සාරි පොටක් ගිය දුරක්

ශ්‍රී ලංකාව කියලා කියන්නේ හරි වෙනස් ජාතියක් ජීවත් වෙන රටක් කියලා අපිට හැමතිස්සේම අහන්න ලැඛෙනවා. ඒ ලෝකේ අනෙක් රටවල පුද්ගලයන් නොකරන ඇතැම් දේවල් අපි අත්හදා බලන්නට යාම හේතුවෙන්. මේ වගේ එක්තරා උත්සාහයක් නිසා මේ දිනවල රටේ ඇතිවෙලා තියෙන කථා බහ නම් සුලුපටු නැහැ. ලෝකයේ දිගම සාරිපොටේ හිමිකාරිය බවට පත්වීමේ අරමුණින් මහනුවර එක්තරා තරුණියක් පසුගිය දිනක අපූරු උත්සාහයක් තබන්න සැලසුම් කලා. මේ සාරි පොටේ දිග මීටර් 3200 ක්. ඒක එතනට රැගෙනවිත් තිබුණෙත් ලොරියක පටවාගෙන. හැබැයි එතනින් එහාට උනු දේවල් ගැන කථා කරන්න තියෙන්නේ නම් එතරම් සතුටුදායක පුවතක් නෙවෙයි. මේ සාරිපොට ඔසවගෙන ඉන්න අලවතුගොඩ කණිෂ්ඨ විද්‍යාලෙයේ සිසුවියන් 250 දෙනෙකු යොදාගෙන තිබුණා. ඔවුන් එතනට ඇවිත් තිබුණේ පාන්දර 2.30 ට. ඇවිත් මහ දවල් ගිණි අව්වේ පිච්චි පිච්චි සාරි පොටක් ඔසවාගෙන ඉන්න වෙලා තිබුණා. 
 
ඒ විතරක් නෙවෙයි. මේ දේවල් ඔක්කෝම උනේ පාසල් පැවැත්විය යුතු කාලවේලාවකදී. අපි දන්න විධියට පාසල් කාලසීමාව තුළ නිසි අවසරයකින් තොරව පාසල් සිසුන් හෝ සිසුවියන් බාහිර වැඩවලට යොදවා ගන්න බැහැ. එහෙම තියෙද්දි මේ වගේ වැඩකට අවසර දුන්නේ කවුද? හාස්‍යජනකම කාරණය තමයි අදාළ විදුහල්පතිවරයා ඉමහත් උජාරුවෙන් කියවන කාරණය. අද අපේ විදුහල් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන දවසක් වේවි. එදා මේ උත්සවයට මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායකත් සහභාගී වෙලා හිටියා. දැන් ඔන්න මේ සිද්ධිය ගැන පරීක්ෂණ 3ක් ආරම්භ වෙලා තියෙන්නේ. අධ්‍යාපන අමාත්‍යංශය / ළමා රක්ෂණ අධිකාරිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය වෙන වෙනමම විමර්ශන සිදුකරනවා.
 
එමෙන්ම එම පුවත ජාත්‍යන්තර මාධ්‍ය තුළ පවා අවධානයට ලක්ව තිබිණි. "ලොව දිගම සාරි පොට" සඳහා වූ ගිනස් වාර්තාව තැබීමේ අරමුණින් මනාලියගේ සැතපුම් තුනක් දිග සාරි පොට අල්ලා ගැනීමට අලවතුගොඩ ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක දරුවන් 250 යොදා ගෙන තිබූ අතර එමගින් එම දරුවන් හිංසනයට ලක් කර ඇති බවට ශ්‍රී ලංකා ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි ලැබී ඇති බව එහි සභාපතිනි නීතිඥ මරිනි ද සිල්වා පවසයි. ඇය කියා සිටියේ අදාළ කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බැවින් ඒ පිළිබඳ වැඩිදුර කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය. පාසල් ළමුන් ඒ සඳහා රැගෙනවිත් පාරේ සිටවා තබා ඇති බව කී ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය එය ළමුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව සඳහන් කළාය.
 
