විශ්වාසය කඩකරගන්න එපා

"විශ්වාසා පරමා ඥාති" බුදුන්වහන්සේ කියන්නේ එහෙමයි. විශ්වාසය තමයි හොදම නෑදෑය කියන ඒක තමයි ඒකෙ තේරුම. විශ්වාසය ඇතිකරගන්න අපිට ලොකු කාලයක් යනවා. නමුත් ඒ ඇතිකරගන්න විශ්වාසය කලා බිදලා දාන්න යන්නේ බොහොම පුංචි කාලයක්. අසුරු පෑනක් වගේ පුංචි කාලයක්.

අද මම කතාකරන්න හදන්නේ කාන්තාවන් නොදැනුවත් කමින් විශ්වාසය බිදගන්න කාරණයක් ගැන. සමහර වෙලාවකට විවාහක කාන්තාවන්ට පිටත සමාජයේ ඉන්න මිනිස්සු අනවශ්‍ය යෝජනා ගේනවා අපි අහලා දැකලා තියනවා. ඉතින් මේ කාරනා බොහෝ කාන්තනාවන් තමන්ගේ සැමියාගෙන් වසන්කරනවා, මම දැකලා තියනවා. එයට හේතු විදියට බොහෝ අය කියන්නේ තමන්ගේ මහත්තයා ගොඩක් සැර නිසා කියන්න බයයි කියලා. අනෙක සැමියාට කිසිම ඉවසීමක් නැති නිසා කිවුවට පස්සේ සැමියාගේ හැසිරීම මොන වගේ වෙයිද කියලා හිතාගන්න බැරිනිසා කියන්නේ නෑ කියන කාරණය සමහරු කියනවා. කොහොම කොහොම හරි අන්තිමට වෙන්නේ මහන්සියෙන් ගොඩක් කාලයක් ගෙවලා ඇතිකරගත් විශ්වාසය බිදෙන ඒක. ඉතින් කොමද මේ විශ්වාසය රැකගන්න මේ වගේ කාරණයක් කියන්නේ කියල දැන් අපි කතාකරමු.

කාන්තාවකට පුළුවන් ඕනෑම කිපුණු පිරිමි හිතක් සංසුන් කරන්න. නමුත් එය කලයුතු ආකාරය පිළිබධව බොහෝ අය දන්නේ නෑ. ඇත්තටම තමන්ගේ ස්වාමිපුරුෂයා මහන්සිවෙලා වැඩට ගිහින් වෙලා එනකොටම හැමදේම කියන්න උත්සාහ කරන්න එපා. කොච්චර හදිස්සි කාරණයක් වුනත් ඔහු ඔබේ නිවාස ඇතුලත, සැමියා සාමාන්‍ය තත්වයට පැමිණෙන තෙක් ඉවසන්න. සමහරවිට ඔහු දැඩි මහන්සියට පත්වෙලා ඉන්න වෙලාවට බොහෝ ඉක්මනට කේන්ති යන්න පුළුවන්. අනිත් කාරණය යමක් කියන්න කලින් පොඩ්ඩක් හිතන්න ඔහු ඉන්න මානසික වාතාවරණය ගැන. සාමාන්‍යයෙන් පුරුද්දක් විදියට සැමියා සමග දවසේ දේවල් කතාකරන්න වෙලාවක් තියාගන්න. එවිට ඔහු ඔබ සමග ඒ වෙලාව වෙනවිට තමන්ගේ මනස ඔබ වෙනුවෙන් සකස් කරගෙන ඉන්නේ. සැමියා සමග සාකච්ඡා කරන අවස්තාවලදී ඔහු සමග හැමදේම සගවන්නේ නැතිව කියන්න උත්සාහ කරන්න. 

සැමියා බිරිදගේ දෙවියාය යන කියමන ඔබ අසා ඇත. සත්තකින්ම එය එලෙසම සුරකින්න  උත්සාහ කරන්න. ඔබේ ජිවිතයේ බොහෝ දේ ඔබේ සැමියා  සමග සාකච්චාව තුලින් විසදාගැනීමට උත්සාහ කරන්න. ජිවිතේ හැමදේම විශ්වාසය රැකගෙන කරන්නට උත්සාහ කරන්න. එය අදින් පටන්ගන්න පුළුවන්. මොකද අද හොඳම දවස.

මම හැමදාම ඔයාගේ දුකට සැපට ඉන්න මිහිත චතුරංග 


අමතක වෙනවට හොඳ පාඩමක්

අමතක වෙන ඒක අපි කාටත් වෙන්න පුළුවන් දෙයක්. අමතක වෙනවා කියන ඒක හැබැයි වැඩිපුර බලපාන්නේ අපේ ඉගෙන ගන්න අයට. එකේ..

අවවාදය නෙවේ ආදර්ශය තමයි වැදගත්

“අවවාදයට වඩා ආදර්ශය උතුම්” මේ ගොඩක් පැරණි කියමනක් කොච්චර පරණ වුනත් මේ කියමන අදටත් වලංගුයි. ගොඩක් දෙනෙක් උත්සාහ..

උදව් බලාගෙන තව කෙනෙක්ට උදව් කරන්න එපා

අපි එදිනෙදා ජිවත්වෙනකොට අපි ගොඩක් මිනිස්සු ආශ්‍රය කරනවා. ඉන්දියාවේ හිටපු ජනාධිපති වරයකු හා මහාචාර්‍ය වරයකු වෙච්ච අබ්දුල් කලාම්..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online