ශ්‍රී විෂ්ණු දෙවියන් ගැන යමක්..

විෂ්ණු දෙවියො කියන්නේ අපේ රටට විශේෂයෙන්ම වැදගත් වෙන දෙවි කෙනෙක්. මොකද අපේ රටේ අය මේ දෙවියන්ව පිළිගන්නේ ලංකාවත් සම්බුද්ධ ශාසනයත් රැක ගන්න ශාසනාරක්ෂක දෙවි කෙනෙක් විදිහටයි. සතර වරම් දෙවිවරු අතරින් ප්‍රධාන තැනකුත් විෂ්ණු දෙවියන්ට ලැබෙනවා. විෂ්ණු දෙවියන්ව ලේසියෙන්ම අඳුනගන්න පුළුවන් වෙන්නේ විෂ්ණු දෙවියන්ගේ ශරීරය නිල්පාටින් පෙන්නුම් කරන හින්දා. ඒ වගේම අත් 4කින් නෙළුම් මලක්, කෞමදි යගදාව, ශංඛය සහ සුදර්ශන කියන චක්‍රායුධය දරාගෙන ඉන්නවා. හින්දු ආගමේ විදියට නම් විෂ්ණු දෙවියන් උසස්ම තත්තවයේ දෙවි කෙනෙක් කියලා තමයි සලකන්නේ. විෂ්ණු දෙවියන් මේ ලෝකෙට රූප කිහිපයකින් පහළ වුනා කියලා තමයි පිළිගන්නේ. ඒ රූප විෂ්ණු දෙවියන්ගේ අවතාර විදියටයි හඳුන්වන්නේ. විෂ්ණු දෙවියන්ගේ අවතාර ගැන කතා කරමු අපි ඊළඟට. විෂ්ණු දෙවියන් අපේ ලෝකෙට රූප 10කින් පහල වෙලා තියෙනවලු. ඒක අපේ පැරැන්නො හඳුන්වලා තියෙන්නේ දශ විෂ්ණු අවතාර කියලා.

  • මත්ස්‍ය අවතාරය
  • කුර්ම අවතාරය
  • වරාහ අවතාරය
  • නරසිංහ අවතාරය
  • වාමන අවතාරය
  • පරශුරාම අවතාරය
  • රාම අවතාරය
  • ක්‍රිෂ්ණ අවතාරය
  • බුද්ධ අවතාරය
  • කල්කින් අවතාරය

අපේ රටේ හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ විෂ්ණු සහ උපුල්වන් දෙවියො කියන්නේ දෙන්නෙක් කියලා. මට දැනගන්න ලැබුන විදියට නම් විෂ්ණු දෙවියො සහ උපුල්වන් දෙවියො කියන්නේ එක්කෙනෙක්.

විෂ්ණු දෙවියො එහෙම නැත්තම් උපුල්වන් දෙවියන්ට අපේ රට රකින්න භාර කරලා තියෙන්නේ ශක්‍ර දෙවියන්ලු. ඉතින් ශක්‍ර දෙවියන් අපේ රට භාර දුන්නට පස්සේ විෂ්ණු දෙවියො අපේ රටේ දෙවිනුවර ප්‍රදේශයට කිහිරි කඳක් විදියට තමයි ඇවිල්ලා තියෙන්නේ. මුහුදු වෙරළට කිට්ටුවෙන් පාවෙවී තිබුණ කිහිරි කඳ මිනිස්සු ගොඩට ගන්න යද්දී ආයේ ඈතට යනවලු. මිනිස්සු ගොඩට එද්දී ආපහු වෙරළ කිට්ටුවට එනවලු. ඉතින් මේ ආරංචිය ලැබුණ දාපුළුසෙන් රජතුමා වෙරළට ආවා. රජ්ජුරුවො ආවා විතරයි කිහිරි කඳ වේගෙන් ඇවිත් වෙරලේ නැවතිලා තියෙනවා. රජ්ජුරුවො ඉතින් පුද සත්කාර එහෙම කරලා. කිහිරි කඳෙන් දේවරූපයක් හදන්න තීරණේ කරලා. ඒකට සුදුසු පුද්ගලයෙක් හොයන්න පටන් ගත්තලු. ඒත් කෙනෙක් මුණ ගැහිලා නෑ. හැබැයි එක අවස්ථාව හුඟක් වයසක පුද්ගලයෙක් ඇවිල්ලා තමන්ට දේවරූපයක් හදන්න පුළුවන් කියලා භාර අරගෙන තියෙනවා. ඉතින් රජ්ජුරුවො හුඟක් සතුටු වෙලා වයසක පුද්ගලයා පෙන්නපු තැන මණ්ඩපයක් හදලා කිහිරි කඳ එතනට ගෙනල්ලා දුන්නලු. පහුවදා රජතුමා එතැනට එද්දි අර වයසක පුද්ගලයා අතුරුදහන් වෙලාලු. කිහිරි කඳන් කපලා දාපු කිසිම දෙයක් එතන තිබිලත් නෑ. හැබැයි ජීවමාන දෙවි කෙනෙක් වගේ වැඩ හිටිය දේවරූපයක් එතන වැඩ හිටියලු. ඉතින් මේ දේවරූපය අශ්‍රිතව දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලය ගොඩ නැඟුනා කියලා තමයි අපේ පැරැන්නො විශ්වාස කරන්නේ.

