වැහුවොත් මුහුණ - නොලැඛෙයි ප්‍රථීපල

ලංකාවේ අපි පුංචි කාලේ ඉඳන්ම පුරුදුවෙලා තියෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට. වසර 13 ක පාසල් අධ්‍යාපනය තුළ අපි මූලික වශයෙන් ජාතික මට්ටමේ විභාග 3 කට මුහුණ දෙනවා. 5 වසර ශිෂ්‍යත්වය / සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඒ විභාගයි. හැබැයි මේ විභාගවල තියෙන අසීරු බව නිසා ඇතැමුන් කොහොම හරි සමත්වෙන්න විවිධ වැරදි වැඩ කරන්න පෙළඹිලා තියෙනවා. අලුත්ම උපක්‍රමය තමයි මුහුණු ආවරණ (වේල්) තුල සගවාගෙන බ්ලූටූත් සහ මයික්‍රෆෝන සගවාගෙන පිළිතුරු ලිවීම. මේක වලක්වන්න විභාග දෙපාර්තමේන්තුව වේල් පැළඳගෙන විභාග ලියන අපේක්ෂිකාවන්ගේ ප්‍රථීඵල අත්හිටුවීමට තීරණය කිරීම.
 
මුහුණු ආවරණය (VEIL) නිරාවරණය කරමින් සිය අනන්‍යතාවය තහවුරු කිරීමට අසමත් අපේක්‍ෂිකාවන්ට විභාගයට හිඳ ගැනීමට අවසර ලැබෙන නමුත් පරීක්ෂණයකින් අනතුරුව ඔවුන්ගේ ප්‍රතිඵල අත්හිටවීමට බලය ඇති බව විභාග කොමසාරිස් ඩබ්ලිව්. එම්. ජේ. පුෂ්පකුමාර පවසයි. බීබීසීය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළ විභාග කොමසාරිස්වරයා, විභාග ශාලාවට ඇතුල් වීමට පෙර සියලු අපේක්ෂකයන්ගේ අනන්‍යතාව පරීක්ෂා කරන අතර හැඳුනුම් පත හෝ විදේශ ගමන් බලපත්‍රය මගින් එය තහවුරු කළ හැකි බව සඳහන් කළේය.
 
"මුහුණු ආවරණය පළඳින විභාග අපේක්‍ෂිකාවන්ට ඔවුන්ගේ මුහුණු නිරාවරණය කරමින් සිය අනන්‍යතාවය තහවුරු කරන්න පුළුවන්. ඒ සඳහා සෑම විභාග ශාලාවකම කාන්තා නිලධාරිනියන් නිරත කෙරෙනවා" විභාග කොමසාරිස්වරයා පවසයි. අපේක්ෂකයන් යම්කිසි විභාගයක ප්‍රශ්න පත්‍ර කීපයකට පිළිතුරු ලියන විට ඒ හැම අවස්ථාවකදීම ඔවුන්ගේ අනන්‍යතාව පරීක්ෂා කිරීම අනිවාර්ය බවත් ඔහු කියා සිටියි. එවැනි ක්‍රියා මාර්ගයක් ගනු ලබන්නේ සැබෑ අපේක්ෂකයා වෙනුවට වෙනත් ව්‍යාජ තැනැත්තෙක් හෝ තැනැත්තියක් මුහුණු ආවරණය කරමින් විභාගයට පෙනී සිටීම වැලක්වීමට බවත් එය සෙසු සියලු විභාග අපේක්ෂකයන්ට සාධාරණය ඉටු කිරීමක් වන බවත් කොමසාරිස්වරයා පෙන්වා දෙයි.
 
ඇතැම් විභාග අපේක්ෂිකාවන් මුහුණු ආවරණ සහිතව (VEIL ) විභාග වලට පෙනී සිටීමේ දී කුඩා 'මයික්‍රොෆෝන්' සහ විද්‍යුත් උපකරණ වේල් අස්සේ සවි කොට සඟවා තබා ගනිමින් පිළිතුරු ලියා ඇති බවට පැමිණිලි ලැබී තිබුණ බව අධ්‍යාපන නියෝජ්‍ය ඇමති වේලුසාමි රාධක්‍රිෂ්ණන් බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී සඳහන් කළේය. "අපි මේ තහනම ප්‍රකාශයට පත් කළේ ඇතැම් අපේක්ෂිකාවන් මයික්‍රොෆෝන් සහ විද්‍යුත් උපකරණ ආදිය 'වේල්' අතර සඟවා තබා ගනිමින් විභාග වංචා සිදු කරන බවට තොරතුරු ලැබීම සැලකිල්ලට අරගෙනයි" නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.
 
