තෝරු මෝරු පැනලා ගිහින් ඉස්තාලයෙන්?

දූෂණය / වංචාව / හොරු / මෙගා ඩීල් 2015 ජනාධිපතිවරණයේදී මේ වචන වේදිකාවල රැව්දුන්නා. කොටින්ම කියනවා නම් මේ ආණ්ඩුව බලයට ආවේ හොරු අල්ලනවා කියන ප්‍රධාන මැතිවරණ පොරොන්දුවත් එක්ක. ඒ අනුව තමයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශ කොට්ඨාශය (එෆ් සී අයි ඩී) / බරපතල මූල්‍ය අපරාධ විමර්ශන ජනාධිපති කොමිසම වගේ ආයතනවලට හිටපු ආණ්ඩුවේ මැති ඇමතිවරු දවස ගානේ ආවේ. ආණ්ඩුවේ මුල් කාලයේදී එහෙම උනාට පහුවෙද්දි ඒ තත්වය ටිකක් වෙනස් උනාද කියලත් හිතෙනවා. මොකද මේ ආයතනවලින් නීතිය ක්‍රියාත්මක වෙන්නෙ ඒ තෝරාගත්තු පිරිසකට විතරයි කියලා සමහරු චෝදනා කරන්න ගත්තා. තත්වය මෙහෙම තියෙද්දී නිහඩව සේවය කරපු ආයතනයකුත් තිබුණා. ඒ තමයි දූෂණ චෝදනා විමර්ශන කමිටු ලේකම් කාර්යාලය. මේ ආයතනය වැඩිය ජනප්‍රියත්වයක් ලැබුවේ නැත්තේ මෙතනට පැමිණිලි කරන්න විතරක් විවිධ පිරිස් ආපු නිසයි. මොකද මෙතන විමර්ශන සිදුකලාට ප්‍රකාශ ගන්න දේශපාලකයෝ කැදවීමක් සිදුවුනේ නම් නැහැ. ඒත් සති 2 කට කලින් තිබුණු කැබිනට් රැස්වීමකදී දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ගැන ඉදිරිපත් වුණු කැබිනට් පත්‍රිකාවක් නිසා තත්වය ටිකක් උණූසුම් උනා. 
 
මේ ආයතනයේ කාලය ඉවර වෙන්න තිබුණේ 2017 ජූනි 30 වෙනිදා. හැබැයි ඒකේ කාලය තව වැඩි කරන්න ඉල්ලලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වෙලා තිබුණා. ඒකට ජනාධිපතිතුමා ටිකක් විරෝධය පළ කලා. මෙච්චර කල් මේ ආයතනය කලේ මොනවද? ඇයි තෝරු මෝරු අල්ලන්න මෙතන අය කටයුතු කරන්නේ නැත්තේ වගේ ප්‍රශ්න ගොඩක් ජනාධිපතිතුමා අහලා තිබුණා. මේ කලබල අස්සේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වහනවාද නැද්ද කියලා තවම අවසන් තීරණයක් අරගෙන නැහැ. 
 
හැබැයි අග්‍රාමාත්‍ය කාර්යාලය මේ සිද්ධිය ගැන මෙන්න මෙහෙම නිවේදනයකුත් නිකුත් කලා. 
 
අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පවත්වාගෙන යනු ලබන දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දමන බවටත්, එහි කාර්යයන් අඩපණ කරලීමට යම් යම් පාර්ශවයන් උත්සාහ කරන බවටත් සඳහන් කරමින් පසුගිය දින කීපය තුළ ජනමාධ්‍ය ඔස්සේ පළ කෙරුණු ප්‍රවෘත්ති සම්බන්ධව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අවධානය යොමු වී ඇත.
 
දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය 2015 දී ස්ථාපිත කෙරුණේ දූෂණ සහ වංචා පිළිබඳව ලැබෙන මහජන පැමිණිලි නිරීක්‍ෂණය කොට, පදනම් සහගත පැමිණිලි අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම වෙත හෝ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත යොමු කිරීමට ය.
 
මේ කාර්යයන් විධිමත් කරලීම සම්බන්ධව දැන්, අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හා දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය යන ආයතන තුනම නියෝජනය කරන නිලධාරීන් ඇතුළත් කමිටුවක් විසින් විශේෂ වාර්තාවක් සකස් කෙරෙමින් පවතී.
 
තවදුරටත් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පවත්වාගෙන යන්නේ ද, එහි කාර්ය භාරය සංශෝධනයකට ලක් කරන්නේ ද, එසේත් නැතිනම් අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම සහ පොලිස් මුල්‍ය අපරාධ කෙට්ඨාශය සමග සමාන්තර මට්ටමකින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට වගකීම් පවරන්නේ ද යන්න පිළිබඳ අවසන් නිගමනයකට එළැඹෙනුයේ පෙර කී වාර්තාවේ නිර්දේශයන් අනුව ය.
 


