් ගලින් රියන් හතක් උසැති සෑයක් බැන්ද වූවා. මෙය තමයි ලෝකයේ ප‍්‍රථම වරට ඇති වූ චෛත්‍යය.මේ සියලු සිදුවීම් වූයේ දුරුතු පොහොය දිනයක, මිහිඳු මහ රහතන්වහන්සේට ලක්දිවට පැමිණ සදහම් බීජය වපුරන්නට ක්‍ෂෙත‍්‍රය සදා දුන් දුරුතු පොහොය අති ශ්‍රේෂ්ඨ පොහොය දවසක්.

නවම් පොහොයබුදු සසුණේත් බුද්ධ චරිතයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු ඓතිහාසික පූජනීය දිනයක් ලෙස නවම් පුර පසළොස්වක් පොහොය වැදගත් වෙනවා.සුදුස්සන්ට සුදුසු තැන ලබාදීම බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්‍ෂණයක් සැරියුත් හාමුදුරුවන්ට හා මුගලන් හාමුදුරුවන්ට අගසව් තනතුරු දීම ඊට හොඳම නිදසුනක්. මුලින් පැවිදි වූ භික්‍ෂූන් සිටිය දී ළඟදී සසුනට ඇතුළු වූ සැරියුත් - මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු දීම ගැන ඇතැම් භික්‍ෂූන් දොස් නැගුවා.සැරියුත් - මුගලන් දෙනම සංසාරයේ දීර්ඝ කාලයක් අගසව් තනතුරු පතාගෙන ඒ සඳහා අවශ්‍ය පින් රැස්කරගත් නිසා එම තනතුරුවලට සුදුස්සන් ඒ දෙනම ම බව බුදුහාමුදුරුවෝ පැහැදිලි කළ සේක. සම්බුද්ධ ශාසනයෙහි ප‍්‍රථම වරට මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් නවම් පසළොස්වක් පොහෝ දවසක. තථාගතයන්වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය වදාළේත් නවම් පුණු පොහෝ දිනයක. ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය කියන්නේ භික්‍ෂූන්වහන්සේලාට හික්මීම පිණිස අවශ්‍ය විනය මාලාව, අල්පායුෂ්ක බුදුවරුන්ගෙ ශාසනවල ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය වදාරන්නේ මුල් අවුරුදු විස්ස තුළය. ගෞතම බුද්ධ ශාසනය ද එවැන්නක්. අතීතයේ ලොව පහළ වූ විපස්සී නම් බුදුන් අවුරුදු අසූදහසක් ද, සිඛී නම් බුදුන් අවුරුදු හැත්තෑදහසක් ද, කකුසඳ බුදුන් අවුරුදු හතළිස් දහසක් ද, කෝණාගම බුදුන් අවුරුදු තිස්දහසක් ද, කාශ්‍යප බුදුන් අවුරුදු විසිදහසක් ද, පරමායු විඳ ඇත. ගෞතම බුදුන්ගේ ආයු කාලය අවුරුදු අසූවකි. මෙතෙක් කාලයකින් පිරිනිවන්පාන්නේමියි. කාලය සීමාකර ගැනීම ආයු සංස්කාරය හැරීමයි. එය ද සිදුවුණේ නවම් පුර පසළොස්වක දවසකය.

මැදින් පොහොයහේමන්ත ඍතුවේ මැදින් මස නොහොත් මාර්තු මාසයේ පුර පසළොස්වක පොහොය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳව අසිරිමත් සිදුවීම් සිහිකෙරෙන දිනයක්.බුදුරදුන් විසිදහසක් පමණ මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන රජතුමා ඇතුළු තම ඥාතීන්ගේ සිත සුව පිණිස කිඹුල්වත්පුරයට වැඩම කළේ මැදින් පොහෝ දවසක.පියරජු අනාගාමී වීම, යශෝදරාව සැනසීම, නන්ද හා රාහුල කුමරු පැවිදි වීම, ඥාතීන්ගේ මානය නැති කිරීමට යමාමහ පෙළහර පෑම හා ඔවුන් යහමගට යොමු කරවීම මේ ගමනේ අතුරු ඵල හැටියට සඳහන් කරන්න පුළුවන්.

