විසේකාර රංගන පෞරෂ්‍යය ආදරණීය කලං

කලාව තුළ ජීවත්වීම යනු ජීවිතය පවත්වාගෙන යෑමට සුදුසුම මාධ්‍යක් නම් එකී මාධ්‍යයේ පත් ඉවුරු සිමා මායිම් අවබෝධ කරගෙන ජිවත් වූ සොදුරු මිනිසුන් අල්පය. විකල්පය ඉතිහාසය තුළ පත්තුවෙනවාට වඩා ප්‍රතික්ෂේප වී ඇත්තේ පවතින සංධර්භය යාවත්කාලින වන රටාව අනුවය.
70, 60, දශකයේ ලාංකේය සිනමාවේ තාරුණ්‍යයේ හරිම තියැරිටිකල් ව ඔහේ ගලාගෙන යෑමට පටන්ගත් මොහොතක සිනමාවට ඔහු ප්‍රවිෂ්ට වනුයේ අනාරාධිත ආගන්තුකයෙකු ලෙසිනි. හැඩි දැඩි වැඩි පෙනුමැති තාරුණ වයසේ සිනමා පෞරෂ්‍යය, ඉන්දියවාදී රැල්ලත් සමගින් ලාංකේය දේශීය සිනමාව වැලදගත්තේ එකම කලාවත්, එකම මුලාවත්, එවකට සිනමා ශාලාවේ බිත්ති හතරට පමණක් සීමාවී තිබූ නිසා වන්නට ඇත.
 
සුපුරුදු බෙල් කලිසමත්, අවුලට පිරුණු සුළගට ඒමේ අත දගලන හිස්කෙයත්, හීන්දෑරි ඇගපතත්, උඩ බොත්තම ගැලවූ ෂර්ට් එකත් හීන්දෑරි ඇගපතත් එක්ක හැගීම් හුගක්, දැනීම ඕනෑවටත් වඩා දැනුන දුක් විදීම උහුලන්නටත් බැරුව ජිවත් වෙන හැත්තෑව දශකයේ තාරුණ්‍යයේ හිත් අතරින් හිට් වෙන ඉතිහාසයේ ලාංකේය සිනමා රූපය අලුත් කල වෙනස් කල රැඩිකල් රංගන ශිල්පියා ගැන ලියන්නට අවැසි බොහෝ දේ ගැන මගේ තෙළිතුඩ ඔහේ රගනු ඇත. මේ අමරසිරි කලංසූරිය නමැති අද්විතීය රංග පෞරෂ්‍යය ගැනය. ඔබටත් මටත් සමීප කලං ගැනය.
           
