ටියුෂන්ද? ආගමද?

අද තියෙන්නේ විභාග කේන්ද්‍ර කර ගත්ත අධ්‍යාපන රටාවක්. අවුරුදු 13 ක පාසල් කාලය පුරාවට අපි ප්‍රධාන විභාග 3 ක් මුල් කරගෙන තමයි මේ ධාවනයේ යෙදෙන්නේ. 5 වසර ශිෂ්‍යත්වය / සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ තමයි ඒ විභාග 3. මේකෙන් ශිෂ්‍යත්වය අම්මලාගේ විභාගය හැටියටත් / සාමාන්‍ය පෙළ ගුරුවරුන්ගේ විභාගය හැටියටත් උසස් පෙළ සිසුන්ගේ විභාගය ලෙසත් සමාජයේ නම් පටබැඳිලා තියෙනවා. මේ සෑම විභාගයකටම ලංකාවේ අස්සක් මුල්ලක් නෑර උපකාරක පංති වැහිවැහැලා. හැබැයි පුදුම කාරණේ තමයි ජාතික මට්ටමේ මොන විභාගය උනත් ඉහළින්ම සමත්වෙන සිසුන් කියන්නේ අනේ මම නම් ටියුෂන් ගියේ නෑ ඉස්කෝලේ දෙන දේවල් විතරයි පාඩම් කලේ එදා දුන්න දේ එදාම කලා කියන කාරණය. හැබැයි ප්‍රථීඵල ආවම ටියුෂන් ගුරුවරුන් තමන්ගේ පෝස්ටර් / බැනර් / අත්පත්‍රිකාවල දාලා තියෙන්නේ දිවයිනේ ප්‍රථමයා දෙවෙනියා තුන් වෙනියා බිහි කරපු පංතිය කියලා. එතනත් පොඩි පරස්පරයක් තියෙනවා නේද ?
 
මේ කරුණු කාරණාත් එක්ක ටියුෂන් ගැන අපිට මෑතකදී තව කථාවක් අහන්න ලැබුණා. ඒ තමයි ඉරිදා හා පෝය දිනවල සවස 2 වෙනකන් ටියුෂන් තහනම් කරන්න පණතක් ගේන්න යනවා කියලා. බුද්ධ ශාසන හා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ තමයි මේක කියලා තිබුණේ. ඒ ගැන මෙන්න මෙහෙම මාධ්‍ය වාර්තාවක් පළවෙලා තිබුණා.
 
පෝය දින සහ ඉරිදා දින පස්වරු දෙක දක්වා පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම සඳහා පනතක් ළගදීම පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ පවසයි. මහරගම ආසනයේ පැවති මහජන හමුවකදී අමාත්‍යවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කරන ලද බවට අධිකරණ අමාත්‍යංශය නිකුත්කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙයි. මෙම යෝජිත පනත සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරුන් සමඟ ද සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව අධිකරණ හා බුද්ධ ශාසන ආමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
 
"ආගමික පරිසරයෙන් යුතු පුරවැසියෙක්ගෙන් සෑම විටම සමාජයට වන්නේ යහපතක්. එවන් පරිසරයක් රට තුළ නිර්මාණය කිරීම සඳහා නීති පැනවෙන පනත නීතිගත කිරීමේදි එම ආයතන ප්‍රධානීන් සමග ද සාකච්ඡා කළා. ඉරිදා දින සහ පෝය දින ටියුෂන් පන්ති තහනම් කිරීමේ පනතක් ළගදීම පාර්ලිමේන්තුවට ගෙන එනවා. උපකාරක පන්ති ගුරුවරුන් සමග ද සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා. මේ සමග දහම් පාසල් සදහා ළමුන් යොමු කිරිමට යොමු වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා." යනුවෙන් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ පැවසීය. මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කළ අමාත්‍යවරයා "මේ සම්බන්ධව අපි ‍මහා සංඝරත්නය, ආගමික නායකයින්ගෙන් ද උපදෙස් ලබා ගත්තා" යනුවෙන් ප්‍රකාශ කළේය.
 
අද අපි එෆ් බී පොලිටික්ස්වලදී මේ ගැන කථා කලාම හුගදෙනෙක් මේ යෝජනාවට එකගතාව පළකලා. අවරට යන සමාජය සුමගට ගන්න මේකෙන්වත් පුලුවන්වේවි කියලයි ඔවුන් කිව්වේ. හැබැයි මේ යෝජනාව මීට සෑහෙන කාලයකට කලිනුත් ආපු නිසා කියව කියව ඉන්නේ නැතිය පුලුවන් ඉක්මනට ක්‍රියාත්මක කරන්න ඕනා කියලයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කලේ. ඒ වගේම උසස් පෙළ සිසුන්ට මේකේදි තරමක සහනයක් දිය යුතු බවත් ඔවුන්ගේ අදහස උනා. මේ යෝජනාවට විරුද්ධ උන පිරිස් කිව්වේ ළමුන් බලහත්කාරයෙන් දහම් පාසල් යවන්න බැහැ ඒ නිසා මේ තීරණය දරදඩු වැඩියි කියලයි. 
 