බක් පොහොයබක් මාසය නොහොත් අපෙ‍්‍ර්ල් මාසය අප කාගේත් සිත්සතන් සොම්නස් සුවයෙන් සැනසෙන මාසයක්. බුදු සිරිතේ ද අසිරිමත් සිදුවීම් අප මනසට නැගෙන්නේ හදවත අමා සිසිලට පත් කරමින්.මේ සුන්දර දිවයින දෙවැනි වරටත් බුදු සිරිපා පහසින් පිවිතුරු බවට පත් වුණේ බක් පොහෝ දවසක.චූලෝදර, මහෝදර යන නා රජුන් දෙදෙනා අතර මැණික් පුටුවක් අරබයා ආරවුලක් ඇති වුණා. මේ ආරවුල බුදුන්වහන්සේ දිවැසින් දුටුසේක. උන්වහන්සේ ඔවුන් කෙරෙහි කරුණාවෙන් ඔවුන්ට සුවසෙත සලසනු පිණිස බක් මස අව පසළොස්වක දා අළුයම ඍද්ධියෙන් නාගදීපයට වැඩි සේක. ඒ බුද්ධත්වයෙන් පස්වෙනි වර්ෂයේ.මේ ගමනට දෙව්රම් දොරටුවේ කිරිපලු රුක අරක්ගෙන සිටි සමිද්ධි සුමන නම් දෙවියා තමාගේ වාස භවනය වන කිරිපලු වෘක්‍ෂය ජත‍්‍රයක් මෙන් ඔසවා ගෙන ආවා. මහෝදර නා රජුගේ මාමා වූ මණිඅක්ඛික නාග රාජයා කැලණියේ සිට බෑනාට උදව් පිණිස පැමිණ සිටියා. බුදුරදුන්ගේ ප‍්‍රථම ලංකා ගමනෙදී බණ අසා සරණ සිල් පිහිටා සිටි මණිඅක්ඛික නා රජු එදින බුදුන්වහන්සේට තමාගේ වාස භවනය වූ කැලණියට වඩින ලෙස ආරාධනා කළා. මෙම ඓතිහාසික සිද්ධිවලින් ශ්‍රේෂ්ඨතවයට පත් බක් පෝය පී‍්‍රතිය උපදනා දිනයකි.

වෙසක් පොහොයබුදුරජාණන්වහන්සේ ලොව පහළ වීම, බුද්ධත්වයට පත්වීම, පිරිනිවන් පෑම යන ති‍්‍රවිධ මංගල්‍ය සිදුවුණේ වෙසක් පෝය දා බව ඔබ දන්නවා.ගෞතම බුදු පදවිය සඳහා සුමේධ තවුස්ව, දීපංකර බුදුරදුන්ගෙන් විවරණ ලැබුවේ ද වෙසක් පෝදාක. බුද්ධත්වයෙන් අටවන අවුරුද්දෙහි මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කොට කැලණිය ශී‍්‍ර පාදස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් කළ උතුම් දවස වෙසක් පුන් පොහෝ දාය.සුමන සමන් දෙවිඳුගේ ආරාධනයෙන් සමනළ සිරස මත ශී‍්‍ර පාද ලාංඡනය පිහිටුවීම. සොළොස්මස්ථාන නමින් හඳුන්වන ස්ථාන දහසයහිම සමවත් සුවෙන් වැඩහිඳ පුදබිම පිරිසිදු කිරීම සිදු කළෙත් වෙසක් පෝ දා. සිංහල ජනවංශයේ ආදිතමයා වන විජය කුමරු හත්සියයක් පිරිස සමඟ ලාට රට සිට ලක්දිවට පැමිණියේ ද වෙසඟ දිනයක බව වංශ කතාවල සඳහන් වෙනවා.දේවානම්පියතිස්ස රජු දෙවැනි වර රාජාභිශේක ලැබීම, දුටුගැමුණු මහ රජු රුවන්වැලිසෑයට විසා නැකතින් මුල්ගල් තැබීම ද සිදුවුණේ උතුම් වෙසක් පුර පසළොස්වකදා ය.

පොසොන් පොහොයමිහිඳු මහරහතන්වහන්සේ විසින් සම්බුද්ධ ධර්ම දායාදය ලක්දිවට ගෙනවුත් ලක්දිව බුද්ධ ශාසනය පිහිටුවීම සිදුවුණේ පොසොන් පොහොය දාය.දෙවනපෑතිස් නිරිඳු ඇතුළු හතළිස්දහසක් පිරිසකට චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය දේශනා කිරීම, භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කරවීම සිදුවුණෙත් පොසොන් පෝ දා.කෙටියෙන් සඳහන් කරතොත් නිර්මල සංස්කෘතියක් හා සභ්‍යත්වයක් ඇති ශිෂ්ට සම්පන්න අදීන ජාතියක් වශයෙන් සිංහල ජාතිය ලොව පුරා පැතිර ගියේ මේ උතුම් පොසොන් දවසේ සිදුවූ උත්කෘෂ්ඨ සිදුවීම් නිසාය.