                     1940 සැප්තැම්බර් 20 වෙනිදා මහනුවරදී උපතලබන අමරසිරි කලංසූරිය ජිවිතයට වැඩියෙන්ම ඉගෙන ගත්තේ නුවර අහස යටදී කිව්වොත් නිවැරදිය. උපතින්ම නැමුවත් නොනැමෙන කාගෙන යන පෞරෂ්‍යයක් උරුම කරගත් කලං ගේ කුඩා කාලයේම මව අහිමි වීමේ වේදනාව ඛේදනීය ලෙස අත්දකින්නට ඔහුට සිදුවේ. කලං ඉගෙන ගත්තේ මහනුවර ධර්මරාජයෙන්. කාලයත් එක්ක කලංගේ සැගවිලා තියන කලා කාරයා අවදි කරන්න ඕන නිසාදෝ, පියාගේ අභාවයෙන් පස්සේ පවුලේ අනෙක් නංගිලා මල්ලිලා උස්මහත් කරගෙන රැකබලා ගෙන ඉස්සරහට යන වගකීම් සමුදාය ඔහුගේ දෙවුර මතට පැටවෙනවා. යාන්තම් මේ තරුණයා එස් එස් සි ඉවර කළා විතරයි. අනේක විද වගකීම් එක්ක ගතේ බර ගැන නොහිතා හිතේ බර නිවාගන්න කලං කළයුතු බොහෝ දේ කරනවා ඔහු නුවර ආපනශාලාවක වැඩකරන අතරේ තමන්ගේ ඇගේ තියන ඇට්ටරකම හිතේ හයියෙන්ම වහගන්න බැරිවුන තැන, එතන වැඩ කරපු වැඩිමහල් සේවකයෙක්ට පහර දීලා එළියට බහිනවා. දෙවරක් නොහිතා තමන්ගේ අත හිරි වැටෙන තරම් හරි වැඩ කරලා ජිවිතේ නැගිටින්න හේතු හොයපු කලං ට ගල් වලක නතර වෙන්න සිද්ධ වෙන්නේ රුපියල් එකයි හැත්තෑ පහේ දවසේ පඩියට. ශ්‍රීලංකා යුධ හමුදාවේ සේවයට යන කලංගේ ජිවිතේ එතනිමුත් වෙනම තැනකට ගෙනියන්න ඔහුට ඕන වෙනවා. හමුදාවෙන් පැනලා එන කලං අවසානයේ නතරවෙන්නේ මහනුවර මල්ලිකා ජයාරූප ශාලාවේ වැඩ කරන එක ඔහුගේ ජිවිතයේ අනෙකුත් රැකියා අතරින් ඔහුට ලබා දෙන්නේ වෙනස්ම ආකාරයක ආස්වාදයක්. ඔහුටම උරුම වෙච්ච ගති පැවතුම් නිසාදෝ නොසැහෙන මිත්‍ර සමාගමක් කලං වටා එකතුවෙලා ඉන්නේ කිසිදු වග විභාගයකින් තොරවයි. රංජිත් ට කලංව මුණ ගැහෙන්නේ මල්ලිකා එකේ වැඩ කරන කාලේ. සිනමා උෂ්නේ ගහලා තියන රංජිත්ට කලංගෙන් ලැබෙන සහයෝගය උපරිමයි කව්වොත් නිවැරදි. ඒ සහයෝගය නිසාම රන්ජිත් පෙරේරා නිර්මාණය කළ ප්‍රථම  සිනමා පටය වන “රැයත් දවාලත්” හි රංගනයේ යෙදෙන්න අවස්තාව කලංට හිමිවෙනවා. එහි ඉතා සුළු රංගනයක නිරතවෙන අමරසිරි කලාන්සුරියගේ රංගනය ගැන වරක් ඩි.බි නිහාල්සිංහයන් රංජිත් සමගින් පවසා ඇත්තේ “කව්ද අර අතනින් එහාට මෙහාට යන හාදයා? මිනිහා වැඩේ නියමට කරනවා” කියාය.
 
                                කලංගේ එතෙක් විලංගුව තිබු සිනමා ආස්වාදය ඔහුගේ ජිවිතයට බිදෙන් බිද ටිකෙන් ටික ඇතුළු වන්නේ ඒ ආකාරයටයි. ඉන්දියානු සිනමාවේ දැවැන්ත සිනමාකරු සත්‍යජිත් රායි ගේ සිනමා නිර්මාණයනට කලංගේ අස්වාදනිය සිනමා අවකාශය පිරවීමට හැකිවන්නේ සැබවින්ම දෛවොපගත අනාගත සිනමා පෞර්ශයක් මෝදු වීමේ හැඩතල ඉසියුම් ලෙස වර්ධනය කරමින්ය. ජිවන රග මඩල තුළ  අනෙක විදියේ චරිතයන් හරහා රංගනයේ යෙදෙමින් මහපොළොවෙන් උපන් දාහය, වෙහෙස, මහන්සිය, මහ පොළොවේ හද ගැස්ම පවා දත් කලංට කැමරා කාචය ඉදිරියේ රංගනයේ යෙදීම යනු තවත් එක වචනයක් මිස මාතෘකාවක් නොවිය. ලාංකේය සිනමාවේ අපුර්වතම කතාවක් වූ හන්තාන් කතාව බිහිකරන සුගතපාලද සෙනරත් යාපා නමැති නිර්මාණ කරුගේ, කතාවේ විජය කුමාරතුංග සමග හරි හරියට රගන ඒ බුහුටි ඇට්ටර දගකාර සිනමා පෞර්ශය එවකට සිනමාගාරයට අමුතුම ආස්වාදයක් සැපයිය.
 