අතිශයෙන්ම බස්වලට විතරයි

රථවාහන තදබදය එහෙම නැත්නම් ට්‍රැෆික් කියලා කියන්නේ අපි හැමෝම අත්විඳලා තියෙන නීරස මාතෘකාවක් කිව්වොත් හරි. සමහර වෙලාවට..

වැහුවොත් මුහුණ - නොලැඛෙයි ප්‍රථීපල

ලංකාවේ අපි පුංචි කාලේ ඉඳන්ම පුරුදුවෙලා තියෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට. වසර 13 ක පාසල් අධ්‍යාපනය තුළ අපි මූලික වශයෙන්..

දඩි බිඩි වුණොත් ගෙවන්න වෙන දඩ වැඩි වෙන හැටි

අපි කවුරු හරි වැරුද්දක් කලොත් අපිට ඒකට දඩුවම් විඳින්න වෙනවා. ඒක ලෝක ස්වභාවය. රියදුරෙක් පාරේදි වැරැද්දක් කලොත් අපිට ගෙවන්න..

තවත් බාලගිරි දෝෂයක්?

1987 වසරේදී ඉන්දු ලංකා ගිවිසුම යටතේ ඇතිකර ගත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේ රටට හඳුන්වාදුන් ප්‍රධානතම සාධකය තමයි පළාත්..

ටියුෂන්ද? ආගමද?

අද තියෙන්නේ විභාග කේන්ද්‍ර කර ගත්ත අධ්‍යාපන රටාවක්. අවුරුදු 13 ක පාසල් කාලය පුරාවට අපි ප්‍රධාන විභාග 3 ක් මුල් කරගෙන තමයි මේ..

බදු දීමෙයි විකිණිමෙයි වෙනස

ආයෝජනයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමිවන වැඩිම මුදල පසුගිය සිකුරාදා අපිට ලැබුණා. ඒ හම්බන්තොට වරාය වසර 99 ක් සඳහා චීනයට බදු..

උතුරම හඩා වැටුණු දකුණේ පොලිස් සැරයන් ඝාතනය..

බෙදීම් තුලින් කිසි දිනෙක ඒකීයත්වය, මිත්‍රත්වය හෝ සාමුහිකත්වය ඉස්මතු වන්නේ නැත. ඒකීයත්වය අද ලංකාවේ ජීවත් වන ඔබට මට අත්‍යවශ්‍යය...

මොලේ නැතිව පෙන්වන තෙලේ බලේ

වත්මන් රජය බලයට පත්වී වසර 2 ක් සපිරෙන්නේ ලබන අගෝස්තු 17 වනදාටයි. බලයට පැමිණෙද්දි කරන බවට දුන් පොරොන්දු සියයට..

කෝටි ගණන් වටින නෝටි කුඩු

මත්ද්‍රව්‍ය කියලා කියන්නේ අද වෙනකොට මුලු ලෝකේටම පිළිලයක් වෙලා තියෙන දෙයක්. එක පාරක් කන්ටේනරයක තිබිලා හෙරොයින් කිලෝ..

කටට රස බුලත් විට ඇත්තටම ඇඟට විසයිද?

ඈත ඉතිහාසයේ පටන් මෑත වර්තමානය තෙක්ම අපේ දේශීයත්වය තුලින් ජනයා තුළ මුල් බැසගත් හුරු පුරුදු ගතිලක්ෂණ චර්යාවන් පැවැත් අතර..

අපේ ක්‍රිකට්වල මීලග පිම්ම ගැන තිලංග කල හෙලිදරව්ව

ක්‍රිකට් කියලා කියන්නේ අපේ රටේ ජාතික ක්‍රීඩාව නොවුනට ඊටත් වැඩිය අපි ආදරය කරන සහ ජනප්‍රියත්වයට පත්වෙච්ච ක්‍රීඩාවක්..

තෝරු මෝරු පැනලා ගිහින් ඉස්තාලයෙන්?

දූෂණය / වංචාව / හොරු / මෙගා ඩීල් 2015 ජනාධිපතිවරණයේදී මේ වචන වේදිකාවල රැව්දුන්නා. කොටින්ම කියනවා නම් මේ ආණ්ඩුව බලයට..

ඉතින් සමුගමු පොලිතින්

පරිසරය / කසළ / පොලිතින්. මේ වගේ දේවල් ගැන දැන් කෙරෙන කථාබහ ටිකක් වැඩිවෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි කසල හා බැඳුණු..

පමාවක් නැතිව කොමාවක් තැබිය යුතු, සමාවක් දිය නොහැකි උමා ඔය අර්බුදය

ජීවිතේ සමහර දේවල් තියෙනවා කොමාවක් තියා තිතක් තියලවත් ආපහු හරිගස්සන්න බැරි. ඒකයි පනින්න පෙර සිතා බලන්න කියලා කියන්නේ...



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online