සිංහල අවුරුද්දට කලින් කියවන්න.

සිංහල අලුත් අවුරුද්ද ගැන දැන් ටික ටික කතා කරන්න පටන් අරන්. දැන් ඉතින් හුඟ දෙනෙක් අවුරුද්ද ලං වෙනකොට බලාපොරොත්තුවෙන් ඉන්නේ බෝනස් එක අතට හම්බ වෙයි කියලා. අලුත් ඇඳුමක් එහෙම අරන් කාටත් පේන්න ඇඳගෙන එන්න හීන මවනවා ඇරෙන්න අවුරුද්දේ නියම අරුත මොකද්ද කියලා හිතලා බලන්න කවුරුත් පෙලබෙන්නේ නෑ.

පහුගිය කාලෙම සිංහල ජාතිය වෙනුවෙන් කෑගහපු සිංහලයන්ගේ නියම ජාතික ආලේ බලාගන්න පුළුවන් වෙන්නේ මේ අවුරුදු උත්සවයත් එක්ක තමයි. ඔබත් හොඳට ඇස් කන් ඇරලා බලන්න අපේ රටේ සිංහලයන්ගේන් කීයෙන් කී දෙනාද මේ ජාතික උත්සවයේ සිරිත් විරිත් හරියට සිද්ධ කරන්නේ කියලා.

ඉස්සර ගෙවල් වල අම්මලා අවුරුද්දට ලක ලැස්ති වුනා හරි අපුරුවට. ගෙවල් දොරවල් අස් පස් කරලා පහේ බෝතල් ටික හෝදලා කරලා. කැවිලි පෙවිලි හදන්න ඕනේ කරන තාච්චි එහෙම කරලියට අරගෙන ගෙදර අම්මා අවුරුද්දට ලෑස්ති වෙද්දී දරුවන්ගේ හදවතට ඒවා කා වැදුනා. ඒත් දැන් මොකද වෙන්නේ. මුකුත් නොවෙන එක තමයි ප්‍රශ්නේ. අවුරුද්ද දවසේ තමන්ගේ ගෙදර පිළියෙළ වෙන කෑම මේසෙට අවශ්‍ය කරන කැවිලි ටික හැදෙන්නේ වෙනත් ගේක එහෙම නැත්තන් කඩේක. සිංහල රසකැවිලි ගැන දරුවන්ට දැනීමක් එනවද? නෑ නේද? ඒකත් නිකම්ම නිකන් කඩෙන් ගත්ත සුද්දගේ බටර් කේක් එකකට සමානයි නේද? සිංහල සංස්කෘතිය රැකගන්න නම් හරියට අපේ සිරිත් විරිත් ටික කරන්න ඒවා දරුවන්ට පුරුදු කරන්න ඒකයි සිද්ද වෙන්න ඕනේ.

අවුරුද්ද දවසේ නැකතට කිරි උතුරවන එක, ආහාර අනුභවය ගණුදෙණු කරන එක බොරු දේවල් කියලා කෑගහල කියන අපේ කාලේ රැඩිකල් පොරවල් වලට ඇහුම්කන් දෙන්න කලින්. තමන්ගේ හිතට ඇහුම්කන් දීලා බලන්න මේ දේවල් කොයිතරම් සුන්දරද? එකම මොහොතක එකට බත් කට කන වෙන එකම එක ජාතියක්වත් ලෝකේ කොහෙවත් නෑ. ඉතින් ඒ තරම් වටින සිරිත් විරිත් නේද අපි මේ පයින් ගහලා පැත්තකට විසි කරලා දාන්නේ.

අපි පුදුම කාර්යබහුලයි. අවුරුදු නිවාඩුවට තමයි කොහේ හරි යන්න ඉඩක් තියෙන්නේ. එහෙම කියලා අවුරුද්ද දවසේ ගෙදර රැඳෙන්නේ නැතුව අපි යනවා විනෝද චාරිකාවක්. ඉතින් වයසට ගියාම දරුවෝ අවුරුද්දටවත් ගෙදර එන්නේ නෑ කියලා අම්මලා තාත්තලා දුක් වෙනවා. සිංහල අවුරුද්ද කියන්නේ නිකන්ම නිකන් නිවාඩුවක් නෙමෙයි. බැඳීම් වෙනුවෙන් වෙන් වෙන නිවාඩුවක්. පරණ බැඳීම් අලුත් කරගන්න. අලුත් බැදීම් ඇති කරගන්න මේ අවුරුද්ද වෙන් කරගන්න අමතක කරන්න එපා.


සිංහල අවුරුද්දට කලින් කියවන්න.

සිංහල අලුත් අවුරුද්ද ගැන දැන් ටික ටික කතා කරන්න පටන් අරන්. දැන් ඉතින් හුඟ දෙනෙක් අවුරුද්ද ලං වෙනකොට බලාපොරොත්තුවෙන් ඉන්නේ බෝනස් එක අතට හම්බ වෙයි කියලා.

2018 වසරට අදාළ අලුත් අවුරුදු නැකත්

අලුත් අවුරුද්ද උදාවෙනකන් අපි හැමෝම ඉන්නේ නොඉවසිල්ලෙන්. එකම රටක ජිවත් වෙන අපි හැමෝම එකම වෙලාවක බත් කට කන්නේ එදා ඉඳන් අපි පුරුදු පුහුණු වුන සිරිතට අනුවයි.



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online