කොහ්න්දෝ සිට හමා ආ සුළගට උඩ බොත්තම විවර කල ෂර්ට් එකත්, බෙල් කලිසමත් එක්ක ඉස්මතු වූ කෙට්ටු දගකාර නළුකමත් මේ කලං බව ප්‍රේක්ෂකාගාරය නිලංකාරව බලා සිටියදී මීලගට තදටම අවබෝධ කරගත්තේ අහස ගව්ව තුළිනි. ගව්ගනනක් දුර අහසට විසිවුණු යෞවනයේ බලාපොරොත්තු වලට සජීවී රණගනයක් සැපයු කලං විලාසිතාවක් බවට පත්වනුයේ අහස ගව්ව හරහාය. අදටත් ලාංකේය සිනමා වංශ කතාවේ ඉහළ අහසේ වැජබෙන වම් ඉවුරේ අද්විතීය සිනමා නිර්මාණකරු ධර්මසේන පතිරාජයන්ගේ ලංකාවේ නිර්මාණ කේත අස්වැද්දු හොදම චිත්‍රපට දහය අතරට ඇතුලත්ව ඇති අහස් ගව්ව අද්විතීය නිර්මාණයකි.  
  
කලෙක ජුබිලි ශාලාවේ පැවති වර්ණවත් චිත්‍රපට සම්මාන උළෙලකදී වසරේ හොදම සජීවී අංගනයට හිමි සම්මානයට පාත්‍රවන  නළුවාගේ නම නිවේදනය කරන්න ඔන්න මෙන්න තියන මොහොතක හේතු පාටය කියාගෙන යන්නේ ගාමිණි හත්තොටුවේගම මහතාය. හතාගේ මුවෙන් එක නිමේශයක් නික්මුනේ, ඒ “අහස ගව්ව” චිත්‍රපටයේ විජේ ගේ චරිතයට රගපෑ අමරසිරි කලංසූරිය බවයි. අගනා බොහෝ වටිනා ටයි කෝට් ලෙදර් ෂුස් වලින් සැරසුණු පිරිමින්ද, දුහුල් සාරි වලින් හැඩවුණු ගැහැණුන්ද, එකී වර්ණවත් රාත්‍රියේ දිදුලන, සොදුරු තාරකාවන් බදු විය. කලං සම්මානය ගන්නට වේදිකාවට යන්නේ සුපුරුදු බෙල් කලිසමත්, සුළගට පපුව විවර කරලු උඩ බොත්තම ලෙහා දැමු ෂර්ට් එකත්, අවුලට සැකසු කොන්ඩයත් අරගෙනමය. එදාද ඒ කලං ම බව ප්‍රත්‍යක්ෂ විය. අපේක්ෂා හරහා නැවතත් ලාංකේය සිනමා ප්‍රේක්ෂකාගාරයේ අපේක්ෂාවන් ඉෂ්ට කරන කලං එවර අපේ කාලයේ මෙන්ම අපේ විදිහේ ප්‍රේමවන්තයෙකු බවට පත්වේ. බඹරු ඇවිත් හී විජය සමග මිමැස්සෙකු තරමටම සියුම් ලෙස ස්වකිය දගකාර යතාර්ථවාදී රංගනය මුදාහරින කලං කොතරම් විශිෂ්ටයෙකුදැයි බඹරු ඇවිත් ගැන සිතද්දී කතා කරද්දී පවා නිරායාසයෙන්ම මතකයට නැගේ. අනුපමා හි, උපමා කළ නොකැහිතරමටම විශිෂ්ට රංගනයක නියැලෙන මේ අද්විතීය රංගන ශිල්පියා පුජා හි තම නැගණිය දුෂණය කර මරා දැමු කාමාතුරයා ඝාතනයට වරදකරු වී සාවද්‍ය මනුෂ්‍ය  ඝාතයනයක් හේතුවෙන් එල්ලා මැරීමට නියම වේ.එහිදී ඔහු ඉදිරිපත් කළ ප්‍රතිභාපුර්ණ රංගන ශක්තායව අදටත් ලාංකේය සිනමාවේ විශිෂ්ටයි යන තැනක කොහේ හෝ ලියැවී ඇත. දීපෂිකා, සරසවි මෙන්ම ජනාධිපති සම්මාන රාශියක් තම රංගනය වෙනුවෙන් ස්වකිය හැකියාවට වෙන්කරගත් ඔහු වචනාර්ථයෙන්ම විශිෂ්ටයෙකි.
