විකට නළුවෙක්ට චරිතාංග රංගන ශිල්පියෙක් වෙන එක සුළු වැඩක් - ටෙනිසන් කුරේ

අපේ රටේ අතලොස්සක් වූ හාස්‍ය උත්පාදක රංගන ශිල්පීන් අතර පෙරමුණේ වැජඹෙන ඔහු විටෙක කතා රචකයෙක්, තවත් විටෙක අධ්‍යාක්ෂකවරයෙක් වෙමින් සිනමා කර්මාන්තය තුල මහඟු සේවයක් ඉටු කරනවා. අන් කවරෙකුවත් නොව ඔහු ටෙනිසන් කුරේ. හිනාවකට එහා ගිය කතාවකට මුල පුරමින් ඔහු අප සමඟින් කතාබහට එක්වුණේ මේ ලෙසින්.

ටෙනිසන් කුරේ කියන රංගන ශිල්පියා රංගන ක්ෂේත්‍රයට එන්නේ මොන අවුරුද්දේද? ක්ෂේත්‍රයට එද්දී මොනවද තිබුණ අභියෝග?

මම 80 ගණන් වල තමයි ආවේ. මට ලොකු අභියෝග තිබුනේ නෑ. දිනේෂ් ප්‍රියසාද් මම එයාගේ අයියා ගිවන්ත වගේ අයත් එක්ක තමයි ක්ෂේත්‍රයට ආවේ. චිත්‍රපටි පිස්සුව පොඩි කාලේ ඉඳන්ම තිබුනා. මම කෙටි චිත්‍රපටයක් හැදුවා. සිනමාව ගැන අවබෝධයක් ගන්න. එතකොට ඒ කාලෙදිම නොම්මර එකයි කියන චිත්‍රපටය හැදුවා. දිනේෂ් එක්ක එකතු වෙලා තමයි කලේ. ඒ කාලේ ඉතින් අපිව කවුරුවත් අදුරන්නේ නෑ. එක තමයි තිබුණ අභියෝගය.

රංගන ශිල්පියෙක් විදියට දැනට කටයුතු කලාට ඔබ ක්ෂේත්‍රයට එන්නේ කතා රචකයෙක් විදියට කොහොමද ඒ කතා රචකයා රංගන ශිල්පියෙක් වෙන්නේ ?

මම හොඳටම දන්නවා. හොඳ ගෙයක් හදන්න හොඳ අත්තිවාරමක් ඕනේ. දැන් මෙදා කාලේ චිත්‍රපට දිහා බලන්නකෝ . අපි ආසියාතික මිනිස්සු.  කතාවක් හොඳට තියෙනවා නම් තමයි චිත්‍රපටියක් සාර්ථක වෙන්නේ.  කතා කියන දේ අපේ ජිවිත වලට හරි සමීපයි. හුඟක් දෙනා දන්නේ මාව නිකම්ම නිකන් කොමඩි actor කෙනෙක් විදියට විතරයි. නොම්මර එකයි චිත්‍රපටය ලිව්වෙත් මම එකේ ප්‍රධාන චරිතය බන්දු එක්ක රඟපෑවෙත් මම .  ඉතින් ඒක මට ලොකු පහසුවක් වුනා.

කොලොම්පුර් , දෙමෝදර පාලම , පෙරළිකාරයෝ වගේ නාට්‍ය ලිව්ව ඔබ දැන් ඇයි නාට්‍ය ලියන්නේ නැත්තේ?

දැන් ලියන්නේ නැත්තේ කියන්නේ  මිනිස්සු පුරුදු වුනා චිත්‍රපටියක් කරන එක සෙල්ලමක් වුනා. අපි චිත්‍රපටියක් කරමු ඔන්න අපේ කැමරමන් , හරි මේ කට්ටිය අල්ල ගත්තා . මේ ලෝකේ දෙයක් දන්නේ නැති අය චිත්‍රපටි කරන්න ගත්තා.  ප්‍රමිතියක් නැතුව. විභාගයක් නැතුව. මුදලට ධනයට බලයට සේරම යට වුනා. ඒකයි මෙහෙම වුනේ.

කලාවට එන්න පුංචි කාලේ ඉඳලා හීනයක් බලාපොරොත්තුවක් තිබුනද?

අපිට පොඩි කාලේ ඉඳලම පල්ලියත් එක්ක කටයුතු කළා. මම පුංචි කාලේ ඉඳලා හරි ජනප්‍රියයි විහිලු කරන හින්දා. කවදාවත් මං කාගේ වත් ඇස්වල කඳුළු එන විහිලු කලේ නෑ. කොහොම වුනත් මම දකින්නේ මම ක්‍රිස්තියානි කාරයෙක් විදියට මේ දෙවියන් වහන්සේගෙන් ලැබුන දෙයක් හැටියට.