ඇසළ පොහොයසුද්ධෝදන ශාක්‍ය රජතුමාගේ අග මෙහෙසිය වන මහාමායා දේවිය කුස සිදුහත් කුමරු පිළිසිඳ ගත්තේ ඇසළ පුණු පොහෝ දිනකය.ගිහිගෙය අතහැර අභිනිශ්ක‍්‍රමණය කිරීම, ප‍්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම, ගණ්ඩම්බ රුක්ඛ මූලයෙහි දී තීර්ථකයන් දමනය කිරීම සඳහා යමාමහ පෙළහර පෑම, තව්තිසා දෙව්ලොවට වැඩ මාතෘ දිව්‍යරාජයාට විජම් බණ දෙසීම වැනි බුදු සිරිතේ ඉතා ඓශ්චය¸මත් සිදුවීම් සිදුවුණේ ඇසළ පුර පසළොස්වක දාය.රාහුල කුමරුන්ගේ උපත සිදුවී ඇත්තේ ද මෙදිනයි. බුද්ධ පරිනිර්වාණයෙන්තෙමසකට පසු මහා කාශ්‍යප මහරහතන්වහන්සේ ප‍්‍රධාන රහතන්වහන්සේලා පන්සියයක් සහභාගීත්වයෙන් අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහනුවර වේහාර පර්වත මූලයෙහි දී ප‍්‍රථම ධර්ම සංගීතිය පවත්වා ඇත්තේ ද ඇසළ පෝ දාකය.ලංකාවේදී ප‍්‍රථම වස් සමාදානය සිදුවී ඇත්තේ ද මෙවැනි දිනකය. බු: ව: 847 දී කිත්සිරි මෙවන් රජු දවස කළිඟ රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් ගෙනෙන ලද දළදා ස්වාමීන්වහන්සේ පළමු වරට ප‍්‍රදර්ශනය කළේත් ඇසළ පොහෝ දවසකයි.කීර්ති ශී‍්‍ර රාජසිංහ රජතුමා සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු සංඝයා ගෙන්වා ලක්දිව උපසම්පදා කම¢ය ඇතිකිරීම ද ඇසළ පෝදා විශේෂ සිදුවීමකි.කතරගම, දෙවිනුවර, මහනුවර, රත්නපුර, ඇම්බැක්කේ, අලුත්නුවර, බෙල්ලන්විල පෙරහැර පැවැත්වීම ද ඇසළ පෝය දා සිදුවේ.

නිකිණි පොහොයභික්‍ෂූන්වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියමව ඇත. එම දින හඳුන්වන්නේ පෙර වස පසු වස යනුවෙනි. ඇසළ පුනු පොහෝ දිනයේ පෙහොය කොට ඇසළ අවපෑළ දිනයේ පෙර වස් එළඹිය යුතුය. නිකිණි පුන් පොහෝ දා පෝය කොට නිකිණි අව පෑලවිය දා පසු වස් එළඹීම කළ යුතුය. ධර්ම භාණ්ඩාගාරික වූ ද අග‍්‍ර උපස්ථායක වූ ද ආනන්ද හාමුදුරුවන් රහත් බවට පත් වූවේ ද නිකිණි පෝදාය.වංශ කතා අනුව බුදුන්වහන්සේගේ ලලාට ධාතුව නිධන් කොට සේරුවිල චෛත්‍ය තැනීමේ ඇරඹුම වූයේ ද නිකිණි පොහෝ දිනයකයි.

බිනර පොහොයබුදුරජාණන්වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කොට තනා ඇති සේරුවාවිල මහා සෑයේ වාර්ෂික පින්කම පැවැත්වෙන්නේ බිනර පොහොය මුල්කරගෙනය. මෙදින වස් කාලය බැවින් සියලුම විහාරස්ථානවල විවිධ පින්කම් පැවැත්වේ. මෙම පින්කම්වලට බෞද්ධ පින්වතුන් සහභාගීවන්නේ ඉතා ඕනෑකමිනි.සරත් ඍතුවේ ආරම්භය ද බිනර පුර පසළොස්වක් පොහොයයි. සරත් ඍතුව ස්වාභාවික සෞන්දර්ය රසයෙන් අවට පරිසරය පවා ආලෝකවත් වන සමයකි.

වප් පොහොයපුරා තුන්මසක් මුළුල්ලේ සක් දෙවි රජුන්ගේ පඬුපුල් අසුනේ වස්වසා වැඩ සිට වස් පවාරණය කොට බුදුරදුන් සංකස්ස පුරයට වැඩම කළේ වප් පොහෝ දවසකය.අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේගේ නියමයෙන් දෙවන පෑතිස් රජුගේ සංදේශයත් තුටු පඬුරුත් රැගෙන ලක්දිවින් අරිෂ්ඨ කුමරුන් ප‍්‍රමුඛ දූත පිරිස දඹදිව පැළලුප් නුවර ධර්මාශෝක රජු හමුවනු පිණිස පිටත්ව ගියේ වප් පුනු පොහෝ දවසකය. මිහිඳු මහ රහතන්වහන්සේගේ අනුදැනුම ඇතිව මහාරිට්ඨ මහ රහතන්වහන්සේ ථූපාරාම විහාරයේ දී මහා සංඝයා පිරිවරාගෙන විනය පිටකය සංගායනා කළේත් වප් පොහෝ දවසකය.සැරියුත් හිමියන් නුවණින් අගතැන් ලැබීම, මෙතේ බෝසතුන් සසුනෙහි පැවිදි බව ලැබීම මේ ආදී කරුණු රැසක් නිසාම වප් පුර පසළොස්වක් පොහොය වැදගත් වේ.