අපිට නෑදෑයො ඉන්නවනේ. ඉතින් ඒ වගේම මේ දෙවිවරුන්ටත් නෑකම් තියෙනවා. විෂ්ණු දෙවියො කියන්නේ පාර්වතී දෙවියන්ගේ සහෝදරයා ඒ වගේම විෂ්ණු දෙවියන්ගේ බිරිඳ විදියට සලකන්නේ ලක්ෂ්මි දෙවඟනලු. අපේ අතීත පැරැන්නො විශ්වාස කරන විදියට ලංකාවේ පළවෙනි රජතුමා කියලා සැළකෙන මහා සම්මත රජතුමා මරණින් පස්සේ දේවත්වයට පත්වෙලා විෂ්ණු දෙවියන් බවට පත්වුනා කියලා තමයි සලකන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විෂ්ණු දෙවියන්ගේ එක් අවතාරයක් විදිහට සළකලා පුද සත්කාර කරන්න හින්දු ප්‍රජාව පෙළඹිලා තියෙනවා.

අද අපි කතා බහ කරපු විෂ්නු දෙවියනව හඳුන්වන්න නම් දහස් ගාණක් පාවිච්චි වෙනවා. ඒ හින්දම විෂ්ණු දෙවියො සහස්‍රනාම කියලා හඳුන්වනවා. උපේන්ද්‍ර/ අනන්ත/ දමෝධර/ ගෝවින්ද/ ජගන්නාථ/ කේශව/ ක්‍රිශ්න/ මාධව/ නාරායන/ වගේ නම් දහසක් මේ විෂ්ණු දෙවියන්ව හඳුන්වන්න පාවිච්චි කරනවා. ආගම් භේදයක් නැතුව ගෞරවාදර්යට පාත්‍ර වුන දෙවි කෙනෙක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ තියන්නේ අපේ පැරැන්නන්ගේ විශ්වාස අපෙන් දුරස් වෙන මතකයන්. මේ දේවල් ආයේ ආයෙත් අපේ හිත ඇතුලේ රඳවගෙන ඉදිරි පරම්පරාවට දායාද කරන එක අපේ යුතුකමක් වගේම වගකීමක්.

පින්සරු දෙවිනුවර වෙබ්අඩවිය හා එක්වන්න

පින්සරු දෙවිනුවර මුහුණු පොත හා එක්වන්න


මාලේ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ

අද චරියාගේ රස්තියාදුවෙන් රස්තියාදුවක් යන්න හැදුවේ වෙනස්, එත් කතා කරන්න ඕන මාතෘකාවක් ගැන කතා කරන්න. ඇත්තටම් එක මට වෙච්ච..

නව රාජ්‍යක් ලෙස නුතන ශ්‍රී ලංකාව

කාලය බොහෝ දෑ වල තීරකයා වනුයේ සැබවින්ම තමන්ට හිමි එතැනමය යන්න නැවත නැවත ලෝකයාට ප්‍රත්‍යක්ෂ්‍ය කරන රාමුවක් තුළය..