                                                                                මොහොතක් එකතැන නතර වී කල්පනා කර බලද්දී, කලං විශිෂ්ටයෙකු වනුයේ  අතීතය තුළ පමණක්ද යන්න හදවතට දැනෙන, හදවත දවාලන, ගැටලුවකි. මන්ද නූතන තරුණ තරුණියන්ගෙන් අමරසිරි කලංසූරිය කවරෙක්දැයි විමසු කළ බොහෝ උන් නිශ්ශබ්දව ඔහේ උඩබලාගනු ඇත. මේ අසම සම රංගන ශිල්පියාගෙන් අපේ සිනමාව තවත් ලබාගත යුතු බොහෝ දෑ ඇත. වචනාර්ථයෙන්ම කලං යනු පට්ට වැඩ්ඩෙකි. ඔහුගෙන් පට්ට වැඩක් ලාංකේය සිනමාවට ලබා නොගැනීමට මෙකී කලාවටම කර ඇති මුලාවකි.
තාරුණ්‍යයේ අසීමිත දගකාරකම, රැඩිකල්කම, ඇට්ටරකම, යතාර්ථවාදී ස්වරුපය, කලං තරමටම සිනමා කැමරාව ඉදිරියේ දිගහරින ලද රංගන ශිල්පියෙක් ලාංකේය සිනමා ඉතිහාසයේ තවත් අපට හමුනොවන තරම්ය. අද තවමත් ඩිජිටල් කැමරාව ඉදිරියේ රික්තයක්ව පවතින එකී ඇට්ටර රංගනයේ හැඩතල වලින් පොහොසත් වූ රැඩිකල් තාරුන්‍යයේ හිස් බව සිනමාව ගැන, සිනමා වේ අනාගතය ගැන ප්‍රේක්ෂකයෙකු ලෙස දෑස් දල්වා සිතිවිල්ලේ බලාසිටින මට දැනෙන මොහොතක නිරායායෙන්, සිතිවිලි අතර සිත්තම් වනුයේ කලං ඔබේ ඉතිරුණු දගකාර මන්දහාසයත් කැටිවුණු අපූරු මුවගයි. අමරසිරි කලංසූරිය නමැති විශිෂ්ට රංගන ශිල්පියාණෙනි, ඔබට ආයු බොහෝ වේවා! යැයි පතනෙමි.  
 
කේෂර විජේසුන්දර 


මාලේ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ

අද චරියාගේ රස්තියාදුවෙන් රස්තියාදුවක් යන්න හැදුවේ වෙනස්, එත් කතා කරන්න ඕන මාතෘකාවක් ගැන කතා කරන්න. ඇත්තටම් එක මට වෙච්ච..

නව රාජ්‍යක් ලෙස නුතන ශ්‍රී ලංකාව

කාලය බොහෝ දෑ වල තීරකයා වනුයේ සැබවින්ම තමන්ට හිමි එතැනමය යන්න නැවත නැවත ලෝකයාට ප්‍රත්‍යක්ෂ්‍ය කරන රාමුවක් තුළය..

තරඟ පරදින එක රැල්ලක් වුණා - T.M. දිල්ෂාන්

ලංකාවේ ජාතික ක්‍රීඩාව ක්‍රිකට් නොවුනත් ක්‍රිකට් කියූ සැනින් අපේ හිතේ අභිමානයක් ඇති වෙනවා. ඒ 1996 ලෝක කුසලානය ජයග්‍රහණයත් සමඟ..