"බ්ලූ ටූත්" ( BLUETOOTH) සහ ජංගම දුරකථන පාවිච්චි කරමින් විභාග වංචා සිදු කරන ලද අවස්ථා වාර්තා වී ඇති බව ඩබ්ලිව්.එම්.ජේ.පුෂ්පකුමාර විභාග කොමසාරිස්වරයාත් පිළිගනී. එවැනි අවස්ථා මග හැරීමට කලක් පටන් ක්‍රියාමාර්ග ගනිමින් තිබුණ අතර එය තවත් දැඩි කිරීමට මෙවර පියවර ගෙන ඇති බව ඔහු අවධාරණය කරයි. මුහුණු ආවරණය නිරාවරණය කරමින් අනන්‍යතාව පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් සංස්කෘතිකමය හේතු දක්වමින් ඇතැම් ප්‍රජා කාණ්ඩ කෙරෙන් විරෝධයක් මතුව තිබේදැයි බීබීසිය විමසූ විට ඊට පිළිතුරු දුන් කොමසාරිස්වරයා "එම ජන කොටස් මේ කාරණයේ අරමුණ තේරුම් ගෙන සිටින" බව සඳහන් කළේය. සිය මුහුණු ආවරණය ඉවත් කර අනන්‍යතාව තහවුරු කිරීමට අසමත් අපේක්ෂකයන්ගේ විභාග ප්‍රතිඵල අවලංගු කිරීමට විභාග පනත අනුව සිය දෙපාර්තමේන්තුවට බලය ඇති බවත් ඔහු පෙන්වා දෙයි. "අනන්‍යතාව සහතික කරන්න බැරි අයගේ ප්‍රතිඵල අත්හිටවීමට පනතෙන් බලය ලැබෙනවා. ඔවුන්ට විභාගයට ලියන්න පුළුවන්. ඒත් ප්‍රතිඵලය නොදෙන්න පුළුවන්. විභාග වංචා කරපු අයගේ ප්‍රතිඵල නිකුත් නොකළ අවස්ථා අපේ ඉතිහාසයේ තියෙනව" විභාග කොමසාරිස් ඩබ්ලිව්. එම්. ජේ. පුෂ්පකුමාර බීබීසියට කියා සිටියේය.
 
Source - BBC


වමනය ගිය පමණින් ගැබිණියක් වනවාද?

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවගෙන් විටින් විට වැරදි සිදු වන්නේය. ගුරු වරන් ඔවුනට දඩුවම් ලබා දෙන්නේ ඔවුන් ගේ වැරදි නිවැරදි කර ගැනීමටය..

ක්‍රිකට් ගහන්න මරු කටට යනවාද? නැද්ද?

දිගින් දිගටම ලබපු පරාජයන්වලට තිත තියලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔන්න පකිස්ථානයට එරෙහි එක්දින තරගාවලියට පිවිසුණා..

බදු නොගෙවන වෛද්‍යයවරු

රජයකට, රටකට අවශ්‍යය කටයුතු කාරණා නිසි ආකාරව ඉෂ්ට සිද්ධ කිරීමටනම් අති විශාල මුදලක් අවශ්‍ය වන බව නොරහසකි. එම නිසා සෑම..

හොඳින් නැතුව නරකින් ජාත්‍යන්තරය දිනන අපි

ඉස්සර අපිට ලාංකිකයෝ ගැන අහන්න ලැබුණේ රට ඇතුලේ හරි රටින් පිටතදී හරි සම්බන්ධවෙන පුද්ගල ඝාතන / කොල්ලකෑම් වගේ අපරාධ ගැන..

නිරුවත නැතිව මියුසික් වීඩියෝ හදන්නම බැරිද?

කලාව කියලා කියන්නේ කවුරුත් කැමති දෙයක්. එයිනුත් සංගීතයට හිමිවෙන්නේ සුවිශේෂී තැනක්. කථාවට කියන්නේ සංගීතය කියලා කියන්නේ..

මාසෙට වියදම ලක්ෂයයි / සුපිරි වැඩිහිටි නිවාසයේ විස්තර මෙන්න

ඔක්තෝබර් කියලා කියන්නේ ජත්‍යන්තර දින විශාල වශයෙන් සැමරෙන මාසයක්. මේ මාසයේ පළමු දිනයම වෙන් කරලා තියෙන්නේ ළමුන්...

පනින්න පෙර කියවා බලනු

ප්‍රශ්න හමුවේ සියදිවි හානි කර ගන්නේ නම් ලෝකයම මේ වන විට සුසාන භූමියක් වනු නොඅනුමානය. මන්ද ප්‍රශ්නක් නැති මිනිසුන් ලොව..

අත පෑවොත් පන්දාහයි බස්රථ වල සිගාකෑමට එරෙහිව දඩ

අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ පොදු ප්‍රවහාන සේවාව ලෙස හදුන්වන්නේ බොහෝ දුරට බස්රථයයි.එදිනෙදා තම දෙෙනික අවශ්‍යතාවයන් සම්පුර්ණ...

ඔයත් BMICH එකේ BOOK FARE ගියාද?

කියවීම මිනිසා සම්පුර්ණ කිරීම බොහෝ කාලයක සිට අප අසා ඇති කියමනක් වුවත් වර්තමාන සමාජ ආර්ථික ක්‍රමය මගින් කියවීමට තරම් ඉඩකඩක්..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online