වැරදි කිරීම මනුෂ්‍ය ගතියක්, සමාව දීම දේව ගතියක්.

මිනිසා කියන්නේ ගොඩක් සමාජ ශීලි සත්වයෙක්. ඒ නිසාම ආදරය කරුණාව, දයාව වගේ තැන මිනිසා කියන සත්වය නතර වෙන්න දක්වන්නේ ලොකු කැමැත්තක්. මුලින්ම ලන්වෙන්නේ ආදරයට. පස්සේ ඒ ආදරය මුළු පවුල පුරාම ව්‍යාප්ත වෙනවා. සමාජය ටික ටික පුළුල් වෙන්න ගන්නවා. ඒ එක්කම මිනිස්සුන්ගේ හැසිරීමත් එන්න එන්න සංකීර්ණ වෙනවා. මේ ගෙවෙන වර්තමානයේ ඒ සංකීර්ණ කම ටිකක් වැඩිවෙලා තියනවා. අනාගතය වෙන කොට මිට වඩා තවත් සංකීර්ණ සමාජ පසුබිම තවත් වැඩි වෙනවා. භෞතික ඕනෑම සම්පතක හැසිරීම අධ්‍යනය කරලා අපිට නිගමනය කරන්න පුළුවන් අනාගතයේ මොනවා වේවිද කියලා. නමුත් මානව සම්පත ගැන පුර්ණ නිගමන වලට පැමිණෙන එක තරමක් නොවේ ඉතා අසීරු කාරණයක්. ගොනා හැරෙන්නේ පැලය කන්න  කියන පුළුවන් නමුත් මිනිස්සු හැරෙන්නේ මොකටද කියලා අපිට කල්තියා කියන්න බෑ නේද?
 
අද සමාජයේ ගොඩක් තැන වල ගොඩක් සමාජ සම්භන්ධතා පැළදු වෙනවා අපි දැකලා තියනවා. පෙම්වතුන් වෙනත් පෙම්වතියන් සොයාගන්නවා. තවත් පෙම්වතියො වෙන දේවල් හොයනවා, බිරින්දෑ වරු සැමියන් දැන් වෙන සම්බන්දකම් පටන් ගන්නවා අපි දකිනවා. ඇත්තටම වෙලාවකට අපේ රට දැන් දැන් ඇමරිකාවේ කොලනියක් වෙනවද කියන සැකය හිත්වල මතුවෙනවා. මිනිස් කම් වඩ වඩා දැන් අපේ සමාජයට අවශ්‍ය වෙලා. සමාජයේ බහුතරය දොස් නගන්නේ යතා සම්භන්ධය පටන් ගන්න කෙනාට. ඇත්තටම ඒක එහෙම වෙන්න හේතුව අපි කිසිම තැනක ඝෝයල බලන තත්වයක් පෙන්න තියනවා. ඇත්තටම ගණිකාවට ගල් ගහන්න මුළු සමාජයම ඉදිරිපත් වේවි, නමුත් ඈ එක්ක යහන ගත වූන මිනිස්සුන්ට ගල්ගහන්න කවුරුවත් නෑ. අපි සමාජයේ වෙනසක් බලාපොරොත්තු වෙනවනම් ඒ වෙනස අපිම පටන්ගන්න ඕන. හිතන්න අපි ගැහැනියගේ පිරිසිදු කම හොයන්න දගලනවා, එත් ඒ සුදු සේලේ වගේ දෙයක් ප්රිමයාගේ පිරිසිදු කම ගැන හොයන්න ගත්තනම් අපේ රටේ පිරිමි කියක්නම් අසරණ වේවිද? ආදරයේ නාමයෙන් කෙනෙකුට වරදින්න පුළුවන්. නමුත් ඒක වරදවා පාවිච්චි කිරීම නොකළ යුත්තක්, ඔබට වැරදි කල  ඇයට හෝ ඔහුට සමාව දිය හැකිනම් ඔබ උතුම් මිනිසෙක්. 
 
කා හටත් වරදී 
දොස් කිම වැරදි 
මා හට නොවරදී 
කියන අයහට නිතර වරදී 
 
මේ ටික තේරුම් ගන්න අද හොඳම දවස 
මම හැමදාම ඔයාගේ දුකට සැපට ඔයත් එක්ක ඉන්න මිහිත චතුරංග 


විභාගයේදී කලබල වෙන්න එපා

මේ දවස්වල ප්‍රධාන පෙලේ විභාග 02 ක් තියෙනවා. කොටින්ම මේ විභාග සමයක් කිවුවොත් නිවැරදියි. මේ දවස්වල අ.පො.ස. උසස්පෙළ විභාගය..

විශ්වාසය කඩකරගන්න එපා

විශ්වාසා පරමා ඥාති බුදුන්වහන්සේ කියන්නේ එහෙමයි. විශ්වාසය තමයි හොදම නෑදෑය කියන ඒක තමයි ඒකෙ තේරුම..

පොඩි අයට උගන්වන්න මෙන්න මෙහෙම

පුංචි දරුවන්ට කවන පොවන එක වගේම එයාලට වුගන්වන්න පොතේ පතේ වැඩ කරන්න අම්මලා දගලන තරම ඉතින් අපි..

තරු පොඩියට පෙනුනට ඇත්තටම තරු පොඩි නෑ

ඉගෙන ගන්න එක ගොඩක් ආසාවෙන් කරන තරමට තමයි ඒක හරියට පත්තියන් වෙන්නේ. ඇත්තටම කෑමක් කෑවත් ඒක ඇගට අල්ලන්නේ එය..

වැරදි කිරීම මනුෂ්‍ය ගතියක්, සමාව දීම දේව ගතියක්.

මිනිසා කියන්නේ ගොඩක් සමාජ ශීලි සත්වයෙක්. ඒ නිසාම ආදරය කරුණාව, දයාව වගේ තැන මිනිසා කියන සත්වය නතර වෙන්න දක්වන්නේ..

දිවිය හැරගිය ඔයාගේ ජිවිතේ වටිනා කියන අයට නියම වටිනාකම දෙන්න

ජිවිතේ නිතරම සුව පහසු තැනක් නෙවේ. උස්පහත් වීම් හැලහැප්පීම් ජිවිතේ හැමතැනම වෙනවා. ඒ වගේම සතුටත් ජිවිතේ තියනවා..

ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ.

අපි ඔක්කොම ලොකු තරඟයක ඉන්නේ කියලා මම හැමදාම කියනවා. ඉතින් ඒ තරගේ ජයගන්න නම් අපි ලොකු කැපකිරීමක් කරන්න ඕන..

පමණට වඩා දගලන්නේ ඇයි?

ජිවිතේ අපි ලොකු race එකක්. ඒ race ඇතුලේ අපි රැයක් දවාලක් නොබලා හතිදාගෙන දුවනවා, සමහර වෙලාවට දුවලා දුවලා හති වැටිලා බිම..

අඹ කපනකොට අත කැපුනා කියලා කිසිම දවසක අඹ නොකප ඉන්න එපා.

අපි ඉපදුන දවසේ ඉදල දවසේ ඉදල හැමදාම ඉගන ගන්නවා. මැරෙනකන් කරන්නේ ඉගන ගන්න එක. පුංචි කාලේ ඉදල කරන්නේ ඉගෙන ගන්න..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online