2018 වසරට අදාළ අලුත් අවුරුදු නැකත්

නව සඳ බැලීම

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා 2018 ක් වූ මාර්තු මස 18 වන ඉරිදා දිනද අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 20 වන සිකුරාදා දින ද නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය

2018 අප්‍රේල් මස 12 වන බ්‍රහස්පතිංදා දින බෝ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ඨ දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දින පූර්ව භාග 8.13ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි.

පුණ්‍ය කාලය

2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දින පූර්ව භාග 1.49 සිට අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දින අපර භාග 2.37 දක්වා පුණ්‍ය කාලය වන බැවින් අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දින පූර්ව භාග 1.49 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දින පූර්ව භාග 10.40 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප බැඳ ගිනි මොලවා, හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කරගනු මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දින පූර්ව භාග 11.53 ට සුදු සහ  නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම

2018 අප්‍රේල් මස 16 වන සඳුදා දින පූර්ව භාග 10.16 ට හිසට දිවුල් පත් ද, පයට ඉඹුල් පත් ද තබා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තෙල් හා දිවුල් පත් මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම

2018 අප්‍රේල් මස 19 වන බ්‍රහස්පතිංදා දින පූර්ව භාග 6.03 ට කහ/රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කොට නැඟෙනහිර දිශාව බලා පිටත් වීම මැනවි.


සිංහල අවුරුද්දට කලින් කියවන්න.

සිංහල අලුත් අවුරුද්ද ගැන දැන් ටික ටික කතා කරන්න පටන් අරන්. දැන් ඉතින් හුඟ දෙනෙක් අවුරුද්ද ලං වෙනකොට බලාපොරොත්තුවෙන් ඉන්නේ බෝනස් එක අතට හම්බ වෙයි කියලා.

2018 වසරට අදාළ අලුත් අවුරුදු නැකත්

අලුත් අවුරුද්ද උදාවෙනකන් අපි හැමෝම ඉන්නේ නොඉවසිල්ලෙන්. එකම රටක ජිවත් වෙන අපි හැමෝම එකම වෙලාවක බත් කට කන්නේ එදා ඉඳන් අපි පුරුදු පුහුණු වුන සිරිතට අනුවයි.



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online