තරඟ පරදින එක රැල්ලක් වුණා - T.M. දිල්ෂාන්

ලංකාවේ ජාතික ක්‍රීඩාව ක්‍රිකට් නොවුනත් ක්‍රිකට් කියූ සැනින් අපේ හිතේ අභිමානයක් ඇති වෙනවා. ඒ 1996 ලෝක කුසලානය ජයග්‍රහණයත් සමඟ..

කනට ගහයි කියලා හිතුවට කන අතගාලා ගියොත් එකේ උපරිමේට විඳින්න දෙයක් තියෙනවා

ආදරේට වැස්සෙන් ලැබෙන්නේ මාරම වටිනාකමක්. එක වචන වලින් විස්තර කරන්න අමාරුයි. හින්දි ෆිල්ම් එකක වුනත් හොදම කෑල්ල රහ වැඩි..

කුස්සිය ලස්සන කරගමුද?

ගෙදර සාලේ ලස්සනට තියාගන්න මහන්සි වෙන තරමට කුස්සිය ගැන හිතන්නේ නෑ කියන එක අලුත් දෙයක් නෙවෙයි. ඔයා මම මේ කියන..

ඔබත් සාර්ථක කාන්තාවක් වෙන්න හීන මවනවද?

සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම කාන්තාවක් ඉන්නවා කියලා කතාවක් තියෙනවා නේද? එතකොට කාන්තාව හැමදාම පිරිමියාගේ පිටිපස්සෙන් ඉන්න..

මේ තමයි අපේ රටේ ධනාත්මක චින්තනය

වෙනස් වෙන බොහෝ දෑ වල වගකිවයුත්තා කාලයම කියා ඇතැමෙකු තම ජිවිතයේ ඉරණම කාලයට භාර කරයි. තවකෙකු බලා සිටිනුයේ තම..

වැඩකරන තැන ලස්සනට තියෙනවට කැමතියි නේද? උත්තරය ඔව් නේද?

ජීවත් වෙන්න, කන්න, බොන්න, අඳින්න, පළදින්න මේ හැම දේකටම සල්ලි ඕනි. සල්ලි හොයන්න අපි මොනතරම් මහන්සි වෙනවද?

අද ගයියගේ කයිය - රැකියාව ඔබේ ජීවිතයද?

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්. වාසනාව අවාසනාව ගැන විශ්වාස නොකළත් අපි කැපකිරීම් කරන තරමට හුඟක් දේවල් වල ප්‍රථිඵල නොලැබී යන..

Business කාරයොයි ජාවාරම් කාරයෝයි දේශපාලනට ඇවිල්ලා දේශපාලනයේ හැඩය වෙනස් කරලයි තියෙන්නේ.

තේ එකක් හදන්න වතුර, සීනි, පිටි, තේ කොළ ඕනේ වගේම අපේ ජීවිතෙත් සමහර දේවල් පවත්වාගෙන යන්න දක්ෂතාවය, උනන්දුව, කැපවීම..

ගෙදර ලේසියෙන් ලස්සනට තියාගමු

ගෘහ අලංකරණය කියන්නේ තේරුම් ගන්න අමාරු වචනයක්, ගොඩක් වියදම් යන දෙයක් විදිහටද හිතාගෙන ඉන්නේ? උත්තරේ ඔව් නම් අද මම ඔයාට..

විසේකාර රංගන පෞරෂ්‍යය ආදරණීය කලං

කලාව තුළ ජීවත්වීම යනු ජීවිතය පවත්වාගෙන යෑමට සුදුසුම මාධ්‍යක් නම් එකී මාධ්‍යයේ පත් ඉවුරු සිමා මායිම් අවබෝධ කරගෙන ජිවත් වූ සොදුරු..

අත බලා සාස්තර කීමේ ඉතිහාසය සොයා ගියෙමි.

“සාස්තර” මේ කියන වචනේ අහපු ගමන්ම හුඟ දෙනෙක්ගේ හිතට එන්නේ “ඕවා බොරු කතා” කියන අදහස. ඔය පාරවල් ගානේ හන්දි ගානේ පන්සල්..

