වෙනස් වෙන්න හිතුනද? දැන්ම පටන්ගන්න

ජිවිතේ කියන්නේ ප්‍රශ්ණ පත්‍රයක්. අපි ඉපදුන දවසේ ඉදලා කරන්නේ අපි ප්‍රශ්ණ වලට උත්තර හොයන ඒක. සමහර හොයන උත්තර අපේ මට්ටමින් හරිවෙනවා. ඒත් වෙන අයට ඒ උත්තර වැරදි වෙනවා. කොහොම හරි අපි කවුරුත් මුහුණ දෙන්නේ එකම ප්‍රශ්ණ ටිකකට නෙවේ. ඉතින් ඒ නිසා වෙන අයගේ උත්තර අපේ ප්‍රශ්ණ වලට ගැලපෙන්නේ. සමහරු ඒ ගැන නොහිත වැඩ කරනවා අපි දැකල තියනවා.

ගොඩක් දෙනෙක් ප්‍රශ්ණ වලට උත්තරය ලග තියාගෙන කල්පනා කරනවා. ලගම තියන උත්තර දකින්නේ නෑ. හැමදාම වෙනස් වෙන්න ඕන. වෙනස්වෙන්න ඕන. කිය කිය ඉන්නවා නමුත් කිසි වෙනසක් නෑ. ඔයාට වෙනස් වෙන්න ඕනද?  එහෙනම් අපි ඒ වෙනස ගැන කතාකරමු. කොහොමද වැඩේ කරන්නේ කියලා.

ජිවිතේ තැනක වැරදුනාම මිනිස්සු හිතන්නේ සදාකාලිකව වාරදුනා කියලා. මොන තැනක හරි ගැටළුවක් ඇති වුනොත් හැම කාරණයක් ගැනම බලන්නේ අර දෘෂ්ටි කෝණයෙන්. නිකමට හිතන්න කහ පාට කන්නාඩියක් දාගෙන ලෝකේ දිහා බැලුවොත් ඔයාට ලෝකේ පේන්නේ මොන පාටද? ඔයාට ලෝකේ හැමදාම පෙන්නේ කහ පාටට. නමුත් ඇත්තට ලෝකය කහපාට නෑ. අපි ජීවිතෙත් පරණ අත්දැකීම් එක්ක යමක් දිහා බලවිට ඔයා ඒ ගැන බලන්නෙත් පරණ අත්දැකීම දෙස බලන විදියටමයි. හරියට කහපාට කන්නාඩියෙන් ලෝකේ බලනව වගේ. පොදාක් වෙනස් විදියට හිතන්න. වෙනස් වෙන්න ඕනනම් වෙනස් විදියට හිතන්න. වෙනස කියන්නේ මේ අහස පොලොව වගේ වෙනසක් නෙවේ. පුංචි තැනකින් පටන් ගන්න පුළුවන්. ඒ වෙනස ඔයා උදෑසන ඇහැරෙන වේලාවෙන් උනත් පටන් ගන්න පුළුවන්. මං හෙට ඉදන් වෙනස් වෙනවා. මම හෙට ඉදලා දුම් පානය නතර කරනවා. හෙට ඉදලා, හෙට ඉදලා කිය කිය ඉන්න එපා.

ඔයාට දැන් හිතෙනවා නම් මේක දැන් කරන්න, ඔව් දැන් කරන්න. එකට සුභ නැකත් හොය හොයා ඉන්න එපා. තල වේලන්න සුභ නැකත අවුව වැටෙන මේ වෙලාව මිසක් නැකත යෙදෙන වහින වෙලාව නෙවේ. ඒ නිසා යමක් හෙට කරනවා  කියල නෙවේ අද කරනවා කියලා පටන් ගන්න. මම මේ දැන් ඉදලා වෙනස් වෙනවා කියල හිතේ තියන් වැඩ කරන්න. ඔව් ඔයාට වෙනස් වෙන්න පුළුවන්. හැමදේටම බලපාන්නේ ඔයාගේ හිත. හිතනවානම් කරන්න බැරි වැඩක් නෑ. එකයි කියන්නේ හිත ඇත්නම් පත කුඩාද කියලා. අද ඉදලා වෙනස් වෙමු “අපේ attitude අපි හදාගමු” අදම වෙනස පටන්ගන්න මොකද අද හොඳම දවස.

මම හැමදාම ඔයාගෙ දුකට සැපට ඔයත් එක්ක ඉන්න මිහිත. මිහිත චතුරංග

 


අමතක වෙනවට හොඳ පාඩමක්

අමතක වෙන ඒක අපි කාටත් වෙන්න පුළුවන් දෙයක්. අමතක වෙනවා කියන ඒක හැබැයි වැඩිපුර බලපාන්නේ අපේ ඉගෙන ගන්න අයට. එකේ..

අවවාදය නෙවේ ආදර්ශය තමයි වැදගත්

“අවවාදයට වඩා ආදර්ශය උතුම්” මේ ගොඩක් පැරණි කියමනක් කොච්චර පරණ වුනත් මේ කියමන අදටත් වලංගුයි. ගොඩක් දෙනෙක් උත්සාහ..

උදව් බලාගෙන තව කෙනෙක්ට උදව් කරන්න එපා

අපි එදිනෙදා ජිවත්වෙනකොට අපි ගොඩක් මිනිස්සු ආශ්‍රය කරනවා. ඉන්දියාවේ හිටපු ජනාධිපති වරයකු හා මහාචාර්‍ය වරයකු වෙච්ච අබ්දුල් කලාම්..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online