තවත් බාලගිරි දෝෂයක්?

1987 වසරේදී ඉන්දු ලංකා ගිවිසුම යටතේ ඇතිකර ගත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේ රටට හඳුන්වාදුන් ප්‍රධානතම සාධකය තමයි පළාත් සභා ක්‍රමය. යම් තාක් දුරකට හෝ බලය බෙදීමක් මෙහිදී සිදුවෙනවා. පළාත් සභා යටතේ පාලනය වන පාසල් / රෝහල් බිහිවෙන්නේත් මේ අනුවයි. හැබැයි පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල දීම ගැන තවමත් තියෙන්නේ පරස්පර මතවාදයක්. මොකද ඒකීය ශ්‍රී ලංකාවක් කියන සංකල්පය එහිදී බිඳෙනවා කියලයි ඇතමුන් චෝදනා කරන්නේ. පළාත් සභා බිහි කරද්දි ඊට විරුද්ධ වුණු ඇතැමුන් අදටත් පළාත් සභා මන්ත්‍රීවරු ලෙස පත්වෙලා යහමින් ඉන්න ආකාරයකුත් අපිට දකින්න පුලුවන්.
 
අද අපිට පළාත් සභා ගැන කථා කරන්න සිද්ධ වුණේ පළාත් සභා මැතිවරණය කල් යනවා කියන කසුකුසුව නිසා. 
 
පසුගිය ආණ්ඩුවට තිබුණු ප්‍රධානතම චෝදනාවක් තමයි කෑලි කෑලි ක්‍රමයට ඡන්දය තියනවා කියන එක. විශේෂයෙන් පළාත් සභා නවයේ මැතිවරණය කවදාවත් එක දිනයක තිබුණේ නැහැ. කොටස් වශයෙන් තමයි ඡන්ද විමසීම් පැවැත්වුවේ. මේ ක්‍රමයේදී කාලය / ශ්‍රමය විතරක් නෙවෙයි වැයවන මුදලත් ඉතාම අධිකයි. ඒ වගේම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවෙන්නත් මේ සලාක ක්‍රමයට මැතිවරණ පැවැත්වීම හේතුවක් උනා. මේ සියල්ලට විසඳුමක් හැටියට තමයි වත්මන රජය පළාත් සභා මැතිවරණ ක්‍රමයට සංශෝධන ගෙන ආවේ.
 
සියළු පළාත් සභා මැතිවරණ එක දිනකදී පැවැත්වීම සදහා 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත / 1988 අංක 2 දරණ පළාත් සභා ඡන්ද විමසීම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට ඇමති මන්ඩල අනුමැතිය හිමි වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අතර ඊට අනුමැතියද හිමිවුණා. 
 
මේ පණත් කෙටුම්පත පසුගියදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණා. ඒකේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි සියලුම පළාත් සභාවල ඡන්දය එකම දිනයක පැවැත්විය යුතුයි කියන එක. හැබැයි මෙතනදි ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ තමයි නැගෙනහිර / උතුරුමැද සහ සබරගමුව පළාත් සභාවල නිල කාලය ලබන මාසයෙන් අවසන් වෙනවා. අන්තිමට පළාත් සභා ඡන්දය තියපු ඌව පළාතේ නිල කාලය ඉවර වෙන්නේ 2019 අවුරුද්දේ ඔක්තෝබර් වල. ඒ කියන්නේ ලබන මාසේ නිල කාලය ඉවර වෙන පළාත් සභා තුනේ ඡන්දයත් 2019 දක්වා වසර 2 කින් වගේ කල් යනවා කියන එක.
 
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය ලෙසින් ජුලි 28 වන දා ප්‍රකාශයට පත් කර ඇති මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ අගෝස්තු 03 වන දාතමින්. ඒ අනුව සියලුම පළාත් සභාවල නියෝජිතයන් එකම දිනයකදී තෝරා ගැනීමට යෝජනා කර ඇති අතර, අදාළ දිනය පාර්ලිමේන්තුව මගින් තීරණය කරනු ලබන බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. සියලුම පළාත් සභා එකම දිනයකදී විසුරුවා හැරීම ද මේ අනුව සිදුවනවා. එම දිනය අවසන් වරට ව්‍යවස්ථාපිත පළාත් සභාවේ කාලසීමාව නිම වන දිනය නොඉක්මවිය යුතු බවයි අදාළ ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ.
 
