තාත්තගේ මුළු ලෝකෙම ඔබ කියලා, ඔබ දන්නවාද?

අම්මා ගැන හැමදාම හැම තැනකදී වගේම කතාවෙනවා. ඒත් තාත්ත ගැන එහෙම ලොකුවට කතාකරනවා අඩුයි. තාත්ත ගැන ලියවුණු සිංදු ප්‍රමාණයත් අඩුයි. නමුත් තාත්තගේ ආදරයේ සෙනහසේ කිසිම අඩුවක් නෑ. ඒ ආදරය කිසිම ආදරයකට සමාන කරන්න බෑ. අපේ ජිවිත කතාව ඇතුලේ එක එක මාදිලියේ ආදර කතා ඇතිකරගන්නවා. පස්සේ ඒවා එක එක පදමට වර්ග කරනවා. දෙමාපියන්ගේ ආදරය ඇර අනිත් හැම ආදරයක්ම ආත්මාර්ථය එක්ක පදනම් වෙච්ච එකක් කියලයි මට හිතෙන්නේ. අද මම තාත්තගේ ආදරේ ගැන කතාකරන්න හදන්නේ,

සාමාන්‍යයෙන් කෙල්ලෙග්ගේ ජිවිතේ පලවෙනි ආදරය බවට පත්වෙන්නේ එයාගේ තත්තා කියලයි අපි කතාවට කියන්නේ. පුංචි කාලේ කොලො කෙල්ලෝ කියලා වෙනසක් නැතුව ඒ හැමෝගෙම ලෝකේ වීරයා බවට පත්වෙන්නේ තමන්ගේ තාත්තා. ටික කාලයක් යනකොට, අපි ටික ටික සමාජෙට යනකොට එක එක චරිත අපේ වීරයා බවට පත්වෙනවා. තාත්තා ටික ටික දුරස් වෙන්න පටන් ගන්නවා. ඒත් අපි දුරස් වුනාට තාත්තා දුරස් වෙන්නේ නෑ. තාත්තගේ ආදරේ ඔබේ ආදරයෙයි වෙනස ඒක. දන්නවද ඔයා හිතන්නේ නැති තරම් තාත්තා ඔබේ ජීවිතය ලස්සන කරන්න කැපවුණා. ඔබ මේ ලෝකෙට එන්නත් කලින් අම්ම එක්ක ඔබ ගැන ලොකු හීනයක් තාත්ත දැක්ක, අඩුම තරමේ අම්මට උණුසුම අධික කෑමක්වත් කන්න තාත්ත ඉඩදුන්නේ නෑ. ඔයා නොදන්නා බොහෝ දේ තාත්ත කලා. රෑට ඔබ නිදාගන්නේ නැතුව අඩන විට අම්මගේ නින්ද කඩන්නේ නැතුව තාත්තා ඔයා නැලවුවා, නැළවිලි ගී කිවුවා.

ඔයාගේ කුසගින්න නිවන්න විතරක් නෙවේ ඔයාගෙ අම්මගේ කුසගින්න නිවන්න, අවුවේ බිමේ, වැස්සේ, කාර්යාලයේ දාහකුත් එකක් ප්‍රශ්ණ මැද තත්තා වැඩ කලා. තාත්ත එහෙම කල නිසයි සීතලට උණුහුම දෙන්න අම්ම ඔයා ලගට වෙලා උන්නේ. දන්නවද සමහර වෙලාවට ඔයා අම්මගේ උනුහුමේ වහින වෙලාවට සැපට නිදාගන්න කොට ඔයාගේ තාත්තා වැස්සට ගහක් යට හීතලට ඉන්න ඇති. ඒත් තාත්තා කවමදාකවත් ඔයා ගැන තරහින් බැලුවේ නෑ. මොරසුරන වැස්සේ තෙමිලා හීතලට ගැහෙද්දීත් තාතගේ පපුව පිච්චුනා. ඒ පපුවේ ඇවිලෙන ගින්න නිමන්න මොරසුරන වැස්සට බැරි උනා. වැස්ස තදකරන්න තදකරන්න සිද්ධවුණේ තාත්තාගේ පපුවේ ගින්න වැඩි වෙන එක. ඒ වෙන මොනවත් නිසා නෙවේ, වැස්ස නිසා ගෙදර ඉන්න ඔයාට මොකක් හරි කරදරයක් වෙයි කියල තාත්තා බයවුණා නිසා.

