විභාගයේදී කලබල වෙන්න එපා

මේ දවස්වල ප්‍රධාන පෙලේ විභාග 02 ක් තියෙනවා. කොටින්ම මේ විභාග සමයක් කිවුවොත් නිවැරදියි. මේ දවස්වල අ.පො.ස. උසස්පෙළ විභාගය පැවැත්වෙනවා. ඊට අමතරව ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතයි. ඉතින් මේ දවස් වල අපේ ඉගන ගන්න අයට තියන ගැටළු කීපයක් ගැන කතාකරන්න හිතුවා.

මුල්ම කාරණය තමයි විභාගයට වාඩි වුන ගමන් ගොඩක් දෙනෙක් අසීමිත ලෙස බයට පත්වෙනවා. මොකද ඒ. එකට හේතු වෙන කරුණු කීපයක් තියනවා. ගොඩක් දෙනෙක් විභාග පසුබිමක නොකරන්න ඕන ගොඩක් දේවල කරනවා. එහෙම නොකරනවානම් විභාග බිය කියන දේ සිදුනොවෙන්න හේතුවක්.ගොඩක් දෙනෙක් විභාග මද්‍යස්තානයට එන්නේ කලින් දවසේ සුදානමත් එක්ක නෙවේ. පෙර සුදානම ජිවිතේ හැමදේටම වැදගත් වෙනවා. එය විභාගය කියන කාරණයටත් පොදුයි. මෙතැනදී සුදානම් වීම කියල කියන්නේ විභාගයට පාඩම් කිරීම විතරක් නෙවේ. ඊට වඩා කරන්න තව දේවල් තියනවා. කොච්චර හොදට පාඩම් කරත් වැඩක් නෑ ඔයාට ඔයා ගැන විශ්වාසයක් නැත්තම්. මුලින්ම තමන් ගැන විශ්වාසය ඇති කරගන්න ඊට පස්සේ ඒ විශ්වාසය අකණ්ඩව පවත්වාගෙන යන්න උත්සාහ කරන්න. විභාගයට කලින් දවස තුල ඔබට පාඩම් කරන්න නොහැකි වුන දේ ගැන වද වෙන්න එපා. අනෙක් කාරණය තමන් පාඩම් කල දේ ගැන විශ්වාසය තියලා ඒ කරුණු තහවරු කරගැනීම විතරක් කරන්න. සමහර අය වටේ පිටේ ඉන්න හැමදෙනාටම කතාකරලා එන්න පුළුවන් ප්‍රශ්ණ ගැන අහනවා මම දැකලා තියනවා. එය සිදු කරන්න ඕන දැන් නෙවේ. එය කලින්, ඒ කියන්නේ විභාගයට මාසයකට විතර කලින් කරන්න ඕන වැඩක්. ඒ නිසා ඒවගේ වැඩ දැන් කරන්න එපා. අනිත් කාරණය විභාග ශාලාවට ටිකක් වේලාසන ගියාට කමක් නෑ. නමුත් අනිත් යාළුවො එක්ක විභාගය ගැන සාකච්ඡාවට යන්න එපා. මොකද ඔබ අමාරුවෙන් නිර්මාණය කරගෙන ඉන්න මානසික මට්ටම විනාස වෙන්න පුළුවන්. ඒ සාකච්ඡාව තුල බොහෝදුරට අන්තර්ගත වෙන්නේ පහුගිය Paper ගැන සාකච්චාවක් නේ, එතකොට ඔයා ඉබේටම කලින් paper එකතුල කල වැරදි ගැන කල්පනා කරන්න පටන්ගන්නවා. එතකොට ඉබේටම මානසික ඒකාග්‍රතාව නැතිවෙලා යනවා.

