Vasanthe Karunaratna (වසන්ත)

පුංචිම පුංචි කාලේ ගුවන් විදුලියේ ළමා වැඩසටහන් කරන්න යනකොට හිතේ ඇදුන හිනයක් තිබුනා කවදා හරි දවසක මමත් මේවගේ රේඩියෝ එකක  දැවැන්තයෙක් වෙනවා කියන එක. ඒ හීනය හැබෑ කරගන්න මම හුග කාලයක් අවදිවෙලා මහන්සි උනා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලංකාවේ MEDIA වල මතක හිටින වැඩක් කරන්න ඒ හරහා අලුත් පරපුරක් හදන්න මට පුලුවන් උනා. ජිවිතේ අභියෝග ජයගන්න එක ඒවාට මුහුණ දෙන එක මට විනෝදයක්. මේ වෙනකොට මගේ මාධ්‍ය ජිවිතේ සැහෙන්න වයසක් ඒත් මම තම හිතලා ඉවර නැහැ. ගුවන්විදුලියෙන් තවත් කරන්න දේ ගොඩක් තියෙනවා. අන්න ඒ සිතුවිල්ලට පන දෙන්නේ RHYTHM WORLD. අපේ ජිවිත වල පිරිලා තියෙන සිහින සහ බලාපොරොත්තු යථාර්තයක් බවට පත් කරවන  ආකල්පමය වෙනසක් සොයා ලංකා මාධ්‍ය ගංගාවේ උඩුගම්බලා පිහිනා යන අපුරු කණ්ඩායමක නියමුවා වෙන අභියෝගය මම භාර ගත්තේ එත් එක්ක. ඔයාලා ගොඩක් ආදරේ කරන RHYTHM WORLD නාලිකාවේ වැඩසටහන් සහ ප්‍රවර්ධන අධ්‍යක්ෂවරයා හැටියට තමයි මම දැන් ඔයාට මුණ ගැහෙන්නේ.

Shows

Janaka Prabath Rupasinghe (ජානක)

ලංකාවේ ගුවන් විදුලි කලාවේ අවුරුදු 10 කටත් වඩා අත්දැකීම් තියෙන මම මේ වෙනකොට Rhythm world වැඩසටහන් කළමනාකරු හැටියට කටයුතු කරනවා. කාලයක පටන් ඔහේ ගලා ගෙන යන රේඩියෝ කලාව අලුත් මගකට යොමු කරන Rhythm world නාලිකාවේ උදෑසන වැඩසටහන ඉදිරිපත් කරන්නේ මම. සතුටින්   ඉන්න ගමන් අනිත් අයත් සතුටින් තියන්න කැමති මම හැම උදැසනම "Breakfast Club" එකෙන් ඔයාව හමුවෙන්නේ ඔයාගේ ජීවිතය සතුටින් පුරවන්න.

Shows

Amila Jayasooriya (අමිල)

කන්ද උඩරට ඉපදිලා ඉගෙන ගෙන රේඩියෝ එකේ සැරිසරන්නට පටන් අරන් අවරුදු දහයකටත් වැඩියි. හැමතිස්සෙම වෙනසකට වගේම නිදහසට කැමති මම  ඔයාව හමුවෙන්නේ Relax Weekend එකේදී. අපි හැමෝම කැමති Live Music Fun එක හැම සෙනසුරාදාම Rhythm Night හරහා ඔයාට දෙන්නේ මම.

Shows

Lahiru Mayurajith (ලහිරු)

රේඩියෝ නාලිකාවක් සම්පුර්ණ වෙන්නනම් ඇති වෙනකම් සින්දු තියෙන්න ඕනි. ඔයාලා ආසම කරන ඒ සින්දු Rhythm wold එකේ පෙලගස්වන්නේ මම. ඒ විතරක් නෙවෙයි මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම සින්දු 20 අරගෙන සෙනසුරාදා Download Top Chart එක කරන්නෙත් මම.

Shows

Owshangi Gayana Senanayaka (ගායනා)

මම ගායනා මොන ප්‍රශ්න ආවත් මටනම් ජිවිතේ කියන්නේ සතුටු සාගරයක්. මේ වෙනකොට Rhythm World එකට ඇවිත් සෑහෙන කාලයක් ගතවුණ මට ඔයාව හමුවෙන්න අවස්ථාව ලැබෙන්නේ හැන්දෑවට. Fun Handewa ඒක තමයි මගේ Show එක. හවසට ගෙදර යන ඔයාව වගේම හවස ගෙදර ඉන්න ඔයාව පොඩි හරි කම්මැලි කමක් නොදී බලාගන්න එක මගේ Duty එක.

Shows

Rangana (රංගන)

මට හැමදාම ඕනි කලේ අලුත් දෙයක් අලුත් විදියට හිතන්න එක නිසයි මම හැමදාම අලුත් වෙන ප්‍රවෘත්ති එක්ක ඔයාව හමුවෙන්න එන්නේ. අද අපි  ඉන්නේ එදා ලෝකයේ නෙවෙයි ලෝකය ගොඩක් වෙනස් සිතුවිලි සහ ක්‍රියාකාරකම් ඔක්කොම වෙනස් එක නිසා මම කැමතිම රටේ දේශපාලනය සහ අනෙකුත් තොරතුරු ගැන කතා කරන්න වෙනම තැනක් Breakfast Club එක ඇතුලෙම හදා ගත්තා. FB Politics හැමදාම උදේ ඔයත් එක්ක කතා කරන මම රංගන.

