වමනය ගිය පමණින් ගැබිණියක් වනවාද?

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවගෙන් විටින් විට වැරදි සිදු වන්නේය. ගුරු වරන් ඔවුනට දඩුවම් ලබා දෙන්නේ ඔවුන් ගේ වැරදි නිවැරදි කර ගැනීමටය. ඇතැම් අවස්ථා වල හරි වැරද්ද සොයා බලන්නේ නැතිව ගුරුවරුන් ඇතැම් සිසුන්ට දඩුවම් ලබා දෙනවා එසේ දඩුවම් ලබා දී පාසල් වල සිදු වූ ප්‍රශ්න රාශියක් පසු ගිය සමයේ අසන්නට ලැබුනා. වැරදි නිවරුදි කර ගැනීමට වෙනුවට වැරද්ද නොසොයා කැකිල්ලේ තීන්දුවක් ලබා දී පාසල් සිසුවියකට දඩුවම් ලබා දුන් සංවේදී පුවතක් කැකිරාව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
 
කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් මඩාටුගම ප්‍රදේශයේ රජයේ පාසලක 10 වැනි වසරේ ඉගෙන ගන්නා සි සුවියකට එහි විනය පාලක කමිටුව සහ විදුහල්පතිවරිය විසින් ලබා දුන් අපූරු දඬුවමක් නිසා ඇය මේ වනවිට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන්නීය.
 
මඩාටුගම හැවැන්තැන්නේගම ප්‍රදේශයේ පදිංචි ඉතා දිළිඳු පවුලක දියණියක වන මෙම සිසුවිය මීට දින කිහිපයකට පෙර සුපුරුදු පරිදි උදේ ආහාරය නොගෙන පාසැලට ගොස් තිබෙනවා. පසුව ඇය පාසලේදී වමනය කර ඇති අතර තවත් සිසුවියන් තිදෙනෙකු විදුහල්පතිනියට මේ බව දැනුම් දීලා තියෙන්නේ අදාළ සිසුවිය ගැබ් ගෙන ඇති බවයි. මේ සිද්ධිය දැනුම් දීමත් එක්කම විදුහල්පතිනිය විසින් කිසිම සොයාබැලීමක් නොකර විනය මණ්ඩලයේ ගුරුවරුන් කිහිප දෙනෙක් සමග සාකච්ඡා කර ඒ මොහොතේම සිසුවියගේ මව්පියන් පාසලට ගෙන්වා සිසුවිය ගැබ් ගෙන ඇති බව දන්වා අස්වීමේ ලිපිය ලබා දී පාසලෙන් පිටත් කර යවා තිබෙනවා.
 
අනතුරුව දැරියගේ දෙමව්පියන් දැරිය දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කොට විදුහල්පතිනිය කී කථාව වෛද්‍යවරුන්ට පවසා තිබෙන අතර වෛද්‍යවරුන් දැරිය දින කිහිපයක් තබා ගෙන පරික්ෂා කර මෙම දැරියට කිසිදු අතවරයක් හෝ ගැබ් ගැනීමක් සිදුව නැති බවට ප්‍රකාශ කර තිබෙනවා. දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ගාමිණී සේනානායක මහතාගෙන් අප කළ විමසීමේ දී ඔහු කියා සිටියේ නාරි හා ප්‍රසව වෛද්‍යවරියත් අධිකරණ වෛද්‍ය නිලධාරියාත් මෙම සිසුවිය දැඩි ලෙස පරීක්ෂා කර බැලූ නමුත් විදුහල්පතිනිය කියන ආකාරයේ කිසිදු හානියක් දැරියට සිදු ව නොමැති නිසා රෝහල මගින් මේ පිළිබඳව ළමා හා කාන්තා කාර්යාංශයට පවා පැමිණිලි කරනු ලැබූ බවයි. මෙම සිද්ධියෙන් සිසුවිය දැඩි මානසික පීඩනයකට පත්ව සිටින නිසා ඇයගේ මනස සැකසීම සඳහා ඇයව තවදුරටත් රෝහලේ තබා ගෙන සිටින බව වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
 
මෙම අවාසනාවන්ත සිදුවීමට මූණ පෑ දැරියගේ මව්පියන් කුඩා පැලක පදිංචිව සිටින දැරියගේ මව්පියන් ජීවිතය ගැට ගසා ගන්නේ කුලීවැඩ කරමිනුයි. දැරියගේ මව වූ ඩී. එම්. සෝමාවතී (57) මහත්මිය කියා සිටියේ තම දියණිය පිළිබඳව පසුගිය දොළොස් වැනිදා විද්‍යාලයේ ගුරුවරයකු විසින් තමන්ට දුරකථනයෙන් කතාකොට පියා ද සමඟ පාසලට එන ලෙස දැනුම් දුන් බවයි.
 
එහි ගිය පසු තම දියණිය ගැබිනියක වී ඇති බව දැනුම් දී පාසලෙන් රැගෙන යන ලෙස තමන්ට දැනුම් දුන් බව ද ඇය පවසා තිබෙනවා. එහෙත් එම චෝදනාව තම දියණිය ප්‍රතික්ශේප කළ ද ගුරුවරුන් තනි මතයක සිටි බවද ඇය සඳහන් කළා. ඉගෙනීමට වඩා දක්ෂතා ඇති තම දියණිය ට විරුද්ධව යම් කිසි සිසුවියන් පිරිසක් සිදුකළ චෝදනාවක් නිසා තමන්ට දියණිය පිළිබඳව බලවත් දුකක් ඇති වූ බවත් ගුරුවරුන් නගන චෝදනාව නිසාම තමන් රුපියල් 500ක මුදලක් ණයට ඉල්ලාගෙන තම දියණිය දඹුල්ල රෝහලට රැගෙන ගිය බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇති අතර රෝහලේදී දුවගේ නිර්දෝෂිභාවය ඔප්පු වූ බවද ඇය හැඬු කඳුලින් පවසා තිබෙනවා.
 