විභාගයට විනාඩි 10 වත් තියලා ශාලාවේ අසුන් ගන්න අමතක කරන්න එපා. අසුන් අරගෙන ඔයාගේ ජාතික හැදුනුම්පත වගේ විභාගයට අවශ්‍ය ලියවිලි සහ පෑන පන්සල වගේ උපකරණත් මේසයේ කොනක තියාගන්න. ඊට පස්සේ මානසික තත්වය සංසුන් කරන අභ්‍යාසයක නිරත වෙන්න. මේ අභ්‍යාසය හිතින් කරන එකක් වෙන්න ඕන. ඔයාට පුළුවන් හිතින් 01 – 10 ගණන් කරන්න. නැවත 10 – 01 ගණන් කරන්න. එවිට හිත එකග තාවයකට ගන්න පුළුවන්. ඉන් පස්සේ ප්‍රශ්ණ පත්‍රය අතට ලැබුන ගමන් ඔබේ නම, විභාග අංකය ලියන්න. ඉන් අනතුරුව බොහොම කල්පනාවෙන් ප්‍රශ්ණ පත්‍රය ඉවසිල්ලෙන් කියවන්න. ඔබට ඉතාම පහසු ප්‍රශ්නයකින් පිළිතුරු ලියන්න පටන් ගන්න. එවිට ටික ටික ඔබට ඔබ ගැන විශ්වාසය ඇති කරගන්න පුළුවන්. ඒ විශ්වාසය සමග ඔයාට නිදහසේ පිළිතුරු ලියන්නට පුළුවන්. යම් හෙයකින් ඔබ ප්‍රශ්නයක් තුල ඔබ හිරවෙනවා කියලා ඔබට හිතෙනවනම් ඒ මොහොතේදීම ඒ ප්‍රශ්නයට පිළිතුරු ලියන ඒක නතර කරලා වෙනත් ප්‍රශ්නයකට මාරු වෙන්න. වෙලාව ගැන ටිකක් සැලකිල්ලෙන් වැඩ කරන්න. කිසිම මොහොතක තප්පරයක්වත් නිකරුනේ අපතේ යවන්න එපා. වෙලාවට කලින් ප්‍රශ්ණ පත්‍රයට ඔබ පිළිතුරු සපයා අවසන් වුනානම්, ඉතිරි කාලය තුල නැවත පිළිතුරු නිවැරදිද කියලා පරික්ෂා කර බලන්න.  අවසානයේ පිළිවෙලට සියළු පිළිතුරුපත් අමුණන්න අමතක කරන්න එපා. මොකද එය අතිශය වැදගත් කාරණයක්. කෙතරම් හොදින් ඔබ පිළිතුරු ලිවුවත් වැඩක් නෑ එය නිසි ලෙසට බාර නොකලොත්. සියල්ල අවසන් වූ පසු නැවත යාළුවන් සමග කාලය නිකරුනේ ගත නොකර නැවත හැකි ඉක්මනින් නිවසට පැමිණීමට අමතක කරන්න එපා.

මේ ක්‍රමයට විභාගයට ලියන්න හුරුවෙන්න. ඒ හුරුව ඇතිකරගන්න අද දවස තුල උනත් තිරණයක් ගන්න පුළුවන් මොකද අද හොඳම දවස

මම හැමදාම ඔයාගේ දුකට සැපට ඔයත් එක්ක ඉන්න මිහිත චතුරංග 


අමතක වෙනවට හොඳ පාඩමක්

අමතක වෙන ඒක අපි කාටත් වෙන්න පුළුවන් දෙයක්. අමතක වෙනවා කියන ඒක හැබැයි වැඩිපුර බලපාන්නේ අපේ ඉගෙන ගන්න අයට. එකේ..

අවවාදය නෙවේ ආදර්ශය තමයි වැදගත්

“අවවාදයට වඩා ආදර්ශය උතුම්” මේ ගොඩක් පැරණි කියමනක් කොච්චර පරණ වුනත් මේ කියමන අදටත් වලංගුයි. ගොඩක් දෙනෙක් උත්සාහ..

උදව් බලාගෙන තව කෙනෙක්ට උදව් කරන්න එපා

අපි එදිනෙදා ජිවත්වෙනකොට අපි ගොඩක් මිනිස්සු ආශ්‍රය කරනවා. ඉන්දියාවේ හිටපු ජනාධිපති වරයකු හා මහාචාර්‍ය වරයකු වෙච්ච අබ්දුල් කලාම්..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online