අතිශයෙන්ම බස්වලට විතරයි

රථවාහන තදබදය එහෙම නැත්නම් ට්‍රැෆික් කියලා කියන්නේ අපි හැමෝම අත්විඳලා තියෙන නීරස මාතෘකාවක් කිව්වොත් හරි. සමහර වෙලාවට..

වැහුවොත් මුහුණ - නොලැඛෙයි ප්‍රථීපල

ලංකාවේ අපි පුංචි කාලේ ඉඳන්ම පුරුදුවෙලා තියෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට. වසර 13 ක පාසල් අධ්‍යාපනය තුළ අපි මූලික වශයෙන්..

දඩි බිඩි වුණොත් ගෙවන්න වෙන දඩ වැඩි වෙන හැටි

අපි කවුරු හරි වැරුද්දක් කලොත් අපිට ඒකට දඩුවම් විඳින්න වෙනවා. ඒක ලෝක ස්වභාවය. රියදුරෙක් පාරේදි වැරැද්දක් කලොත් අපිට ගෙවන්න..

තවත් බාලගිරි දෝෂයක්?

1987 වසරේදී ඉන්දු ලංකා ගිවිසුම යටතේ ඇතිකර ගත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේ රටට හඳුන්වාදුන් ප්‍රධානතම සාධකය තමයි පළාත්..

ටියුෂන්ද? ආගමද?

අද තියෙන්නේ විභාග කේන්ද්‍ර කර ගත්ත අධ්‍යාපන රටාවක්. අවුරුදු 13 ක පාසල් කාලය පුරාවට අපි ප්‍රධාන විභාග 3 ක් මුල් කරගෙන තමයි මේ..

බදු දීමෙයි විකිණිමෙයි වෙනස

ආයෝජනයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමිවන වැඩිම මුදල පසුගිය සිකුරාදා අපිට ලැබුණා. ඒ හම්බන්තොට වරාය වසර 99 ක් සඳහා චීනයට බදු..

උතුරම හඩා වැටුණු දකුණේ පොලිස් සැරයන් ඝාතනය..

බෙදීම් තුලින් කිසි දිනෙක ඒකීයත්වය, මිත්‍රත්වය හෝ සාමුහිකත්වය ඉස්මතු වන්නේ නැත. ඒකීයත්වය අද ලංකාවේ ජීවත් වන ඔබට මට අත්‍යවශ්‍යය...

මොලේ නැතිව පෙන්වන තෙලේ බලේ

වත්මන් රජය බලයට පත්වී වසර 2 ක් සපිරෙන්නේ ලබන අගෝස්තු 17 වනදාටයි. බලයට පැමිණෙද්දි කරන බවට දුන් පොරොන්දු සියයට..

කෝටි ගණන් වටින නෝටි කුඩු

මත්ද්‍රව්‍ය කියලා කියන්නේ අද වෙනකොට මුලු ලෝකේටම පිළිලයක් වෙලා තියෙන දෙයක්. එක පාරක් කන්ටේනරයක තිබිලා හෙරොයින් කිලෝ..

කටට රස බුලත් විට ඇත්තටම ඇඟට විසයිද?

ඈත ඉතිහාසයේ පටන් මෑත වර්තමානය තෙක්ම අපේ දේශීයත්වය තුලින් ජනයා තුළ මුල් බැසගත් හුරු පුරුදු ගතිලක්ෂණ චර්යාවන් පැවැත් අතර..

අපේ ක්‍රිකට්වල මීලග පිම්ම ගැන තිලංග කල හෙලිදරව්ව

ක්‍රිකට් කියලා කියන්නේ අපේ රටේ ජාතික ක්‍රීඩාව නොවුනට ඊටත් වැඩිය අපි ආදරය කරන සහ ජනප්‍රියත්වයට පත්වෙච්ච ක්‍රීඩාවක්..

තෝරු මෝරු පැනලා ගිහින් ඉස්තාලයෙන්?

දූෂණය / වංචාව / හොරු / මෙගා ඩීල් 2015 ජනාධිපතිවරණයේදී මේ වචන වේදිකාවල රැව්දුන්නා. කොටින්ම කියනවා නම් මේ ආණ්ඩුව බලයට..

ඉතින් සමුගමු පොලිතින්

පරිසරය / කසළ / පොලිතින්. මේ වගේ දේවල් ගැන දැන් කෙරෙන කථාබහ ටිකක් වැඩිවෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි කසල හා බැඳුණු..

පමාවක් නැතිව කොමාවක් තැබිය යුතු, සමාවක් දිය නොහැකි උමා ඔය අර්බුදය

ජීවිතේ සමහර දේවල් තියෙනවා කොමාවක් තියා තිතක් තියලවත් ආපහු හරිගස්සන්න බැරි. ඒකයි පනින්න පෙර සිතා බලන්න කියලා කියන්නේ...



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online