නුගේගොඩ මතකයන්...

අද චරියාගේ රස්තියාදුවෙන් රවූමක් ගහන්න යන්න හිතුවේ හැම දෙනෙක්ගෙම හිත්වල සදාකාලික මතකයක් ඉතුරු කරන නගරයකට..

ලස්සන වීමේ රහස්

හැමෝම කතාවෙන්නේ ඉන්දියාවේ නිලියෝ කොයිතරන් ලසනද, හැඩද කියලා. ඉන්දියාවේ නිලියෝ දැක්කහම ඇහිපිය නොහෙලා බලන් ඉන්න..

මනුස්සකමේ දිළිඳුකම

කොට්ටාවේ accident එකක් වෙලා. කවුරුත් තුවාල කරුවන්ට උදව් කරලා නෑ. අන්තිමට බෙන්ස් එකකින් තමයි ලෙඩ්ඩු අරං ගිහින් තියෙන්නේ..

මීළඟ මීවිතේන් මත් වෙමුද?

ඔයා ඉන්නවා. මං ඉන්නවා. අපි දෙන්නගේ මැද්දෙන් ෂොට් එකක් තියෙනවා. කනේ ෂොට් එකක්, කැමරා ෂොට්, කණා ෂොට් එකක් නෑ නෑ පොඩි..

ඔබත් සැබෑ ක්‍රීඩා ලෝලියෙක්ද? ලෝභයෙක්ද?

පරාජයෙන් හෙම්බත්ව සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලින්ටද යලි ජයග්‍රාහී බලාපොරොත්තු ඉහළට ඔසවමින් පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලිය...

හිතන්නැති හිතක් ගැන

තවමත් බොහෝ දෙනෙක් අවිනිශ්චිත හෙට දවසක ජිවත් වෙන්නේ, සමහරු කියනවා ඒකට අනාගත බලාපොරොත්තු කියලා තවත් කට්ටිය කියනවා..

මිෂෙල්ගෙන් දැනගන්න

ලස්සන වෙන්න අපේ අය නොකරන දෙයක් නෑ, ඒවිතරක් නෙමෙයි ඕනම ගානක් වියදම් කරයි. මෙහෙම කරන්නේ ගැහැණු ළමයි විතරක් නෙමෙයි..

අද ගයියගේ කයිය - පිරිමින්ගේ ඉරිසියාව

පිරිමි මිනිස්සු හරි ආසයි ගෑණු ඉස්සරහ පොර වෙන්න. හා නැද්ද? ගෑණු ඉරිසියාකාරයි පිරිමි සිරියාවයි කියලා හිතන් හිටියට වැඩිපුරම පිරිමි තමයි ඉරිසියාකාර..

චරිත්ගේ රස්තියාදුව - නිදහස හොයාගෙන

අද චරියාගේ රස්තියාදුවෙන් යන්න හිතුවේ නිදහස හොයාගෙන කොන්ක්‍රීට් ලෝකයක නිදහස හොයාගෙන යනවා කියන එක හිනා වෙන්න පුළුවන්..

පුම්බපු බැලුම වගේ තමයි ටික කාලයක් උඩ ඉඳල නිකන්ම බිමට වැටෙනවා - තිසුරි

කරන දේ හරියට කරොත් එකේ වැරද්දක් නෑ. ජයග්‍රහණය කරන්න, ජීවිතේ ඉදිරියට යන්න වයසෙන් බාධාවක් නෑ. මේ හැමදේටම මුල අපේ හිත..

ලස්සන වෙන ජීවිතේ - Stretch Marks වලට විසඳුම

ලස්සන ජීවිතයකට ලස්සන වෙන විදිහ කතා කරන්න අපි අද ඉඳන් හැම සිකුරාදා දවසකම පටන් ගමු. මම අද කතා කරන්න හිතුවේ..

කණේ පහර

'දළුවත්ත' පහුගිය ටිකේ බොහෝ දෙනෙක් දළුවත්ත නම් වූ සහකාර පොලිස් අධිකාරී වරයෙක් ගේ තරු පටි ගජ රාමෙට ගලවනවා දුටුවෙමි..