තාත්තා කළ කැපකිරීම ගැන ලියනවනම් දවස් ගණනක් ලිවුවත් ලියල ඉවර කරන්න මට මගේ අකුරු මදි වේවි. දැන් අපි අපි ගැන කතාකරමු. ඇත්තටම අපි තාත්තට හරියට සලකනවද කියල පොඩ්ඩක් අපි හිතමු. ඔයාට තාත්තා එක්ක කතාකරන්න වෙලාවක් තියනවද? ඉස්සර තාත්තා  එක්ක ඇවිදිනකොට මොකක් හරි අළුත් දෙයක් දැක්කම අපි  තාත්තාගෙන් ඒ ගැන අහනවා ඉවරයක් නෑ. තව මොනවා හරි දැක්කම ආයේ ආයේ අහනවා. තොර තෝංචියක් නැතුව කතාව. ඒත් තාත්තට කවමදාකවත් ඔයාව එපා වෙන්නේ නෑ. ඒත් ඔයාට. තාත්තා දෙයක් ඔයාගෙන් ඇහුවම ඔයා දැන් කොමද ඔයා හැසිරෙන්නේ. පොඩ්ඩක් හදවතින්ම කල්පනාකරලා බලන්න. දැන් ඔයාගේ ලෝකෙට අළුතින් කට්ටිය දැන් අළුතින් ඇවිත් ඇති. ඒ නිසා දැන් තාත්තගේ වැදගත්කම අඩු වෙලා නේද. ඒක දෙයක් අහන්නම්, අවුරුදු ගණනක් ඔයා වෙනුවෙන් මහන්සි වුන කැපවුන ඔයාගේ තාත්තව මේ ලගකදී හමුවුන කෙනෙක් නිසා අමතක  කරන්න පුලුවන්ද?  පොඩ්ඩක් හිතන්න. තාත්ත හැමදාම අපේ ලග ඉන්නේ නෑ. තාත්තා මේ ලෝකෙන් දවසක ගියාම ඔයාට තෙරියි එයාගේ වටිනාකම. යන්න කලින් තාත්තගේ නියම වටිනාකම තේරුම් අරගෙන එයාට තවත් ලංවෙන්න. කුහක ආදරයන්ට වඩා ඒ අවිහිංසක හිත්වල තියෙන්නේ උතුම් ආදරයක්. දවසක වැරදි තීරණයක් අරන් ඔයාට සදහටම වැරදුනත් ගෙදර දොර ඇරලා ඔයා වෙනුවෙන්. තාත්තගේ ආදරය ඔයාට නොපෙනුනාට ඒ හිතේ හැංගිලා තියන ආදරය පෙන්න පටන් ගන්නේ ඔයා අසරණ වුනදාට.

තව ගොඩක් දේ ලියන්න තිබුනත් දැනට නවතිනවා. තාත්ත, තාත්තගේ ආදරය සෙනහස තේරුම් ගන්න. එයට අද හොඳම දවස. මම හැමදාම ඔයාගේ දුකට සැපට ඔයත් එක්ක ඉන්න මිහිත චතුරංග.


උදව් බලාගෙන තව කෙනෙක්ට උදව් කරන්න එපා

අපි එදිනෙදා ජිවත්වෙනකොට අපි ගොඩක් මිනිස්සු ආශ්‍රය කරනවා. ඉන්දියාවේ හිටපු ජනාධිපති වරයකු හා මහාචාර්‍ය වරයකු වෙච්ච අබ්දුල් කලාම්..

වෙනස් වෙන්න හිතුනද? දැන්ම පටන්ගන්න

ජිවිතේ කියන්නේ ප්‍රශ්ණ පත්‍රයක්. අපි ඉපදුන දවසේ ඉදලා කරන්නේ අපි ප්‍රශ්ණ වලට උත්තර හොයන ඒක..

ක්‍රිකට් වලින් පාඩමක්

මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩා පිටිය උනුසුම් වෙලා, ඒ උණුසුම තවත් එන්න එන්න වැඩි උනේ පහුගිය දවසේ ඒ කිවුවේ අගෝස්තු 24 ඉන්දියාවට එරෙහිව..

තාත්තගේ මුළු ලෝකෙම ඔබ කියලා, ඔබ දන්නවාද?

අම්ම ගැන හැමදාම හැම තැනකදී වගේම කතාවෙනව ඒත් තාත්ත ගැන එහෙම ලොකුවට කතාකරනවා අඩුයි. තාත්ත ගැන ලියවුණු..

විභාගයේදී කලබල වෙන්න එපා

මේ දවස්වල ප්‍රධාන පෙලේ විභාග 02 ක් තියෙනවා. කොටින්ම මේ විභාග සමයක් කිවුවොත් නිවැරදියි. මේ දවස්වල අ.පො.ස. උසස්පෙළ විභාගය..

විශ්වාසය කඩකරගන්න එපා

විශ්වාසා පරමා ඥාති බුදුන්වහන්සේ කියන්නේ එහෙමයි. විශ්වාසය තමයි හොදම නෑදෑය කියන ඒක තමයි ඒකෙ තේරුම..

පොඩි අයට උගන්වන්න මෙන්න මෙහෙම

පුංචි දරුවන්ට කවන පොවන එක වගේම එයාලට වුගන්වන්න පොතේ පතේ වැඩ කරන්න අම්මලා දගලන තරම ඉතින් අපි..

තරු පොඩියට පෙනුනට ඇත්තටම තරු පොඩි නෑ

ඉගෙන ගන්න එක ගොඩක් ආසාවෙන් කරන තරමට තමයි ඒක හරියට පත්තියන් වෙන්නේ. ඇත්තටම කෑමක් කෑවත් ඒක ඇගට අල්ලන්නේ එය..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online