කනට ගහයි කියලා හිතුවට කන අතගාලා ගියොත් එකේ උපරිමේට විඳින්න දෙයක් තියෙනවා

ආදරේට වැස්සෙන් ලැබෙන්නේ මාරම වටිනාකමක්. එක වචන වලින් විස්තර කරන්න අමාරුයි. හින්දි ෆිල්ම් එකක වුනත් හොදම කෑල්ල රහ වැඩි..

කුස්සිය ලස්සන කරගමුද?

ගෙදර සාලේ ලස්සනට තියාගන්න මහන්සි වෙන තරමට කුස්සිය ගැන හිතන්නේ නෑ කියන එක අලුත් දෙයක් නෙවෙයි. ඔයා මම මේ කියන..

ඔබත් සාර්ථක කාන්තාවක් වෙන්න හීන මවනවද?

සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම කාන්තාවක් ඉන්නවා කියලා කතාවක් තියෙනවා නේද? එතකොට කාන්තාව හැමදාම පිරිමියාගේ පිටිපස්සෙන් ඉන්න..

මේ තමයි අපේ රටේ ධනාත්මක චින්තනය

වෙනස් වෙන බොහෝ දෑ වල වගකිවයුත්තා කාලයම කියා ඇතැමෙකු තම ජිවිතයේ ඉරණම කාලයට භාර කරයි. තවකෙකු බලා සිටිනුයේ තම..

වැඩකරන තැන ලස්සනට තියෙනවට කැමතියි නේද? උත්තරය ඔව් නේද?

ජීවත් වෙන්න, කන්න, බොන්න, අඳින්න, පළදින්න මේ හැම දේකටම සල්ලි ඕනි. සල්ලි හොයන්න අපි මොනතරම් මහන්සි වෙනවද?

අද ගයියගේ කයිය - රැකියාව ඔබේ ජීවිතයද?

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්. වාසනාව අවාසනාව ගැන විශ්වාස නොකළත් අපි කැපකිරීම් කරන තරමට හුඟක් දේවල් වල ප්‍රථිඵල නොලැබී යන..

Business කාරයොයි ජාවාරම් කාරයෝයි දේශපාලනට ඇවිල්ලා දේශපාලනයේ හැඩය වෙනස් කරලයි තියෙන්නේ.

තේ එකක් හදන්න වතුර, සීනි, පිටි, තේ කොළ ඕනේ වගේම අපේ ජීවිතෙත් සමහර දේවල් පවත්වාගෙන යන්න දක්ෂතාවය, උනන්දුව, කැපවීම..

ගෙදර ලේසියෙන් ලස්සනට තියාගමු

ගෘහ අලංකරණය කියන්නේ තේරුම් ගන්න අමාරු වචනයක්, ගොඩක් වියදම් යන දෙයක් විදිහටද හිතාගෙන ඉන්නේ? උත්තරේ ඔව් නම් අද මම ඔයාට..

විසේකාර රංගන පෞරෂ්‍යය ආදරණීය කලං

කලාව තුළ ජීවත්වීම යනු ජීවිතය පවත්වාගෙන යෑමට සුදුසුම මාධ්‍යක් නම් එකී මාධ්‍යයේ පත් ඉවුරු සිමා මායිම් අවබෝධ කරගෙන ජිවත් වූ සොදුරු..

අත බලා සාස්තර කීමේ ඉතිහාසය සොයා ගියෙමි.

“සාස්තර” මේ කියන වචනේ අහපු ගමන්ම හුඟ දෙනෙක්ගේ හිතට එන්නේ “ඕවා බොරු කතා” කියන අදහස. ඔය පාරවල් ගානේ හන්දි ගානේ පන්සල්..

නුගේගොඩ මතකයන්...