පළාත් සභා විසුරුවීමට අදාළ වගන්තියක් ද එම ගැසට් පත්‍රයේ දක්වා ඇති අතර, සියලුම පළාත් සභා විසුරුවා හැරෙන දිනයට ප්‍රථම නිල කාලය අවසන් වන පළාත් සභාවල එම නිළ කාලය අදාළ දිනය දක්වා දීර්ඝ කෙරෙනු ඇති. එම පළාත් සභා අදාළ දිනයේදී විසුරුවා හැරීම හෝ ඒවායේ නිළ කාලයය අදාළ දිනය දක්වා දීර්ඝ කිරීමටයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයෙන් යෝජනා කර ඇත්තේ.
 
නිළ කාලසීමාව අවසන් වන සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභා සඳහා නාම යෝජනා කැදවීම ලබන ඔක්තෝම්බර් 2 වන දා ප්‍රකාශයට පත් කිරීමට හැකි වනු ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මීට පෙර ප්‍රකාශ කළේ. ඒ අනුව ලබන ජනවාරි මාසයට පෙර පළාත් සභා මැතිවරණ පැවැත්විය හැකි බව ඔහු සඳහන් කළා. කෙසේ නමුත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සමඟ එම පළාත් සභාවල මැතිවරණ ද එකම දිනයකදී පැවැත්වීමට සිදුවන නිසා එම මැතිවරණ කල් යනු ඇති.
 
අද එෆ් බී පොලිටික්ස්වලදී අපි කථා කලේ පළාත් සභා මැතිවරණ එකම දිනයක තියන එක හොඳද නරකද කියලා. හැමෝම වගේ කිව්වේ ඒක හොඳයි හැබැයි පුලුවන් ඉක්මණින් ඡන්දය තියන්න කියලයි.


අත පෑවොත් පන්දාහයි බස්රථ වල සිගාකෑමට එරෙහිව දඩ

අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ පොදු ප්‍රවහාන සේවාව ලෙස හදුන්වන්නේ බොහෝ දුරට බස්රථයයි.එදිනෙදා තම දෙෙනික අවශ්‍යතාවයන් සම්පුර්ණ...

ඔයත් BMICH එකේ BOOK FARE ගියාද?

කියවීම මිනිසා සම්පුර්ණ කිරීම බොහෝ කාලයක සිට අප අසා ඇති කියමනක් වුවත් වර්තමාන සමාජ ආර්ථික ක්‍රමය මගින් කියවීමට තරම් ඉඩකඩක්..

මීටර් නැත්නම් රෝද තුනේ යන්න එපා

එෆ් බී පොලිටික්ස් අපි වාහන සහ වාහනවලට අදාළ නීති රීති ගැන නිරතුරුව කථාකරනවා. ඒකෙනුත් ත්‍රී රෝද රථ ගැන තමයි අපි වැඩි වශයෙන්ම..

අලි ගැන වලි

අලියා කියලා කියන්නේ ලංකාවේ ජාතික සංකේතයක්. ශ්‍රී ලංකාව කියන නම ජාත්‍යන්තරයේ සටහන් කරද්දි හුග වෙලාවට අපි දකින්නේ අලියා ආශ්‍රිත..

ජනතා හදවතෙන් දියවෙන දියවන්නාවේ නෑදෑයෝ

අද සැප්තැම්බර් 6 වෙනිදා. 2017 අවුරුද්දෛ් 3 වන පාසල් වාරය ආරම්භ වෙන්නේ අද. ඉස්කෝලේ යන කාලයේ අපිට මතකයි නාම ලේඛනය..

හේත්තු වුනොත් බලාගෙනයි

ශ්‍රී ලංකාව කියලා කියන්නේ තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. හුග දෙනෙක්ට තවමත් තමන්ගේම කියලා වාහනයක් ගන්න..

දිනනදාට මල් - පරදිද්දි ගල්

ක්‍රිකට් ගැන තරම් එෆ් බී පොලිටික්ස් අපි කථා කරපු වෙන මාතෘකාවක් නැති තරම්. ඒ තරමට ක්‍රිකට් අපේ මූලික අවශ්‍යතාවක් බවට පත්වෙලා ඉවරයි..