ඉල් පොහොයවස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුර පසළොස්වක් පොහොයයි. මෛති‍්‍රය බෝධි සත්වයන්වහන්සේ විවරණ ලැබීම, ප‍්‍රථම ධමර්‍දූත පිරිස වන රහතන්වහන්සේලා හැටනම ධමර්‍ප‍්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, චීවර මාසයේ අවසාන පොහොය වීම, සැරියුත් මහ රහතන්වහන්සේගේ මව ධම¢ය අසා සෝවාන් වීම, සැරියුත් මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑම, ඉල් පොහොය දා සිදු වූ සුවිශේෂ සිදුවීම්ය. මෙම සිදුවීම් නිසා ඉල් පොහොය බෞද්ධයන්ට වැදගත් වේ.

උඳුවප් පොහොයදෙවන පෑතිස් මහ රජුගේ ආරාධනය අනුව සංඝමිත්තා රහත් මෙහෙණින්වහන්සේ ශීී‍්‍ර මහා බෝධි දකුණු ශාඛාව ලංකාවට වැඩම කළේ උඳුවප් පොහෝදාය.ලංකාවේ මෙහෙණි සස්න ආරම්භ වීම සිදුවූයේ ද මෙදිනය. මේ නිසා  ලාංකික කාන්තාවන්ට ලැබුණු නිදහස අපමණය.බෝධීන්වහන්සේ වැඩම කරවීම නිසා බෝධි පූජා පැවැත්වීම ද ආගමික චාරිත‍්‍රයක් බවට පත්විය. මේ අනුව උඳුවප් පොහොය ද ශී‍්‍ර ලාංකික බෞද්ධයන්ට අතිශය වැදගත් දිනයක් බව කිව යුතුය.


ඇයි අපි අපේ හිතේ පවතින තරහ අමතක කල යුත්තේ?

එදිනෙදා ජිවත් වෙද්දී අපිට එක එක පුද්ගලයින් සමඟ එක එක සිදුවීම් නිසා හිතට තරහව ඇතිවෙනවා. නමුත් කාලයක් යනකම් තරහව හිතේ රඳවාගෙන ඉන්න එක නම් එතරම් හොඳ දෙයක් නෙමෙයි

මව්කිරි විකුණන කාන්තාවක්

දරුවෙක් ඉපදුන මුල් කාලයේ එම මවට මව්කිරි නිෂ්පාදනය වීම සාමාන්‍ය සිදුවීමක් . ඒත් මේ කාන්තාවට නම් එය සාමාන්‍ය දෙයක් නෙමෙයි..

Jazz සංගීතයට කැමති මෝරු

ඕස්ට්‍රේලියානු පර්යේෂකයින් පිරිසක් කියනවා මෝරුන් ජෑස් සංගීතයට හුඟක් කැමතියි කියලා.

චීන සිසුන්ගේ හැසිරීම මනින මුහුණු තාක්ෂණය

චීනය කියන්නේ පුදුමාකාර විදියට තාක්ෂණික ජයග්‍රහණ සහ පර්යේණ අතරින් ඉදරියට යන රටක් .ඒ අනුව චීනයේ උසස් පාසල් වලට

රාජකිය මංගල්‍යට ආරාධනා ලැබූ පරණ පෙම්වතියෝ

බ්‍රිතාන්‍යයේ කිරුල හිමි චාර්ල්ස් කුමාරයාගේ සහ ඩයනා කුමරියගේ දෙවැනි පුතු හැරි ගේ රාජකීය විවාහ මංගල්‍යය පසුගිය සෙනසුරාදා ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් අවසන් උනා .

දීපිකා පදුකෝන් යුග දිවියට

මේ අවුරුද්ද කියන්නේ විශේෂයෙන් බොලිවුඩයට මංගල සීනු හැඩවෙන කාලයක් පහුගිය සතියේ සුපිරි නිළියක වන සෝනම් කපුර් විවාහ වීමත් සමග තවත් මගුල් පොරොන්දුවක් මාධ්‍යට ලැබුනා ඒ

රුසියාවට එන ක්‍රීඩා ලෝලීන්ට ලිංගික රොබෝවරු

එළබෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සමගාමිව රුසියාවට එන ක්‍රිඩාලෝලීන් පිනවීම සදහා රොබෝ ගණිකා නිවාසයක් නිර්මාණය කිරීමට රුසියානු ව්‍යාපාරිකයන් පිරිසක් සුදානම් වෙනවා

බ්‍රිතාන්‍යයේ මහ රැජිණගේ සුරතලාට වුන දෙයක්

බ්‍රිතාන්‍යය මහා රැජිණ එලිසබෙත් තමන්ගේ සුරතලුන් විදියට වඩාත් ප්‍රිය කරන්නේ කෝගී වර්ගයේ සුනඛයින් බව අපිට නුපුරුදු වුනත් බ්‍රිතාන්‍ය ජනතාවට නම් අරුම පුදුම දෙයක් නෙමෙයි.