මේ අතර මංගල උත්සවයක් සඳහා පාසල් කාලය තුළ දරුවන් සම්බන්ධ කර ගැනීම පිළිබඳ අධ්‍යාපන ඇමතිවරයා විසින් වාර්තාවක් කැඳවනු ලැබ ඇත. අදාළ පාසල සෘජුවම අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන ජාතික පාසලක් නොවේ. එය මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වන පාසලකි. කෙසේ නමුත් රේඛීය අමාත්‍යංශය ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයන් දිවයිනේ සියලු පාසල් සඳහා බලාත්මක බැවින් ඒ පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ලේකම්වරයාට නියෝග කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. පාසල් කාලය තුළ දරුවන් වෙනත් බාහිර කටයුතු සඳහා සම්බන්ධ කරගැනීමට අදාළව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත්කර ඇති චක්‍රලේඛය මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන නිලධාරීන් හෝ විදුහල්පතිවරයා විසින් උල්ලංඝණය කර තිබේ ද යන්න පිළිබඳව කරුණු සොයා බලා වාර්තා කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
 
අපි තීරණය කළේ දිගම සාරි පොට සම්බන්ධයෙන් ගිනස් වාර්තාවට තබන්න මිසක් පාසල් දරුවන් අපහසුතාවයට පත් කිරීමට නොවන බව දිගම සාරි පොටේ මනාලිය සජිනි සුරවිර මහත්මිය පවසයි. ඇය කියා සිටියේ මංගල දිනයේදී පාසල් නිල ඇදුමින් සැරසි මෙම සාරි පොට අල්ලා සිටිම වැරදි යැයි තදබල වරදක් වේවි යැයි තමා නොසිතු බවයි. රටේ නම ඉදිරියට යාමේ අරමුණ සහ ගිනස් වාර්තාවට එය එක්කිරීමට දරුවන් කිහිප දෙනෙකු යොදා ගැනීම වරදක් වශයෙන් සමාජ ජාලවලට පෙනුනාට එහිදී කිසිදු දරුවෙකු අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු නොකල බවයි ඇය කියා සිටියේ. ඇය වැඩිදුරටත් කියා සිටියේ ඇයගේ මංගල උත්සවයේදී දරුවන් සම්බන්ධ කිරීම තමාව හැඩගැන්වු ශිල්පිනිය හා සාරිය හැඩ කළ ශිල්පියා විසින් සිදු කළ කාර්යක් බවයි. එසේම එම දරුවන් පිරිසට අවශ්‍ය වන ආහාර පාන නිතරම ලබා දීම සිදු කළ බව ද ඇය පැවසුවාය. අව්වේ තියා ගනිමින් ඔවුන්ව අපහසුතාවයට පත් නොකළ බවත් සමාජජාල මගීන් මෙය ඉතා අනවශ්‍ය වශයෙන් පෙන්නුම් කර ඇති බවද ඇය සදහන් කළාය.
 
මේ ආකාරයේම වාර්තාවක් මින් ඉහත ඉන්දියාවේ පිහිටුවනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේය. ඉන්දියාවේ භරුච් නගරයේ නර්මදා නදිය හරහා පාලමක් ඉදිකරන්නට යෙදුණ අවස්ථාවක සැමරුමක් ලෙස මෙම කටයුත්ත සංවිධානය කර තිබුණි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙයට සහභාගී වූ අතර පාලම විවෘත කරන්නට පෙර පාලම දිගේ සාරිය අල්වා සිටියේ විශේෂයෙන් ඒ සඳහා යෙදවූ තරුණ තරුණියන්ය. පාලමෙන් එපිට ගඟ දිගේ ඔරු මත නැගුණ මිනිසුන්ද එදා උත්සවයට සහය පළකරමින් සාරියේ ඉතිරි කොටස අල්ලා සිටි බව වාර්තා වී තිබේ. මීටර 3055 දිගට මෙම සාරි පොට ඇද තිබුණි. කෙසේ වෙතත් එදින පාලම විවෘත කිරීමේ උත්සව අවස්ථාවට අදාල අංගයක් වූ නිසා ඉන්දියාවේ මේ කියන වාර්තාව තබන්නට පහසුවක් වූ අතර ඒ සඳහා මාර්ග අවහිර කිරීමක් සිදුවූයේ නැත කිසිවෙකු බලෙන් යොදවා තිබී නැත.
 
Source - BBC Sinhala / Gossip Lanka / Infosrilankanews


මනුස්සකමේ දිළිඳුකම

කොට්ටාවේ accident එකක් වෙලා. කවුරුත් තුවාල කරුවන්ට උදව් කරලා නෑ. අන්තිමට බෙන්ස් එකකින් තමයි ලෙඩ්ඩු අරං ගිහින් තියෙන්නේ..

මීළඟ මීවිතේන් මත් වෙමුද?

ඔයා ඉන්නවා. මං ඉන්නවා. අපි දෙන්නගේ මැද්දෙන් ෂොට් එකක් තියෙනවා. කනේ ෂොට් එකක්, කැමරා ෂොට්, කණා ෂොට් එකක් නෑ නෑ පොඩි..

