උතුරම හඩා වැටුණු දකුණේ පොලිස් සැරයන් ඝාතනය..

බෙදීම් තුලින් කිසි දිනෙක ඒකීයත්වය, මිත්‍රත්වය හෝ සාමුහිකත්වය ඉස්මතු වන්නේ නැත. ඒකීයත්වය අද ලංකාවේ ජීවත් වන ඔබට මට අත්‍යවශ්‍යය සාධකයක් වී හමාරය. නූතන තරගකාරී ලෝකයට  ප්‍රවිෂ්ට වීමටනම් එකා මෙන් හැගීමෙන් රටක් ලෙස එකමුතුව, එකසිත්ව කටයුතු කිරීම අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුතුය.
 
තිස් වසරක් මුළුල්ලේ අප රටේ පැවති ත්‍රස්තවාදී අරගලය යුධමය අතින් අවසන් කළ පසුබිමක උතුරත් දකුණත් යා කරමින් ආකල්පමය වශයෙන් මිත්‍රත්වයේ පාලමක් සැකසීම යුගයක අවශ්‍යතාවයක් වී ඇත. ගෙවී ගිය දින කිහිපය තුළ සමාජ ජාල මාධ්‍යයේ මෙන්ම රූපවාහිනීයේ මෙන්ම ගුවන් විදුලිය තුලත් කතාබහට ලක්වූ සිදුවීමක් වුයේ යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්වේරියන් මහතා ඉලක්කකරගෙන එක්තරා නාදුනන පුද්ගලයෙක් විසින් සිදු කළ වෙඩි ප්‍රහාරයකින් හලාවත කුමාරකට්ටුව ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි වියේ පසු වූ පොලිස් සැරයන් හේමචන්ද්‍ර මහතා මිය යෑමයි, මෙම සැරයන් වරයා වසර 13 කට ආසන්න කාලයක් එම්.ඉලන්වේරියන් මහතාගේ පුද්ගලික නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇත. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී උදරයට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් අසාද්‍ය තත්වයට පත්වූ ඔහු රෝහල් ගතකිරීමෙන් අනතුරුව ජිවිතක්ශ්‍යයට පත් විය. එම සිදුවීම සිදුවන අවස්ථාවේ එහි සිටි අනෙක් පොලිස් නිලධාරියාද, තුවාල ලබා රෝහල් ගතකෙරිණි.කෙසේවෙතත් මෙහිදී විනිශ්‍යකාරවරයා නිරුපද්‍රිතව මුදවා ගැනීමට මෙම පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබුනේ තම ජීවිත පවා පරදුවට තබමින්ය.
 
මෙම සිදුවීම පිලිබදව විවිධ පුද්ගලයන් විවිධ අදහස්, හා තම මතයන් ඉදිරිපත් කරද්දී මෙම දමිල විනිසුරුවරයා මියගිය පොලිස් සැරයන්වරයාගේ ඥාතීන් ඉදිරියේ හඩා වැලපෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වුන මාතෘකාවක් නිර්මාණය කළේය. සැබවින්ම ඉතා සංවේදී රූප පෙළක් වූ මෙය නැරඹු බොහෝ දෙනෙකුගේ හදවත් කම්පාවිය. මෙම වීඩියෝ පටය නැරඹු ඇතැමෙකුගේ නෙතගින් කදුළු බිදුවක් වැටුණු වාර පවා ඇත.
 
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය පිලිබදව අදහස් දක්වන එම්. ඉලන්වේරියන් මහතා ප්‍රකාශ කරණුයේ 2015 මැයි මාසයේ යාපනයේ පුන්ගුඩතිව් ප්‍රදේශයේ විද්‍යා සිවයෝගනාදන් නම් පාසල් දැරිය අමානුෂීය ආකාරයෙන් දුෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන නඩුව විනිශ්චය කිරීමේ කටයුතු වලට එරෙහිව එක්තරා පිරිසක් විසින් සිදුකල බලපෑමක්‌ ලෙසටය.
 
කෙසේ වෙතත් උතුරේ මෙන්ම දකුණේ බොහෝ පිරිස් මෙම සිදුවීම ජාති ආගම් භේදයකින් තොරව හෙළා දැකීම සැබවින්ම රටක් ලෙස ඉදිරියට යෑමට අවැසි සාධක සපයා දේ.ඒ නිසා වෙන්ම  fb politics අද අවධානය කළේ මේ සිදුවීම පිළිබදවය.  
 
   


ක්‍රිකට් ගහන්න මරු කටට යනවාද? නැද්ද?

දිගින් දිගටම ලබපු පරාජයන්වලට තිත තියලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔන්න පකිස්ථානයට එරෙහි එක්දින තරගාවලියට පිවිසුණා..

බදු නොගෙවන වෛද්‍යයවරු

රජයකට, රටකට අවශ්‍යය කටයුතු කාරණා නිසි ආකාරව ඉෂ්ට සිද්ධ කිරීමටනම් අති විශාල මුදලක් අවශ්‍ය වන බව නොරහසකි. එම නිසා සෑම..