2 වසරේ ළමයි ටිකක් ටීචර්ට දුන්න තෑග්ග

ඔක්ලහෝමා බ්ලැක්වෙල් පාසලේ දෙවෙනි වසරට උගන්වන ගුරුවරියක් තමයි හේලි කර්ෆ්මන් කියන්නේ. මෙයා තමන්ගේ සිසු සිසුවියන්ට උගන්නනේ හරිම කලාත්මක සහ නිර්මාණාත්මක විදිහට.

සෝනම් කපූර්ගේ විවාහයේ ඡායාරූප සහ වීඩියො

සෝනම් කපුර් කියන්නේ බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ය ජනප්‍රිය රංගන ශිල්පී අනිල් කපුර්ගේ ආදරණිය දියණියයි. ඇය පහුගිය මමැයි මස 8 වෙනි දින ඉන්දියානු ව්‍යාපාරික ආනන්ද් අහුජා සමඟින් විවාහ වුනා.

අලුත් ජනාධිපතිට අලුත් කාර් එකක්

හතරවන වරටත් රුසියාවේ ජනාධිපති සටනින් ජය ගත් ව්ලැදිමීර් පුටින් පිළිගන්නට සිටින අමුත්තන් අතරට ඔහුගේ කාර්යාලයට අලුත් කෙනෙක් ඒවා තිබුනා

Temi - පෞද්ගලික රොබෝවරයා

ඔන්න 2018 අවුරුද්දේ ළඟදීම දවසක අපි අතරට එන්න ඉන්න කෙනා තමයි Temi කියන්නේ. මෙයා තමයි ලෝකේ පලවෙනි පෞද්ගලික රොබෝවරයා. Temi හරිම බුද්ධිමත්.

පුර හඳ ඇති පොහොය දිනයේ ඉතිහාසය

මේ අවුරුද්දේ වෙසක් පොහොය යෙදුනේ අප්‍රේල් මාසේ. අපිට, අපේ අම්මලට , ආච්චිලට මතක ඇති කාලෙක මේ විදියට වෙසක් පෝය මැයි මාසේ ඇරෙන්න වෙනත් මාසෙක යෙදිලා නෑ. ඒ හින්දමද මන්දා හුඟ දෙනෙක් මේ පෝය යෙදීම ගැන හුඟක් කතා බහ කළා.

Cambridge Analytica අවසානයි

පසුගිය කාලය පුරා ලොව පුරා මහත් ආන්දෝලනාත්මක කතාබහට ලක්වූ කේම්බ්‍රිජ් ඇනලිටිකා නම් දේශපාලනික උපදේශන සපයන ආයතනය වසා දමන්ට බලධාරීන් තීරණය කර තිබෙනවා .

U.S.N.S Mercy ත්‍රිකුණාමලයට ඇවිත්

ඇමරිකාවේ නාවික ජංගම රෝහල් නෞකාවක් මේ වෙද්දී ත්‍රිකුණාමල වරායේ නවතා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාව සතුව තියෙන ජංගම රෝහල් නෞකා 2කෙන් එකක් තමයි මේ විදියට ත්‍රිකුණාමල වරායට ඇවිත් තියෙන්නේ.

Google හඳුන්වා දුන්න Google Home Max ගැන දැනගන්න

Google Home Max කියන්නේ Smart Speaker එකක්. Apple සමාගමේ Home Pad එකට තරඟයක් දෙන්න පුළුවන් විදියට තමයි google සමාගම මේ Google Home Max කියන උපාංගය හඳුන්වලා දෙන්නේ.

සෝනම් කපුර් විවාහ දිවියට

ජනප්‍රිය සුරිපි නිලි සෝනම් කපුර් ගැන නොදන්නා කෙනෙක් මේවෙනකොට අපේ රටෙනම් නැතුව ඇති .මොකද එතරමට සෝනම් රගපාපු චිත්‍රපට සහ සංගීත වීඩියෝ ලෝකේ පුරාම ජනප්‍රියයි .

බොළඳ කතාවක් - 01

විහස් කියන්නේ ගමෙන් නගරෙට ආපු ඉගෙන ගන්න දක්ෂ අහිංසක කොල්ලෙක්. සෙනුරි කියන්නේ කොළඹ හැඳුන පෝසත් පවුලක කෙල්ලෙක්. මේ තියෙන්නේ මේ දෙන්නගේ කතාව. අපේ කාලේ තරුණ හදවත් වල කතාව

අන්තර් ජාලය සොයා ගත්තේ අපි ඉන්දීය ඇමති වරයෙක් කියයි

මේ දවස්වල අන්තර් ජාලය කියන්නේ මුළු ලෝකයටම නැතුවම බැරි අංගයක් . ලෝකය පුරාම මිලියන ගණනක් නිරන්තරයෙන් අන්තරජාලය තුල තොරතුරු සොයමින් සැරිසරනවා .ඔය අතර වාරයේ

ක්‍රිස් ගේල් ගෙන් තවත් නැටුමක්

ප්‍රවීන කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් මේ දවස්වල IPL තරගාවලියට සහභාගිවන්නට ඉන්දියාවට ඇවිත් තියෙන අතරවාරයේ අපුරු නැටුමක් ඉදිරිපත් කර තිබෙනවා .