ඔබත් සැබෑ ක්‍රීඩා ලෝලියෙක්ද? ලෝභයෙක්ද?

පරාජයෙන් හෙම්බත්ව සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලින්ටද යලි ජයග්‍රාහී බලාපොරොත්තු ඉහළට ඔසවමින් පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලිය...

හිතන්නැති හිතක් ගැන

තවමත් බොහෝ දෙනෙක් අවිනිශ්චිත හෙට දවසක ජිවත් වෙන්නේ, සමහරු කියනවා ඒකට අනාගත බලාපොරොත්තු කියලා තවත් කට්ටිය කියනවා..

මිෂෙල්ගෙන් දැනගන්න

ලස්සන වෙන්න අපේ අය නොකරන දෙයක් නෑ, ඒවිතරක් නෙමෙයි ඕනම ගානක් වියදම් කරයි. මෙහෙම කරන්නේ ගැහැණු ළමයි විතරක් නෙමෙයි..

අද ගයියගේ කයිය - පිරිමින්ගේ ඉරිසියාව

පිරිමි මිනිස්සු හරි ආසයි ගෑණු ඉස්සරහ පොර වෙන්න. හා නැද්ද? ගෑණු ඉරිසියාකාරයි පිරිමි සිරියාවයි කියලා හිතන් හිටියට වැඩිපුරම පිරිමි තමයි ඉරිසියාකාර..

චරිත්ගේ රස්තියාදුව - නිදහස හොයාගෙන

අද චරියාගේ රස්තියාදුවෙන් යන්න හිතුවේ නිදහස හොයාගෙන කොන්ක්‍රීට් ලෝකයක නිදහස හොයාගෙන යනවා කියන එක හිනා වෙන්න පුළුවන්..

පුම්බපු බැලුම වගේ තමයි ටික කාලයක් උඩ ඉඳල නිකන්ම බිමට වැටෙනවා - තිසුරි

කරන දේ හරියට කරොත් එකේ වැරද්දක් නෑ. ජයග්‍රහණය කරන්න, ජීවිතේ ඉදිරියට යන්න වයසෙන් බාධාවක් නෑ. මේ හැමදේටම මුල අපේ හිත..

ලස්සන වෙන ජීවිතේ - Stretch Marks වලට විසඳුම

ලස්සන ජීවිතයකට ලස්සන වෙන විදිහ කතා කරන්න අපි අද ඉඳන් හැම සිකුරාදා දවසකම පටන් ගමු. මම අද කතා කරන්න හිතුවේ..

කණේ පහර

'දළුවත්ත' පහුගිය ටිකේ බොහෝ දෙනෙක් දළුවත්ත නම් වූ සහකාර පොලිස් අධිකාරී වරයෙක් ගේ තරු පටි ගජ රාමෙට ගලවනවා දුටුවෙමි..

ලබන වසරේ සිට වාහනවලින් හොර ගමන් බෑ / හේතුව මෙන්න

රථ වාහන හඳුනා ගැනීම සඳහා විද්‍යුත් චිප් තාක්ෂණය යොදා ගනිමින්, ස්ටිකරයක් හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන..

පෙරලෙන පොත

මියගිය හදවතක අතීතය පිළිසිඳ ගැනීම අවාසනාවකි. එහි අභාග්‍ය සම්පන්න කාලය රෝහලේ ඇඳ මත ගෙවී යමින් පවතී. පසු කාලයේ සොහොන්

චේ තාම එහෙමමයි..

ගතවෙන කාලය ජිවිතයේ බොහෝ දෑ වෙනස් කරනවා. හමුවීම් වෙන්වීම් බවට පත්කරනවා,වෙන්වීම් තවත් හමුවීමකට පසුබිම සකස් කරනවා..

අද ගයියගේ කයිය - ඕප්ස් දූප්ස් (ගොසිප්)

මට හිතෙන හැටියට ගම්ගොඩේ ගෑණුන්ගේ ගති ස්වභාව තාමත් අපේ අයගෙන් ඈත්වෙලා නෑ. අල්ලපු ගෙදර මිනිස්සු එන්නේ යන්නේ කීයටද?

විමුක්තිගේ සිනමාව පිළිබදව යමක්

විමුක්තිගේ සිනමාව පිලිබදව යමක් ලියා තබන්නට සිතුවේ, පශ්චාත් නුතනවාදී සිනමා ප්‍රවාහය තුළ ඔහුගේ කැමරා කාචය ග්‍රහණය කරගත් පරාසය..

මොකක්ද මේ Rap? කොහෙන්ද මේ Rap?