හොඳින් නැතුව නරකින් ජාත්‍යන්තරය දිනන අපි

ඉස්සර අපිට ලාංකිකයෝ ගැන අහන්න ලැබුණේ රට ඇතුලේ හරි රටින් පිටතදී හරි සම්බන්ධවෙන පුද්ගල ඝාතන / කොල්ලකෑම් වගේ අපරාධ ගැන..

නිරුවත නැතිව මියුසික් වීඩියෝ හදන්නම බැරිද?

කලාව කියලා කියන්නේ කවුරුත් කැමති දෙයක්. එයිනුත් සංගීතයට හිමිවෙන්නේ සුවිශේෂී තැනක්. කථාවට කියන්නේ සංගීතය කියලා කියන්නේ..

මාසෙට වියදම ලක්ෂයයි / සුපිරි වැඩිහිටි නිවාසයේ විස්තර මෙන්න

ඔක්තෝබර් කියලා කියන්නේ ජත්‍යන්තර දින විශාල වශයෙන් සැමරෙන මාසයක්. මේ මාසයේ පළමු දිනයම වෙන් කරලා තියෙන්නේ ළමුන්...

පනින්න පෙර කියවා බලනු

ප්‍රශ්න හමුවේ සියදිවි හානි කර ගන්නේ නම් ලෝකයම මේ වන විට සුසාන භූමියක් වනු නොඅනුමානය. මන්ද ප්‍රශ්නක් නැති මිනිසුන් ලොව..

අත පෑවොත් පන්දාහයි බස්රථ වල සිගාකෑමට එරෙහිව දඩ

අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ පොදු ප්‍රවහාන සේවාව ලෙස හදුන්වන්නේ බොහෝ දුරට බස්රථයයි.එදිනෙදා තම දෙෙනික අවශ්‍යතාවයන් සම්පුර්ණ...

ඔයත් BMICH එකේ BOOK FARE ගියාද?

කියවීම මිනිසා සම්පුර්ණ කිරීම බොහෝ කාලයක සිට අප අසා ඇති කියමනක් වුවත් වර්තමාන සමාජ ආර්ථික ක්‍රමය මගින් කියවීමට තරම් ඉඩකඩක්..

මීටර් නැත්නම් රෝද තුනේ යන්න එපා

එෆ් බී පොලිටික්ස් අපි වාහන සහ වාහනවලට අදාළ නීති රීති ගැන නිරතුරුව කථාකරනවා. ඒකෙනුත් ත්‍රී රෝද රථ ගැන තමයි අපි වැඩි වශයෙන්ම..

අලි ගැන වලි

අලියා කියලා කියන්නේ ලංකාවේ ජාතික සංකේතයක්. ශ්‍රී ලංකාව කියන නම ජාත්‍යන්තරයේ සටහන් කරද්දි හුග වෙලාවට අපි දකින්නේ අලියා ආශ්‍රිත..

ජනතා හදවතෙන් දියවෙන දියවන්නාවේ නෑදෑයෝ

අද සැප්තැම්බර් 6 වෙනිදා. 2017 අවුරුද්දෛ් 3 වන පාසල් වාරය ආරම්භ වෙන්නේ අද. ඉස්කෝලේ යන කාලයේ අපිට මතකයි නාම ලේඛනය..

හේත්තු වුනොත් බලාගෙනයි

ශ්‍රී ලංකාව කියලා කියන්නේ තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. හුග දෙනෙක්ට තවමත් තමන්ගේම කියලා වාහනයක් ගන්න..

දිනනදාට මල් - පරදිද්දි ගල්

ක්‍රිකට් ගැන තරම් එෆ් බී පොලිටික්ස් අපි කථා කරපු වෙන මාතෘකාවක් නැති තරම්. ඒ තරමට ක්‍රිකට් අපේ මූලික අවශ්‍යතාවක් බවට පත්වෙලා ඉවරයි..

මැතිසබයේ රැව්දුන් ටොමියයි හිගන්නයි - අනුමත කරන්නට බැරි මහජන නියෝජිතයින්ගේ කතා

මෙම සිදුවීම පමණක් නොව ගෙවී ගිය කාල පරිච්චේදය තුළ බොහෝ මන්ත්‍රීවරුන් මෙන්ම ඇමතිවරුන් පවා පාර්ලිමේන්තුව තුළ ඇතැම් ප්‍රකාශ..

රත්වෙනකම් නටන කකුලුවන් ගැන නලින් මන්ත්‍රීතුමා කියපු කථාව

විශ්වාස භංග / ඉල්ලා අස්වීම් සහ ඉවත්කිරීම් නිසා ලංකාවේ දේශපාලනය මේ දවස්වල හොඳටම උණුසුම් වෙලා. ඊලගට මොනවා වේවිද?



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online