බොලිවුඩ් සිහින කුමරා ඉටි වෙයි

හින්දි සිනමාවට ලොල් කරන සියලුදෙනා ආදරයෙන් වැලද ගත් ශාරුක් ඛාන් ගේ ඉටි රුවක් දිල්ලියේ පිහිටුවා ඇති Madame Tussauds කෞතුකාගාරයේ එලි දක්වනු ලැබුවා .

අසු පිට යාම මරණය කැදවයි

ඉන්දියාව කෙතරම් දියුණු සමාජ ක්‍රමයක් සතු උනත් තවමත් කුල ක්‍රමය පිලිබදව පවතින මතබේදවල අවසානයක් නැහැ.මෙම කුල දඩයමේ අලුත්ම බිල්ල වන්නේ ප්‍රදීප් රතොඩ් නම් 21 හැවිරිදි තරුණයෙක් .

Zero සහ ශාරුක්

පහුගිය දවස්වල හින්දි සිනමාවේ සිහින කුමරා තමා රංගනයෙන් දායකත්වය සැපයු වෙනස්ම ආකාරයේ සිනමා පටයක් ගැන බොහොම අසාවෙන් කතාකරනු ලැබුවා ..

රියදුරන් නොමැතිව ධාවනය කල හැකි රථයක් 2022 දී

ස්විස්ටර්ලන්තයේ පැවැත්වූ ජීනීවා මෝටර් රථ ප්‍රදර්ශනයේ දී Renault සමාගම රියදුරෙකු නොමැතිව ධාවනය කළ නොහැකි මොටර් රථයක් හඳුන්වා දී තිබෙනවා.

ෆර්හාන් අක්තාර් සිය ෆේස්බුක් ගිණුම මකා දමයි

ජනප්‍රිය බොලිවුඩ් නළු ෆර්හාන් අක්තාර් සිය ෆේස් බුක් ගිණුම මකා දමා තිබෙනවා. අද උදෑසන ට්විටර් පණිවිඩයක් එක කරමින් ඔහු සිය රසිකයන් දැනුවත් කර තිබෙනවා.

කිඹුලන්ට වඳින පුදන අමුතුම උත්සවයක් මෙන්න ..

කාලයක් තිස්සේ නොපවත්වපු මේ අමුතුම විදිහේ උත්සවය හඳුන්වන්නේ sheedi Mela කියලයි. මේ විශේෂ උත්සවය පැවැත්වෙන්නේ පකිස්තානයේ .

පුටින් ආයෙමත් දිනුම්

2000 වසරේ සිටම රුසියාවේ පාලන බලය තමා සතු කරගන්න වලැද්මියර් පුටින්ට හැකියාව ලැබුනා. ඊයේ දිනයේ දී පැවති ජනාධිපතිවරණයෙන් 2024 දක්වා රුසියාවේ පාලන බලය පුටින් සතු කරදීමට එරට ජනතාව තීරණය කර තිබුනා.

සිංහල අවුරුද්දට කලින් කියවන්න.

සිංහල අලුත් අවුරුද්ද ගැන දැන් ටික ටික කතා කරන්න පටන් අරන්. දැන් ඉතින් හුඟ දෙනෙක් අවුරුද්ද ලං වෙනකොට බලාපොරොත්තුවෙන් ඉන්නේ බෝනස් එක අතට හම්බ වෙයි කියලා.

විරාත් කෝලී ගේ බැට් එකෙන් ඉන්දියාවට ගහන්න එන Danielle Wyatt

සුපිරි ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි මේවන විට ලෝකයේම ඉතාම ජනප්‍රිය තරුවක් වෙලා අවසන් .පසුගියදා ඔහුගේ විවාහයත් සමගින් එය දෙගුණ තෙගුණ වී තිබෙනවා .කෙසේ නමුත් අනුෂ්කා ශර්මටත් කලින් විරාත් කෝලිට විවාහ යෝජනාවක් කර තිබෙන එංගලන්ත ක්‍රීඩිකාවක් පිලිබද මේ

ආච්චි අම්මා හදන තාලේටම රසකැවිලි කන්න මියුනික් එන්න

ඕනෑම කෙනෙක් වැඩිහිටියෝ උනහම වැඩියෙන්ම උත්සාහ කරන්නේ පුංචිකාලේ රසකර කර කාපු කැම වර්ග හොයා හොයා කන්න .විශේෂයෙන් රසකැවිලි වර්ග ගොඩක් ඒ අතරේ තියෙනවා .