මැතිසබයේ රැව්දුන් ටොමියයි හිගන්නයි - අනුමත කරන්නට බැරි මහජන නියෝජිතයින්ගේ කතා

මෙම සිදුවීම පමණක් නොව ගෙවී ගිය කාල පරිච්චේදය තුළ බොහෝ මන්ත්‍රීවරුන් මෙන්ම ඇමතිවරුන් පවා පාර්ලිමේන්තුව තුළ ඇතැම් ප්‍රකාශ..

රත්වෙනකම් නටන කකුලුවන් ගැන නලින් මන්ත්‍රීතුමා කියපු කථාව

විශ්වාස භංග / ඉල්ලා අස්වීම් සහ ඉවත්කිරීම් නිසා ලංකාවේ දේශපාලනය මේ දවස්වල හොඳටම උණුසුම් වෙලා. ඊලගට මොනවා වේවිද?

කඩ කළ පොරොන්දුවට එ.ජා.පයෙන් දුන් දඬුවම

ලෝක දේශපාලනය තුළ කැබිනට් මණ්ඩලය සාමූහික වගකීමට බැදී සිටීම පාර්ලිමේන්තු සම්ප්‍රදායේ අත්‍යවශ්‍ය අංගයක් වී ඇත..

වැඩියෙන් නෙට් යන්න අඩු වුණු බදු

රජයක් උනාම මහජනතාවට හැකිතාක් සහන දුන්නොත් තමයි දිගින් දිගටම මහජන ප්‍රසාදය දිනාගන්න පුලුවන් වෙන්නේ..

5 ශිෂ්‍යත්වය ළමා මනසට පීඩාවක් ද?

විභාගයක් ජීවිතය තීරණාත්මක ලෙස තීරණය කරන බවට ඔබට සදහන් කලොත් ඔබ එය විශ්වාස හෝ අවිශ්වාස කරනුයේ ඔබේ ජිවිතයේ මුහුණ දීමට..

අතිශයෙන්ම බස්වලට විතරයි

රථවාහන තදබදය එහෙම නැත්නම් ට්‍රැෆික් කියලා කියන්නේ අපි හැමෝම අත්විඳලා තියෙන නීරස මාතෘකාවක් කිව්වොත් හරි. සමහර වෙලාවට..

වැහුවොත් මුහුණ - නොලැඛෙයි ප්‍රථීපල

ලංකාවේ අපි පුංචි කාලේ ඉඳන්ම පුරුදුවෙලා තියෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට. වසර 13 ක පාසල් අධ්‍යාපනය තුළ අපි මූලික වශයෙන්..

දඩි බිඩි වුණොත් ගෙවන්න වෙන දඩ වැඩි වෙන හැටි

අපි කවුරු හරි වැරුද්දක් කලොත් අපිට ඒකට දඩුවම් විඳින්න වෙනවා. ඒක ලෝක ස්වභාවය. රියදුරෙක් පාරේදි වැරැද්දක් කලොත් අපිට ගෙවන්න..

තවත් බාලගිරි දෝෂයක්?

1987 වසරේදී ඉන්දු ලංකා ගිවිසුම යටතේ ඇතිකර ගත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේ රටට හඳුන්වාදුන් ප්‍රධානතම සාධකය තමයි පළාත්..

ටියුෂන්ද? ආගමද?

අද තියෙන්නේ විභාග කේන්ද්‍ර කර ගත්ත අධ්‍යාපන රටාවක්. අවුරුදු 13 ක පාසල් කාලය පුරාවට අපි ප්‍රධාන විභාග 3 ක් මුල් කරගෙන තමයි මේ..

බදු දීමෙයි විකිණිමෙයි වෙනස

ආයෝජනයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමිවන වැඩිම මුදල පසුගිය සිකුරාදා අපිට ලැබුණා. ඒ හම්බන්තොට වරාය වසර 99 ක් සඳහා චීනයට බදු..

උතුරම හඩා වැටුණු දකුණේ පොලිස් සැරයන් ඝාතනය..

බෙදීම් තුලින් කිසි දිනෙක ඒකීයත්වය, මිත්‍රත්වය හෝ සාමුහිකත්වය ඉස්මතු වන්නේ නැත. ඒකීයත්වය අද ලංකාවේ ජීවත් වන ඔබට මට අත්‍යවශ්‍යය...



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online