අපි හැම කෙනෙකුටම ඕන කරන්නේ සතුටින් ජිවිතේ ගත කරන්න .එහෙත් විවිධාකාර හේතු නිසා අපි හැමෝටම එකවිදියට සතුටින් ඉන්න පුළුවන් පුළුවන් කමක් නැහැ .අපි හිතන්නේ මේ හැම දෙයකටම හේතුව මුදල් කියල .එත් ඇත්ත ඒක නෙවෙයි . එදිනෙදා ජීව්තේ සැලසුම් පිළිබද ක්‍රියාකරන ආකල්ප නිවැරදි කර ගන්න පුළුවන් නම් අපිටත් පුළුවන් ජිවිතයේ සතුට හොයාගන්න .හැම දවසකම ආරම්භක පැයේදී ජිවිතේ ආකල්ප වෙනස්කරගන්න ඔයාට උදව් කරන ලංකාවේ එකම රේඩියෝ පැය තමයි අද හොදම දවස .
අපි හැම කෙනෙක්ම දවස පටන් ගන්නේ හොඳින් අවසන් කරන්න හිතාගෙන .එකදිගට කරගෙන යන වැඩ අස්සේ ඔයාට අවශ්‍ය කරන හැම දෙයක්ම උදේ වැඩසටහනෙන් දෙන්න අපි බලන්නේ ,අලුත් ප්‍රවෘති විතරක් නෙවෙයි රටේ ලෝකේ වෙන හැම වැදගත් දෙයක්ම කලට වෙලාවට දෙන්න අපි සුදානම් .
ලංකාවේ රේඩියෝ අසන්නන් අතරින් , ගෘහනියන් විශාල පිරිසක් ගුවන් විදුලියට එකතුවන වෙලාව තමයි . මෙම කාලය තුල එදිනෙදා ජිවිතයට අදාළ , ජීවිතය ගත කරන ආකාරය වෙනස් කරගත හැකි කරුණු පිළිබද සාකච්චා කිරීම වැදගත් වේ.ඒ විතරක් නෙවෙයි ජනප්‍රිය කළා ශිල්පින් ඔයාට හමු වෙන්නත් මේ පැය දෙකේදී පුළුවන් .
දවල් කාලයේ රේඩියෝ එක්ක එකතු වෙන ඔෆිස් වල ,සේවා ස්ථානවල ඉන්න අයට තමන් කැමතිම සින්දුව ඉල්ලගන්න පුළුවන් වැඩසටහන තමයි මේ.ඒ විතරක් නෙවෙයි වැඩබිමේ රසකතා බොලිවුඩ් ගොසිප් අහන්නත් ඔයාට පුළුවන් .
හවසට ගෙදරයන ට්‍රැෆික් එකේ අතරමන් වෙලා ඉන්න අය වෙනුවෙන් රසකතා කියන හැන්දෑව තමයි මේ. දවල් කාලේ ඔයාට අහන්න බැරිවුන ප්‍රවෘති සහ රටේ ලෝකේ ගොගක් තොරතුරු වගේම ක්‍රීඩා පිටියේ තොරතුරුත් මේ වෙලාවේ ඔයාට අහන්න ලැබෙනවා .
දවල් කාලේ මහන්සි වෙලා ගෙදර ඇවිත් විවේකෙන් ඉන්න ඔයාට ,ඔයා කැමතිම සින්දුව ඉල්ලගන්න තියෙන පැය හතර තමයි මේ
ප්‍රවීන කල කරුවන් ,උගතුන් ,කීර්තිමත් ව්‍යාපාරිකයන් ආදිය එක්තැන් වෙන සතියකට වරක් ඔවුන් ගෙන් තෝරාගත් කෙනෙකු කැමතිම ගීත ප්‍රචාරය වන වැඩසටහනයි මෙය .මේ වෙලාවේදී ඔවුන් කැමති සින්දු වගේම ඔවුන් ගේ ජීවිතවල ලස්සන තැන අපිට දැනගන්න පුළුවන්
නිතරම කියවන බයිලා අහන්න තියෙන අතරේ ,නටන්න කැමති ඔයාට දෙන නියම බයිලා සින්දු පෙළ ඔයා වෙනුවෙන් මේ වෙලාවට තමයි තියෙන්නේ .බයිලා විතරක් නෙවෙයි බයිලා සිංදුවල ඉතිහාසය දැනගන්නත් ඔයාට මේ වෙලාවේ පුළුවන්
මේ දවස්වල නිතරම ඇහෙන ජනප්‍රියම සින්දු චාර්ට් එක .මේ වෙලාවේ සින්දු ප්‍රචාරය කරන්නේ ඔයා තෝරණ අනුපිලිවෙලට .
සජීවී ප්‍රසංග වලට සහභාගී නොවී ඒ සින්දු එක පෙලට අහන්න කැමති ඔයාට වෙන් වුන සති අන්තයේ පැය හතර .
උදේ හවස රෑ දවල් කොහොමත් මට එකයි. හැබැයි ඉතින් ලස්සන සින්දු එක්ක හවස් වරුවට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන එක තරම් සතුටක් මට නෑ. ඉතින් මම ඔයාව ඒ නිසා Rhythm Drive එකෙන් මුණ ගැහෙනවා.
මගේ ජීවිතේට රේඩියෝ එක ගහට පොත්ත වගේ.ඒකයි ඔයත් එක්ක කතා කරන්න උදේ පාන්දරම මම ඔයා ලඟට Rhythm World එකෙන් එන්නේ .ඔයත් එන්න ලොකු වෙනසක් ඔයාට දැනෙවි .
නමින් මම මිෂෙල් උනත් රිදම් අහන හැම කෙනෙකුගේම හිතේ ඉන්න QUEEN .මම ඔයා මුණගැහෙන්නේ Rhythm Cafe තුලින්. ඒක ඉතින් මාරයි .එහෙම වෙලාතියෙන්නේ මම හින්ද . අහලම බලන්නකෝ කොහොමද මගේ වැඩ කියලා.
මම නවීන් , මට වැඩකරන්න දවසේ පැය විසිහතරත් මදි. මම ආසයි කොල්ලෝ කෙල්ලෝ එක්ක පොඩි CHAT එකක් දාගෙන නිදහසේ ඉන්න. ඒකයි දවස ගෙවෙන්න ඔන්න මෙන්න තියලා ඔයා ගාවට එන්නේ.
All Rights Reserved | Copyright 2019 © TNLRN Online