අද චරියාගේ රස්තියාදුවෙන් රවූමක් ගහන්න යන්න හිතුවේ හැම දෙනෙක්ගෙම හිත්වල සදාකාලික මතකයක් ඉතුරු කරන නගරයකට..

ලස්සන වීමේ රහස්

හැමෝම කතාවෙන්නේ ඉන්දියාවේ නිලියෝ කොයිතරන් ලසනද, හැඩද කියලා. ඉන්දියාවේ නිලියෝ දැක්කහම ඇහිපිය නොහෙලා බලන් ඉන්න..

මනුස්සකමේ දිළිඳුකම

කොට්ටාවේ accident එකක් වෙලා. කවුරුත් තුවාල කරුවන්ට උදව් කරලා නෑ. අන්තිමට බෙන්ස් එකකින් තමයි ලෙඩ්ඩු අරං ගිහින් තියෙන්නේ..

මීළඟ මීවිතේන් මත් වෙමුද?

ඔයා ඉන්නවා. මං ඉන්නවා. අපි දෙන්නගේ මැද්දෙන් ෂොට් එකක් තියෙනවා. කනේ ෂොට් එකක්, කැමරා ෂොට්, කණා ෂොට් එකක් නෑ නෑ පොඩි..

ඔබත් සැබෑ ක්‍රීඩා ලෝලියෙක්ද? ලෝභයෙක්ද?

පරාජයෙන් හෙම්බත්ව සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලින්ටද යලි ජයග්‍රාහී බලාපොරොත්තු ඉහළට ඔසවමින් පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලිය...

හිතන්නැති හිතක් ගැන

තවමත් බොහෝ දෙනෙක් අවිනිශ්චිත හෙට දවසක ජිවත් වෙන්නේ, සමහරු කියනවා ඒකට අනාගත බලාපොරොත්තු කියලා තවත් කට්ටිය කියනවා..

මිෂෙල්ගෙන් දැනගන්න

ලස්සන වෙන්න අපේ අය නොකරන දෙයක් නෑ, ඒවිතරක් නෙමෙයි ඕනම ගානක් වියදම් කරයි. මෙහෙම කරන්නේ ගැහැණු ළමයි විතරක් නෙමෙයි..

අද ගයියගේ කයිය - පිරිමින්ගේ ඉරිසියාව

පිරිමි මිනිස්සු හරි ආසයි ගෑණු ඉස්සරහ පොර වෙන්න. හා නැද්ද? ගෑණු ඉරිසියාකාරයි පිරිමි සිරියාවයි කියලා හිතන් හිටියට වැඩිපුරම පිරිමි තමයි ඉරිසියාකාර..

චරිත්ගේ රස්තියාදුව - නිදහස හොයාගෙන

අද චරියාගේ රස්තියාදුවෙන් යන්න හිතුවේ නිදහස හොයාගෙන කොන්ක්‍රීට් ලෝකයක නිදහස හොයාගෙන යනවා කියන එක හිනා වෙන්න පුළුවන්..

පුම්බපු බැලුම වගේ තමයි ටික කාලයක් උඩ ඉඳල නිකන්ම බිමට වැටෙනවා - තිසුරි

කරන දේ හරියට කරොත් එකේ වැරද්දක් නෑ. ජයග්‍රහණය කරන්න, ජීවිතේ ඉදිරියට යන්න වයසෙන් බාධාවක් නෑ. මේ හැමදේටම මුල අපේ හිත..

ලස්සන වෙන ජීවිතේ - Stretch Marks වලට විසඳුම

ලස්සන ජීවිතයකට ලස්සන වෙන විදිහ කතා කරන්න අපි අද ඉඳන් හැම සිකුරාදා දවසකම පටන් ගමු. මම අද කතා කරන්න හිතුවේ..

කණේ පහර

'දළුවත්ත' පහුගිය ටිකේ බොහෝ දෙනෙක් දළුවත්ත නම් වූ සහකාර පොලිස් අධිකාරී වරයෙක් ගේ තරු පටි ගජ රාමෙට ගලවනවා දුටුවෙමි..