Thank u Berty කියන්නේ ඔබේ පලවෙනි සිනමා අධ්‍යක්ෂණය ඒ කටයුතු ගැන මොනවද කියන්නේ?

ඒකෙන් මම දැනගත්ත දෙයක් තමයි  සිනමාවට දායක වෙන හුඟක් අය කාර්මික ශිල්පීන් ඇතුළු බොහෝ අය උත්සහ කරන්නේ මේ නිර්මාණය හොඳට කරන්න නෙමෙයි. නිෂ්පාදක වරු  අල්ලාගෙන  එයාලා හිතන්නේ අපි මේ ටෙනිසන් එක්ක බාල වැඩ කරන්න ඕනේ නෑ. අපි මිට වඩා හොඳ දෙයක් කරනවා කියලා තමයි හිතන්නේ. ඒ වුනාට මට ඕනේ වුනේ මිනිස්සු සතුටු කරන්නනේ . ඉතින් කොහොම හරි මං ඒක කළා.

ටෙනිසන් කුරේ කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ විකට නළුවෙක්.  චරිතාංග රංගන ශිල්පියෙක් වෙන්න කැමැත්තක් නැද්ද?

ඔව් ඒකට මම එක උදාහරණයක් මම දෙන්නම් . ඔයාලට පුලුවන්නම් බලන්න නගරං කියලා ෆිල්ම් එකක් ආවා නිශාන්ත අල්විස් ඩිරෙක්ට් කරපු. ඒක ඉන්දියාවේ චිත්‍රපට උළෙලටත් තේරුනා. ලෝකේ අමාරුම රංගනය තමයි හාස්‍ය උත්පාදක රංගනය.  හාස්‍ය උත්පාදක රංගනය හරියට කරන්න පුළුවන් කෙනෙකුට චරිතාංග රංගන ශිල්පියෙක් වෙන එක ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක්.

ලෝක සිනමා කර්මාන්තය දිහා බැලුවම තාක්ෂනය ඉතා ඉහල මට්ටමක තියෙනවා. හාස්‍ය උත්පාදක චිත්‍රපටයක් වුනත් මිට වඩා ප්‍රමිතියකට තියෙන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද?

ඔව් ප්‍රමිතියකට තියෙන්න ඕනේ. මට වෙලාවකට හිතෙනවා අපේ විචාරකයෝ තමයි ඔක්කොටම වගකියන්න ඕනේ කියලා. අපේ මිනිස්සුන්ගේ ඔලුවට දාල තියෙනවා, මෙන්න මේ මේ කාරණා අඩංගු චිත්‍රපටියක් කලොත් තමයි විදේශ චිත්‍රපටි උළෙලකට ගිහින් සම්මාන ගන්න පුළුවන් කියලා. ජාති බේද, රටේ තියෙන දර්ද්‍රතාවය වගේ දේවල් කලවම් කරලා තමයි අපේ අය චිත්‍රපටි කරන්නේ.


මම ලස්සනයි කියලා මට දැනෙන්නේ නෑ - සංගීතා වීරරත්න

සංගීතා වීරරත්න සිංහල සිනමාවේ සුන්දර සිනහවකට උරුමකම් කියන ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිණියක්..

ඕවා කියන්න ගිහින් මම නිරපරාදේ ආදායම් බදු වලට අහුවෙනවා - කමල් අද්දරාරච්චි

අද අපත් සමඟ කතා බහට එකතු වෙන්නේ සිංහල සිනමාවේ බිහිවූ තරු අතර හිතේ ඇඳුනු සොඳුරු සිහින කුමරායි. ගායකයෙක්, රංගන ශිල්පියෙක්..

විකට නළුවෙක්ට චරිතාංග රංගන ශිල්පියෙක් වෙන එක සුළු වැඩක් - ටෙනිසන් කුරේ

අපේ රටේ අතලොස්සක් වූ හාස්‍ය උත්පාදක රංගන ශිල්පීන් අතර පෙරමුණේ වැජඹෙන ඔහු විටෙක කතා රචකයෙක්..

නාවික හමුදාවේ හිටිය දිමංක වෙල්ලාලගේ කියපු කතාව

නව පරපුරේ ජනප්‍රිය ගායක තරු අතර ඉහලින්ම වැජබෙන යෞවනයා ඔහුයි නිදුකින් ඉන්නට පැතුම් පැතූ ඔහු පාරකියන තාරුකාවි ගෙන් පාර අහගෙන...

රංගනයයි නර්තනයයි කියන්නේ මට මගේ අම්මා තාත්තා වගේ - සුරාජ් මාපා

සුරාජ් මාපා කියන්නේ මෑත යුගයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඒ වගේම දක්ෂ නර්තන ශිල්පියෙක්. ඔහු මුලින්ම නිරූපන ක්ෂේත්‍රය හරහා රංගන..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online