අපි මිනිහෙක් දැක්කම ඒ මිනිහගේ භාහිර පෙනුමෙන් අපි ඔහුට වටිනා කමක් දෙනවා.ඒ අපේ හැටි. රැප් සංගීතය තුලත් අපි මේ කලාවට..

ඉතාම සෙමින් වර්ධනය වූ මොළයක් නියෙන්ඩතාල් මානවයාටත් තිබිලා..

එක්සත් ජනපදයේ සයන්ස් (science) සඟරාවේ පළ කෙරුණ ලිපියකට අනුව ප්‍රාග් ඓතිහාසික යුගයේ නියැන්ඩතාල් මානවයාගේ මොළය..

ජර්මනිය වැඩිපුර කැමති කාන්තාවක් යටතේ ඉන්නලු..

පෙරේදා පැවති මැතිවරණයේ ජය නැවතත් ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් දිනාගෙන තිබෙනවා. ප්‍රතිඵල වලට අනුව ඇයගේ පක්ෂය...

සාරි පොටක් ගිය දුරක්

ශ්‍රී ලංකාව කියලා කියන්නේ හරි වෙනස් ජාතියක් ජීවත් වෙන රටක් කියලා අපිට හැමතිස්සේම අහන්න ලැඛෙනවා. ඒ ලෝකේ අනෙක් රටවල..

රියදුරන්ට තවත් අලුත් පරීක්ෂණයක්..

සාමාන්‍ය ජිවිතයේදී බොහෝ දෙනා අපේක්ෂා කරනුයේ තම අවශ්‍යතාවයන් වුවමනාවන් තමා විසින්ම තෘප්ත කරගැනීම යි. එය බොහෝ විට සිදුවනුයේ..

මොකද්ද මේ - බ්ලූ වේල්

අන්තර්ජාලය හරහා ලබා දෙන අභියෝග මාලාවක් අනුගමනය කරමින් අවසානයේදී සිය දිවි හානිකර ගැනීම දක්වා පෙළඹවීමක් සිදුකරන අන්තර්ජාල..

ධනවතුන්ගේ ලැයිස්තුවේ අංක 1 දැන් ඔහුයි. - Jeff Bezos

ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ කවුද කියලා කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔබ එක සැනින් ලබා දෙන උත්තරය බිල් ගේට්ස්..

රජයේ කන්තෝරුවල රතු ඉර අහෝසියි?

මේ දින වල මාධ්‍ය හරහා නිරන්තරයෙන් ප්‍රචාරය වන කරුණක් පිළිබඳව අවදානය යොමු කල යුතුය. එනම් රාජ්‍ය ආයතන වල කාර්යයාල..

ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය

පාකිස්තානය තුළ වසර 8ක කාලයක් පැවති ජාත්‍යන්තර ක්‍රිකට් පිපාසයට තිත තබමින් ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය..

හොල්මන් ගැන කතා මවන දික්කන්ද වලව්වේ ඇත්ත කතාව..

හුස්ම ගන්නවා කියලා හිතාගන්නවත් බැරිතරමටම අපේ මිනිස්සුන්ගේ ජිවිත වැඩ වලින් සංකීර්ණ වෙලා. කාර්යාලවල, මංමාවත් වල, තමන්ගේ නිවෙස් වල..

හාවි ට පස්සේ ඉර්මා ඇවිත් කරන හරියක්..

ඉර්මා කියන්නේ පහුගිය දශකයක කාලය ඇතුළත අත්ලාන්තික් කලාපයේ වාර්තා වුන ප්‍රබලතම සුළි කුණාටුවයි. මෙයින් වැඩිම බලපෑමක් කැරිබියානු..

ඇලවෙලා ලස්සන වුණ ලොව එකම කුළුණ

පිසා කියන්නේ අපි කවුරුත් කැමති කෑමක් නේ. හැබැයි ඉතින් මේ කියන්න හදන්නේ. පිසා කුලුන ගැන ඉතාලියේ පීසා නගරයේ ඇති ප්‍රධාන..

මුදල් භාවිතයේ පරිණාමය

ආණ්ඩු පෙරලන දේශපාලකයින් ගෙදර යවන එකිනෙකාට මඩගහගන්න ප්‍රදාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන්නේ මුල්‍ය වංචායි..

මං මාව ගොඩනැගුවේ හුඟක් මහන්සිවෙලා - සනුක වික්‍රමසිංහ

මං හිතුවට වඩා බලාපොරොත්තු වෙනවට වඩා ප්‍රතිචාර හම්බවෙනවා. මොකද වේග රිද්ම ගීතයක්වත් අලුත් ආරට ගහපු ගීතයක්වත් නෙමෙයි..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online