ලබන වසරේ සිට වාහනවලින් හොර ගමන් බෑ / හේතුව මෙන්න

රථ වාහන හඳුනා ගැනීම සඳහා විද්‍යුත් චිප් තාක්ෂණය යොදා ගනිමින්, ස්ටිකරයක් හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන..

පෙරලෙන පොත

මියගිය හදවතක අතීතය පිළිසිඳ ගැනීම අවාසනාවකි. එහි අභාග්‍ය සම්පන්න කාලය රෝහලේ ඇඳ මත ගෙවී යමින් පවතී. පසු කාලයේ සොහොන්

චේ තාම එහෙමමයි..

ගතවෙන කාලය ජිවිතයේ බොහෝ දෑ වෙනස් කරනවා. හමුවීම් වෙන්වීම් බවට පත්කරනවා,වෙන්වීම් තවත් හමුවීමකට පසුබිම සකස් කරනවා..

අද ගයියගේ කයිය - ඕප්ස් දූප්ස් (ගොසිප්)

මට හිතෙන හැටියට ගම්ගොඩේ ගෑණුන්ගේ ගති ස්වභාව තාමත් අපේ අයගෙන් ඈත්වෙලා නෑ. අල්ලපු ගෙදර මිනිස්සු එන්නේ යන්නේ කීයටද?

විමුක්තිගේ සිනමාව පිළිබදව යමක්

විමුක්තිගේ සිනමාව පිලිබදව යමක් ලියා තබන්නට සිතුවේ, පශ්චාත් නුතනවාදී සිනමා ප්‍රවාහය තුළ ඔහුගේ කැමරා කාචය ග්‍රහණය කරගත් පරාසය..

මොකක්ද මේ Rap? කොහෙන්ද මේ Rap?

අපි මිනිහෙක් දැක්කම ඒ මිනිහගේ භාහිර පෙනුමෙන් අපි ඔහුට වටිනා කමක් දෙනවා.ඒ අපේ හැටි. රැප් සංගීතය තුලත් අපි මේ කලාවට..

ඉතාම සෙමින් වර්ධනය වූ මොළයක් නියෙන්ඩතාල් මානවයාටත් තිබිලා..

එක්සත් ජනපදයේ සයන්ස් (science) සඟරාවේ පළ කෙරුණ ලිපියකට අනුව ප්‍රාග් ඓතිහාසික යුගයේ නියැන්ඩතාල් මානවයාගේ මොළය..

ජර්මනිය වැඩිපුර කැමති කාන්තාවක් යටතේ ඉන්නලු..

පෙරේදා පැවති මැතිවරණයේ ජය නැවතත් ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් දිනාගෙන තිබෙනවා. ප්‍රතිඵල වලට අනුව ඇයගේ පක්ෂය...

සාරි පොටක් ගිය දුරක්

ශ්‍රී ලංකාව කියලා කියන්නේ හරි වෙනස් ජාතියක් ජීවත් වෙන රටක් කියලා අපිට හැමතිස්සේම අහන්න ලැඛෙනවා. ඒ ලෝකේ අනෙක් රටවල..

රියදුරන්ට තවත් අලුත් පරීක්ෂණයක්..

සාමාන්‍ය ජිවිතයේදී බොහෝ දෙනා අපේක්ෂා කරනුයේ තම අවශ්‍යතාවයන් වුවමනාවන් තමා විසින්ම තෘප්ත කරගැනීම යි. එය බොහෝ විට සිදුවනුයේ..

මොකද්ද මේ - බ්ලූ වේල්

අන්තර්ජාලය හරහා ලබා දෙන අභියෝග මාලාවක් අනුගමනය කරමින් අවසානයේදී සිය දිවි හානිකර ගැනීම දක්වා පෙළඹවීමක් සිදුකරන අන්තර්ජාල..

ධනවතුන්ගේ ලැයිස්තුවේ අංක 1 දැන් ඔහුයි. - Jeff Bezos

ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ කවුද කියලා කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔබ එක සැනින් ලබා දෙන උත්තරය බිල් ගේට්ස්..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online