මෙම දැරියගේ මානසික මටිටම ඉතාම පහල මටිටමක පවතින බවද එනිසා ඇයට මානසික ප්‍රථිකාර ලබාදිම සිදුකිරිම හා ජාතික ළමා ආරක්ෂණ අදිකාරිය දැනුවත්  කොට ඇති බවත් එහි  පරීක්ෂණ කටයුතු අවසන් වනතුරුන දැරිය තවදුරටත් රෝහලේ නේවාසිකව තබා ගෙන් සිටින බවද වෛද්‍ය අධිකාරිවරයා පැවසිය.
 
උදේ ආහාරය නොගෙන පාසලට ආ දැරියක වමනය කළ පසු ගැබ් ගෙන ඇතැයි කියමින් පාසලෙන් නෙරපූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොළඹ කාර්යාලයේ උපදෙස් පරිදි අනුරාධපුර කාර්යාලයේ නිලධාරීන් පිරිසක් දැරියගේ නිවසට ගොස් ප්‍රකාශ සටහන් කර ගත් බව එහි ආරංචි මාර්ග කියයි. ලබන සතියේ  එම පාසලේ විදුහල්පතිනිය ඇතුළු අධ්‍යාපන නිලධාරීන් කොළඹ කාර්යාලයට කැඳවන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් පුවත්පත්වල පළ වූ වාර්තා සැලකිල්ලට ගෙන පැමිණිල්ලකින් තොරව පරීක්ෂණ ආරම්භ කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.
 
මේ අතර කඩිනමින් ක්‍රියාත්මක වී ඇති අධ්‍යාපන අමාත්‍යාංශය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනයේ දැක්වෙන්නේ ගැබ් ගත් බවට ව්‍යාජ කරුණක් මත දැරියක පාසලින් ඉවත් කළ සිද්ධිය පිළිබඳව සොයා බලන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයාබලා පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාට අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් දී ඇති බව ද එහි දැක්වේ. විදුහල්පතිවරියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වරදක් වී ඇත්නම් රාජකාරි වැඩ තහනම් කරන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක මහත්මිය සඳහන් කර ඇති බව ද මෙම නිවේදනයේ වැඩි දුරත් සඳහන් ය.
 


වමනය ගිය පමණින් ගැබිණියක් වනවාද?

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවගෙන් විටින් විට වැරදි සිදු වන්නේය. ගුරු වරන් ඔවුනට දඩුවම් ලබා දෙන්නේ ඔවුන් ගේ වැරදි නිවැරදි කර ගැනීමටය..

ක්‍රිකට් ගහන්න මරු කටට යනවාද? නැද්ද?

දිගින් දිගටම ලබපු පරාජයන්වලට තිත තියලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔන්න පකිස්ථානයට එරෙහි එක්දින තරගාවලියට පිවිසුණා..

බදු නොගෙවන වෛද්‍යයවරු

රජයකට, රටකට අවශ්‍යය කටයුතු කාරණා නිසි ආකාරව ඉෂ්ට සිද්ධ කිරීමටනම් අති විශාල මුදලක් අවශ්‍ය වන බව නොරහසකි. එම නිසා සෑම..

හොඳින් නැතුව නරකින් ජාත්‍යන්තරය දිනන අපි

ඉස්සර අපිට ලාංකිකයෝ ගැන අහන්න ලැබුණේ රට ඇතුලේ හරි රටින් පිටතදී හරි සම්බන්ධවෙන පුද්ගල ඝාතන / කොල්ලකෑම් වගේ අපරාධ ගැන..

නිරුවත නැතිව මියුසික් වීඩියෝ හදන්නම බැරිද?

කලාව කියලා කියන්නේ කවුරුත් කැමති දෙයක්. එයිනුත් සංගීතයට හිමිවෙන්නේ සුවිශේෂී තැනක්. කථාවට කියන්නේ සංගීතය කියලා කියන්නේ..

මාසෙට වියදම ලක්ෂයයි / සුපිරි වැඩිහිටි නිවාසයේ විස්තර මෙන්න

ඔක්තෝබර් කියලා කියන්නේ ජත්‍යන්තර දින විශාල වශයෙන් සැමරෙන මාසයක්. මේ මාසයේ පළමු දිනයම වෙන් කරලා තියෙන්නේ ළමුන්...

පනින්න පෙර කියවා බලනු

ප්‍රශ්න හමුවේ සියදිවි හානි කර ගන්නේ නම් ලෝකයම මේ වන විට සුසාන භූමියක් වනු නොඅනුමානය. මන්ද ප්‍රශ්නක් නැති මිනිසුන් ලොව..

අත පෑවොත් පන්දාහයි බස්රථ වල සිගාකෑමට එරෙහිව දඩ

අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ පොදු ප්‍රවහාන සේවාව ලෙස හදුන්වන්නේ බොහෝ දුරට බස්රථයයි.එදිනෙදා තම දෙෙනික අවශ්‍යතාවයන් සම්පුර්ණ...

ඔයත් BMICH එකේ BOOK FARE ගියාද?

කියවීම මිනිසා සම්පුර්ණ කිරීම බොහෝ කාලයක සිට අප අසා ඇති කියමනක් වුවත් වර්තමාන සමාජ ආර්ථික ක්‍රමය මගින් කියවීමට තරම් ඉඩකඩක්..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online