Shows

Prabashwara Withanage (ප්‍රභාෂ්)

වැඩ බැරි උනත් ගම ගාල්ලේ කියන කතාව බොරු කලේ ප්‍රබාෂ් වන මම. මට  වැඩකරන්න දවසේ පැය විසිහතර මදි තරම්. රැ දවල් නොබලා වැඩ කරන ඉගෙන ගන්න ඔයාගේ කාන්සියට තනියට හැමදාම රැ දොළහට හරියටම කිව්වොත් යක්කු ගස් නගින වෙලාවේදී මම ඔයා ළඟ. මගේ ශෝ එක Midnight Express.

Shows

Thilini Prashadi (මිෂෙල්)

මාලබෙන් පටන් අරන් කැළණියෙන් නතර වුනු මගේ ජිවිතේ වෙනම මගකට  ගෙනයන්නේ Rhythm World. ඕනෑම පාටියකට ගියහම බයිට් එක දිහාම  බලාගෙන ඉන්න මට සජීවීව බයිට් වෙන්න අවස්ථාව ලැබුනේ Breakfast Club එකේදී. දවස පටන් ගන්නකොටම ඔයා ගාවට එන මං එක්ක ඉන්න කිසිම දෙකට  බය වෙන්න ඕනි නැ. අන්න එහෙම කෙල්ලෙක් මේ මිෂෙල්.

Shows

Kewien De Silva (කෙවින්)

හැමෝම අහනකොට කොළඹ කියලා කිව්වට මම ඇත්තටම මම ඉපදුනෙත් අකුරු කෙරුවෙත් මහරගම. වෙනස් වෙන ලෝකෙත් එක්ක පැනපු ගමන් වෙනස් වෙන්න කැමති මං ලෝකේ වටේ කොහේ ගියත් හරියට හවස හතරට ඔයා ළඟට එනවා. Rhythm World Evening Drive එකේදී හැමදාම නාගන්න කෙවින් තමයි මම. මොනවා උනත් Full Fun එකේ ජිවිතේ ගෙනියන මගේ Show එක Fun Hendewa.

Shows

Keshara Wijesundara (කේෂර)

මම කේෂර සමාජ අවකාශයේ ගන්ධබ්බයෙක් වගේ ඔහේ සැරිසරලා අවසානයේ නතර උනේ Media වල. ජිවත් වුන නුවරත් ඉගෙන ගත්ත පාසලත් අනාගතේට  යන පාර යන්තමින් හදලා දුන්නා. මම මුලින්ම රේඩියෝ එකකට කියලා සම්බන්ධ වන්නේ Rhythm World එකට. අපේ ජිවිත වලට එක එක ආකාරයේ දවස් උදා වෙනවා අපි පුරුදු වෙන්න ඕනි ඒ හැම දවසක්ම අද හොඳම දවස කියලා හිතන්න. අපි ඒ ගැන වැඩිපුර කතා කරමු හැමදාම උදේ පහට.

Shows

Mihitha Chathuranga (මිහිත)

ජපුරේ කළමනාකරණ අධ්‍යන හා වාණිජ පීඨයෙන් අධ්‍යාපන ලෝකේ දිනාගත්ත රුහුණු පුතෙක් වුන මාව ගොඩක් අය දන්නේ ජපුරේ සිත්තරා හැටියට. බඩගින්නට  කෑමටත් වඩා කටු කාපු මං  දුකට සැපට මාත් එක්ක ඉන්න ඔයා එක්ක Rhythm World එකේදී  කතා කරන්නේ අපේ ජිවිත ගැන. ඒ කියන්නේ කළු වගේම සුදු Life1 හරියට පාට කරගන්න මාත් එක්ක එන්න.

Shows

Amaya Rajanayake (අමායා)

ලංකාවේ ලස්සනම සීතලම පළාතේ ඉදන් කොළඹට මම එන්නේ ගුරුවරියක්  හැටියට. Rhythm World මාව වෙනස් කළා මම හිතා ගත්තා මාධ්‍යට සම්බන්ධ වෙලා ඔයා එක්ක සතුටින් ඉන්න. දැන් ඉතින් දවසක් දෙකක් නෙවෙයි හැමදාම  දවල් දොළහට Sindu Reload එකෙන් ඔයායේ ලන්ච් එක ලස්සන කරන මම ආපහු යන්නේ ඔයා හවස තේ එකත් ගත්තට පස්සේ. සතියේ දවස් පහම මහන්සියෙන් වැඩකරගෙන යන ඔයත් එක්ක නිදහසේ ඔයාගේ ආදරේ ගැන කතා කරන්න අපි හමු වෙන්නේ රාගයේ දී ඉරිදා හවස හයට.

Shows

Charith Dilhara (චරිත්)

ජපුරේ අධ්‍යාපනය හදාරණ කඩවසම් සිත්කළු තරුණයෙක් වන මම හරියට කිව්වොත් Rhythm World එක්ක Media ජිවිතේ පටන් ගත්තා විතරයි. හින ගොඩයි ඒවා ඉටු කර ගන්න දවස පුරාම රට වටේ රවුම් ගහන මං ඒ ඔක්කොම වටරවුමට එකතුකරනවා. ඒ විතරක් නෙවෙයි රැට රැට තනියෙන්  වැඩකරන පාඩම් කරන ඔයාට තනියට සින්දු දෙන්න Midnight Express එකට ගොඩවෙන්නේ මම.

Shows



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online