ගැලිලියෝ ගැලිලිගේ මරණය සැමරුමේ ඉපදී අයිස්ටයින් ගේ උපන්දිනයදා සමුගත් මහා මිනිසා

වීර්යය සහ අප්‍රමාන ධෛර්ය පිළිබද ලෝකයෙන් සොයාගත් වටිනාම උදාහරණය ස්ටීවන් හොර්කින් නම් කීර්තිමත් භෞතික විද්‍යාඥයා පසුගිය 14 වනදා ජිවිතයට සමු දුන්නා .මානව සංහතියේ පැවැත්ම උදෙසා මහා මෙහෙයක් කල මොහු මියයන විට 76 වන වියේ පසු උනා .

මම තමයි සිංහල සිනමාවේ නර්තන රැජිණ..

අපි මේ ලෝකෙට බිහි වෙන්නේ කිසිම දෙයක් නැතුව කියන එක බොරු කතාවක් ..අපි බිහිවෙනකොට අපේ අතට අපි දෙයක් අරගෙන උපදින්නේ..මේ ලෝකේ ජීවත් වෙන හැම මනුස්සයෙක්ම මොකක් හරි දේකට දක්ෂයි..

ප්‍රවීන ගායන ශිල්පිනි අයිරින් ද අල්විස් දිවියෙන් සමු ගනී

දශක පහකට අධික කාලයක් සිංහල සංගීතය සිය හඩින් නොමද මෙහෙයක් සිදු කල ප්‍රවීන ගයන ශිල්පිනි අයිරින්ද අල්විස් මහත්මිය අද අප අතරින් සමුගෙන ගියා

ලෝක වනජීවී දිනය

තර්ජනයට ලක් වූ වන ජීවින් රැක ගැනීම සදහා 2013 මාර්තු 03 වෙනදා ඉදිරිපත් වූ යෝජනාවක් අනුව මෙය ප්‍රකාෂයට පත් වුනා ..

පාරි Hit කරන්න අනුශ්කාට කෝලිගෙන් සහාය

අනුෂ්කා ශර්මා සමග විරාට් කොලිගේ විවාහය පසු ගිය කාලය පුරාම සිනමාව මෙන්ම ක්‍රීඩා ලෝකය කලබවන්නට සමත් උනා .විවාහයෙන් පසුව අනුශ්කාගේ පළමු චිත්‍රපට ය වන පාරී එලිදෙක්වෙන දිනයේ ප්‍රචාරක කටයුතු සදහා සුපිරි ක්‍රිකට් තරුවක් වන විරාට් කෝලි පැමිණ සිටීම විශේෂයෙන් කැපී පෙනුනා

රජිනි කාන්ත්ගේ කාලා ආරංචිය ඉන්දිය සිනමාව කලබයි

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරිතම තාරකාව වන රජිනි කාන්ත් රගපාන නවතම චිත්‍රපටය වන KAALAහදුන්වාදීමේ වීඩියෝ පටය නිකුත් වීමත් සමග දකුණු ඉන්දිය සිනමා රසිකත්වය කැලැබී තිබෙනවා.

මම හිතන්නේ ගීත රචකයාට තැන ලබාදිය යුත්තේ ගීත රචකයාමයි

අත පය හතර හොඳට තියනවා නම් අපිට පුළුවන් කාටවත් අතනොපා එදා වේල කාල බීලා හොඳ ජීවිතයක් ගත කරන්න..ලෝකේ තියන වෘත්තීන් වලින් ගත්තොත් කටින් හම්බකරන පිරිසකුත් ඉන්නවා..අතින් හම්බ කරන පිරිසකුත් ඉන්නවා..ගායකයෙක්,නිවේදකයෙක් කටින් හම්බ කරනකොට,හොඳට ලියන්න දන්නා ලේඛකයෝ අතින් හම්බ කරනවා..ඒ තමයි කලාවේ හැටි..

නයිල් නදියට අපහාස කල ඊජිප්තු ගායිකාව හිරේ

ලෝකයේ දිගම ගංගාව ලෙස සැලකෙන නයිල් නදිය පිළිබද ඊජිප්තු ජාතිකයන් සමග පවතින්නේ ඉතා ගෞරවනිය සබැදියාවක් .තත්වය එහෙම තිබියදී ..

ජිවිතේ ඕනිම වෙලාවක් නැකතක් කරගන්න

කාලය රන් හා සමානයි කියල අපි ඉගෙනගත්තේ පුංචි කාලෙනේ නේද?ඒකට හේතු කරනා ගොඩක් තිබුනත් පොදුවේ අපි හැමෝම දන්නවා කාලය කියන දේත් ගෙවුණු පසු යලි ලබා ගත නොහැකි දෙයක් බව.ඒ බව දැන දැනත් කොයි තරම් කාලය අපි අපතේ යවනවද?කාලයේ වටිනාකම ගැන කාලය අපතේ නොයා අද මට කතා කරන්න හිතුනා

වියදං මුදල් කලීන්ම ගත්තා

එක පිටිසර ගමක දුප්පත් අම්මා කෙනෙක් ජිවත් වුණා. මේ අම්මට පුත්තු තුන්දෙනෙක් හිටියා. පුංචිම පුතාට ඇවිදගන්න බැරි අසනීපයක් තිබුණා.අනිත් දෙන්නා සුවසේ ජිවත් වුණා. තම තාත්තගේ ද සෙනෙහස රැකවරණය අඩුවක් නොකරම තම ළමයින් හට ලබා දෙන්නට මේ අම්මා නොගත්ත්තු උත්සහයක් නැහැ...... කාලය ගෙවිලා ගියා..

