තරු පොඩියට පෙනුනට ඇත්තටම තරු පොඩි නෑ

ඉගෙන ගන්න එක ගොඩක් ආසාවෙන් කරන තරමට තමයි ඒක හරියට පත්තියන් වෙන්නේ. ඇත්තටම කෑමක් කෑවත් ඒක ඇගට අල්ලන්නේ එය ආසාවෙන් ඉගන තරමට. ඉතින් අද කතා කරන්නේ කළා විෂය ධාරාව කරන අපේ යාළුවො ගැන.

බොහොම යල් පැනගිය මතයක් තියනවා කලා විෂය ධාරාව හදාරලා ගොඩ යන්න බෑ කියලා. ඇත්තටම ඒක එහෙමද? අපි පොඩ්ඩක් ඒ ගැන හොයලා බලමු. ජීවිතය කියන්නේ තෝරා ගැනීමක්. ඒක නිකන් බුෆේ එකක ගිහින් කෑම කන්න හදනවිට අපිට තෝරාගන්න ගොඩක් දේවල් තියනවා. මොකක් තෝරගන්නද කියලා අපිට සමහර වෙලාවට හිතාගන්න බැරි විදියට අපි කල්පනා කර කර ඉන්නවා. ජීවිතෙත් එහෙමයි. අපි ඉගනගන්න කොට අපිට ඉලක්කයක් හරියට තියනවනම් ඒ තැනට යන්න ඉක්මනට පුළුවන්. ඒක වෙනුවෙන් හොඳ අරමුණක් හා වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒ අරමුණ තියනවනම් කරන්න බැරි දෙයක් නෑ. දැන් අපේ රට හරි දියුණුයි, ගොඩක් ක්ෂේත්‍රවලින් ඉගන ගන්න දැන් අවස්තාව අපේ විශ්ව විද්‍යාල වල වගේම වෙනත් අධ්‍යාපන ආයතන වල තියනවා. ඒක හරියාකාරව නොදකින එකයි මෙතන තියන වැරැද්ද. කලා විෂය ධාරාව හදාරල, විශ්ව විද්‍යාල වලට ප්‍රවේශ වෙන ඔබට දැන් විවිධ අංශයන්ගෙන් ඉදිරියට යන්න අවස්තාව තියනවා. ඉස්සර ගතානු ගතික අදහසක්ව තිබුනේ Art කරාම රස්සා නෑ කියලා. දැන් ඒවා ඔක්කොම පුස්සක් වෙලා. දැන් කලාව හදාරලා බොහෝ ක්ෂේත්‍රඅතික්‍රමණය කල ඕනෑතරම් උදාහරණ තියනවා. අපේ රටේ ජනාධිපතිතුමන් ගැන හිතල බලන්න. අවශ්‍ය වන්නේ අරමුණ වෙනුවෙන් නොසැලෙන අදිෂ්ඨානයක්  සහ වැඩපිළිවෙලක් විතරයි.

සාමාන්‍යයෙන් ලෝකේ ජය ගතපු මිනිස්සු බහුතරය එකම ඒක වැඩක් කරලා නැවතුනු මිනිස්සු නෙවේ. ඒක වැඩකට වඩා කරලා තමන්ගේ දක්ෂකම් උපරිම ක්‍රියාවේ යොදවපු මිනිස්සු තමයි මේ ලෝකේ දින්නේ. ඔබ හදාරන දෙය කුමක් වුනත් එය හරියට කරනවානම් කිසි සේත්ම ගමන මග නතර වෙන්නේ නෑ. දිගු ගමන රදාපවතින්නේ ඒ ගමනේ තියන අකණ්ඩතාව සහ විශ්වාසය මත. ඔබට කල හැකි බොහෝ දේ ඇතිබව විශ්වාස කරන්න. අහසේ දිලෙන තරු පොඩියට පෙනුනට ඇත්තටම තරු පොඩි නෑ. හරියට ඔයා වගේ. ඔයා ඔයා ගැන හිතන් ඉන්නව  වගේ. ඔයා පොඩියි කියල ඔයාට හිතුනට ඇත්තටම ඔයා පොඩි නෑ. ලොකුවට හිතන්න, ලොකුවට වැඩ කරන්න. කවදාහරි ජිවිතේ පොදිහරි ජයක් ලබන්න ඔයාට පුළුවන්. විශ්වාස කරන්න “අද හොඳම දවස’’

මම හැමදාම ඔයාගේ දුකට සැපට ඔයත් එක්කම ඉන්න මිහිත චතුරංග  


අමතක වෙනවට හොඳ පාඩමක්

අමතක වෙන ඒක අපි කාටත් වෙන්න පුළුවන් දෙයක්. අමතක වෙනවා කියන ඒක හැබැයි වැඩිපුර බලපාන්නේ අපේ ඉගෙන ගන්න අයට. එකේ..

අවවාදය නෙවේ ආදර්ශය තමයි වැදගත්

“අවවාදයට වඩා ආදර්ශය උතුම්” මේ ගොඩක් පැරණි කියමනක් කොච්චර පරණ වුනත් මේ කියමන අදටත් වලංගුයි. ගොඩක් දෙනෙක් උත්සාහ..

උදව් බලාගෙන තව කෙනෙක්ට උදව් කරන්න එපා

අපි එදිනෙදා ජිවත්වෙනකොට අපි ගොඩක් මිනිස්සු ආශ්‍රය කරනවා. ඉන්දියාවේ හිටපු ජනාධිපති වරයකු හා මහාචාර්‍ය වරයකු වෙච්ච අබ්දුල් කලාම්..

වෙනස් වෙන්න හිතුනද? දැන්ම පටන්ගන්න

ජිවිතේ කියන්නේ ප්‍රශ්ණ පත්‍රයක්. අපි ඉපදුන දවසේ ඉදලා කරන්නේ අපි ප්‍රශ්ණ වලට උත්තර හොයන ඒක..

ක්‍රිකට් වලින් පාඩමක්

මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩා පිටිය උනුසුම් වෙලා, ඒ උණුසුම තවත් එන්න එන්න වැඩි උනේ පහුගිය දවසේ ඒ කිවුවේ අගෝස්තු 24 ඉන්දියාවට එරෙහිව..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online