ලබන වසරේ සිට වාහනවලින් හොර ගමන් බෑ / හේතුව මෙන්න

රථ වාහන හඳුනා ගැනීම සඳහා විද්‍යුත් චිප් තාක්ෂණය යොදා ගනිමින්, ස්ටිකරයක් හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන..

පෙරලෙන පොත

මියගිය හදවතක අතීතය පිළිසිඳ ගැනීම අවාසනාවකි. එහි අභාග්‍ය සම්පන්න කාලය රෝහලේ ඇඳ මත ගෙවී යමින් පවතී. පසු කාලයේ සොහොන්

චේ තාම එහෙමමයි..

ගතවෙන කාලය ජිවිතයේ බොහෝ දෑ වෙනස් කරනවා. හමුවීම් වෙන්වීම් බවට පත්කරනවා,වෙන්වීම් තවත් හමුවීමකට පසුබිම සකස් කරනවා..

අද ගයියගේ කයිය - ඕප්ස් දූප්ස් (ගොසිප්)

මට හිතෙන හැටියට ගම්ගොඩේ ගෑණුන්ගේ ගති ස්වභාව තාමත් අපේ අයගෙන් ඈත්වෙලා නෑ. අල්ලපු ගෙදර මිනිස්සු එන්නේ යන්නේ කීයටද?

විමුක්තිගේ සිනමාව පිළිබදව යමක්

විමුක්තිගේ සිනමාව පිලිබදව යමක් ලියා තබන්නට සිතුවේ, පශ්චාත් නුතනවාදී සිනමා ප්‍රවාහය තුළ ඔහුගේ කැමරා කාචය ග්‍රහණය කරගත් පරාසය..

මොකක්ද මේ Rap? කොහෙන්ද මේ Rap?

අපි මිනිහෙක් දැක්කම ඒ මිනිහගේ භාහිර පෙනුමෙන් අපි ඔහුට වටිනා කමක් දෙනවා.ඒ අපේ හැටි. රැප් සංගීතය තුලත් අපි මේ කලාවට..

ඉතාම සෙමින් වර්ධනය වූ මොළයක් නියෙන්ඩතාල් මානවයාටත් තිබිලා..

එක්සත් ජනපදයේ සයන්ස් (science) සඟරාවේ පළ කෙරුණ ලිපියකට අනුව ප්‍රාග් ඓතිහාසික යුගයේ නියැන්ඩතාල් මානවයාගේ මොළය..

ජර්මනිය වැඩිපුර කැමති කාන්තාවක් යටතේ ඉන්නලු..

පෙරේදා පැවති මැතිවරණයේ ජය නැවතත් ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් දිනාගෙන තිබෙනවා. ප්‍රතිඵල වලට අනුව ඇයගේ පක්ෂය...

සාරි පොටක් ගිය දුරක්

ශ්‍රී ලංකාව කියලා කියන්නේ හරි වෙනස් ජාතියක් ජීවත් වෙන රටක් කියලා අපිට හැමතිස්සේම අහන්න ලැඛෙනවා. ඒ ලෝකේ අනෙක් රටවල..

රියදුරන්ට තවත් අලුත් පරීක්ෂණයක්..

සාමාන්‍ය ජිවිතයේදී බොහෝ දෙනා අපේක්ෂා කරනුයේ තම අවශ්‍යතාවයන් වුවමනාවන් තමා විසින්ම තෘප්ත කරගැනීම යි. එය බොහෝ විට සිදුවනුයේ..

මොකද්ද මේ - බ්ලූ වේල්

අන්තර්ජාලය හරහා ලබා දෙන අභියෝග මාලාවක් අනුගමනය කරමින් අවසානයේදී සිය දිවි හානිකර ගැනීම දක්වා පෙළඹවීමක් සිදුකරන අන්තර්ජාල..

ධනවතුන්ගේ ලැයිස්තුවේ අංක 1 දැන් ඔහුයි. - Jeff Bezos

ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ කවුද කියලා කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔබ එක සැනින් ලබා දෙන උත්තරය බිල් ගේට්ස්..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online