දවසේ වැඩ ටික කරගන්න ඔයාටත් කාලේ මදිද?

දවසේ වැඩ කරගන්න පැය 24 ක් මදි කියලා ඔයා කියනවා නම් මම කියනවා නෑ ඒක බොරුවක් කියලා. ජිවිතේ හරි සරලව විඳින්න තියෙද්දී අපි ඒ ජීවිතේ ඕනෙවටත් වඩා සංකිර්ණ කරගෙනයි ඉන්නේ.

කුහුඹු කතාවක්

කුබියා ඉතා කුඩා සතෙක් උනත් උගේ ජිවන රටාව අපේ ජිව්ත්වලට හරි වැදගත් පඩියක් නැතිව ජිවිත කාලෙම මහන්සිවෙන මේ සතා හරිම පුදුමාකාර සත්වයෙක් .කුහුඹු ජානාවාස වල ප්‍රධාන වශයෙන් හදුනා ගත හැකි කොට්ටාශ කිහිපයක් සිටිනවා .

2016 දී ලංකාවේ තිබ්බ ඒ ringtone රැල්ල මම කැඩුවා

ගීතයක් ගායනා කිරීමේ හැකියාව කෙනෙක්ට පිහිටන්නේ උප්පත්තියෙන්මයි..ඒ පිහිටීම තවත් ඔපමට්ටම් කරගෙන ඉස්සරහට ගිහින් රටේ තරුවක් වෙන එක තමන්ගේ අතේ තියන වැඩක්..නමුත් සංගීතය කියන්නේ ගීතයක් ගායනා කරන එකම විතරක් නෙවෙයි..hiphop Rap කියන music කාණ්ඩයට ලංකාවේ තරුණ පිරිසගේ හොඳ කැමත්තක් තියනවා..

සිංහයා එක්ක කතා කරන්න කුඩුවට පැන්න මුරුගන්

මිනිස්සු සමහර වෙලාවට කරන්නේ හරි අපුරු දේවල් වෙලාවට මිනිස්සු හිතන පතන දේවල් තේරුම් ගන්න එක හරි අමාරු වැඩක්. පහුගිය බදාදා කේරලයේ තිරුවනන්තපුරම් සත්වෝද්‍යානයේ හරි කල බලයක් ඇති උනා

ගුවන් විදුලි වැඩසටන අතර දරු ප්‍රසුතියක්

එදා ඉදන් මේ වෙනකන් ලෝකේ පුරාම ගුවන් විදුලි වැඩසටහන් සහ අසන්නන් අතර තියෙන්නේ පුදුමාකාර සබැදියාවක් .වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදක නිවේදිකාවන් සහ අසන්නන් කට යුතු කරන්නේ මිතුරන් වගේ.පහුගිය දවසක ඇමරිකාවේ

ලෝකෙටම තුන් දෙනයි

සන්නිවේදනය කියන්නේ ලෝකයේ පැවැත්ම සදහා නැතුවම බැරි සාධකයක් .විශේෂයෙන් අදහස් හුවමාරු කර ගැනීමේදී අපේ ජිවිත වලට භාෂාවෙන් කෙරෙන්නේ පුදුමාකාර කාර්ය භාරයක් .

මලාවි රාජ්‍යයේ ජනාධිපතිකමට මැඩෝනාගෙන් පුතෙක්

තමාගේ දරුවා කවද හරි රජෙක් වෙනු දකින එක ඕනෑම අම්ම කෙනෙක් ගේ සිහිනයක්. ඒ වගේ අපුරු සිහිනයක ඉන්න ලෝකප්‍රකට ගායන ශිල්පිනි මැඩෝනා ගැන BBC ය , අද අනාවරණය කළා .

හිමාලයෙන් මතුවූ පාවෙන පීරිසිය

ගත වුන කාලය පුරාම ලෝකයේ විවිධ ස්ථානවලින් විවිධ කාලවල පියාබන පිරිසි එහෙම නැත්නම් පිටසක්වල යානාවන් පිළිබද වාර්තාවී තිබුනා .

සතුටෙන් සිටීමේ ක්‍රම පහක්

ජීවිතේට සතුට කියන දේ කොයිතරම් වැදගත්ද? ඒ සතුට අපි කොහොමද උපාය ගන්න ඕනේ මේ ඒ ගැනයි..

එදාටවත් ආදරේ කරගන්න පුළුවන් උනානම්

අපි කාලෙන් කාලෙට එක එක දේවලට දවස් නියම කරගන්නවනේ නේද?එකෙන් බොහෝ දෙනෙක් බලන් හිටිය වසරකට සැරයක් එන වැලන්ටයින් එකත් පහු ගිය දවසක ආවනේ නේද?



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online